හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන
වෙඩිතල්තිව් සංරක්ෂිත කලාපයෙන් අක්කර 400ක භූමි භාගයක ව්‍යාපාරයක් සිදු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය චෝදනා කරයි.
මෙම ඉඩම්වල මහ පරිමාණ ඉස්සන් හා කකුළු වගාවන් සිදුකරන බවත් එම පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව කියයි.
පෙර පැවති ආණ්ඩු සමයන්හිදී මෙම ඉඩම් ගත් ආකාරය කෙසේදැයි රටට අනාවරණ කළ යුතු බව කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් දුමින්ද නාගමුව කියා සිටියි.