SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිංහල අති බහුතරය සිතනා ආකාරයට, ‘අර්බුදය’ විසින් අපට යහපත් අන්තයක් යෝජනා කරයි.

අනුර කුමාරගේ පුද්ගලික දේපලක් වන ජවිපෙට අනුව, න්‍යායික ලෝකයේ විරුද්ධ පැත්ත ප්‍රායෝගික ලෝකය මිස සමපේක්ෂණය නොවේ. එතැනදී, සිංහල-බෞද්ධ කාදිනල්වරයා ඉදිරිගාමී ය. ඔහු සමපේක්ෂණ යථාර්ථවාදීයෙකි. ඔහු අනාගත පාප් වහන්සේ වීමට අවශ්‍ය CV එක සඳහා රැඩිකල් වීඩියෝ එකතු කරමින් සිටියි. මකියාවෙල්ලි නූතන දේශපාලන විද්‍යාවේ පියා බවට පත් වූයේ, ඔහු දේශපාලන ක්ෂේත්‍රයෙන් ‘සදාචාරය’ අතුගා දැමූ නිසා ය. කුමාර්ගේ ‘ලැයිස්තු පක්ෂය’ සහ එහි පිටකවරය වන අනාගත ඇමති ලේකම්වරුන්ට ආධුනික පුහුණුව ලබා දෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ‘දේශපාලනය’ යනු, සමාජ සත්‍යය නියෝජනය නොකරන කපටි ක්‍රීඩාවක් බව විද්‍යාමාන කරයි. 

ලංකාවේ සිංහල මිනිසුන් මේ දිනවල කෑ ගසා කියන්නේ, ‘ක්‍රමය’ [SYSTEM CHANGE]වෙනස් කළ යුතු බවයි. නමුත්, ඔවුන් ‘ක්‍රමය’ යන පදය සඳහා කිහිපදෙනෙක් හැර, ‘ධනවාදය’ [CAPITALISM] යන වචනය යොදන්නේ නැත. මාක්ස්ට අනුව, ‘ධනේශ්වර ක්‍රමය’ (රාජපක්ෂලාගේ ක්‍රමය නොවේ) අර්බුදය යන්නේ ශ්‍රමය හරහා නොගොස් සමපේක්ෂණය හරහා ලාභ සෙවීමට යාම තුළිනි. සරලව කිවහොත්, ‘ශ්‍රමය’ සූරාකෑම මත පදනම් වන නිෂ්පාදනය අතහැර, මුදල් වලින් මුදල් මැවීමට ගන්නා උත්සාහය ආරම්භ වන තැන දී ‘ධනවාදී අර්බුදය’ අපට හමු වෙයි.

            ධනවාදයට මිනිසාව පොළඹවන්නේ, අවශ්‍යතා සහ ආශාවන් නොව හුවමාරුව සහ පාරිභෝගික භාණ්ඩ ආකෘතිය තුළ හමුවන පාරභෞතික සහ දේවධර්මයට යි. ඒ අර්ථයෙන්, ‘ප්‍රාග්ධනය’ යනු, ආර්ථික විද්‍යා පොතක් නොව දෘෂ්ටිවාදය විවේචනය කරන පොතකි.

            වෙනත් කුමන ක්ෂේත්‍රයක දී වුව ද ‘අර්බුදය’ විසින් අදාළ පද්ධතිය අවුලට, විනාශයට පත් කරන මුත් ”අර්බුදය” [CRISIS] විසින් ධනවාදය විනාශ කරනවා නොව ප්‍රතිජනනය කරයි. සරලව කිවහොත්, ‘අර්බුදය’ ධනවාදයට අවශ්‍ය වන්නේ, ස්වයං ප්‍රසාරණය වෙනුවෙන් මිස එය විනාශ කිරීමට නොවේ. එම නිසා, ‘අර්බුදය’ ධනවාදයට සුභ ආරංචියකි. කෙනෙක් අර්බුදය විසින් ධනවාදය හෝ ‘පවතින-ක්‍රමය’ විනාශ කරනු ඇතැයි සිතන්නේ නම්, එය හුදු මුලාවකි. අර්බුදය යනු, ධනේශ්වර ආර්ථිකයේ නිදන්ගත රෝගයකි. මෙම නිදන්ගත රෝග නොමැති නම්, ධනවාදයට පිළිසකර වීමට ඉඩක් නැත.

            සමාජයක් පාලනය කිරීම සඳහා ‘දෘෂ්ටිවාදය’ යොදා ගැනීම තීරණාත්මක ලෙස ඛණ්ඩනය වූයේ, 89 වර්ෂයේ බර්ලින් තාප්පය කඩා වැටීමට පසුව ය. ධනවාදයට එරෙහි සදාචාර චින්තනය දේශපාලන තලයේ දී ප්‍රකාශ වූයේ, ‘සමාජවාදී අදහස්’ වලිනි. 89 ට පසුව සිදු වූයේ, ධනවාදයට විකල්පයක් නැත යන අදහස යි. මෙය, ඉතිහාසය අවසාන වී ඇත යන අදහසත් සමඟ සම්පාත විය. තවදුරටත්, ධනවාදයට එරෙහි සදාචාර විකල්පයක් නැති නිසා ඒ සඳහා ආදේශ වූයේ ලිබරල් අදහස් ය. මේ අදහස් බොහෝ විට සලකා බැලුනේ, පශ්චාත්-දෘෂ්ටිවාදී විද්‍යාත්මක අදහස් ලෙසිනි.

            ජාතිවාදය, දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා, ග්‍රාමීය දුගීභාවය, ලිංගවාදය තවදුරටත් ආර්ථික හෝ පන්ති සබඳතාවලින් විග්‍රහ කිරීම වෙනුවට සංස්කෘතිය සහ ඉවසීමට අදාළ කාරණා බවට පත් විය. දේශපාලනයට සත්‍යය අදාළ නැති බවට සාක්ෂියක් වන්නේ, දේශපාලන අදහස් සාපේක්ෂවාදයට ඌනනය කිරීමයි. කෙනෙකු යම් පාර්ශවීය සහ යම් පිරිසකට භක්තිමත් ලෙස අදහස් දක්වන විට දී, ලිබරල්වාදියෙකු ඔහු ගැන කියන්නේ මෙවැනි අදහසකි-

“ ඔබ දේශපාලනය ගැන අවසාන විනිශ්චයකරුවෙකු වීමට උත්සාහ කරයි. එය, අනෙකා නො ඉවසීම පිළිබඳ එක්තරා ප්‍රකාශනයකි. එය වැරදිය. අන් බොහෝ දෙනා අතර ඔබේ අදහසත් එක අදහසක් බව පිළිගන්න! ”

[Why are today so many problems perceived as problems of intolerance, not as problems of inequality, exploitation, injustice? Why is the proposed remedy tolerance, not emancipation, political struggle, even armed struggle? The immediate answer is the liberal multiculturalist’s basic ideological operation: the “culturalization of politics” – political differences, differences conditioned by political inequality, economic exploitation, etc., are naturalized/neutralized into “cultural” differences, different “ways of life,” which are something given, something that cannot be overcome, but merely “tolerated.           

ලංකාවේ පසුගිය විසිපස් වසරක පමණ ඉතිහාසය විමසා බැලූ විට දී පෙනෙන්නට තිබෙන මුඛ්‍ය ලක්ෂණය වන්නේ, සමාජ ගැටලු සහ දේශපාලන ගැටලු ඉතා තීක්ෂණ ලෙස සංස්කෘතික ගැටලු බවට පරිවර්තනය කිරීම හෝ ඌනනය කිරීමයි. සාමාන්‍යයෙන්, මෙම ක්‍රියාවලිය බටහිර දේශපාලන විද්‍යාව විසින් හඳුන්වන්නේ ෆැසිස්ට්වාදය ලෙසිනි. ලංකාවේ මෙම චින්තන ප්‍රවර්ගය හඳුනා ගන්නේ, ‘ජාතික චින්තනය’ ලෙසිනි.

 ‘දේශපාලන පසමිතුරුභාවයන්’ සංස්කෘතික ගැටලු හෝ සංස්කෘතික ප්‍රකාශන නැතහොත්, කලාව සංස්කෘතිකකරණය කිරීම ලෙසින් අප හදුනා ගතහොත්, ගැටලුවේ න්‍යෂ්ටිය මැද පාන්තික මාසික වැටුප් ලාභීන් දේශපාලන නිරවද්‍යතාවයන්ට ගැට ගසනු ලැබේ. නමුත්, මෙම ඌනිත ක්‍රියාවලිය තුළ දේශපාලන දර්ශනයට අදාළ කලාපයක් දක්නට ලැබේ. පළමුවෙන්ම, දේපළ සබඳතා වෙනස් නොකර මහජනයාට ප්‍රකාශ වීමට ඉඩ දීම ෆැසිස්ට්වාදයේ ඓතිහාසික ආරම්භය බව අප වටහා ගත යුතු ය. මෙහි, අන්තවාදී ප්‍රකාශන මාදිලිය පුද්ගලික සමාගමක් වූ FACEBOOK මඟින් විද්‍යාමාන වෙයි. රජයේ මාසික වැටුප් ලබන නමුත් වැඩ නොකරන විශාල මැද පාන්තික බුද්ධිමතුන් පිරිසක් විසින් ‘මහජනයා’ තමන්ට බාහිර ප්‍රපංචයක් ලෙසින් වටහාගෙන, තමන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය ඔවුනට පවරා ඇත.[INTER- PASSIVITY] මෙම තත්ත්වය, කලින් බෝද්‍රිලා වැනි බුද්ධිමතුන් හඳුනාගෙන සිටින ”නිශ්ශබ්ද බහුතරය” නොවේ. FACEBOOK මහජනයා යනු, කරච්චලයක් වන තරමට ප්‍රසාරණය වූ උද්ඝෝෂකයන් ය. බෝද්‍රිලා මෙම කිචි බිචි ගාන උද්ඝෝෂණ බහුතරය නොහොත්, පුද්ගලික සමාගමක ඇල්ගොරිදමයක් වූ ප්‍රපංචය බිහිවනතුරු ජීවත් වූයේ නැත. ‘ඇල්ගොරිද්මික ජනයා’ යනු, සංකේතීය මල් පාත්ති වශයෙන් හැදින්විය හැකි ය. ලිබරල්වාදීන් විසින් මෙම ‘ඇල්ගොරිද්මික මහජනයා’ වෙත තමන්ගේ ආශාවන් සහ ෆැන්ටසීන් ප්‍රක්ෂේපණය කරන ලදි. නිවැරදිව ගැටලුව හදුනා ගැනීම වෙනුවට පිළිතුරු ලක්ෂයක් පමණ සමාජ මාධ්‍ය තුළ බිහි වීම මේ අනුව, අහම්බයක් නොවේ. මේ නිසා, සාමාන්‍ය මහජනයා දාර්ශනිකයන් වෙතට හැරීම ද අහම්බයක් නොවේ.

 අනෙක් අතට, දේශපාලන දර්ශනයේ චින්තන ප්‍රවර්ගයක් වන ‘සමස්ථතාවාදය’ [TOTALITARIANISM] නැතහොත්, සරලමතිකව ඒකාධිපතිවාදය යනු, වාමාංශිකයන් ‘අර්බුදයක්’ සූත්‍රගත කිරීමේ දී කේන්ද්‍රයට රැගෙන එන සංකල්පය යි. ප්‍රභාකරන් නම් ඒකාධිපතියා වෙනුවට දැන් ඊට රාජපක්ෂ ආදේශ වී ඇත. සමාජ විද්‍යාත්මක වශයෙන් මෙම සංකල්පයට වැදගත්කමක් නැත. මිචෙල් ෆූකෝගේ රජතුමා බලයෙන් ඉවත් කර, එතැනට බල සබඳතා ආදේශ කිරීම නම් සංකල්පය යෙදු විට දී ‘ඒකාධිපතිවාදය’ යනු, පර්යාය බිඳ වැටුණු ධනේශ්වර සමාජයක ලක්ෂණයකි. වෙළඳපොළ බලවේග විසින් රාජ්‍යයේ වපසරිය අපර්යාය කරන විට, සංකල්පීය වශයෙන් පර්යාය යළි ගොඩනැගීමට එම සමාජයට ඒකාධිපතියෙකු සමපේක්ෂණය කළ යුතු ය. නමුත්, නූතන යුගයේ පහළ වූ රාජ්‍යය පිළිබඳ සංකල්පය සහ මහජන ස්වාධිපත්‍යය යන සංකල්ප පශ්චාත්-නූතන ඇල්ගොරිද්මික මහජන ප්‍රකාශණ නිසා ඛාදනයට ලක් වෙමින් පවතියි. රාජපක්ෂ, ඩොනල්ඩ් ට්‍රම්ප්, නරේන්ද්‍රසිංහ මෝදි වැනි දේශපාලකයන් බලයට ගෙන ආවේ, දේශපාලන පක්ෂ නොව ඇල්ගොරිද්මිකයන් විසිනි. එම නිසා, ප්‍රකාශණ නිදහසේ දයලෙක්තික අන්තය වන වහල්භාවය මේ වන විට දී, සමාජ ජාලා වෙබ් අඩවි මඟින් ප්‍රකාශ වෙයි. දේශපාලන පක්ෂ වෙනුවට සමාජ මාධ්‍ය තුළ අධිපති වී ඇත්තේ, අදේශපාලනික විදග්ධයන් ය. මේ අදේශපාලන විදග්ධයන් කාවන් මෙන් කා දමන්නේ, සමාජ දැලෙහි සුජාතභාවය යි.

සමාජ විද්‍යාවට අදාළ ‘මිචෙල් ෆුකෝගේ’ බලය පිළිබඳ සූත්‍රගත කිරීම් වලට පසුව අපට ඒකාධිපති සමාජ ක්‍රම ගැන කතා කරීමෙන් වැඩක් නැත. මීට අමතරව, ඒකාධිකාරී සමාජයන් බිහි වන තත්වයන් ගැන ග්‍රාම්ස්චි විග්‍රහ කර තිබේ. ඔහු මෙසේ තත්ත්වය සූත්‍රගත කරයි: “ ඔබට ඒකාධිපති සමාජ සැකැස්මක් අවශ්‍ය නම්, වහාම ‘සමාජ ගැටුම්’ සංස්කෘතික ගැටුම්වල ආකෘතියෙන් ඉදිරිපත් කරන්න!” අද මේ තත්ත්වය, ෆැසිස්ට්වාදයෙන් ලිබරල්වාදයට මාරු වී තිබේ. මුසෝලිනිගේ ඉතාලිය මෙන්, අද ලංකාවේ ලිබරල්වාදියා රටේ ආර්ථික සහ සමාජ අර්බුදය අශිෂ්ටයන්ට පවරයි. අවසන් වශයෙන්, අද දවසේ ලිබරල්වාදය කියන්නේ, සුඛ පරමවාදයකි. එහි සරල අදහස මෙසේ ය. පශ්චාත්-නූතන සමාජයක දී, ජාතිවාදය පවා විනෝදය හඹා යන මතවාදයකි.

80 දශකය ආරම්භයේ දී, මාග්‍රට් තැචර් විසින් බ්‍රිතාන්‍යයේ ‘පන්ති අරගලය’ අපූර්ව ආකාරයකට සංකේතිය පද්ධතියකට ඇතුල් කරන ලදී. ඇය, පන්ති අරගලයට බ්‍රිතාන්‍ය ජාතික සංස්කෘතිය සහ ජාතික අනන්‍යතාවය ආදේශ කරන ලදී. එය, සිත් ගන්නා සුළු විස්ථාපනයකි. එමගින්, බ්‍රිතාන්‍යයේ කම්කරු ව්‍යාපාර පිරිහී ගොස් ඒ වෙනුවට විවිධ අනන්‍යතා ව්‍යාපාර හට ගන්නා ලදී. පසුව, ‘නව සමාජ ව්‍යාපාර’ (ස්ත්‍රීවාදය, සමලිංගික, සාමය, කළු ජාතික අරගලය….) හැඳින්වුනේ ඉහත ව්‍යාපාර මඟිනි. සාර්වත්‍රිකයන් සදහා කළ සටන ඉන්පසු සුවිශේෂයන්ට මාරු විය. මෙමගින්, තැචර්ට නිදහස් වෙළඳපොල තුළ හටගන්නා ප්‍රතිවිරෝධයන්ට විසඳුම්, කොන්සර්වේටිව් හර පද්ධතියක් තුළින් විසඳීමට හැකි විය. තැචර්ගේ දේශපාලන හෙජමොනිය තුළ ‘පවුල සහ පුද්ගලයා’ සමාජයට එරෙහිව ස්ථාපනය කරන ලදී. ස්ටුවර්ට් හෝල් වැනි මාක්ස්වාදීන් සමාජ විද්‍යාත්මක වශයෙන් ග්‍රාම්ස්චිව යොදා ගෙන විග්‍රහ කළේ, ඉහත ඓතිහාසික පරිවර්තනය යි. නමුත්, තැචර්ගේ යුගයට වෙනස්ව අද දවසේ පාලන කේන්ද්‍රය සංස්කෘතියෙන් ජනගහන පාලනයට විතැන් වී තිබේ. ෆූකෝ කතා කළ හික්ම වූ ශරීර අද තත්ත්වයට අදාළ ය. අද දවසේ අදහස් නොව ප්‍රාග්ධනය විසින් පාලනය කරන්නෙ; ඒ වෙනුවට, එය පාලනය කරන්නේ මිනිස් ශරීර සහ ජනගහනය යි.

උදාහරණයක් ලෙස, 2008 වර්ෂයේ ආර්ථික අවපාතයට පසුව ඇමරිකන් හෙජමොනිය බිඳ වැටීමට පටන් ගන්නා ලදී. ඒ දක්වා ලෝකයේ වෙනත් රටවල සාමාන්‍ය ජනයාට තිබුණු එකම විකල්පය වූයේ, ‘ඇමරිකන් සංස්කෘතිය’ අනුකරණය කිරීම පමණි. ගෝලීයව ගතහොත්, ඇමරිකානු ජීවන විලාසය හෙජමොනික ය. නමුත් චීනයේ, ආර්ථික නැගිටීමත් සමඟ මේ තත්ත්වය අභියෝගයට ලක් වුණි. සරලව කිවහොත්, 2010 ට පසුව අතිරික්ත චීන ‘මූල්‍ය ප්‍රාග්ධනය’ ලෝකය වටා භ්‍රමණය වීමට පටන් ගන්නා ලදී.

 ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අසාර්ථක ‘ඇමරිකාව NO 1’ යන අදහස කඩා වැටීමත් සමඟම, ඇමෙරිකාව වෙළදාම සහ සමාගම් හරහා ලෝකය පාලනය කිරීමට විකල්ප සොයන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, මැද පෙරදිග කලාපයේ යුද්ධ හට ගන්නා ලදී. ඉන්, ලිබියාව, සිරියාව, යේමනය වගේ රටවල් විනාශ විය. තවදුරටත්, සීතල යුද්ධ නැති තත්ත්වයක් තුළ දී, ගෝලීයකරණය තුළ තමන්ගේ ස්ථානය පිළිබඳ ගැටලුවක් ඇමරිකාවට ඇති වුණි.

චිනයේ ONE BELT ONE ROAD ව්‍යාපෘතියේ ඵලයක් ලෙස, ලංකාවේ රාජ්‍ය නොවන ඒජන්තයා වූ LTTE ය චීනය විසින් විනාශ කර, කොළඹ වරාය අසළ මූල්‍ය නගරයක් ස්ථාපිත කරන ලදී. මෙය, ඇමෙරිකාවට සහ ඉන්දියාවට තර්ජනයක් විය. වරාය නගරයේ පාලන බලය අතට ගැනීමට මෙම රාජ්‍යයන් නිර්නාමිකව සහ වක්‍රව පාස්කු ප්‍රහාරය සිදු කරන ලදී. එමගින්, ලංකාවේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණි. පසුව, පැවති ආණ්ඩුව ගෙදර ගොස් රාජපක්ෂලා යළි ස්ථාපනය වුණි. ඉන්පසු, කොවිඩ් වසංගතය පැමිණි අතර ඉන් රටේ ආර්ථිකය විනාශ වුණි. පාස්කු ප්‍රහාරය නිසා, රටේ ජාතික පාලන ‘බල හවුල’ නින්දාවට පත් වුණි. පල්ලිය හරහා මෙම කටයුත්ත දිගටම ගෙන යන ලදී. චීනය, ජවිපෙට සහ සජිත්ට දිගටම ආධාර  කරන ලදී. ඊට අමතරව, ‘වරාය නගරයේ’ පරිපාලනය හරියට කිරීමට අවශ්‍ය නම්, ජනාධිපති තනතුර අවශ්‍යය. පාර්ලිමේන්තුවට බලය දීමේ වේශයෙන් දැන් එන ඇමරි-ඉන්දීය ව්‍යාපෘතියේ ගැඹුරු හරය වන්නේ, මූල්‍ය නගරයේ ශක්‍යතාවය බිඳ දැමීම යි. රටේ ජාතික දේශපාලනය කරන අයට ඉහත භූ දේශපාලනික උවමනාවන් ගැන වැටහීමක් නැත. අඟල් 3 1/2 ඇණ රීප්පවලට ගසා, ඒ රීප්ප වලින් විමල් වීරවංශගේ ගෝලයන්ට කොට්ටාවේ දී ගහපු විජිත හේරත්ලා දේශපාලන හිංසනය ගැන කතා කරයි. 89 යුගයේ මිනී මරපු අය සුහද සංවාද වලට ගාලුමුවදොර අරගලයට එයි. ඉතිහාසය විකාරයක් වී පිස්සන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන බණ දේශනා පවත්වමින් සිටිති. 

@3mana.lk

නවතම ලිපි