SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රතිංසස්කරණ කටයුතු සිදුකරන බව

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසයි.

 

 

ලංකා විදුලි බල පනතේ සංශෝධන ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතාව දැන්වත් කිරීම සඳහා ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 

විදුලිබල මණ්ඩලයේ 23,000කට ආසන්න සේවකයින් සංඛාවක් සේවයේ යෙදෙන බවත්, විදුලිබල මණ්ඩලයේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ යටතේ එම සියලුම සේවකයින් මෙම ආයතක 04ට අනුයුක්ත කිරීම සිදු කරන බවත් එම ආයතන 100%ක් රජය සතු කොටස් හිමි මහා භාණ්ඩාගාරය සතු සමාගම් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

මේ වන විට සියලුම සේවකයින්ට මේ සම්බන්ධව දැනුම් දීමක් කර ඇතැයි කී අමත්‍යවරයා, යම් සේවකයෙකු මේ ආයතනවලට සම්බන්ධ වී සේවය කිරීමට අකමැති නම් ඔවුන්ට තමන්ගේ කැමැත්ත අනුව සේවයෙන් ඉවත් වීමට හැකියාව තිබෙන බවද පැවසුවේය.

 

එය නීතිමය අවශ්‍යතාවක් මිසක් රජය , ලංකා විදුලිබල මණ්ඩලය හෝ අමාත්‍යංශය සේවකයින් ගෙදර යැවීමට ගත් උත්සහයක් නොවන බවද හෙතෙම අවධාරණය කළේය.

 

අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේද පැවසීය.

 

“අපි මේ සංශෝධන නොකරානම් මේ ක්‍රියාවලිය තිබුණු විදිහලට තිබ්බා නම් අගෝස්තු 17 වෙනිදායින් පසුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් 12000ක් ගෙදර යවන්න තීරණය කරලා තිබුනේ. ඒක පසුගිය අමාත්‍ය මණ්ඩල තීරණවලින් ලැබිලා තිබුන දෙයක් ඒ වගේම ආයතන 12කට ලංකා විදුලිබල මණ්ඩලය කැඩෙන්න තීරණය කරලා තියෙනවා.

 

ඒ නිසා මම මෙම සේවකයින්ගෙන් අහන්න කැමති හැමෝටම ඔිනා මේ තත්ත්වය තියෙන්නද? අපි ජනතාවගේ ආණ්ඩුවක් විදිහට මේ ඉන්න හැම සේවකයා ගැනම වග කියනවා . රටේ බලශක්ති සුරක්ෂිතතාවය වෙනුවෙන් අවශ්‍ය සෑම කටයුත්තක්ම කරනවා”

 

 

CN

නවතම ලිපි