SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය කාලයේ දේශපාලනයට අවතීර්ණ වීමට ආසන්නව සිටි, වත්මන් ආණ්ඩුවේ සමීපතම මිතුරෙකු ලෙස සැලකෙන

ප්‍රබල ව්‍යාපාරික ධම්මික පෙරේරා මේ දිනවල කතාබහට ලක්ව ඇත්තේ ඉතාමත්ම ආන්දෝලනාත්මක සිදුවීමක් නිසයි.

 

ඒ, ශ්‍රී ලංකාවේ ගල්අඟුරු ටෙන්ඩරය හොර පාරෙන් අත්පත් කර ගැනීමට ඔහු උත්සාහ කරන බවට පැතිර යන කටකතා නිසයි.

 

 

දැනටමත් හේලීස් වැනි යෝධ ව්‍යාපාර සමූහයක හිමිකරු වන ධම්මික පෙරේරා, මේ වන විට ලාෆ්ස් සමාගමේ LPG ටර්මිනලයද අත්පත් කර ගනිමින් සිටින බව රහසක් නොවේ. එනිසා ඔහු රටේ සමස්ත බලශක්ති ක්ෂේත්‍රයේම පාලනය අත්පත් කර ගැනීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබේ. මේ සියල්ල සිදුවන්නේ වත්මන් රජයේ පූර්ණ ආශිර්වාදය යටතේ බවටද චෝදනා එල්ල වේ.

 

ප්‍රබල ගල්අඟුරු ටෙන්ඩරය ලබා ගැනීම සඳහා හේලීස් සමාගම අගර්වාල් කෝල් කෝපරේෂන් (ඉන්දියාව) නම් වූ ඉන්දියානු සමාගමක් නියෝජනය කරන බවට තොරතුරු වාර්තා වේ. නමුත්, මේ අගර්වාල් සමාගම පාඩු ලබන, නඩුකරවලට මුහුණ දී ඇති අතර, අඩු ගුණාත්මක සහ නීති විරෝධී ගල්අඟුරු සැපයීම සම්බන්ධයෙන් කුප්‍රකට සමාගමක් බවට කටකතා පැතිර යයි.

 

ගැටලුව තවත් බරපතල වන්නේ, සාමාන්‍යයෙන් සති හයක් පැවැත්වෙන ටෙන්ඩර් කැඳවීමේ කාලය ධම්මික පෙරේරාගේ බලපෑම මත සති තුනකට අඩු කර ඇති බවට චෝදනා එල්ල වීමයි. මේ නිසා, වෙනත් තරඟකරුවන්ට ප්‍රමාණවත් තරම් ටෙන්ඩර් සකස් කිරීමට අවස්ථාවක් නොලැබී ඇති අතර, එය ධම්මික පෙරේරාට ටෙන්ඩරය ලබා දීම සඳහා සැලසුම් සහගතව සිදු කළ ක්‍රියාවක් බවට සැකයක් මතුව ඇත.

 

දේශපාලනයට පිවිසීමට සිටි ධම්මික පෙරේරා පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ පක්ෂය හරහා තරඟ වැදීමට නියමිතව සිටියත්, නාමයෝජනාවලට දින දෙකකට පෙර ඉන් ඉවත් විය. එසේම ඔහු ආණ්ඩුව සමඟ තවමත් සමීපව කටයුතු කරන බවට කලෙක පටන්ම කසුකුසු ඇතිවිය. මේ සියලු කාරණා එකිනෙක සම්බන්ධ වී බලන විට, මේ ටෙන්ඩරය 'හොර පාරෙන්' අත්පත් කර ගැනීමට ව්‍යාපාරිකයා උත්සාහ කරන්නේද යන ප්‍රශ්නය බොහෝ දෙනෙකුගේ මනසට නැඟේ.

 

විනිවිදභාවය සහ ජනතා වගකීම ගැන නිතර කතා කරන ආණ්ඩුව, මේ අද්භූත ගනුදෙනුව පිළිබඳව නිහඬව සිටින්නේ ඇයි? දේශීය හා විදේශීය ධනවතුන්ට රටේ ප්‍රධාන සම්පත් භාර දීම කොයි ආකාරයකට සිදුවිය යුත්තක්ද යන්න සාකච්ඡා කරගත යුතුය යන්න සමහර ක්ෂේත්‍රයේ ප්‍රවීනයින්ගේ මතයය.

 

කෙසේ වුවද මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරියේදී හෙළිදරව් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

 

 

@බුරම්පිගේ ඇහැ

#Gossip

නවතම ලිපි