SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

වර්තමාන සමාජය තුළ දරුවන් හැදීම හෝ නොහැදීම පිළිබඳ සංවාදය පවතින්නේ අතිශය මතුපිට තලයක ය.

එක් අතකින් සාම්ප්‍රදායික, ජාතිවාදී සහ ආගමික කතිකාවන් විසින් පවුල් ඒකකය උත්කෘෂ්ට කරමින් ප්‍රජනනය "දේවකාරියක්" හෝ "ජාතික මෙහෙවරක්" ලෙස හුවා දක්වයි. අනෙක් අතින්, නූතන ඊනියා "ලිබරල් ස්ත්‍රීවාදී" සහ "ප්‍රගතිශීලී" තරුණ කතිකාවන් දරුවන් නොහැදීම සාධාරණීකරණය කරනුයේ හුදු පුද්ගලික නිදහස, "ස්ත්‍රිය ප්‍රජනන යන්ත්‍රයක් නොවේ" යන සටන් පාඨය, නැතහොත් දරුවන් වැදීමෙන් ශරීරයේ රූපලාවණ්‍යයට සිදුවන හානිය වැනි බොළඳ, පාරිභෝජනවාදී තර්ක මත පිහිටා ය. මෙම කියවීම් දෙකම එකසේ දෘෂ්ටිවාදී ය. ධනවාදී වෙළඳපොළට අවශ්‍ය පරිදි තම ශරීරය නඩත්තු කිරීමට සහ හුදෙකලා "විනෝදයක" (jouissance} ගිලී සිටීමට ඇති ආශාව, පද්ධතිය පිළිබඳ ගැඹුරු විචාරයක් ලෙස වරදවා වටහාගෙන ඇත.

 

 

පහත පළවන 'ස්පාටකස්' ලිපිය මෙම සීමිත ප්‍රවේශයන් දෙකම රැඩිකල් ලෙස අභියෝගයට ලක් කරයි. ලැකානියානු මනෝවිශ්ලේෂණය සහ ධනවාදයේ දේශපාලන ආර්ථිකය ඇසුරින්, ලිපිය පෙන්වා දෙන්නේ පවුල් ඒකකය යනු ආදරයේ තොටුපළක් නොව, ව්‍යුහාත්මක කාංසාවන් (structural anxieties) සහ දුක් වේදනා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරන යාන්ත්‍රණය බවයි. දරුවා යනු දෙමාපියන්ගේ පැවැත්මේ හිස්බව (lack) වසා ගැනීමට යොදාගන්නා 'ආශාවේ වස්තු හේතුවක්' (objet petit a) සහ ධනවාදී යන්ත්‍රයේ නිෂ්පාදනශීලී දත්ත ලක්ෂ්‍යයක් (data point) පමණක් බව ලිපිය තර්ක කරයි. ඒ අනුව, දරුවන් නොසෑදීම යනු හුදු පාරිභෝජනවාදී තේරීමක් නොව, පද්ධතිය විසින් පටවා ඇති පීඩාකාරී, පුනරාවර්තන "සංසාර චක්‍රය" හෙවත් 'මරණ ධාවකය' (death drive) බිඳ දැමීමේ දේශපාලනික සහ රැඩිකල් ක්‍රියාවක් ලෙස ලිපිය විග්‍රහ කරයි. මෙය පවත්නා "පවුල් ෆැන්ටසිය" විනිවිද දකින තීරණාත්මක කියවීමකි.

 

දරුවන් නොමැති පවුල ඉස්තරම් - (ස්පාටකස් ලිපි)

 

 745282704_1078489937860159_8254485054962862341_n.jpeg

 

 

නූතන විද්‍යාව සහ වෛද්‍ය ක්‍රම දියුණු වීමට පෙර අතීතයේ ආයු අපේක්ෂාව වසර 35ක් ලෙස සටහන් වන්නේ එකල ජීවත් වූ මිනිසුන් වයස 35 සම්පූර්ණ වන විට මියගිය නිසා නොවේ. ඊට ප්‍රධානතම හේතුව එකල පැවති අධික ළදරු සහ ළමා මරණ අනුපාතයයි (උපතේදී මරණ තුනට දෙකකි).

 

අතීතයේදී ළමා වියේදී වැළඳෙන බෝවන රෝගවලින් බේරී, වයස අවුරුදු 15 සීමාව පසුකළ ඕනෑම අයෙකුට වයස 60, 70 හෝ 80 දක්වා ජීවත් වීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් තිබුණි.

 

නූතන විද්‍යාව නිසා අනවශ්‍ය ආකාරයකට ලෝක ජනගයනය වර්ධනය වී තිබේ.

 

ලංකාවේ ජන ගහනය ඉතා අධික තත්වයක් යටතේ දරු උපත් සඳහා දිරිගැන්වීම වැනි මෝඩ දේශපාලනික ක්‍රියාවක් තවත් නොමැත. අජිත් පී වැනි ගවයෙකු තප්පුලනුයේ එම කටයුත්තට ආණ්ඩුව යොමු කරවීමෙන් දෙයාකාරයක වාසියක් බලාපොරොත්තුවෙනි. ඒ තමන් සිංහල බෞද්ධ වීම වෙනුවෙන් සහ එවැනි ව්‍යාපෘතියක් තුලින් ආණ්ඩුව අමාරුවේ දැමීම යන අරමුණු සඳහාය.

 

කල යුතුව ඇත්තේ දරුවන් නොසෑදීම සඳහා හැකි තාක් දිරි ගැන්වීමයි.

 

 

"සිංහල බෞද්ධ" වහරණයෙන් පවසන්නේ නම් දරුවන් සැදීම යනු "සංසාරය දිගු කර ගැනීමයි". අද එකල මෙන් නොව උපතට පෙර සිටම අධ්‍යාපනය සඳහා යොමු වීම තුල දරුවා දැඩි අසහනයකට සහ පීඩාවකට ලක්වේ. එසේම, එක් දරුවෙකුගේ කටයුතු සිදු කිරීමට පවා කාලවේලාවක් නොමැත. ජීවිත එතරම්ම සංකීර්ණ වී තිබේ. අද දරුවන් සඳහා ඒ අයගේ සමාජයක් නොමැත. සෙල්ලම් කිරීම සඳහා අඩු තරමින් තවත් ළමයෙකු හෝ මුණ නොගැසෙන තරම්ය. එවැනි දෙයකට පවා යොමු වීමට සිදුව ඇත්තේ මුදල් ගෙවා යම් ක්‍රියා පිළිවෙලක් තුලය (පිහිනුම්, ක්‍රිකට්, වොලිබෝල්...). එසේ යුමු වුව ද එම සම්බන්ධය කොන්දේසීන් තුල තීරණය වේ (පාසලේදී ද එසේය). නිදහස්, සාමුහික ළමා හැසිරීම් අද නොමැත (අවශ්‍ය නම් මේ පිළිබඳව දීර්ගව කරුණු පැහැදිලි කල හැකිය).

 

 

 

සමාජයේ නීති, භාෂාව, සංස්කෘතිය, ආයතන සහ ලිඛිත නොවන නීති (the Big Other) විසින් පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටින්නේ, දැවැන්ත ජාතික හෝ වාර්ගික අනන්‍යතාවයක් පිළිබඳ ෆැන්ටසිය (fantasy) නඩත්තු කිරීම වෙනුවෙන් ඔවුන්ගේ මේ "මොහොතේ ආශාව" කැප කරන ලෙසයි. එනම්, රට, ජාතිය - ආගම, නීතිය සැමවිටම අපෙන් යමක් ඉල්ලා සිටියි ("අපි ශ්‍රේෂ්ඨ ජාතියක්" යන ෆැන්ටසිය වෙනුවෙන් පෙනී සිටින ලෙසයි). සමාජයේ අතිමහත් බහුතරය මෙම තත්වය භාරගෙන තිබේ. විවාහයෙන් පසු දරුවන් නොමැති යුවලකට එසේ වීම දැඩි ලෙස බලපෑම් සහගත වන්නේ එබැවිනි (ඒ සඳහා දැන් වෙළඳපොල තුලින් මිල අධික විද්‍යාත්මක විසඳුම් අලවි වන්නේ එබැවිනි).

 

"ජාතික අනන්‍යතාවය" යනු අපේ අභ්‍යන්තර 'අඩුව' (lack) වසා ගැනීමට මහා අනෙකා විසින් ලබා දෙන ආවරණයකි.

 

වත්මන් ආණ්ඩුවට ද මෙම කතිකාව වැළඳ ගැනීමට සිදුව ඇත්තේ එක් අතකින් තම බලය සහ ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා සහ අනෙක් අතින් මහජනතාවගේ ප්‍රමෝදය (jouissance), එනම් ඔවුන්ගේ වෛරය හෝ ආඩම්බරය, තමන්ට අවශ්‍ය පරිදි කළමනාකරණය කිරීම සඳහාය. නමුත්, ජවිපෙ විසින් කල යුතුව ඇත්තේ කිසි ලෙසකින් මේ තත්වය වැළඳගැනීම නොවේ. මිනිසුන් වඩ වඩාත් පාරිභෝජනය ඉල්ලා සිටින "විරෝධතාවලට" හෝ "ජාතිවාදී එදිරිවාදිකම්වලට" ඇද දමන එක් දෘෂ්ටිවාදී උගුලක් වන්නේ මෙයයි.

 

 

දරුවන් අතිශය පීඩාකාරී අධ්‍යාපන ක්‍රමවේදයන්ට යටත් කරනු ලබන අතර, ඔවුන්ගේ විවේක කාලය පවා වෙළඳ භාණ්ඩකරණය කර ඇත (පිහිනුම්, ක්‍රිකට්, වොලිබෝල්, පාපන්දු වැනි ක්‍රීඩාවන් මෙන්ම ළමා උයන් සඳහා මුදල් ගෙවීමට සිදුවීම ආදිය). නූතන ධනවාදයේ 'මහා අනෙකා' නියම කරනු ලබන්නේ දරුවෙකුට හුදෙක් පැවතීමට නොහැකි බවත්, ඔවුන් අනිවාර්යයෙන්ම නිෂ්පාදනශීලී, තරඟකාරී ඒකකයක් ලෙස හැඩගැස්විය යුතු බවත්ය.

 

 

දරුවාගේ සෙල්ලම පවා දැන් ආර්ථික ගනුදෙනුවක් බවට පත්ව ඇත.

 

"ධනවාදී මහා අනෙකාට" අවශ්‍ය වන්නේ "මිනිසුන්" නොව "ආත්මහරණය වූ දත්ත ලක්ෂ්‍යයන්" (desubjectivized data points)ය. ඒ අනුව, අධ්‍යාපනය මගින් සිදුකරනුයේ දරුවාගේ 'ආශාවේ දිශානතිය පද්ධතියට අවශ්‍ය ලෙස හැඩගැස්වීමයි. දරුවෙකුට හුදෙක් සෙල්ලම් කරමින් "පැවතීමට" ඇති අයිතිය ධනවාදය විසින් අහෝසි කර ඇත. සෑම මොහොතකම දරුවා අනාගතයේ "දක්ෂයෙකු" වීම සඳහා පුහුණු විය යුතුය යන 'ෆැන්ටසිය' මගින් දෙමාපියන් සහ දරුවන් පාලනය කරනු ලබයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ "නිදහස සහ අයිතිවාසිකම්" වැනි දෘෂ්ටිවාදී පොරොන්දු පිටුපස ඇති සැබෑ අමානුෂිකකරණයයි.

 

ලකානියානු මනොවිශ්ලේෂණයේ 'මරණ ධාවකය' (death drive) යනු මියයාමට ඇති ආශාවක් නොව, ඒ වෙනුවට මනුෂ්‍ය 'ආත්මය' (subject) පූර්ණත්වය පිළිබඳ මායාවන් පසුපස හඹා යාමට පොළඹවන, එමගින් අවසානයේදී නිමක් නැති අතෘප්තිය සහ කාංසාව අත්විඳීමට සලස්වන බලහත්කාරී, පුනරාවර්තන චක්‍රයකි. දරුවන් ඇති දැඩි කිරීම "සංසාරය" දිගු කිරීමක් ලෙස හැඳින්විය හැක්කේ ධනවාදය තුල පවුල් ඒකකය යනු මනුෂ්‍ය දුක් වේදනා සහ ව්‍යුහාත්මක කාංසාව ගුණාකාර ලෙස තීර්ව කරගනිමින් පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන යන යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක වන බැවිනි. දරුවන් නොවැදීමට තීරණය කිරීම, මෙම නිමක් නැති, වේදනාකාරී චක්‍රය බිඳ දැමීමේ රැඩිකල් ක්‍රියාවක් බවට පත් වේ.

 

 

'මරණ ධාවකය' යනු අපව එකම වේදනාකාරී පුරුද්දක (ප්‍රමෝදයක) සිරකර තබන චක්‍රයකි (සංසාරය). දරුවෙකු බිහි කිරීම යනු, එම දරුවාව ද අප සිරවී සිටින සංකේතීය පර්යායට (මහා අනෙකාට) සහ එහි දුක් වේදනාවලට ඇතුළත් කිරීමයි. එම අර්ථය තුල දරුවන් නොවැදීමට තීරණය කිරීම යනු හුදු පුද්ගලික තේරීමක් නොව, පද්ධතිය විසින් අප මත පටවා ඇති ඒ "පුනරාවර්තන පර්යාය" (ප්‍රතිනිෂ්පාදනය කිරීමේ සංකේතීය බැඳීම) ප්‍රතික්ෂේප කිරීමකි.

 

 

 

සමාජය විසින් පවුල් ඒකකය මෙතරම් උත්කෘෂ්ට කරන්නේ ඇයි?

 

 

ලැකානියානු අර්ථයෙන් ගත් කල, භාෂාමය සහ සමාජීය ලෝකයට ඇතුළු වීම නිසා ඇති වන පැවැත්ම පිළිබඳ හිස්බවක් හෙවත් අභ්‍යන්තර 'අඩුවකින්' මිනිසා පීඩා විඳියි. දරුවෙකු ලැබීම මගින් තමන්ගේ ඒ 'අඩුව' (lack) පිරවීමටත්, තම කාංසාවන් සුව කර ගැනීමටත්, තමන්ට උරුමයක් හෝ පූර්ණත්වයක් ලබා ගැනීමටත් හැකි වෙතැයි ඔවුහු ව්‍යාජ ලෙස විශ්වාස කරති (දෙමාපියන්ට අදාලව දරුවා යනු තමන්ගේ 'ආශාවේ වස්තු හේතුව'/objet petit a ලෙස ක්‍රියා කරයි).

 

 

දෙමාපියන්ගේ ජීවිතය කෙතරම් සංකීර්ණ වන්නේ ද යත් ඔවුන්ට කිසිදු විවේකයක් (කාලයක්) නොමැති වන අතර, දරුවා ඉපදීමටත් පෙර සිටම "දැඩි අසහනයකට සහ පීඩාවකට" ඇද දමනු ලබයි.

 

 

මෙහිදී දරුවා විසින් කිසි දිනක කිසි විටක දෙමාපියන්ව සම්පූර්ණ කරන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ දෙමාපියන් තම ව්‍යුහාත්මක කාංසාවන් (structural anxieties) දරුවා වෙත සම්ප්‍රේෂණය කිරීමයි.

 

 

ඒ අනුව අධ්‍යතන සමාජයේ දරුවා යනු දෙමාපියන්ගේ ආශාව පවත්වාගෙන යන 'ආශාවේ වස්තු හේතුව' වේ (objet petit a). නමුත් මෙම 'ආශාවේ වස්තු හේතුවට' කිසිදා අපව සම්පූර්ණ කළ නොහැක. එය සැමවිටම අපව තව තවත් ආශා කිරීමට පොළඹවයි. ධනවාදය තුළ දරුවෙකු බිහි කිරීම යනු ආදරය පිළිබඳ කතාවක් නොව, ආර්ථික සහ ව්‍යුහාත්මක පීඩනයන් දෙගුණ කිරීමකි.

 

 

දෘෂ්ටිවාදය විසින් පවුල පෙන්වනු ලබන්නේ "ආරක්ෂිත තොටුපළක්" ලෙසයි. නමුත් සැබෑවටම පවුල යනු සමාජයේ පවතින සියලුම ව්‍යාධීන් සහ කාංසාවන් දරුවාගේ අවිඥානය තුළට එන්නත් කරන මූලික ඒකකයයි. දෘෂ්ටිවාදය විචාරය තුලින් බිඳ දැමිය යුත්තේ මෙම "පවුල් ෆැන්ටසියයි" (traversing the fantasy).

 

 

වැඩි වැඩියෙන් දරුවන් බිහි කිරීමට කෙරෙන සමාජ-දේශපාලන බලපෑම් පදනම් වන්නේ පරිකල්පිත ෆැන්ටසියක් මතය. එනම්, තමන්ගේ සාම්ප්‍රදායික භූමිකාවන් රඟපාන, සතුටින් පිරි, සශ්‍රීක වූත් නිර්මල වූත් ප්‍රජාවක් පිළිබඳ ප්‍රතිරූපයයි. නමුත් විමුක්ති දේශපාලනයේ ස්ථාවරය විය යුත්තේ එහි "යථ" (the Real) සමඟ මුහුණට මුහුණ ගැටීමටය. අධික ජනගහනය, ආර්ථික පීඩනය, අති-වෙළඳ භාණ්ඩකරණය සහ ස්වභාවික මෙන්ම නිදහස් මනුෂ්‍ය සම්බන්ධතාවයන්හි පූර්ණ විනාශය (නිදහස්, සාමූහික ළමා හැසිරීම් අද නොමැත), පාරිසරික අර්බුධ, නිරන්තර පන්ති අරගලය, කෘතීම් බුද්ධිය නිසා ඇති වන විනාශය..වැනි යථාර්ථයන් හමුවේ, තවදුරටත් පද්ධතියට අවශ්‍ය 'ආත්මහරණය වූ වහලුන්' ප්‍රතිනිෂ්පාදනය කිරීම ප්‍රතික්ෂේප කිරීම විමුක්තිකාමී දේශපාලනයක මූලික කොන්දේසියකි.

 

 

 

#ස්පාටකස් ලිපි

https://www.spartacus.lk/

 

 

නවතම ලිපි