අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් අද (27) නුවරඑළිය නගර සීමාව බස් නැවතුම්පොළ ඇතුළු
සියලුම ප්‍රදේශ මුළුමනින්ම ජලයෙන් යටවී අඩි දෙකේ සිට හතරක පමණ උසකින් ජලය පිරී ඇති ආකාරයක් දක්නට ලැබෙන අතර නුවරඑළිය නගරයේ වෙළඳසැල් රැසක් ද ජලයෙන් යටවී එහි පිවිසුම් මාර්ග විවර කිරීමට නොහැකි තරම් ජලය එක් රැස්වී තිබුණ අතර භාණ්ඩ සියල්ලටම හානි සිදු වී ඇති බව විශ්වාස කෙරේ.

එමෙන්ම නුවරඑළිය නගර සීමාවේ ලෝසන් වීදිය ප්‍රදේශයේ නිවාස රැසක් සහ නුවරඑළිය තුරග තරඟ පිටියේ ජනාවාසය මුළුමනින්ම ජලයෙන් ජටවී ඇති ආකාරයක් දක්නට ලැබේ.
අධික වර්ෂාවත් සමග නුවරඑළිය ග්‍රැගරී වැවේ සොරව්ව විවෘත නොකිරීමෙන් මෙලෙස නුවරඑළිය නගරය යටවීමක් සිදුවන බව පරිසරවේදීහු චෝදනා නගති,

එමෙන්ම නුවරඑළිය අවට බඹරැකැලේ, මීපිළිමාන, කඳපොළ, හාවාඑළිය බොරලන්ද යන ස්ථානවලද වගාබිම් සහ නිවාස රැසක් ජලයෙන් යටවීී තිබෙනු දක්නට ලැබිණ.
මේ හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට දැඩි ලෙස අකර්මණ්‍ය වීම සිදුවී ඇති අතර සියලුම බැංකු රාජ්‍ය ආයතන කිහිපයක් සහ වෙළඳසැල් විශාල ප්‍රමාණයක් මුළුමනින්ම වසා දමා ඇති තත්ත්වයක්ද දැක්නට ලැබේ.
මෙම ගැටලුව පිළිබඳ නුවරඑළිය මහනගර සභාවෙන් අප සිදු කළ විමසුමකට ඔවුන් කියා සිටියේ වැවේ සොරොව්ව ආරක්ෂාකාරීව කඩිනමින් විවෘත කර නගරය නැවත යථා තත්ත්වයට පත් කිරීමට ආපදා කළමනාකරණ ඒකකයත් සමග එක්වී කඩිනම් පියවර ගන්නා බවයි.
@ වාර්තාව - ආර්.එෆ්.එම්.සුහෙල්

