SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්‍රෝෆර්ඩ් විල, වතුරින් පිරී ගිය හුණුගල් බැඩ වළකි

නූතන මිනිසාගේ පරිභෝජනවාදී ආර්ථික දේශපාලනික රටාව විසින් පෘතුවි ගෝලයට සිදු කර ඇති විනාශයේ තරම හෙළි කෙරන කරුණු රැසක් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ පිහිටි කුඩා ජලාශයක් ආශ්‍රිතව සිදු කළ පර්යේෂණවලිදී අනාවරණය වී ඇත.

 

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල වෙබ්අඩව්ය තැබූ ගවේශනාත්මක සටහන සම්පූර්ණයෙන් උපුටාගෙන පහත දැක්වේ,

 

කැනේඩියානු විලක මඩ ස්ථර

මානව ඉතිහාසයේ නව අවධියක් සලකුණු කරයි

 

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ පිහිටි කුඩා ජලාශයක් වන ක්‍රෝෆර්ඩ් විල, මනුෂ්‍ය වර්ගයාගෙන් පෘථිවියට එල්ලවූ බලපෑම හොඳින්ම වාර්තාගතව ඇති ස්ථානය ලෙස හඳුනාගෙන තිබේ.

අප විසින් පෘථිවියට සිදුකර ඇති වෙනස්කම් හඳුනාගැනීම සඳහා නව භූ විද්‍යාත්මක කාලපරිච්ඡේදයක් නිර්වචනය කිරීමට විද්‍යාඥයින් ප්‍රයත්න දරන අතර, ක්‍රෝෆර්ඩ් ඔවුන්ගේ ආදර්ශ උදාහරණය යි.

විලේ අවසාදිතයන් අතර, අධිකතර ෆොසිල ඉන්ධන දහනයෙන් නිකුත්වූ ද්‍රව්‍ය පමණක් නොව, ප්ලුටෝනියම් බෝම්බ පරීක්‍ෂාවන්ගෙන් නිකුත් කළ අංශු ද තැන්පත්වී තිබේ.

මෙම මඩ අවසාදිතයන්, යෝජිත ඇන්ත්‍රොපොසීන (මානව) අවධියේ ආරම්භයේ සංකේතයක් වනු ඇත.

ඒවා “ස්වර්ණමය නැග්මක්”, වඩාත් පැහැදිලිව කිවහොත් ගෝලීය මායිම් භූ ස්තර ඒකකයක් හා ලක්ෂ්‍යයක්බවට පත් කිරීම හරහා එහි වැදගත්බවට පිළිගැනීමක් ලබාදීමට පර්යේෂකයින්ට අවශ්‍යවී තිබේ.

භූ විද්‍යාත්මක කාලයේ අනෙකුත් මහා සංක්‍රාන්තීන් GSSP සමග බැඳී ඇත. බොහෝ විට, එය විශාල විද්‍යාත්මක වැදගත්කමක් ඇතිබවට සැළකෙන යම් ප්‍රපාත මුහුණතක සවිකරන ලද පිත්තල ඇණයකි.

නමුත් ක්‍රෝෆර්ඩ් සම්බන්ධයෙන් ගත්කල, එය කැනඩාවේ අගනුවර වන ඔටාවාහි කෞතුකාගාරයක තැන්පත් කළ සීතකළ අවසාදිත හරස්කඩක පසෙකින් තබා ඇති පිත්තල එලකයක් වනු ඇත.

 

 

parisara3

ක්‍රෝෆර්ඩ් විලේ සීත කළ අවසාදිත හරස්කඩක් කැනේඩියානු අගනුවර වන ඔටාවාහි කෞතුකාගාරයක තබා ඇත

 

“ක්‍රෝෆර්ඩ් මේකට නියමෙට ගැලපෙනවා,” ලන්ඩනයේ යුනිවර්සිටි කොලීජියේ ආචාර්ය සයිමන් ටර්නර් පැහැදිලි කළේ ය.

“පතුලේ මඩවලින් ගත්ත කෝර් සාම්පලේ (බටයක් මෙන් දිගු, සිලින්ඩරාකාර හරස්කඩ සාම්පලයක්) පෙන්නේ මහා විසාල මඩ ලොලිපොප් එකක් වගේ. නමුත් ඒකෙ තියෙනවා මේ ලස්සන, වාර්ෂික අවසාදිත තැන්පතු.

“මේ වාර්ෂික ස්තරවලින් ෆොසිල ඉන්ධන දහනය කිරීමේ අතුරුඵල, ප්ලුටෝනියම්, භූ රසායනයේ වෙනස්කම්, ක්ෂුද්‍ර-පාරිසරික වෙනස්කම් – මේ වගේ, පාරිසරික වෙනස්වීම සටහන් කරන සියලුම දේවල් රෙකෝඩ් කරනවා,” ඇන්ත්‍රොපොසීන් වර්කින් ගෘප්හි (AWG) ලේකම්වරයා බීබීසී වෙත ප්‍රකාශ කළේ ය.

 

parisara4

 

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සිදුකළ න්‍යෂ්ටික අත්හදාබැලීම් නිසා ප්ලූටෝනියම් ලොව පුරා පැතිරී ගියේ ය

 

අවුරුදු බිලියන 4.6ක පෘථිවි ඉතිහාසය විස්තර කෙරෙන සුප්‍රසිද්ධ කාල ස්තර විද්‍යා ප්‍රස්ථාරය පාසැල් පෙළපොත්වලින් හෝ පන්ති කාමර බිත්තිවල එල්ලා තිබෙන අයුරු කවුරුත් දැක තිබෙනවා විය යුතු ය.

ට්‍රයසික, ජුරාසික සහ ක්‍රිටේසීය වැනි එහි කාල සීමාවන් කියැවීමට යාමේ දී දිව පැටලෙයි.

වර්තමානයේ අප ජීවත්වන්නේ හොලෝසීන අවධියේ ය. එය, වසර 11,700කට පෙර අවසන් අයිස් යුගයේ අවසානයේ සිට කාලය ආවරණය කරයි.

 

parisara5

පතුලේ ඇති මඩ ස්තරයට ළඟාවීම සඳහා අයිස්වලින් වැසුණු විල විදිමින්

 

පසුගිය දශකය තිස්සේ AWG වෙත පැවරී තිබූ කාර්යයභාරය වූයේ, එම කාල ස්තර සටහන යාවත්කාලීන කළ යුතු ද නැද්දැ යි තහවුරුකර ගැනීම යි.

ඒ සම්බන්ධයෙන් ගත්කල, මේ සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඇතැ යි AWG දැඩි විශ්වාසයකින් පසුවෙයි. එසේම ඔවුන් ඒ සඳහා විධිමත් ආරම්භක දිනයක් ද හඳුනාගෙන ඇත – ඒ, 1950 ගණන් ය.

මෙම දශකය, මිනිස් ජනගහණය හා එහි පරිභෝජන රටා හදිසියේම වේගවත් වූ “මහා ත්වරණයේ” ආරම්භය සනිටුහන් කරයි. එය ඇලුමීනියම්, කොන්ක්‍රීට් සහ ප්ලාස්ටික් වැනි සාර්වත්‍රික “තාක්ෂණ අමුද්‍රව්‍යයන්හි” පැතිරීම සමග සමපාත වේ.

ක්‍රෝෆර්ඩ් විලේ අවසාදිතවලින්, විද්‍යාඥයින්ට වසරින් වසර සිදුවූ මේ වේගවත්විම හඳුනාගත හැකි ය.

 

parisara6

උණුසුම්, ග්‍රීෂ්ම මාසවල දී ‘කැල්සයිට’ (එනම් කැල්සියම් කාබනේට සහිත ඛණිජය) ජලයේ අවක්ෂේප වී, සුදු පැහැති ස්තරයක් ලෙස විල පතුලේ තැන්පත් වෙයි; සීතල, සිසිර මාසවල දී ඇල්ගී සහ අනෙකුත් ජීවීන් මියගොස්, ඔවුන්ගේ සිරුරුවල වූ කාබනික ද්‍රව්‍ය දුඹුරු/කළු ස්තරයක් ලෙස තැන්පත් වෙයි.

 

නමුත් මේ සුදු-කළු ස්තරයන් තුළ, විල වටා සිදුවන වඩාත් පුළුල් පාරිසරික වෙනස්කම් ද වාර්තාගතව තිබේ.

එය ඇත්තෙන්ම හරියට, විද්‍යාඥයින් සුපිරි වෙළඳ සැලක මුදල් ගෙවීමේ කවුන්ටරයේ දී බාකෝඩ් එකක් කියවනවා මෙනි.

“අපට පේනවා මේ උපගෝලාකාර, කාබන් අධික අංශු (SPC) – ‘අඟුරු දැලි’. ෆොසිල ඉන්ධන, විශේෂයෙන්ම ගල් අඟුරු ඉතා ඉහළ උෂ්ණත්ව යටතේ දහනය කළාම යි ඒවා හැදෙන්නේ,” ඔන්ටාරියෝ ප්‍රාන්තයේ සේන්ට් කැතරින්ස්හි පිහිටි බ්‍රොක් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ෆ්‍රැන්සීන් මැකාති පැවසුවා ය.

“ඒ වගේම, ඇත්තෙන්ම, මේ SPC වැඩිවෙන්න හේතුව තමයි, ක්‍රෝෆර්ඩ් ඉඳන් කිලෝමීටර දහයක් විස්සක් උඩු හුළඟට ගියාම තියෙන්නේ කැනඩාවේ විශාලතම කාර්මික නගරය වෙන හැමිල්ටන්. එහෙ තියෙන වානේ කර්මාන්තශාලා 20 වැනි සියවසේ වැඩි කාලයක ඉඳන් අද වෙනකල් ක්‍රියාත්මක යි.”

 

parisara7

තවත් ප්‍රධාන සලකුණක් නොහොත් ඇත්ත වශයෙන්ම ප්‍රාථමික සලකුණ වන්නේ ප්ලුටෝනියම් ය.

 

මෙවසර මුල දී ක්‍රෝෆර්ඩ්හි මඩ සාම්පල එක්සත් රාජධානියේ සවුත්හැම්ප්ටන් වෙත යවනු ලැබුණි. ඒ, මඩ සහිත ස්තරවල අදාළ විකිරණශීලී මූලද්‍රව්‍යය පවතිනබව මුලින්ම දිස්වන්නේ කොතැනදැ යි නිශ්චය කිරීමේ උත්සාහයක් ලෙසිනි.

“අපි අවසදිතවල යි අනෙක් ද්‍රව්‍යවල යි ප්ලුටෝනියම් තියෙනවා දකිනවා, 1945 විතර ඉඳන්, න්‍යෂ්ටික ආයුධ පරීක්ෂණ වැඩසටහනත් එක්ක. නමුත් ඇත්තෙන්ම ප්ලුටෝනියම් තැන්පත්වීම ගෝලීයව සිද්ධවෙන්න පටන්ගත් ලක්ෂ්‍යය තියෙන්නේ 1952 ඉඳන්, මහා පරිමාණ තාප න්‍යෂ්ටික බෝම්බ පරීක්‍ෂණ පටන්ගත්තට පස්සේ,” මහාචාර්ය ඇන්ඩෲ කන්ඩි පවසයි.

“අපි හොයන එක් ප්ලුටෝනියම් සමස්ථානිකයක අර්ධ ආයු කාලය අවුරුදු 24,000ක්. ඉතින් ඒක අඩුම ගාණේ අවුරුදු 100,000ක්වත් අවසාදිතවල දකින්න ලැබේවි. එතැනින් [එම කාලයෙන්] එහාටත් SPC දකින්න ලැබේවි,” ජාතික සාගර විද්‍යා ආයතනයේ විද්‍යාඥයෙකු බීබීසීයට පැවසීය.

 

parisara8

 

සවුත්හැම්ප්ටන් වෙත යවන ලද සාම්පලයන්, ප්ලූටෝනියම් ඇතිබව මුලින්ම දිස්වන්නේ කුමන කාලයේ දී දැයි පෙන්වනු ඇත

 

AWGට ඇන්ත්‍රොපොසීන අවධියේ ආරම්භය සඳහා නිශ්චිත වසරක් තෝරාගැනීමට අවශ්‍ය අතර, සවුත්හැම්ප්ටන් පරීක්ෂණ මෙම තීරණයට බලපානු ඇත.

අදින් වසර සහස්‍ර කීපයකට පසු වෙසෙන භූ විද්‍යාඥයින්, අතීත මිනිසුන් පෘථිවිය මත ඇතිකළ දැවැන්ත වෙනස්කම් අවබෝධකර ගැනීම සඳහා වත්මන් අවසාදිත අධ්‍යයනය කරනු ඇති ය යනුවෙන් සිතීම අසාමාන්‍ය අදහසකි.

නමුත් භූස්තරය පිළිබඳ අධ්‍යයනය – එනම්, කාලයත් සමග තැන්පත්වී ඇති අවසාදිත ස්තර අධ්‍යයන කිරීම – සිදුවන්නේ මෙසේ ය.

 

parisara9

 

උදාහරණයක් ලෙස, එංගලන්තයේ දකුණු වෙරළට ඔබ්බෙන් පිහිටි ‘අයිල් ඔෆ් වයිට්’ දිවයින ගන්න.

 

එහිදී ඔබට ප්ලේස්ටසීන යුගයේ සිට හොලෝසීන යුගය වෙත සිදුවූ අවසන් මහා සංක්‍රාන්තිය වාර්තාගත මඩ සහිත ස්තර සොයාගත හැකි, පැළෑටිවලින් වැසුණු වගුරක් හමුවෙයි.

උතුරුදිග යුරෝපීය ග්ලැසියර ක්ෂයවී උෂ්ණත්වය ඉහළ යද්දී ආක්ටික්-ඇල්පයින් පැළෑටි වඳවී ගිය අයුරු හා බර්ච් සහ විලෝ ගස් එම ප්‍රදේශය ආක්‍රමණය කළ අයුරු, පරාග අංශු මඟින් නිරීක්ෂණය කෙරෙයි.

“අපි ආපහු හැරිලා බැලුවම ඉගෙනගන්න දේ තමයි, මේ සමහර සංක්‍රාන්ති හරිම ඉක්මණින් සිද්ධවෙන්න පුළුවන්, අවුරුදු 30, 40කින්; ඒ කිව්වේ පරම්පරාවක කාලයක් ඇතුළත දි,” පෝට්ස්මත් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය සැබීන් වුල්ෆ් පැවසුවා ය.

මෙම වසර අග දී AWG විසින්, නව අවධියක් ස්ථාපනය කිරීම පිළිබඳ ඔවුන්ගේ නිර්දේශයන් වඩාත් පුළුල් භූ විද්‍යා ප්‍රජාවකට ඉදිරිපත් කරනු ඇත. කෙසේ නමුත්, ඔවුන්ගේ ප්‍රසිද්ධ ප්‍රස්ථාරය යාවත්කාලීන කරන්නේ ද යන්න පිළිබඳ තීරණය කිරීම පැවරෙන්නේ භූස්තර අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර කොමිසම වෙත ය.

 

@ BBC