SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපගේ මොළය සමඟ ඒකාබද්ධ වූ ඩිජිටල් අවකාශය පාලනය කරන්නේ කවුද? - Slavoj Zizek

 

ඩිජිටල් අවකාශයක් තුල අපගේ මනස පාලනය කිරීමට හැකි ව්‍යුහයක් ගොඩනැගීම ඉලෝන් මස්ක්ගේ ප්‍රධාන අරමුණක් ව තිබේ. සරලව පවසන්නේ නම් එවිට සිදු වන්නේ අප සියලු දෙනාගේ ශරීරයේ තැන්පත් කරනා චිපයක් මගින් ඊට අදාළ ඩිජිටල් අවකාශයට මිනිසුන්ගේ සම්බන්ධය පවත්වා ගනිමින් ඔවුන්ගේ මනස් පාලනය කිරීමයි. එවිට ප්‍රශ්නය වන්නේ එය සිදු කරනා කණ්ඩායම (පාලක කණ්ඩායම) කවුරුන් ද යන්න සහ ඔවුන් තෝරාගන්නේ හෝ අභිෂේක ලබන්නේ කෙසේ ද යන්නයි. එනම් ඔවුන් ශික්ෂ්‍යකයින් ලෙස අභිෂේක ලබන්නේ කෙසේ ද යන්නයි.

 

මෙම ප්‍රශ්නයට මස්ක් විසින් මේ දිනවල පිළිතුරු දෙමින් සිටී.

 

 

ඔහුට අනුව නිදහස් චින්තන "ජනරජයක්" පැවතිය හැක්කේ "උසස් තරාතිරමේ පිරිමින්ගේ" තීරණ ගැනීම යටතේ පමණක් බවත්, කාන්තාවන් හෝ දුර්වල පිරිමින් (ඔහු භාවිතා කල වචනය වන්නේ “low T men”යන්නයි) ඒ තුලට (තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුලට) වැද්දා ගත නොයුතු බවත් ඉලෝන් මස්ක් පවසයි.

 

මෙම න්‍යාය ප්‍රවර්ධනය කිරීමට එලොන් මස්ක් ඔහුගේ X ගිණුම විශාල ලෙස භාවිතා කරමින් සිටී.

 

සත්තකින්ම ඉලෝන් මස්ක්ගේ මෙම ස්ථාවරය අලුත් න්‍යායක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය තුල සැබවින්ම ක්‍රියාත්මක වන්නේ මෙයයි. ඒ අනුව මස්ක් බලාපොරොත්තු වනුයේ එය වඩාත් විධිමත්ව, පැහැදිලි ව්‍යුහයක් තුලට ගෙන ඒමටය.

 

මීට සතියකට පෙර මස්ක් මෙම න්‍යායට අදාළ තීරුවක් නැවත පළ කළේය (එම අදහසම ඔහු විසින් මීට පෙර ද දිගින් දිගටම ප්‍රවර්ධනය කරමින් සිටියේය).

 

 

අදාළ න්‍යාය යෝජනා කර සිටිනුයේ නිදහසේ සිතීමට හැකි එකම පුද්ගලයින් වන්නේ, “ඉහළ [ටෙස්ටොස්ට්‍රෝන්] ඇල්ෆා පිරිමි” සහ “aneurotypical ("Aneurotypical" යනු වචනයක් නොවන නමුත් මුල් පෝස්ටරයෙන් අදහස් කළේ neurodivergent - ස්නායු අපසාරී පුද්ගලයින් යැයි කෙනෙකුට උපකල්පනය කළ හැකිය) මිනිසුන්” බවත්, මෙම “ඉහළ තත්ත්වයේ පිරිමින්” විසින් “ජනරජයක්” පවත්වාගෙන යා යුතු බවත්, එය "සිතීමට නිදහස ඇති අයට පමණක් සීමා විය යුතු බවත්ය."

 

 

එහි මෙසේ සඳහන්ය:

 

"කායිකව (women and low T men - කාන්තාවන් සහ පහත් ටී පිරිමි) තමන්ව ආරක්ෂා කර ගත නොහැකි පුද්ගලයින් හට, ආරක්ෂිත යාන්ත්‍රණයක් ලෙස සම්මුතිගත පෙරහනක් (filter) හරහා තොරතුරු විග්‍රහ කරගත හැකිය. ඔවුන් වචනානුසාරයෙන් "මෙය සත්‍යද" යැයි අසන්නේ නැත. ඔවුන් අසන්නේ "මෙය සත්‍ය යැයි සිතමින් අන් අය මා සමඟ එකඟ වීම කමක් නැද්ද යන්නයි. මෙමගින් ඔවුන් බලයෙන් සාදන ලද පොදු එකඟතාවයට ඉතා හොඳින් හික්මවිය හැකි බවට පත්කරයි; ඔවුන් සෑම තිරයක් දෙසම බලද්දී එකම දෙය ඔවුන් භාරගන්නේ නම් ඔවුන් එම ස්ථාවරය අනුගමනය කරනු ඇත්තේ, ඔවුන්ගේ මොළය එය ගෝත්‍රයේ සියලු දෙනා විශ්වාස කරන ලෙස අර්ථකථනය කරන බැවිනි.

 

ඉහළ T alpha පිරිමින්ට සහ aneurotypical පුද්ගලයින්ට (hey autists!) පමණක් වාස්තවික "මෙය සත්‍යද?" යන්න විමසා බලා පෙරහනකින් නව තොරතුරු විග්‍රහ කිරීමට නිදහස ඇත. තීරණ ගැනීම සඳහා උසස් තත්ත්වයේ පිරිමින්ගෙන් සමන්විත ජනරජයක් වඩාත් සුදුසු වන්නේ එබැවිනි. ප්‍රජාතන්ත්‍රවාදී, නමුත් ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තේ සිතීමට නිදහස ඇති අයට පමණි.”

 

ඉලෝන් මස්ක් පිළිබඳව ලොවම උනන්දුවක් දක්වයි. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඔහුගේ සමාගම විසින් දියත් කොට ඇති ඇස් නිලංකාර කරවන විද්‍යා තාක්ෂණික විප්ලවයයි.

 

 

අප ඉලෝන් මස්ක් පිළිබඳව සහ ඔහුගේ ව්‍යාපෘතීන් පිළිබඳව දේශපාලනික විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීම ආරම්භ කරන ලද්දේ දැන් ඔහු ගැන නිතර කතා බස් කරන ලාංකීය උගත් බහුතරය ඔහු පිළිබඳව දැනගැනීමට ද පෙරය. කෙසේ නමුත් සුනිල් හඳුන්නෙත්ති හට ලාංකීය සමාජයෙන් සමාව ගැනීමට සිදුවූයේ ඉලෝන් මස්ක් යනු ආර්ථික ඝාතකයෙකු ලෙස ප්‍රකාශ කිරීම හේතුවෙනි. නමුත් සැබවින්ම ඉලෝන් මස්ක් යනු ආර්ථික ඝාතකයෙකු නොව ලෝක ඝාතකයෙකු බව හඳුන්නෙත්ති නොදනී.

 

 

මිනිසුන් ලෙස ජීවත්විය යුතු ආකාරය, ලෝකය දැකිය යුතු ආකාරය, දූ දරු, දෙමාපිය, සැමියා-බිරිඳ ඥාතීන්-මිත්‍රාදීන් අතර සබඳකම් ඇතුළු සියලු මිනිස් සබඳතා (අනෙකා සමග සම්බන්ධය) කන-බොන, නොකන-නොබොන දේ, ලෙඩ රෝග-සහ ප්‍රතිකාර (අප රෝග වලට ලක්විය යුතු වීම අනීවර්යක් වීම සහ ඒවාට අදාළ අනීවාර්ය ප්‍රතිකාර), ඇඳුම් පැළඳුම්, ආදරය, ලිංගිකත්වය, ආශාව, හැඟීම්-දැනීම්, රස වින්දනය, භාවිතා කල යුතු භාණ්ඩ හා සේවාවන් ඇතුළු මෙකී, නොකී සියලු දේ යම් යම් පුද්ගලයින්ට හෝ පිරිසකට තීරණය කිරීමට ඇති හැකියාව පිළිබඳව අප දිගින් දිගටම අදහස් දක්වා ඇත. ඒ අනුව ඇත්තේ තෝරා ගැනීම් තුනකි.

 

  • එම තත්වය ස්වභාවික බව පිලිගැනීම.
  • එම තත්වය ස්වභාවික බව පිළිගනිමින් එහි මධ්‍යස්ත ආකාරයක් හෝ එහිම වෙනත් වඩා හොඳ තත්වයක් වෙනුවෙන් අරගල කිරීම (නමුත් නැවතත් ඒ තුල ද මෙහි පූර්ව තත්වය වෙනත් ආකාරයකින් හමු වීමට නියමිතය).
  • එම තත්වය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම.

 

 

ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අපගේ මෙම ස්ථාවරය නොසලකා සිටීම, මගහැරයාම වාමාංශිකයින් මෙන්ම දක්ෂිනාන්ශිකයින් ද සිදුකරනුයේ, අපගේ මෙම සංයුක්ත ප්‍රවේශය තුල ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඔවුන්ගේ සාම්ප්‍රදායික ඇකඩමික ස්ථාවරයන් අභියෝගයට ලක්වන බැවිනි. විශේෂයෙන්ම එය දරාගත නොහැක්කේ වාමාංශික කණ්ඩායම් හට සහ පුද්ගලයින්ටය. ගනනාත්, නිව්ටන්, තම්බයියා, උයන්ගොඩ වැනි අය සමග අනන්‍ය වන ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඇති පැරණි වට්ටෝරුමය අදහස් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අපගේ මෙම ප්‍රවේශය තුල අභියෝගයට ලක්වීම දරාගත නොහැක. ඒ අනුව පෙනී යන්නේ වාමාංශිකයින් හට අවශ්‍ය විමුක්ති දේශපාලනයක් නොමැති බවත්, අවශ්‍යව ඇත්තේ බුද්ධිමතුන් ලෙස අභිෂේක වීම පමණක් බවත්ය. ඒ සඳහා ඔවුන් ජවිපෙ, පෙසප වැනි පක්ෂ පාවිච්චි කරමින් සිටී.

 

 

චම්පික රණවක සහ ඔහුගේ අනුගාමිකයින් පසුගිය දිනවල සමාජගත කරන ලද ඔවුන්ගේ දේශපාලන ස්ථාවරය වූයේ සමාජය පැවතිය යුත්තේ ප්‍රභූන් යටතේ පමණක් බවය. එනම්, ඉතිහාසය පුරාවටම එය එසේ සිදුව ඇති බවත්, වෙනසකට ඇත්තේ ප්‍රභූත්වයේ ස්වරූපය වෙනස් වී තිබීම පමණක් බවත්ය. ඔවුන් මෙම අදහස් පල කිරීම ආරම්භ කරන ලද්දේ "ශ්‍රී ලංකාවේ සංස්ථාපනය වන ප්‍රභූත්වයේ නව ස්වරූපය" මාතෘකාව යටතේ අප ලියා ඇති ලිපියෙන් පසුවය (ඒ පිළිබඳව තවත් ලිපි කිහිපයක සාකච්චා කර ඇත).

 

චම්පික රණවකලාගේ (චම්පිකට අනුව සහ සමාජයට අනුව ද ඔහු උසස් තත්වයේ පිරිමියෙකි) එම ස්ථාවරය පිළිගන්නේ නම් ඉලෝන් මස්ක්ගේ ව්‍යාපෘතිය ඉතා කැමැත්තෙන් භාරගැනීමේ කිසිඳු අපහසුවක් නොමැත.

 

ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට පවත්වාගෙන යාමට නම් ඉලෝන් මස්ක්ගේ ව්‍යාපෘතිය සාර්ථක විය යුතුවම ඇත්තේ සහ ඒ සඳහා ඇමෙරිකාව ප්‍රමුඛ ධනේශ්වර රාජ්‍යයන්ගේ අනුග්‍රහය හිමිවෙමින් ඇත්තේ, අධ්‍යතන ප්‍රජාතන්ත්‍රවාදය තුල ඇති වීමට නියමිත ඉදිරි වුර්ධීන් හේතුවෙන් විසඳිය නොහැකි අර්බුධ රාශියක් ඇතිවීමට නියමිත බැවිනි. එම අර්බුධ මොනවාද යන්නත්, පවතින ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය තුල ඒවා විසඳිය නොහැක්කේ ඇයි ද යන්නත් පිළිබඳව අපගේ වෙබ් අඩවියේ ඇති ලිපි වල දීර්ග වශයෙන් සාකච්චා කර ඇත.

 

අදාළ සබැඳීන්:

http://www.spartacus.lk/792-2/2021/

http://www.spartacus.lk/%e0%b6%b4%e0%b7%8a%e2%80%8d.../2022/

http://www.spartacus.lk/democracy/2022/

http://www.spartacus.lk/%e0%b6%ba%e0%b7%9d%e0%b6%b0.../2022/

 

@ස්පාර්ටකස් ලිපි

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි