පුෂ්පජිත් සහෝදරයා පසුගිය දිනෙක සෙනසුරාදාවක තම ලැකානියානු මනෝවිශ්ලේෂණය පිළිබඳ පන්තියේ දී, ලැකාන්ගේ ආප්තයක් මෙසේ පැහැදිලි කරන ලදී.
“ලැකාන්ට අනුව, වර්ධනය වන්නේ සංකේත ලෝකය පමණි.[SYMBOLIC REALITY] ඒ තුළ ජීවත් වන මිනිසා තවමත් ගුහා මිනිසෙකි (CAVE MAN)”.
ලැකාන්ගේ ඉහත ප්‍රවාදය අපගේ සංවිධානය විසින් නිර්මාණය කළ ‘සංකේත ලෝකය’ සම්බන්ධයෙන් ද කටුක ලෙස සත්‍යය. පසුගිය දශක දෙක තුළ ඉතාම වර්ධිත ‘සංකේත භාෂාවක්’ අප නිර්මාණය කර ඇති අතර එය නිර්මාණය කරන ලද පුද්ගලයා ගුහා මිනිසෙකි.
ඉන් අදහස් වන්නේ, ඇල්බට් අයින්ස්ටයින් විසින් දියුණු කර ඇත්තේ, භෞතික විද්‍යාව පිළිබඳ සංකේත ලෝකය බවයි. නමුත්, අයින්ස්ටයින් සහ පුරාතන ගුහා මිනිසා අතර ඇත්තේ සමානකමකි. එනම්, ‘අඩුවයි’ (LACK). එම නිසා, ස්ටැන්ලි කුබ්රික්ගේ 2001 ‘SPACE ODYSSEY’ චිත්‍රපටයේ ආරම්භය මෙලෙස වෙනස් කිරීමට සිදු වෙයි. චිත්‍රපටය ආරම්භයේ අප දකින්නේ, වානරයෙකු විසින් අහස දෙසට අස්ථියක් විසි කිරීමේ දර්ශනයකි. එය සංකේතවත් කරන්නේ, මිනිසා සදාචාරයට පෙර ජීවත් වූ සත්ව ලෝකයෙන් කැඩී වෙන් වීමයි. මොහොතකින් මරණය සංකේතවත් කරන ඇටකටුව අහස දෙසට විසි වන අතර එය අභ්‍යාවකාශ යානයක් බවට රූපාන්තරණය වෙයි. සමස්ත සංසිද්ධිය චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන ‘ස්ටැන්ලි කුබ්රික්’ විසින් ගම්‍ය කරවන්නේ, මිනිසා සත්වයාගෙන් කැඩී වෙන් වී ශිෂ්ටාචාරය තුළ පරිණාමය වන බවයි.
නමුත් අද අප දන්නා පරිදි, මෙලෙස පරිණාමය වන්නේ ඩාවින් හෝ මාක්ස් සිතූ පරිදි (මෙයට එංගල්ස්ව ද එකතු කරගත හැකිය) ශිෂ්ටාචාරය මිස, ස්වභාදහමෙන් කැඩී වෙන් වූ මිනිසා නොවේ. ඇත්තටම අභ්‍යවකාශ යානය පැත්තේ සිට යළිත් ඇටකටුව දක්වා නැතහොත්, ”කැලෑවේ නීතිය”[RETROACTIVE NATURAL LAW] දෙසට යළි ගමනක් ද මිනිසාට ඇත. 20 වැනි සියවසේ විශිෂ්ටතම මිනිස් පරීක්ෂණය වූ බොල්ෂෙවික් විප්ලවය අවසන් වූයේ, ස්ටැලින්වාදී ස්වමාංශ භක්ෂණයෙනි.
ලංකාවේ පැවති 80 දශකයේ ‘සංකේත ලෝකය’ සහ එහි ප්‍රබන්ධ මානය යළි පරික්ෂා කළහොත්, පරිණාමවාදයේ කණපිට පැත්ත අපට සම්මුඛ වෙයි. 80 දශකය අග අලුත් ලෝකයක් වෙනුවෙන් සිංහල-දෙමළ තරුණයන් සටන් කරන විට දී, සුනිල් මාධව හෝ බන්දුල පත්මකුමාර ඒ ඒ විශ්වයන් හි වීරයන්ය. ඉන්පසු ගත වී ගිය දශක 3 ක කාලය තුළ දී, සම්භාව්‍ය සංස්කෘතියත්, ජනප්‍රිය සංස්කෘතියත් යන දෙකම වෙළඳපොළ යාන්ත්‍රණය පරිණත වන විට අභාවයට පත් විය. එබැවින්, සුනිල් මාධව හෝ බන්දුල පත්මකුමාර මිය යන විට දී, එය ඔවුන්ගේ දෙවන මරණය විය. ඔවුන් දෙදෙනා සංකේතීයව මිය ගියේ, මීට වසර 25 කට පමණ පෙර ය. නමුත්, එය ඔවුන් හෝ සමාජය දැන සිටියේ නැත. ‘සංකේතනය’ සිය තාර්කික අන්තයට ළඟා වන විට දී, ඒ තුළ පරිණාමය නො වන මිනිසා ගමන් කරන්නේ ආපස්සට ය. මෙම ද්විත්ව ආචරණය අප වටහා ගන්නේ කෙසේද?
90 දශකයේ පහළ වූ විකල්ප පුවත්පත් තුන වූ ‘රාවය’, ‘යුක්තිය’ සහ ‘හිරු’ යන පුවත්පත් තුන 21 වැනි සියවස උදා වීමට මොහොතකට පෙර මිය ගියේය. නමුත්, ඒ පුවත්පත් තුළ ජීවමාන වූ විවිධ කතුවරුන් සිතුවේ, විකල්ප පුවත්පත්වලට අනාගතයක් අහිමි වූවත් තමන්ට අනාගතයක් තිබේ යන සූත්‍රය යි. නමුත්, වික්ටර් අයිවන්, සුනන්ද දේශප්‍රිය, රෝහිත භාෂණ යන පුද්ගලයන්ට ද 21 වැනි සියවස තුළ සොම්බි පැවැත්මකට ඌනනය වනවාට වඩා වැඩි උරුමයක් හිමි නොවීය.
නමුත්, 93 වැනි ඈත යුගයක ‘හිරු’ පුවත්පත් ගෘහයේ කොනක පත්තර කඩදාසි දමා බිම නිදා ගත් විමලසිරි ගම්ලත් නොහොත්, විමල් වීරවංශ ඊට වසර 27 කට පමණ පසුව ඇමතිවරයෙකු වූ අතර ලක්ෂ 500ක පමණ කුටුම්භයක අයිතිකාරයෙක් සහ ලැබ්බ්‍රදෝර් බල්ලෙකුගේ සුරතල් ස්වාමියෙක් වී ඇත. එපමණක් නොව, NIKE සපත්තු දෙකක් ද පැළඳ සිටියි. 80 දශකයේ අග පහළ වූ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයෙකු වූ දයා පතිරණ මහමඟ දී මිය ගිය අතර වසරකට වරක් ඔහුව සමරන ගෝලයන් කෝටිපතියන් වී ඇත. 80-90 දශකවල අධිපති සමාජ තර්ක ගොඩනඟන ලද සමාජ භූමිකා ප්‍රාර්ථනා කළ ලෝකය සහමුලින්ම විනාශ වී ගොස්, ඒ කාලයේ මහපාරේ රස්තියාදුවේ ගිය නිර්ප්‍රභූන් පසු කාලයක දී සමකාලීන ලෝකය තුළ වීරයන් වූයේ කෙසේ ද?
ඉහත ආකාරයට, ‘සමාජ ප්‍රකාශකයන්ගේ’ යුතෝපියාවන් උඩු යටිකුරු වූයේ මන්ද? LTTE සංවිධානයේ නැගෙනහිර කලාපයේ ඌරු කොටු බලාගත් ප්‍රධානියා, LTTE පරාජයෙන් පසුව නැගෙනහිර මහ ඇමති බවට පත් විය. හෙළ උරුමය සංවිධානයේ 90 දශකයේ නායකයෙකුගේ අප්‍රකට පෙම්වතියක් සමකාලීන ලෝකය තුළ ආණ්ඩුකාරවරියක් වී ඇත.
ඉහත පරිණාම විරෝධී ආඛ්‍යානය වටහා ගැනීමට අවශ්‍ය කෙනෙකුට, සමාජ සබඳතා ක්ෂේත්‍රය ව්‍යුහගත කරවන අවිඥාණය නම් කේෂ්ත්‍රයක් හඳුනා ගැනීමට සිදු වෙයි. රෝහිත භාෂණගේ සිහිනය පුපුරා ගොස් විමල් වීරවංශගේ සිහිනය යථාර්ථයක් වූයේ මන්ද?
අප බොහෝ විට සිතන්නේ, ‘සමාජයට’ යටි බඩක් නැති ලෙසයි. නැතහොත්, සමාජ සබඳතා වෙනස් වීමේ දී තාර්කික ඥාණය මිස ‘අවිඥාණක ආශාව’ තීරණාත්මක නැති බවයි. නමුත්, තීරණාත්මක හැම මොහොතකදී ම සමාජය වෙනස් වී ඇත්තේ, ‘අවිඥාණක ආශාව’ කේන්ද්‍රගත කොටගෙන ය. එය, කෙතරම් සරදම්කාරී ද යන්න මඟින් මූර්තිමත් වන්නේ පැරණි ‘සංකේත ලෝකයේ’ මිය යාමයි.
ලංකාවේ ඉතිහාසයේ යම් නිශ්චිත මොහොතකට පසුව දේශපාලනය පරදා සදාචාරය [MORALITY] ජයග්‍රහණය කොට ඇත. උදාහරණයක් ලෙස, දේශපාලන මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කරන සිරිමලී ලියනගම ගේ අතින් සංස්කරණය වන මාධ්‍ය කලාව ‘රාවය’, ‘යුක්තිය’, ‘හිරු’ මාධ්‍ය කලාව නොවේ. සිරිමලීගේ මාධ්‍ය කලාව මඟින් මූර්තිමත් වන්නේ, පශ්චාත්-මාධ්‍ය කලාව (POST-JOURNALISM) යි. පශ්චාත්-මාධ්‍ය කලාව යනු, තොරතුරු, ප්‍රවෘත්ති, අදහස්, සංවාද, විවාද ‘සිමියුලේ ක්‍රමයක්’ බවට පත් කිරීමයි. සිමියුලේ ක්‍රමය යනු, යථාර්ථය අහිමි වී ගිය සමාජයක අධි ප්‍රබන්ධයක් [HYPER REALITY]ලෙසින් යථාර්ථය යළි නිර්මාණය කිරීමයි. මෙම අධි ප්‍රබන්ධයට අදාළ බාහිර යථාර්ථයක්[EXTERNAL REALITY] නැත. එබැවින්, සිමියුලේ ක්‍රමය නියෝජනයෙන්[REFERENCE] සහ යථාර්ථයෙන් නිදහස් ය. කෙටියෙන් කිවහොත්, සිමියුලේ ක්‍රමය යනු, යථාර්ථයේ මරණ පරීක්ෂක වාර්තාවයි.
උදාහරණයක් ලෙස, සිරිමලීගේ වෙබ් පිටුවේ මේ ළඟ දී පළ වූ පෝස්ටුවක නම වූයේ, ‘මං පොර ජාතකය’ යි. සිරිමලීගේ වෙබ් පිටුවට ස්ත්‍රී දූෂණයට, අපරාධ වලට, ස්ත්‍රී හිංසනයට අදාළ පුද්ගලයන්ට බුද්ධිමතුන් සේ දීර්ඝ ලිපි ලිවීමට හැකි ය. ඒවායේ අන්තර්ගතයට සිරිමලී වග කියන්නේ නැත. ‘ඔබේ ආරක්ෂාව ඔබ සලසා ගන්න’ යන්න සිරිමලීගේ සටන් පාඨය යි. අප ජීවත්වන යුගයේ දී, මාස්ටර් හැඟවුම්කාරකයට වැඩියෙන්ම විරුද්ධ වන්නේ හිස්ටෙරිකයන් ය.
‘මං පොරවල් ගැන ප්‍රශ්න කරන’ පුද්ගලයා ද පොරක් වීමට ඉඩක් ඇත යන්න විසංයෝජනය ගැන නොදන්නා සිරිමලීගෙන් අසා වැඩක් නැත. ‘මං පොරවල්’ ප්‍රශ්න කරන බහුතර දෙනා අපගේ යුගයේ දී ප්‍රශ්න කරන්නේ, ‘මගේ ආතල් කඩන්න එපා’ කියන සටන් පාඨය යි. මෙය, සමකාලීන බුද්ධි විරෝධයේ ඉතාම නරුම ප්‍රකාශන මාදිලිය යි. ‘මං පොරවල්’ ගැන ප්‍රශ්න කරන තක්කඩින්ගෙන් අප ඇසිය යුත්තේ, ‘මං පොරවල්’ විඳිනවා යැයි සමපේක්ෂණය කරන විනෝදයේ හැඩය කුමක් ද යන්න යි.[ENJOYMENT IS VERY MUCH LINK TO THE PRACTICE OF EXCLUSION. FOR EXAMPLE, IF I AM IN A SITUATION IN WHICH I FEEL VULNERABLE, WEAK, I PROJECT ONTO SOME PARTICULAR OTHER THE SOURCE OF MY OWN LIMITATIONS- THE BLACK , TAMIL ,WHATEVER GROUP THAT CAN BE SEEN AS THE SYMBOL OF WHAT IS LACK IN MY SITUATION. OTHER IS THE NEGATIVE MIRROR OF MY OWN LACK.] විසංයෝජනයට අනුව කිවහොත්, ‘මං පොරවල්’ ගැන ප්‍රශ්න කරන්නන් දයලෙක්තිකව ගමන් කරන්නේ, ‘මං පොරවල්’ දෙසටම ය. මෙතැන දී ප්‍රශ්න කරන්නේ, ‘මං පොරවල්’ වලට අදාළ අන්තර්ගතයන් මිස ඒ ආකෘතිය නොවේ. ‘මං පොර’ යනු ම මම ‘මටම’ ඇති අකමැත්තයි. අනෙක් අතට, ‘මං පොරවල්’ වලට එරෙහි සහසම්බන්ධ ප්‍රතිපක්ෂයේ අනෙක් අන්තයේ සිටින්නේ ඊනියා පාරිශුද්ධ සාමූහිකත්වය යි.[PURE SIGNIFIER OF SPIRITUALITY] ‘මං පොර’ මෙන්ම ‘සාමූහිකත්වය’ යනු ද හැඟවුම්කාරකයකි. මින් වැටහෙන්නේ, මෙම ලිපි ලියන තක්කඩින් සෝෂියර්ගේ පළමු පාඩම වන ‘භාෂාව යනු, වෙනස්කම් අතර චලනයක් පමණක් වන බව’ යන ප්‍රවාදය නොදැන සිටීමයි. සෝෂියර්ට අනුව, භාෂාවෙන් සාරයන් සහ පාරිශුද්ධත්වයන් නිපදවිය නො හැකි ය. ඒවා, හුදු මනස්ගාතයක් පමණි. අනෙක් අතට, භාෂාවෙන් කියන්න බැරි දේවල් කියන්න උත්සාහ කිරීම බටහිර චින්තනය තුළ නම් කරන්නේ, පාරභෞතික[METAPHYSICS] කියා ය.
නමුත් ගැටලුව වන්නේ, ‘සමාජ අවිඥාණය’ තුළ ‘මං පොරවල්’ ගැන ප්‍රශ්න කරන්නන්ට සිරිමලී අවිඥාණිකව ආශා කරන්නේ මන්ද යන්න යි. එය සම්බන්ධ වී ඇත්තේ, ඇගේ අනන්‍යතාවය දෙසටය. ඇයට ‘තමා’ නිර්ධනයෙකු ලෙස වටහා ගන්නවාට වඩා, ‘පොරක්’ ලෙසින් වටහා ගැනීම (MORE THAN ME) තදාත්මික ය.
@3mana.lk