SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝකයේ රටවල් බලවත් වෙන්න වෙන්න ඔවුන්ට වෙනත් රටවල් යටත්කරගන්න නොනිත් ආශාවක් ඇති වෙනවා.

ඒ නිසා අතීතයේ ඉදං සිද්දවෙච්ච යුධ ගැටුම් මිනිසුන්ට අලුත් දේවල් උනේ නෑ.

ඒවායේ ගැබ්වෙලා තිබ්බ දේසපාලනික හෝ ආගමික අරමුණු මොක උනත් ඒ විදිහට සිද්දවෙච්චි යුද්ධ ආක්‍රමණ අධිරාජ්‍ය නිසා ලෝකයේ හැඩය බොහෝ වෙනස් උනා.

 

 

මූගල් අදිරාජ්‍ය ,මහා ඇලෙක්සැන්ඩර්,ජිංගීස් ඛාන්, මොංගෝලියන්ල,  චෝලයෝ පහු කාලෙක පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ප්‍රංශ කාරයෝ සහ මෙකී නොකී තවත් බොහෝ රටවල් වෙනත් රටවල් ආක්‍රමණය කොට පාලනය කලා ඔවුන්ගේ බලය සහ ආගම පතුරුවන්න.

ඔවුන් ගමන්ගත්ත සිතියම දිහා බලපුවහම ලෝක දේසපාලනික ආගමික චිත්‍රයක් මවාගන්න පුලුවන්.

පෘතුගීසි ආවෙ එක අතකින් බයිබලයයි අනිත් අතිං කඩුවයි අරං කියල කියන කතාවේ මුලු කතාවම ගැබ්වෙලා තියනවා.

ආගම් සහ සමහර භාශාවන් ගොඩාක් ලෝකයේ පැතිරිලා ගිහින් තියෙන්නේ ඔය ආක්‍රමණත් එක්ක.

වැඩිම රටවල් ප්‍රමාණයක් ආක්‍රමණය කොට යටත් කල කෙනාට ලෝකය හසුරුවන්න පුලුවන් බලයක් ලැබෙනවා. ඕක තමයි සරල සත්‍යය. ඉතින් ඔය බල අරගලය ලෝකයේ හැමදාමත් පැවතුනා.

අපි ඔය කාලෙන් තව ගොඩාක් පහලට ආපුවහම මෑත කාලයේ ලෝක බලවතා වෙන්න සීතල යුද්දයක නිරත උනේ සෝවියට් දේශය සහ ඇමරිකාව. ඒ යුගයේ ලෝකය දෙකට බෙදිලා හිටියේ කොමියුනිස්ට් රුසියාව සහ ධනවාදී ඇමරිකාව වශයෙන්.

ඉතින් ලෝකයේ බහුතරයක් රටවලුත් මේ බලවතුන් දෙදෙනාගෙන් කාගෙ හරි පැත්තක් ගත්තා. පැහැදිලිව කදවුරු දෙකකට ලෝකය බෙදිල තිබ්බා.

අන්තිමට සෝවියට් දේශය පරාජය කරමින් ඇමරිකාව ලෝක බලවතා වෙලා, අද දක්වා ලෝකය පාලනය කරමින් ඉන්නවා.

අර සෝවියට් දේශය එක්ක හිටපු රටවලුත් සෑහෙන්න කඩාගෙන වැටුනා සෝවියට් දේශයත් එක්කම. සමහරු පහු කාලෙක ඇමරිකානු කඳවුරට ගොනු උනා, ඔය යුක්‍රේන් යුද්දයත් ඒකෙ ප්‍රතිපලයක්.

 

දැන් ලෝකයේ බලය හසුරවන්නේ කෙලින්ම රටවල් ආක්‍රමණය කරලම නෙමෙයි, වෙනත් ක්‍රමයන් වලට. හැබැයි බැරිම අවස්තාවකදී ආක්‍රමණයක් නොකර ඉන්නෙත් නෑ. ඉරාකය ඇෆ්ගනිස්ථානය ඒකට උදාහරණ. ඕකට නියෝ ඉම්පිරිලිසම් කියල ඕන්නං බර වචනයක් දාගන්න පුලුවන්.

අපි පිලිගතයුතු සත්‍යය තමයි මේ මොහොතේ මේ ලෝකය හසුරවන්නේ ඇමරිකාව බව, මේ කොටන ෆේස්බුක් එකේ ඉදං වෛද්‍ය විද්‍යාව, තාක්ශනය, ඔබ යන මෝටර් රථය, ගුවන් යානයෙ ඉඳන් ඒක එහෙමයි.(මෙතන ඇමරිකාව කියන්නෙ ඇමරිකානු කඳවුරට)

ඉතිං අපිට ඕනෙ ඕනෙ දේවල් කරන්න බෑ. අපි කල යුත්තේ ඇමරිකාව කැමති දේ. එහෙම නොකරනවනම් ඇමරිකානු කඳවුරට සටනක් දෙංඩ පුලුවන් ඊලග බල කදවුරට හේත්තුවෙංඩ ඕනෙ.

අපි කොටි එක්ක කරපු අවසාන යුද්දෙදි කලේ ඒක. අපි ඒකෙදි ඇමරිකාවට ඕනෙ දේ කලේ නෑ, ඒත් ඉන්දියාව අපි එක්ක හිටපු නිසා අපිට ගැලවුමක් තිබ්බ.

ඇමරිකාවට ඕනෙ නෑ ලංකාව විනාශ කරන්න. මොකද දේසපාලකයොයි මිනිස්සුයි එකතුවෙලා ඒක කරගන්නවනේ.

ඉන්දියාව ඇමරිකාව පැත්තෙ ඉන්නකං ලංකාව ඇමරිකාවට ඒ හැටි වැදගත්කමකුත් නෑ.

ඇමරිකාවට කොකා පෙන්නල අන්තිමට යුද්දෙ ඉවරකරල ටික කාලෙකිං අපිට බංකොලොත් වෙලා ඇමරිකාව ලග දනින් වැටෙන්නත් උනා නේද?

දැනට මේ ලෝකෙ පැවතිය යුතු ස්වභාවය තීරණය කරන්නෙ ඇමරිකාව. එයාලට ඕනෙ අයව තමයි එයාලට ඕනෙ රටවල බලයට ගේන්නෙ නැත්නම් ඕනෙ විදිහට හදාගන්නවා. ඇමරිකාව එක්ක එයාගෙ පැත්ත අරගෙන වැඩ කරන රටකට ඔලුව කල්පනා කරනවනම් දියුනුවෙන්න උනත් පුලුවන්.

එයාල අකමැති පාලකයෝ බලයට එන එක නවත්වන්න ඇමරිකාව කරංඩ පුලුවං හැම හොඳ හෝ නරක වැඩම කරනවා.

ඒ වෙනුවෙන් වාර්ශිකව විශාල මුදලක් වැයකරනවා.

සමහර රටවල් අස්ථාවර කරංඩ ඊට විරුද්ධ රටවල්වල ත්‍රස්තවාදී සංවිධාන වලට පවා ආධාර අනුබල දීල මෙහෙයවනවා. අලුතින් ත්‍රස්තවාදී සංවිධාන බිහිකරනවා. ඒ ත්‍රස්තවාදීන් ම ඇමරිකාවට අභියෝග කරනකොට උංට ගහල දාන්න පසුබට වෙන්නෙත් නෑ..ඇමරිකාවට එරෙහි කඳවුරත් ඒ වැඩේම කරනවා...ඉතිං මේ ෆේස්බුක් අවකාශයේ සමහරු මේක මේ ඊයෙ පෙරේද හොයාගත්ත දෙයක් වගේ කියවනවා.ඕව හරි පරන කතා.

අපි ඉංදියාවට ගහංඩ කොටින්ට ආයුධ මුදල් එහෙමත් දුන්නෙ.

රුසියාවට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ මුජහිදීන් සංවිධානයට ඇමරිකාව ආධාර කලා. ඇමරිකාව මුජහිදීන්ලට දුන්න මිසයිල වගයක් කොටි අතට පත්වෙලා ඒවලින් තමයි අපේ ගුවන් යානා කීපයක් බිම හෙලුවේ කියල ඒ දවස්වල කතා උනා.

අවි ආයුධ වෙලදාම මේ බල අරගලයෙන් ප්‍රධාන රටවල් ලබන අතිරේක වාසියක්. ආයුද විකුනන්නෙත් තමන්ගෙ හිතවත් රටවලට විතරයි.

කොටින්ම ලෝකෙ බැලන්ස් කරල තියාගෙන ඉන්නෙ ඇමරිකාව. ඇමරිකාව නැති ලෝකයක් හරි ලස්සනයි කියල ඔබට හිතෙනවනම් ඒ ඔබට වැරදිලා.

ඇමරිකාව නැති ලෝකයක උසාවි නැතිව මිනිසුන්ගේ බෙලි කැපෙන්නෙ මහ පාරේ.

වෙඩි තියන්නෙ ප්‍රසිද්දියේ. ඔබේ මානව අයිතිවාසිකම් ඔබේ ආගමික අයිතිවාසිකම් ඒ ලෝකෙදි ඔබට ලැබෙන එකක් නෑ.

 

 

ඇමරිකාව විනාශ කරල සාධාරන ලෝකයක් හදන්න නෙමේ, ඇමරිකාව විනාශකරල ඇමරිකාව සතු බලය ගන්න තමයි ඔය කව්රුත් දගලන්නේ. කටාර් වලට හෝ සව්දියට හෝ ඉරානයට හෝ අවශ්‍ය මැදපෙරදිග බලය පවත්වගන්න. එතනින් ඔවුන් නවතින්නෙත් නෑ. ඇමරිකාව එක්ක ඔවුන් සහයෝගයෙන් වැඩ කරනවා. හැබැයි ඇමරිකාව අකමැති සංවිදානවලට උවත් බලය පවත්වගන්න ඔවුන් ආධාර කරනකොට ඇමරිකාව නිහඩව ඉන්නවා. මොවුන් එකිනෙකාගේ අවශ්‍යතා හොදින් අවබෝදකරගෙන මේක කරන්නෙ.

දැං එමු අනිත් කතාවට. මේ ලෝකේ බල කඳවුරු තියනවා, එකක් ඇමරිකාව යුරෝපය ප්‍රමුඛ ක්‍රිස්තියානි බල කඳවුර. අනික අරාබිය ප්‍රමුඛ ඉස්ලාමීය බල කදවුර. අනිත් පැත්තෙන් කපටි චීනය හා රුසියාව. ඇමරිකාව මේ ඉස්ලාම් බල කඳවුර සහ රුසියාව චීනය පාලනය කරන්නත් ඔවුන්ගේ ව්‍යාප්තිය බාල කරන්නත් කටයුතු කරන අතර, මේ රටවල් ඇමරිකාවටත් ඒ දේම කරන්න උත්සාහ කරනවා.

ලෝකයේ දැන් පවතින හැම සටනකටම යුද්දයකටම ත්‍රස්තවාදී සංවිදානයකටම හේතුව මේක.

චීනය රටවල් තමන්ගේ පැත්තට ගන්නේ මිතුරු වෙසින් ඉඳගෙන ඒ රටවල් ණය උගුලක පටලවලා, එහෙම නැත්නම් අනිත් කඳවුරට විරුද්ධව ආයුද සන්නද්ධ කරවලා. ලංකාව ඒකට උදාහරණයක්. හම්බන්තොට වරාය සහ හැමදාම කැඩෙන නොරිච්චෝලෙ බලන්න ඇමරිකාව අපිට උදව්කිරීම ප්‍රතික්ශේප කලවිට චීනය රුසියාව එතනට ආවෙ එහෙමයි...ඒව මේ අපි කියන විදිහට පාරම්පරික මිත්‍රකම් නිසා වෙන දේවල් නෙමේ.

ඔය විමල් වීරවංශ එයා හොයාගත්ත දෙයක් වගේ ඇමරිකානු කුමන්ත්‍රණ කියල කියන්නෙ මෙන්න මේකට. ඕක එයාට අලුත් උනාට ලෝකෙට අලුත් දෙයක් නෙමේ.

මානව අයිතිවාසිකම් කඩකිරීමත් මේ බල අරගලයට සාපේක්ශයි. ලංකාවේ කොටි සමග කල අවසන් යුද්දයට මානව හිමිකම් කඩ කල චෝදනා එන්නෙත් ඊශ්‍රායලය ගාසා තීරයට ගහනකොට ඒක නොඑන්නෙත් ඒ නිසයි. ගාසා තීරයේ මියයන මිනිසුන් පිලිබඳව අල් ජසීරා කඳුලු හෙලන්නෙත් ඊශ්‍රායලයේ මිය යන අය ගැන සීඑන්එන් බීබීසී කඳුලු හෙලන්නෙත් ඒකයි.ඒ වගේමයි අනිත් බල කදවුරට ඒ කියන්නෙ අරාබි ලෝකයට හමාස්ල ඊශ්‍රායල් මිනිස්සු හා ලමයි මැරුව එක අපරාදයක් විදිහට පේන්නෙ නෑ.

මේ පුංචි දේවත් අවබෝධ කරගංඩ බැරුව ඇමරිකාවට මේක පේනව අරක පේන්නෙ නෑ කියමින් විරෝධය පලකරල ඒව වෙනස් කරංඩ පුලුවන් කියල සමහරු හිතනවා.

චීනෙත් එහෙමයි. තායිවානෙ චීනෙට අයිතියි කියල ආක්‍රමණය කරන්න හදනකොට මානව හිමිකම් කඩවෙන්නෙ නෑ.

ඔය බල කඳවුරුවලට අයත් මාධ්‍ය ආයතනත් එහෙමයි. එයාලට එයාලගේ පැත්තේ වැරැද්ද පේන්නෙ නෑ. මේක නොදැන කරන දෙයක් නෙමේ.

චීනය චෝදනා කරල තිබ්බ ඊශ්‍රායලය මානව හිමිකම් සීමාවෙන් එහා යනව කියල. පූටින් කියල තිබ්බ වෙන රටකට පහර දෙන්න ඊශ්‍රායලයට අයිතියක් නෑ කියල.

හරි මරු නේද...ඒකයි මම කියන්නෙ මේව සාපේක්ශයි ජත්‍යන්තර මානව අයිතිවාසිකම් ගැන අපි කතාකිරීම විහිලුවක් වගේ.

ඉතිං.. තෝරු මෝරු ගැටෙනකොට හාල්මැස්සො වෙන අපි, මානව හිමිකම් ගැන කතාකලාට කාටවත් සතපහකට වැඩක් නෑ. අපි ඉන්න ඕනෙ අපේ කඳවුරත් එක්ක. එයා එක්ක ඉන්නවනම් එයාගෙ වැරදි විවේචනය කරන්න බෑනෙ. ඒකයි මම හිතන්නෙ රනිල් මහත්තයා උනත් හමාස් ප්‍රහාරය හෙලා දැක්කෙ.

ලිප්ටන් වට රවුමට ගිහින් බෝඩ් එකක් උස්සල විරෝදය පලකරල ලෝකෙ යන විදිහ වෙනස් කරංඩ පුලුවංනං ඉතිං හොදයි.

කව්රු හරි කියනවනං අපි හෘද සාක්කියට අනුව වැඩ කල යුතුයි, ස්වාධීන විය යුතුයි කියල, එහෙම හෘද සාක්කියට අනුව ස්වාදීනව වැඩකරන එක රටක් පෙන්නන්න පුලුවන්ද?

චීනය ලෝක බලවතෙකු වීමට ලොකු බලාපොරොත්තු සහගත ගමනක් යනවා. රුසියාව ඔවුන්ගේ බටහිර විරෝදී යුද්ධය නිසා ඉරානයට සිරියාවට සහ තවත් අරාබි රටවල් එක්ක සමීපව ඉන්නවා .චීනෙත් එහෙමයි, ඇමරිකාවට උනා වගේම ඒක කවදාහරි ඔවුන්ටත් පාරාවල්ලක් වෙනවාමයි.

අවසානයට අවබෝධ කරගතයුතු කරුණ තමයි ලෝකයේ බල කදවුරු කීපයක් තියනවා. එකක් ඇමරිකාව ප්‍රමුඛ ක්‍රිස්තියානි කඳවුර. අනික ගොඩනැගෙමින් පවතින ඉස්ලාම් කඳවුර සහ ප්‍රබල චීනය හා රුසියාව.

අවසානයේ අප විසඳාගතයුතු ප්‍රශ්නය නම් අප වඩා කැමති කොයි කඳවුර යටතේ විසීමටද යන්නයි.

කා යටතේවත් නැතුව ස්වාධීනව ඉන්න කැමතියි කියන්න විතරක් පුලුවන්, එහෙම පවතින්න බෑ.

ඔබට වඩා වැඩි මානව නිදහසක්.. සමාන මානව අයිතිවාසිකමක් ඇත්තේ කොයි කඳවුරේද? නිදහස් ශීලාචාර මිනිසුන් ඇත්තේ කොයි පැත්තේද ? අන්න ඒ පැත්තේ සිටගන්න මේ ගේම් එකේ මැද මාවතක් නෑ.

 

මානව හිමිකම් ගැන හෙලන කිඹුල් කඳුලු වලට නොරැවටෙන්න. ඒ සියල්ල ඔවුන් සිටිනා කඳවුරට සාපේක්ශයි.

ෆේස්බුක් එකේ මොනවා ලිව්වත් ඇමරිකන් තානාපති කාර්‍යාලය හෝ ලිප්ටන් වට රවුමේ විරෝධතා දැක්වූවත් වෙනස් වන දෙයක් නොමැත.

 

(අද බොහෝ රටවල් ඉන්නෙ ඇමරිකාව එක්ක.

ඇමරිකාව අතීතයේ කරපු සමහර දේවල් වලට තරහක් තිබුනත් අන්තිම අවස්තාවෙදි මම හිටගන්නෙ ඇමරිකාව එක්ක. ඒ ලෝකය යහපත් තැනක් කරන්න. ඒ එක්කම රුසියාව එහි ගෞරවයත් සමග දිගටම පැවතිය යුතුයි.

මේ වෙලාවේ වෙන ගතයුතු මානව හිමිකම් ගරුකරන පුද්ගල අයිතිවාසිකම් වලට ගරුකරන කදවුරක් තිබෙනවාද..?

අද යුරෝපයේ පලස්තීනයට හමාස් සංවිධානයට සහය පල කරමින් කරන උද්ඝෝෂන අනිත් කඳවුරු යටතේ ඇති ලොවක ක්‍රියාත්මක කිරීමට හිතන්නවත් පුලුවන්ද?

ඇමරිකාව නොමැතිව අනිත් කඳවුරු යටතේ ඔබේ ජීවිතය කෙසේ වේදැයි මොහොතක් සිතන්න..බයක් දැනෙනවා නේද?

දැඩි මතදාරී හෝ ආගමික කල්ලි පාලනය කරන ලෝකයක් ගැන හිතනකොටත් බයයි නේද?

හමාස් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් චූන්වී වියරුවී සිටින ලොවපුරා මිනිසුන් දකින විට ඇමරිකාවට ඇති ආලය දිනෙන් දින වැඩිවේ.

ඔබට කැමති කඳවුර තෝරා ගැනීම ඔබගේ වැඩක්.

මමනම් නොදන්න දෙවියන්ට වඩා දන්න යකාට ආදරය කරන බව කිවයුතුයි.

හැබැයි මම දන්නවා ඇමරිකාවට පට්ට පලුයංඩ බනින එහි විනාශයම පතන අපේ සමහර... (සමහර ඈ)...සිංහල ද්‍රවිඩ සහ යෝනක ජනතාව මේ පාරත් ඇමරිකන් ග්‍රීන් කාඩ් එකට ඇප්ලයි කරනව කියල)

© Dhammika Wickramaarachchi fb page