අපි දශකතුනකට ආසන්න කාලයක් විවිධ ආණ්ඩු යටතේ යුද්ධයක් එක්ක හෙම්බත් වුනු රටක්.
2009 යුධ ජයග්‍රහණය එක්ක ලංකාණ්ඩුවේ එවක පාලකයන් වූ රාජපක්ෂ පාලනය ඔද වැඩුවා පමණක් නෙවෙයිවසර ගණනාවක යුධමය භීෂණයෙන් හෙම්බත්ව සිටි සිංහල දමිළ මුස්ලිම් සාමාන්‍ය වැසියන් සැනසුම් සුසුමක් හෙළුවෙ වේලක් ඇරවේලක් කාල හරි වෙඩි පහරවල්, බෝම්බ පිපිරීම්, පරීක්ෂා කිරීම් වලින් තොරව නිදහසේහුස්මක් ගන්න ලැබෙනවා කියන සිතුවිල්ලෙන්. ඒ මොනව උනත් අපි ජීවත්වෙන්නෙ ලෝකයක් තුළවීම නිසාම යුද්ධයක් අවසානයේ රාජ්‍යයක් ලෙස අප අපගේ යුධ භාවිතාවන් සම්බන්ධයෙන් පැනනගින ඔිනෑම ප්‍රශ්න කිරීමකට චෝදනාවකට හෝ කරුණු විමසීමකට යටත්ව කටයුතු කිරීම අපිතවත් රටකට යටත් වීමක් වගේ බයියාතලයේ ලා කටයුතු කළ හැකි මාතෘකාවක් නොවේ.
ජිනීවා යෝජනා ගැන කප්පරක් කතාවෙන මේ මොහොතේ මේ මාතෘකාවට ආවේ එක කාරණයක් හින්දා. මෙරට රාජපක්ෂ සහ සිරිසේන ආණ්ඩු පාලන යුගයන් දෙක තුළදීම විදේශ කටයුතු භාර ඇමතිවරයෙක් ලෙස කෘතහස්ත කාර්යභාරයක් කළ හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ජයග්‍රහණය කළේ කොහොමද? එහෙම උනේ ඇයි සහ අපිට ඉදිරියට මුහුණ දෙන්න වෙන්නෙ කොයි විදිහකටද යන්න ගැන මාධ්‍ය හමුවක් පැවැත්වූවා.
මේ මාධ්‍ය හමුවේ මංගල සමරවීර හිටපු විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ අද ලංකාව මුහුණ දීඇති තත්වය පිළිබඳ නිසියාකාර ලෙස කරුණු දැක්වූවත් බයිලන්තයේ බොහෝ දෙනෙකුට, විශේෂයෙන්යි බලන්තයේ තාර්කික බුද්ධියක් පාවිච්චි නොකරන මිනිසුන්ට වගේම, නිවෙස්වල ඉන්න කාන්තාවන්ට තේරුම් කර දෙන්න දරණ පුංචි උත්සාහයක් එත්තලාම මේ මාධ්‍ය හමුවේ විස්තර අපි බලමු.
මොකක්ද මේ ජිනීවා යෝජනාව කියන්නේ?
ඔබ දන්නවා අපි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ක්‍රියාත්මක රාජ්‍යයක්. අපේ රටේ ආණ්ඩු පත්වන ආකාරය ඔබ දැනටමත් දන්නවනේ. ඒ වගේම අපි ලෝකයෙන් එහෙම නැත්තම් ජාත්‍යන්තරයෙන් හුදෙකලා රටකුත් නෙවෙයි. හිතන්න ඔබේ පවුලට සමාජයේ අනෙක් ආයතන සහ සම්බන්ධතා වලින් හුදෙකලාව පවතින්න බැහැනේ. අන්න එහෙම හිතන්න. ඉතිං අපිත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙක්. ජිනීවා නුවර පිහිටුවා ඇති මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන ආයතන දෙකක් තියෙනවා
1. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය
2. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය
මානව හිමිකම් කවුන්සිලය රටවල් 47ක සාමාජිකත්වයෙන් හැදුනු සංවිධානයක්. ඒකෙ සාමාජිකයො වෙන්නෙ රටවල්. රටවල් නියෝජනය කරන්නෙ ඒ ඒ රටවල්වල ඒ කාලයෙ බලයෙ ඉන්න ආණ්ඩු විසින්.
මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ කාර්යාලයෙ සේවය කරන්නෙ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිළධාරීන්. ඒකෙ ලොක්ක වෙන්නෙ මහ කොමසාරිස්වරිය.
යුධ අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වූ අපේරට පිළිබඳව මෙම ජිනීවා යෝජනාවේ මුලාරම්භය අපි මංගලගෙන්ම දැනගනිමු. මේ මංගල සමරවීර හිටපු විදේශ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී දක්වපු අදහස්.
“මේ ජිනිවා කතාවේ මූලාරම්භය සිද්ධ වෙන්නේ මීට අවුරුදු 11කට ඉස්සෙල්ලා. ඒ කියන්නේ 2009 මැයි මාසයේ 26 වෙනිදා.
මොකද 2009 මැයි 19 වෙනිදා මේ රටේ ත්‍රිවිධ හමුදාව විසින් අවුරුදු 29ක් තිස්සේ ඇදගෙන ගිය යුද්ධය පරාජයට පත් කළා.
ඊට දවස් 3 කට පස්සේ, ඒකියන්නේ මැයි 23 වෙනිදා එක්සත් ජාතින්ගේ සංවිධානයේ එවකට මහ ලේකම් බැන්කි මුන් ලංකාවට ආවා. මොකද යුද්ධය අවසානය කාලයේදී ශ්‍රී ලංකාවට, අපේ ත්‍රිවිධ හමුදාවට ජාත්‍යන්තරයෙන් විවිධාකාරයේ චෝදනා එල්ල වුණා.එතුමා දවස් තුනක් උතුරු නැගෙනහිර සංචාරය කළා.
ඊට පස්සේ තමයි බැන්කි මුන් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ සමගඇතිකර ගත් එකඟතාවයන්ට අනුව 2009 මැයි 26 වෙනිදා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කලේ.
ඒකාබද්ධ ප්‍රකාශයක් කියන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙපළ ඉදිරිපත් කරන ඉතාමත්ම බරපතළ රාජ්‍ය තාන්ත්‍රික ලියකියවිල්ලක්. ඒ ලියකියවිල්ල මැයි 26 වෙනිදා දෙපැත්තම එකඟත්වයෙන් ප්‍රකාශයට පත්වුනා...”
එකගතාවක් මත සිදුවුනු, ආරාධනාවක් මත සිදුවුනු මේ ඒ්කාබද්ධ ප්‍රකාශයට පිටුපාන්න තරම් ප්‍රාථමික තැනකට ලංකා ණ්ඩුව පත්වන්නේ ඇයි?
“අපේ රට විවිධ අවස්ථාවලදී ජාත්‍යන්තර වශයෙන් අත්සන් කරපු විවිධ යෝජනා තියෙනවා. 1948 පස්සේ හැම ජාත්‍යන්තර යෝජනාවකම වගේශ්‍රී ලංකාව අත්සන් කරලා තියෙනවා.
අපි ජාත්‍යන්තර වශයෙන් අත්සන් කරලා තියන ගිවිසුම් උල්ලංඝනය කරමින් යුද්ධයේ අවසන් සමයේ දී මානව අයිතින් උල්ලංඝනය කිරීම් කරලා තියනවද හොයන්න පරීක්ෂණයක් කරන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ඒකාබද්ධ ප්‍රකාශයේ අවසන්ප රිච්ඡේදයේ එකඟවෙලා තියෙනවා.
ජාත්‍යන්තර නීතින් මේ වෙලාවේ දීඋල්ලංඝනය වුණාද නැද්ද කියලා සොයා බලන යාන්ත්‍රණයක් ඇති කරන බවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, බැන්කි මුන් කියන පුද්ගලයට නෙමෙයි, එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්ට පොරොන්දු වුණා. ඒකේ තව දිගට තියෙනවා ඇතිකර ගත්තු එකඟතාවයන් රැසක්ම.
ඊට පස්සේ මොකක්ද වුණේ ? බැන්කි මුන් ඇවිල්ල දවස් තුනකින් ලංකාවේ නම කියලා විශේෂ යෝජනාවක් ගේනවා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට. කවදාවත් අපට මෙහෙම වෙලා නැහැ. 26 වෙනිදා ලංකාවේ තත්වය ගැන කතා කරන්න විශේෂ යෝජනාවක් ගේනවා.
එවකට තිබුණ රජය වත් තානාපතිවරයා වත් ඒක නවත්ව ගන්නට උත්සහ කළෙත් නැහැ.ඒක නවත්ව ගන්න උත්සහ නොකර අපේ රජය විසින් ඒ පැවතුන විශේෂ සාකච්ඡාවට අපේම යෝජනාවක් කියලා ලංකාවේ යෝජනාව ඉදිරිපත් කළා. අපේ 30- 1 යෝජනාව වගේ මේ යෝජනාව S 11-1 .”
“මේක ඇත්තෙන්ම බය වෙච්ච පාර ගෙනාවත් බොහොම හොඳ යෝජනාවක්. මේ යෝජනාවේ ප්‍රධානතම දේ තමයි, අපි කියනවා අපි එක්සත් ජාත්න්ගේ සංවිධානයේ මහ ලේඛම් ගේ පැමිණීම වෙල්කම් කරනවා, අනිත් එක ඒකෙම කියනවා ජනාධිපතිතුමාගේ ආරාධනය පරිදි පැමිණීම ගැන අපි සංතෝස වෙනවා කියලා.
ඊට පස්සේ කියනවා, ඒ දෙගොල්ලන්ගේ එකඟත්වයෙන් නිකුත් කරපු ඒකාබද්ධ නිවේදනයට සම්පූර්ණයෙන්ම එකඟත්වය පළ කරලා ඒ අය ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක එකතුවෙලා යුද්ධයෙන් පස්සේ රට ගොඩදාන්න, ඒ සඳහා ජාත්‍යන්තරයේ මුදල් ආදිය ලබා ගෙන සියලුම මානව අයිතින් ගොඩ නඟන්නට ආරක්ෂා කරන්නට පොරොන්දු වෙනවයි කියලා පොරොන්දු වෙනවා. ඒකේ තව යාන්ත්‍රණයක් ගැන කතා කරනවා.”
“ඊට පස්සේ ආණ්ඩුවෙන් විවිධාකාර කොමිෂන් පටන් ගත්තා ඒ වෙනුවට, ජාත්‍යන්තරය පෙන්වන්න.මෙන්න අපි මොන මොනවා හරි කරනවා කියලා පටන් ගත්තා. උගත් පාඩම් කොමිෂන් තිබුණා, පරනගම කොමිෂම තිබුණා. මේ හැම කොමිසමක් ආණ්ඩුවෙන් පත් කළත් ඇත්තටම මේ කොමිසමුත් කියන්න පටන් ගත්තා යම් යම් මානව හිමිකම් කඩවීම් ගැන.
පරනගම කොමිසම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පත් කරපු කොමිසමක්. ඒ කොමිසම කියනවා සුදු කොඩි නඩුව, චැනල් 4 රූපවාහිනියෙන් පෙන්වපු ඒ දර්ශණ, එතකොට මුළු බස් එකේ හිටපු සිර කාරයන් නැතිවීම, ඉස්පිරිතාලවලට බෝම්බ ගැස්සවීම මෙවැනි දේවල් චෝදනා තියෙනවා මේ සම්බන්ධයෙන් ස්වාධීන විනිශ්යකරුවන්ගේ පරීක්ෂණයක් වෙන්න ඕනැයි කියලා පරනගම කොමිසමත් කියන්න පටන් ගත්තා. එතකොට මොකද මේක ඇත්තනම්, මෙවැනි දෙයක් වුණානම්,... ඒක හොයලා බලලා අපි ඔප්පු කරන්න ඕන. මේක වෝ ක්‍රයිම්ස් එහෙම නැත්නම් යුධ අපරාධයක් වෙන දේවල් කියලා පරනගම කොමිසම කිව්වා.”
2015 ඉඳන් මානව හිමිකම් කවුන්සිලයෙන් කොමසාරිස්වරියට පවරල තියෙන වගකීමක් තමයි ලංකාවේ තියෙන මානව හිමිකම් තත්ත්වය හොයල බලල වාර්තා කරන්න කියල. ඒක ඇය කරන්නෙ හිතුමතේට නෙවෙයි, සාමාජික රටවල් 47ම ඉල්ලීම මත. අපිත් ඒ ඉල්ලීම ඇතුළෙ ඉන්නවා. එතකොට අපිත් ඇතුළු රටවල් 47 තමයි මහ කොමසාරිස්වරියට ඒ වගකීම පවරල තියෙන්නෙ. මේ වගේ වාර්තා ගොඩාක් විවිධ රටවල් සම්බන්ධව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වෙනව. ඒ වගේම ලංකාවත් සාමාජික රටක්හැටියට මේ වගේ ක්‍රියාවලියක් ඇති කිරීමට දායක වෙලා තියෙනවා.
ඒ වගකීමෙ කොටසක් විදිහට තමයි මහ කොමසාරිස්වරිය මානව හිමිකම් කවුන්සිලයට මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. මේකෙදි ඇය කරන්නෙ මේ වාර්තාව සකස් කිරීම හා යම් යම් නිර්දේශ ඉදිරිපත් කිරීම විතරයි. මේ වාර්තාව කියවල බලල නිර්දේශත් බලල මේව ක්‍රියාත්මක කරන එක තීරණය කරන්නෙ මේ කවුන්සිලයෙ අපිත් ඇතුළු රටවල් එකතු වෙලයි. නැත්නම් තනි රටවල් විදිහටත් එයාලට පුළුවන් යම් යම් නිර්දේශ ක්‍රියාත්මක කරන්න හෝ නොකරන්න. මෙතනදි තමයි අපේ වගේ රටක, රට නියෝජනය කරන නියෝජිතයාගේ දක්ෂතාවය වැදගත් වෙන්නෙ. අපිට අහිමි වුනු මිත්‍රපාර්ශ්වීය රටවල් යළිත් එකග කරගන්න මංගල සමරවීර හිටපු විදේශ අමාත්‍යවරයාට එදා හැකිවීම මගින් ජාත්‍යන්තරයේ කොන් වීමෙන් යම් තරමකට මිදෙන්න පුළුවන් වෙලා තියෙනවා.
මේ ගැන මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා කියන්නෙ මේ වගේ කතාවක්.
“2009 දි මානව හිමිකම් කවුන්සිලයේ රටවල් 45න් ලංකාවට සහයෝගය දෙන්න රටවල් 29ක් ඉදිරිපත් වුණා. 2009, 2012 අපි බොරු කියන බව දැනගෙන අපේ ජාත්‍යන්තර යාළුවොත් අපිත් එක්ක හිමින් හිමින් ඈත් වුණා. 2012 දි රටවල් 15 දක්වා අඩු වුණා. 2013 දි 13 දෙනා දක්වා අඩු වුණා. 2014 දි 12 දෙනා දක්වා අඩු වුණා. 2014 වෙනකොට යාළුවන් 29 ය. ඒ කියන්නේ හිටපු රටවල් 29 ය 12 දෙනාට බැස්සා. ඊට පස්සේ මේ සැරේ දැන් අපි 11ට බැහැලා තියෙනවා.
2015දි මුළු ලෝකේම අපිත් එක්ක එකතු වුණා. කවුරුවත් විරුද්ධ වුණේ නැහැ. චීනේ විරුද්ධ වුණෙත් නැහැ. පකිස්ථානෙත් වීරුද්ධවුණෙත් නැහැ. ඊත්‍රියාව ඔය කියන ඔක්කෝම ඒකාධිපති රාජ්‍යය විරුද්ධ වුණෙත් නැහැ. කවුරුවත් විරුද්ධව ඡන්දයක් ඉල්ලුවෙත් නැහැ.
දැන් උදාහරණයක් හැටියට මේ පාර විරුද්ධව ඡන්දෙ ඉල්ලන්න ලංකාව වෙනුවෙන් නැගිට්ටේ පකිස්ථානයයි, චීනයයි. 2015 දි චීනය නැඟිටලා අපට ප්‍රශංසා කළා.”
යුද්ධය ජයග්‍රහණය කළ ලංකාවට ඇයි මෙවැනි නිර්දේශ ඉදිරිපත් වෙලා තියෙන්නේ? මේකනේ ඔබට තියෙන ප්‍රශ්නය.
මේක මේ උතුරෙ යුද්ධය ගැන විතරක් නෙවෙයි. කිසියම් පාලන කාලයක රටක පුරවැසියන්ට තමන් ජීවත්වන රටේ මානව හිමිකම් සංවිධානවලින් හෝ අධිකරණ ක්‍රියාවලියක් තුළ හෝ සාධාරණයක් ඉටු නොවෙනවා කියල දැනෙනවා නම් ඔවුන් ජාත්‍යන්තරයෙන් හෝ සාධාරණත්වයක් ඉල්ලා සිටීම වැලැක්විය නොහැකියි.
මෙතැනදි හුගක් වෙලාවට කියැවෙන කාරණයක් තමයි ‘වගවීම’ කියන වචනය. ඒ කියන්නේ යම් වරදක් කළොත් ඒ වරද කියපු අයට නීත්‍යනුකූලව යම් දඩුවමක් ලැබිය යුතුය කියන එක. මේ දඩුවම ලැබීම සිද්ධවෙලා නෑ කියල මේ වාර්තාවේ බරපතල විදියට සඳහන් වෙලා තියෙනවා.
මොනවද මේවට උදාහරණ?
පසුගිය අවුරුදු 10-15ක කාලයක් පුරා මේ දක්වා මාධ්‍යවේදීන් ඝාතනයට කිසිදු අයෙක් ලංකාවේ අධිකරණයෙන් වරදකරුවො වෙලා නෑ. ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදීයාගේ අතුරුදන්වීම පිළිබඳ නඩුව විතරයි මේ දක්වා මහාධිකරණය දක්වා හෝ ගෙනල්ලා තියෙන්නෙ. අනෙකුත් බොහෝ සිදුවීම් සම්බන්ධව තවමත් පොලිස් විමර්ශන වලින් එහාට ගිහිල්ල නෑ. ඉතිං ලංකාවේ මේ වගේ අසාධාරණයට පත් වින්දිතයින්ගෙ පවුල්වල සාමාජිකයින්ට රටේ තියෙන නීති පද්ධතිය ගැන සැකයක් අවිශ්වාසයක් ඇති උනාම ජාත්‍යන්තරයෙන් හෝ යුක්තියක් ඉල්ලීම වරදක් නොවෙයි නේද?
හිර ගෙදරදි සිදුවන පහරදීම්, ඝාතන, පොලිස්ප හරදීම්, මාධ්‍යවේදීන්ට පහරදීම් මේ වගේ බොහෝ කාරණාවලින් හෙළිදරව් වෙන්නෙ ඒ රටේ පාලනයේ ලක්ෂණ.
ලංකාවේ නිසි ක්‍රමවේදයක් අපක්ෂපාතීව සිද්ධ වෙලාතිබුන නම් මේව ජාත්‍යන්තරයට යන්නෙ නෑ. අපි හිතල බලන්න ඕන ඇයි අපේ රටේ මේ යාන්ත්‍රණය මේ තරම් දුර්වල? ඇයි ක්‍රියාත්මක නොවෙන්නෙ කියල.
එතනදි, මේ ජිනීවා වාර්තාවෙ තියෙන එක කරුණක් තමයි ලංකාවේ පාලනය තුළ ඒකාධිපති ලක්ෂණ තියෙනවා වැනි කාරණාත් ඇතුලත්ව තිබීම. ඒක ලංකාවේ හුගාක් සංවිධාන, දේශපාලන පක්ෂ හා පුද්ගලයින්ගෙන් කියැවෙන කාරණා. මේව ලංකාවෙ පුරවැසියන්ට සිදුවන හිංසනයන්. මේව දිගින් දිගටම සිද්ධ වීම යුක්ති යුක්ත කිරීම ඔබ අනුමත කරනවාද? ඒ අනුවයි මේ වාර්තාවෙ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සිදුවනවානම් සිදුවෙන්නෙ.
ඉතිං කොහොමද අපි රටක් හැටියට ජාත්‍යන්තරේ විශ්වාසය දිනා ගන්න කටයුතු කරන්නෙ. මේ මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ අත්දැකීම්.
“එදා මහින්ද ජනාධිපතිගේ ආණ්ඩුවේ විදේශ ඇමති ලෙස මම ලංකාව සම්බන්ධව ජාත්‍යන්තරයේ තිබුණු නරක ප්‍රතිරූපය යළි සැකසුවේ ඇමරිකාව ඇතුළු රටවල් සමඟ මගේ තිබුණ පෞද්ගලික සම්බන්ධතා පවා යොදා ගනිමින්.
ඒ විදියටම තමයි 2015 දීත් විදෙස් ඇමති ලෙස දිව්රුම් දීලා දින කිහිපයක් යකොට ලංකාව සම්බන්ධව ජිනීවා වල 2014 සම්මත කළ යෝජනාව වෙනස් කරගන්න කටයුතු කළේ. ඒ වෙලාවේ තිබුණේ භයානක තත්ත්වයක්. ආර්ථික සම්බාධක වගේම ජාත්‍යන්තරව හුදකලා වෙමින් රට තිබුනේ. බොරු චෝදනා කලාට මම නිහතමානීව ආඩම්බර වෙන්න පුළුවන් ඒ විදෙස් සම්බන්ධතා ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගයක් බිහිකිරීමට හැකිවීම ගැන.
මහින්ද ජනාධිපති සමයේ අත්හිටුවා තිබුණ GSP + සහනය නැවත ගන්න අපිට පුළුවන් වුණා. ඒ වගේම එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් ඇතුව යුරෝපා නායකයන් සමඟ සාකච්ඡා කරලා අපේ රටේ මත්ස්‍ය ආනයනය සම්බන්ධ වාරණය ඉවත් කරගන්න හැකි වුණා. ඒ විතරක් නෙවෙයි, ලංකාවේ යුද හමුදාව එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා කටයුතු වලට එකතු කරන්නත් හැකි වුණා.”
2015 ආණ්ඩුවක් පත්වෙන්නෙ මේ ව්‍යවසනයන් උච්ඡ අවස්ථාවකට පත් වෙමින් තිබියදී බව ඔබට මතකද?
ඔවුන්ගේ ආණ්ඩුව මේ යෝජනාවලියේ තිබු නිර්දේශ යම් තරමකට ක්‍රියාත්මක කරන්න පෙළඹුනා පමණක් නෙවෙයි එවකට විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක බලවත් විරෝධතා මැද එම අනපනත් අනුමත කරගත්තා. ඒ්ත් ඒවාගෙන් බලාපොරොත්තු වූ තරමේ වැඩ කොටසක් කිරීමට අපොහොසත් වූවා.
ඒ අනුව 2015 ආණ්ඩුව යටතේ අතුරුදහන් වූවන් පිළිබඳ සෙවීම සඳහා අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් ස්ථාපිත කළා. ඒ වගේම අසාධාරණයන්ට ලක්වූ වින්දිතයින්ගේ පවුල්වලට වන්දි ගෙවීම තුළින් හානිපූරණය කිරීම සඳහා හානිපූරණ සඳහා විශේෂ කාර්යාලයක් ඇති කරන්න කටයුතු කළා.
මේවායෙන් යුක්තියක් ඉෂ්ට වෙන්නෙ මේ රටේ පුරවැසියන්ට. රට අභ්‍යන්තරයෙ පිහිටවූ මේ කාර්යාල දෙකේම ඉන්නෙ මේ රටේ සාමාජිකයො. ලංකාවෙ පුරවැසියන්ට ලංකා රජයෙන් සිදුවූ අගතියකට, ජීවිත විනාශයකට තමයි මේ වන්දි ගෙවන්නෙ.
ඒත් මේ සත්‍යය නෙවෙයි සමාජයේ බහුතරයක් බයිමානසිකත්වයට අපේ පාලකයො යොමු කළේ. ඒ ගැන මංගල හිටපු අමාත්‍යවරයා කියන්නෙ මේ වගේ කතාවක්.
“හැබැයි මේකේ තව භයානක කතාවක් තියෙනවා. මේ පරීක්ෂණයට කිව්වේ OISL පරීක්ෂණය කියලා. පරීක්ෂණයේ විශේෂයන් තුන්දෙනාට තමන්ට කැමති වෙලාවක ලංකාවට එන්න යන්න මුක්තිය පමණක් නෙමෙයි, අවශ්‍ය තොරතුරු ලබාගන්න බලයත් ලබාදීලා තිබුනා. ඒක එක්සත් ජාතින්ගේ සංවිධානයේ නීති යටතේ අපිත් අත්සන් කරපු නීතියක්. ඒ නිසා ඒ නියෝගයට අපි බැඳිලා ඉන්නවා.
මානව අයිතින් කොමිසමේ කාර්ය මණඩලයට තමන්ට කැමති වෙලාවට ලංකාවට ඉන්වෙස්ටිගේෂන් කරගෙන යන්න ඉඩ දෙන්න කියලා මේකේ පැහැදිලිව කියලා තියෙනවා. අන්තිම වාක්‍යයේ පොඩි බය කිරිල්ලකුත් කරනවා. එතැනදී ලංකාවට කියනවා ඔයා මේක කරන්න බැඳිලා ඉන්නවා, මේ අයට රටට ඇවිල්ලා මේ පරික්ෂණ කරන්න කියලා.
ඒ කියන්නේ අපට ගැලවෙන්න බැරි තත්වයක් ඇති කරලා. ඇත්ත වශයෙන් මාර්තු මාසයේ මේ වාර්ථා පළවෙනි වාර්ථාව පළවෙනි පියවර විතරයි තිබ්බේ.
මේ වාර්තාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ සබාගත කළානම් ගොඩාක් වෙලාවට අපේරාජ්‍ය නායකයන්ට පිට රටකට යන්න බැරි වෙනවා. සම්බාධක ජනතාවට නොවුනත් ප්‍රධානින්ට එන්න තිබුණා.
මේ වගේ බරපතළ තත්වයක් තියෙද්දි සම්පූර්ණයෙන්ම අපේ රටේ සෛරීභාවය පිටරටවල් වල විකුණලා තිබුණ මොහොතක තමයි මේ රටේ සුළු කාලෙකට හෝ වාසනාවකට ලියා ගන්න, මම කියනවා වාසනාවකට 2015 ජනවාරි 8 වෙනිදා ඒ රාජපක්ෂ ආණ්ඩුව වෙනස් වුණේ.
ආණ්ඩුව වෙනස් වෙලා 13 වෙනිදද කොහෙද මම විදේශ ඇමතිවරයා වුණා. මම ඉස්සේල්ලම ඇත්තෙන්ම කියන්න ඕන වුණේ දිවුරුම් දීලා, එදා හවස ගියේ මගේ මිත්‍ර ඉන්දියාවේ විදේශ ඇමතිතුමිය සුශ්මිතා මැතිනියව බලන්න.
මම පැය 24න් ලංකාවට ඇවිල්ලා පැය 72ක් ඇතුළත ජිනීවා ගියා. ජිනීවා නුවර එවකට හිටපු ප්‍රධානියා මානව හිමිකම් භාර කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් කුමරු හම්බ වෙන්න ජිනීවා නුවරට. ජිනීවා නුවරට ගිහිල්ලා මම එතුමාගෙන් ඉල්ලීම් කිහිපයක් කලා.
පළවෙනිම ඉල්ලීම තමයි කරුණාකරලා දැන් අළුත් ආණ්ඩුවක් තියෙන්නේ අර 2014 මාර්තු මාසයේ රාජපක්ෂ ආණ්ඩුවට අදාල යෝජනාවලිය සභාසම්මත කරන්න එපා. අපිට ලැබිලා තියෙනවා ජන වරමක්, තමුන්නාන්සේලාට මතකයි ජනවරම මොකක්ද කියලා ඒ අනුව අපි කටයුතු කරනවා කියල.
ඒ නිසා අපරාධ සම්බන්ධව චෝදනා තියෙනවා නම් ඒවා ජාතික අධිකරණ යාන්ත්‍රණවලින් තමයි සොයන්නේ කියලා අපි කිව්වා.
මම මේ ෆයිල් මිටියත් කිහිල්ලේ ගහගෙන එතුමාට ගිහිල්ලා කිව්වා බයවෙන්න එපා අපි අපේ අධිකරණය පවා ස්වාධීනව පත් කරනවා කියලා. ඒ වෙනකොට මේ රටේ අධිකරණය ලෝකෙම කතාබහට ලක්වලො තිබුණේ ශිරාණි බණ්ඩානායකව සිද්ධිය සම්බන්ධව, ඉතාමත්ම භයානක තත්වයක් තිබුනේ.
දෙවෙනි එක අපි කිව්වා අපිට කල් දෙන්න ඊළඟ සැසිවාරය වෙනකම් , සැප්තැම්බර් මාසය වෙනකන් අපි අපේම යෝජනාව අපි මේ පොරොන්දු වෙච්ච ස්වාධීන යුඩිෂල් මිකෑනිසම් ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක ඊළඟ සැප්තැම්බර් මාසේ සැසිවාරය වෙනකොට හදලා ගේන්නම් කියලා ඒ අයවම කැමති කරගත්තා.
අපි ඒ විදිහට කටයුතු කරලා තමයි මේ ප්‍රශ්නය යාන්තම් ගොඩදා ගත්තෙ.
එත්, අපිට මතකයි ඒ ඡන්දෙදිත් මේ වගේ පරීක්ෂණයක් අපි නැතුව ලංකාව ගැන පරීක්ෂණයක් දැම්මම කරනවා කියලා මහින්ද රාජපක්ෂ එවකට හිටපු ජනාධිපතිතුමා හැමතැනම හොටු පෙර පෙර අඬ අඬ දිව්වා. විදුලි පුටුවක් එනවා මාව විදුලි පුටුවේ දාන්න හදනවයි කියලා.
අපි දන්නවා ජාත්‍යන්තරයේ විදුලි පුටුව නැහැ. ඔය ඇමෙරිකාවේ ප්‍රාන්ත කීපයක ඇරෙන්න.
ඒ කිව්වේ මේ තිබුණ පරීක්ෂණයට හොඳටම බයවෙලා මේ රටේ ජනතාවට පරීක්ෂණය නිසා බයවුණා කියන්නේ නැතුව වෙන කතාවක් කිව්වා.
නමුත් මම කිව්ව විදිහට අපි ඒක පරාජයකරලා ඊට පස්සේ ලංකාවේ අපි මේ යෝජනාව හැදුවා. හැබැයි ඒ යෝජනාව හදන්න අපි අපේ මිත්‍රයන්වන ඇමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය, වගේ රටවලුත් එකතු කරගත්තා”
පුරවැසියාට තමන්ගෙ පාලකයො ගැන විශ්වාසය කඩවීමෙන් ජාත්‍යන්තරයේ පිහිට පැතීම වරදක්ද? ඔබට ඔබේපවුල තුළදී සිදුවූ අගතියක් අයුක්තියක් සම්බන්ධයෙන් ඉවසලා බැරිම තැන පවුලෙන් පිටත ආයතනයකින් ඔබ පිහිටක් පතනවා නේද? ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් ලංකාවේ අධිකරණයෙන් පිහිටක් පැතුවද එය ඉටු නොවුනු විට ඇමරිකාවේ අධිකරණයක නඩුවක් පැවරීම අසාධාරණද?
අපේ රජයන්ම තමයි ලංකාවේ පුරවැසියන්ව අයුක්තියට, අසාධාරණයට අගතියට පත්කිරීම මගින් එකී වින්දිතයින්ව ජාත්‍යන්තරය දක්වා තල්ලු කරල තියෙන්නෙ.
මේ සියලු කතා මැද දැන් අපිට මොකද වෙන්නෙ කියල තමයි හැමෝම අහන්නෙ. අපි බලමු මංගල මොකද කියන්නෙ කියල.
“අපි ඉතාමත්ම භයානක සන්ධිස්ථානයක ඉන්නේ, ආර්ථික වශයෙනුත් භයානක සන්ධිස්ථානයක ඉන්නේ.
ජාත්‍යන්තරයෙන්ම යළි වතාවක් හුදෙකලා වෙලා ඉන්නේ. අපේම මේ පුංචි ලස්සන රටේ භූමිය පවා අපිට අහිමි වෙමින් තියෙන්නේ. ගස්කොලන් සත්ව සිව්පාවන් පවා අපිට අහිමි වෙමින් තිබෙන්නේ. අන්න ඒ නිසා අපි දැන්වත් හොඳට කල්පනා කරලා ඇස් දෙක ඉදිරියේ තියෙන ඔය වෙන වෙන අදහස් පැත්තකට දාලා, මම මුලින් කිව්වා වගේ සැබෑ දේශප්‍රේමියෙක් වෙනවාද?
තමන්ගේ වාසියට පමණක් දේශප්‍රේමය විකුණාගෙන කනවද කියන තීන්දුව ඔබ හැම දෙනාම ගන්න”
ලංකාව තුළ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැංවීමකින් තොරව මේ ගැටළුව ලිහා දැමිය හැකි මාවතක් නොපෙනෙන්නේ දිනෙන් දිනම නිවසේ, මහපාරේ, බස් රථයේ දුම්රියේ, බන්ධනාගාරයේ, අධිකරණයේ, රාජ්‍යසේවයේ, ජනමාධ්‍යයේ, පොලීසියේ, කම්හලේ සිදුවන අගතීන් හා ව්‍යවසනයන් ඇසීමේදීයි. දැකීමේදීයි.
ලෝකෙ කිසිදු රටකට හුදෙකලාව ජීවත්වියනොහැකියි. ඒ නිසාම දැන්වත් ජාතිකවාදී අන්ධානුකරණයෙන් ගැලවී රට ගැන, අනාගතය ගැන හිතන්නට
මේ කාලයයි!
ලේඩි ලීඩර්