සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග අද පැවැති පළමු එක්දින තරගය
ලකුණු 77කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩයාම කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා පිල පන්දුවාර 49යි පන්දු දෙකකදී සියලුදෙනා දැවී ලකුණු 244ක් රැස්කර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායක චරිත් අසලංක ලකුණු 106ක් රැස්කර ගැනීමට සමත් විය.
ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් ද ඇතුළත් වේ.
චරිත අද මෙලෙස වාර්තා කළේ සිය එක්දින පිටියේ 5වන ශතකයයි.
චරිත්ට අමතරව කුසල් මෙන්ඩිස් ලකුණු 45ක් රැස්කර ගත්තේය.
පන්දු යැවීමේදී බංග්ලාදේශ පිල වෙනුවෙන් ටස්කින් අහමඩ් කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.
අනතුරුව පිටියට පැමිණි බංග්ලාදේශ පිල පන්දුවාර 35 යි පන්දු 5 කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 167ක් පමණී.
බංග්ලාදේශ පිල වෙනුවෙන් ටැන්සිඩ් හසන් 62ක් රැස්කර ගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වනිඳු හසරංග කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.
එමෙන්ම අද දිනයේ වනිඳු හසරංග සිය එක්දින ක්‍රිකට් දිවියේ 100 වැනි කඩුල්ල දවා ගත්තේය.
පන්දුවාර 5ක් යොමු කළ කමිදු මෙන්ඩිස් ද කඩුළු 3ක් දවාගැනීමට සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා පිලට පළමු එක්දින තරගයේ ජය හිමිවිය.
@aruna