SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"ව්‍යවසායකත්වය නොමැතිව රට ඉදිරියට ගෙන යා නොහැක"

පහත පළවෙන්නේ සර්ව ජන බලය ජනාධිපති අපේක්ෂක ව්‍යවසායක  දිලිත් ජයවීර සමග ඩේලි මිරර් පුවත්‌පතේ මාධ්‍යවේදී කැළුම් බණ්ඩාර කරන ලද සම්මුඛ සාකච්ඡාවකි.

 සාර්ථක ව්‍යාපාරිකයෙක් වුණත් ඇයි ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න හිතුවේ?

 

 ඒ එහිම නිර්මාණය වූ රික්තකය නිසායි. මිනිසුන්ගේ, විශේෂයෙන්ම තාරුණ්‍යයේ වෙනසක් සඳහා කතාබහක් ඇතිව තිබුණා. ඔවුන්ට අවශ්‍ය වුණේ සාම්ප්‍රදායික දේශපාලන චින්තනයේ වෙනසක්. මෙහෙම ඉස්සරහට යන්න බෑ කියලා මට ඒත්තු ගියා. සාම්ප්‍රදායික දේශපාලකයින් ඉදිරිපත් කරන්නේ එකම සාම්ප්‍රදායික විකාරයක්.   ඒවාට ජනතාවගේ සහයෝගයක් නැහැ. මම මේ සාම්ප්‍රදායික බලවේගවලට සහයෝගය ලබා දුන්නේ යමක් සිදුවනු ඇතැයි අපේක්ෂාවෙන්. ඇත්තටම එය සිදු වූයේ බලාපොරොත්තු වූ ආකාරයට නොවේ. ඒ බැරෑරුම් සිතුවිල්ලත් එක්ක මම දේශපාලනයට ආවා.

 

පවතින ආර්ථික අර්බුදයට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කළු පැල්ලමක් එකතුකලා.. ඔහු බලයට ගෙන ඒමට ඔබත් මූලික වූ බව විචාරකයෝ පෙන්වා දෙනවා. මොකක්ද ඔයාට කියන්න තියෙන්නේ?

 

 ඔව්, මම ඊට වැඩ කොටසක් කළා. ඇත්තටම දැන් මම ඒ ගැන ගොඩක් පසුතැවෙනවා; එකම හේතු නිසා නොවෙයි, මට පැහැදිලි කළ හැකි හේතු නිසා. ඒකත් මට මගේ සාමකාමී ජීවිතය පූජා කරන්න තවත් හේතුවක්. ඒ වරද මට තිබුණා.

 

 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ වැරද්ද කුමක්ද?

 

ඒ වෙන  කිසිවක් නොවේ පවුලේ සහභාගිත්වයයි. රාජපක්ෂ පවුලට ඔහු බලයේ පිහිටුවන්න කිසි විටෙකත් අවශ්‍ය උනේ නැහැ. බැසිල් රාජපක්‍ෂ මහතා මෙන්ම නාමල් රාජපක්‍ෂ මහතාද ඔහු ජනාධිපති කරනවාට කිසිවිටෙක කැමති වූයේ නෑ. ඒ අයට ඕන වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරන්න. ව්‍යවස්ථාමය තහංචි නිසා ඔහුව (මහින්ද) ආපසු ගෙන ඒම නතර උනා. ඒක ඔවුන්ගේ තේරීම නොවෙයි. ඒත් ඔවුන් අකමැත්තෙන් වුණත් ගෝඨාභය ගේන්න උදව් කළා. ඒ උනත් ඔවුන් ඔහු සමඟ එකම බැඳීමක් ඇති කර ගත්තේ නෑ.

 

නාමල්ටයි බැසිල්ටයි ඕන වුණේ ගෝඨාභය පාලනය කරන්න. ඒ නිසා තමයි ඔවුන් වහාම ජනාධිපති ලේකම්වරයා ලෙස පී.බී.ව පත්කලේ. ඒක එයාගේ කැමැත්තක් නෙවෙයි කියලා ගෝඨාභය මට කිව්වා. ජනාධිපති ලේකම් කියන්නෙ බලවත් තනතුරක්. ඔහු හිටපු භාණ්ඩාගාර ලේකම්වරයා. මම ඔහුව මගේ භාෂාවෙන් හැඳින්වූයේ economic hit man ලෙසයි. මේ මිනිහව එයාල දැම්මෙ ගෝඨාභය පාලනය කරන්න විතරයි. ගෝඨාභයට පාර්ලිමේන්තු බහුතරය නොමැති වූ කාලයෙ, ඔහුගේ පළමු මාස ​​නවය තුළ ඔහු ඉතා සාර්ථක උනා. බැසිල් පාර්ලිමේන්තුවේ බලය අතට ගත්තම  ඔහු කෙළින්ම ගෝඨාභයව  පාලනය කළා. 

 

 ඔබ ව්‍යවසායක ශ්‍රී ලංකාවක් ගැන කතා කරනවා. ශ්‍රී ලංකාවට ව්‍යවසායකත්වය අඩු වීමට හේතුව කුමක්ද? 

 

 

නිදහසින් පසු ශ්‍රී ලංකාවට කිසිදා සැලැස්මක් තිබුණේ නෑ. මිනිස්සු බලයට ආවේ තාවකාලික පදනමින්. ඔවුන් කිසිවිටෙකත් යම් ආකාරයක සැලසුමකින් පැමිණ නෑ. ශ්‍රී ලංකාව ව්‍යවසායකත්ව මානසිකත්වයකින් ගමන් කරන ලෝකයට එකතු  උනේ  නැහැ. සාම්ප්‍රදායික සුබසාධන ක්‍රමවල සිට ව්‍යවසායකත්ව ක්‍රමය දක්වා - සියලු පළාත්වල  සංවර්ධනය සඳහා ඔවුන්ගේ මානසිකත්වයේ වෙනසක් තිබුණ. 

 

රුසියාව, චීනය, සිංගප්පූරුව සහ ඉන්දියාව යන රටවල ඒක සිද්ධ උනා. අපට ව්‍යවසායකත්වයේ වටිනාකම තේරුණේ නැහැ.   ඒ නිසා තමයි අපේ විෂය මාලාවේ ව්‍යවසායකත්වය හැර අනෙකුත් සියලුම විෂයයන් තියෙන්නේ.   ව්‍යවසායකත්වය නොමැතිව රටකට  ඉදිරියට ගෙන යා නොහැකියි. අප ව්‍යවසායකත්ව රාජ්‍යයක්ඇති කළ යුතුයි. 

 

 වාමාංශික දේශපාලන චින්තනය ව්‍යවසායකත්වය අධෛර්යමත් කළ බවට මතයක් තියෙනව. ඒ ගැන ඔබේ දැක්ම කුමක්ද?

 

ඔව්. ඒකත් එක හේතුවක් වෙන්න ඇති. නමුත් එය එකම හේතුව නෙවෙයි. අපි ඒකට බැරෑරුම් චින්තනයක් දුන්නේ නැහැ. ඔබ ව්‍යවසායකත්වය පිළිබඳ සංකල්පය නොදන්නේ නම්, ඔබ ව්‍යවසායකත්වය ගැන සිතන්නේ කෙසේද? 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අපි ජ්‍යාමිතිය ඇතුළු සියලුම විෂයයන් ඉගෙන ගන්නවා. ඒත් අපි ව්‍යවසායකත්වය දන්නේ නැහැ. 

 

 ඔබගේ වැඩසටහන අනෙකුත් ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් වෙනස් වන්නේ කෙසේද?

 

ඔවුන්ම ඔවුන්ගේ ප්‍රතිපත්ති ‘ප්‍රකාශන’ විදිහට හඳුන්වනව. අපි පැහැදිලිව කියනවා අපේ එක ‘උපාය මාර්ගික සැලැස්මක්’ කියලා. අපි කතා කරන්නේ කුමක්ද, කෙසේද, කවදාද සහ එසේ නොවේ නම්,  අපි සංකල්ප ගැන කතා කරනවා. ඔවුන් කතාකරන්නේ සාම්ප්‍රදායික සුභසාධනය ගැනයි. - ඔවුන් කොපමණ මුදලක් දීමට කැමතිද? සියල්ලෝම එකිනෙකා සමඟ ඒ වෙනුවෙන්  තරඟ කරනවා. ප්‍රතිපත්ති ප්‍රකාශන තුනේම දර්ශනයක් නෑ.  දර්ශනය සහ උපාය මාර්ග නොමැතිව රටක් ඉදිරියට යන්නේ කොහොමද? නැවතත්, ඔවුන් එය තාවකාලික පියවර වෙත ගෙන යනව. ඒක ප්‍රධාන සැලැස්මක් නොවේ. එය ශ්‍රී ලංකාවේ අංශක 360ම  අවශ්‍යතා ආවරණය කරන්නෙ නැහැ. අපි උපතේ සිට මරණය දක්වා අංශක 360ම  අවශ්‍යතා, ඒ කියන්නෙ අධ්‍යාපනයෙ සිට ගුවන් සේවා දක්වා ආවරණය කරනවා. අපගේ දර්ශනය , ප්‍රායෝගික සහ නියමිත කාල සීමාව මත පදනම් වෙනවා. 

 

සාම්ප්‍රදායික පාරිභාෂික වචන - සමාජවාදය, සමාජ වෙළඳපොල ආර්ථිකය, ධනවාදය ආදී වශයෙන් වචන ඇතුලෙ ඔබ ඔබේ ආර්ථික ප්‍රතිපත්තිය නිර්වචනය කරන්නේ කෙසේද?

 

මම ඒකට කැමති නැහැ. නූතන ලෝකයේ, මේ සියල්ල පැරණි  වචන. වාමාංශික, දක්ෂිණාංශික යනාදී පැරණි  වචනවලින් ලෝකය ඈත් වෙමින් තියෙන්නෙ. සුබසාධනය පිළිබඳ සාධාරණ ප්‍රතිශතයක්, අපේ සංස්කෘතිය හා ශිෂ්ටාචාරය මත දැවැන්ත ප්‍රතිශතයක් සහිත ප්‍රගතිශීලී ආර්ථික සැලැස්මක් අපි ඉදිරිපත් කරනවා. මානව ප්‍රාග්ධනය එහි කේන්ද්‍රස්ථානයයි. භෞතික සම්පත්වල විභවයන් මුදා හැරීමට අපි මානව ප්‍රාග්ධනය පොළඹවනවා. 

 

 තීක්ෂ්ණ බුද්ධිය සඳහා සොයා බැලිය යුතු ශිෂ්ටාචාරයක් ගැන ඔබ සඳහන් කළා. ඔබ එය කරන්නේ කෙසේද?

 

ලෝකයේ සියලුම සාර්ථක ජාතීන් තම ශිෂ්ටාචාරයේ ශක්තීන් මත වැඩ කරල තියෙනවා. ඒක අපිට ආවේනිකයි. අපි වෙනත් ඕනෑම රටක පුරවැසියන්ට වඩා වෙනස් වන්නේ අපගේ ඓතිහාසික හේතු නිසා. ඓතිහාසික හේතු අපගේ ජීව විද්‍යාවේ සිට සදාචාරාත්මක විශ්වාසයන් දක්වා ආවරණය කරනව.

 

ඔබට හදිසියේම වෙනත් කෙනෙකු විය නොහැකියි. ශ්‍රී ලාංකේය මුස්ලිම් ජාතිකයා අරාබි රටක සිටින මුස්ලිම් ජාතිකයෙකුට වඩා වෙනස්. ශ්‍රී ලාංකිකයෙක් ඇමරිකානුවෙකුට වඩා වෙනස්. ලංකාවේ කතෝලිකයෙක් රෝමයේ කතෝලිකයෙක්ට වඩා වෙනස්.

 

ජාතිය අභිප්‍රේරණය කිරීමේදී අපි එය ග්‍රහණය කර ගත යුතුයි.  

 

ඓතිහාසික වශයෙන් අපට බුදුදහම දර්ශනයක් විදිහට  බලපාල  තියෙනව. ඒ බලපෑම නිසා අපි අනිත් ජාතීන්ට වඩා වෙනස් වෙලා.  අපි දෙවි කෙනෙක් නැති ජාතියක්. දෙවියන් නැති විට දූතයෙකුත් නැහැ. ප්‍රමුඛ ශිෂ්ටාචාරවලට දෙවිවරු නෑ. එතකොට බයිබලය, කුරානය වගේ පොතක් නැහැ. අපි නිදහස් චින්තනයක් ඇති ජාතියක්, එය එතරම් ම  ශක්තියකින් බැඳීල තියෙනව.  

 

 පසුගිය කාලයේ ඔබ ‘කළු ආර්ථිකය’ ගැන කතා කළා. එය කොතරම් විශාලද?

 

බදු දැලෙන් පිටත ජීවත් වන කවුරුන් හෝ කළු ආර්ථිකයේ කොටසක්. දේශපාලකයෝ ඔක්කොම කළු ආර්ථිකයේ කොටස්කාරයෝ. ඔවුන් බදු ගෙවීමට හවුල් වන්නේ නෑ. ආදායම සමඟ ඔබේ ජීවන රටාව සාධාරණීකරණය කළ නොහැකි නම්, ඔබ එහි කොටසක්. 

 

මේ කළු ආර්ථිකය කොච්චර ලොකුද?

 

මම හිතන්නේ සැබෑ ආර්ථිකය මෙන් තුන් හතර ගුණයක් විශාලයි. 

 

 වරද කොතැනද?

 

 

ජනාධිපති අපේක්ෂකයන් දිහා බැලුවොත් ප්‍රධාන අපේක්ෂකයෝ ඔක්කොම දිවුරුම් ප්‍රකාශ දීලා තියෙන්නේ ජාතියට බොරු කියලා.

 

ඔවුන් සාධාරණීකරණය කරන්නේ කෙසේද? ඔවුන් බොරු කියන්න හදන්නේ කාටද? මේ මොන විහිළුවක්ද? ඒකයි අපිට මේක පිළිවෙලට තියන්න බැරි. සංවර්ධිත ලෝකය ඩිජිටල් ජාලය හරහා මේක  අල්ලා ගන්නව. සංවර්ධිත ලෝකයේ තනි පිවිසුම් වේදිකාවන් තියෙනව. මේක තමයි මම කලිනුත් කිව්වේ. ඉන්දියාවේ පවා, ඔවුන් බිලියන 1. 3 ක ජනතාවක් සඳහා මේ තනි පිවිසුම් වේදිකාව හඳුන්වා දීල තියෙනවා.  

 

දේශපාලන සංවිධානයක් පවත්වාගෙන යන මුවාවෙන් අනුර කුමාර දිසානායක සම්පූර්ණයෙන්ම ජීවත් වන්නේ මේ රටේ ජනතාවගේ, බදු ගෙවන්නන්ගේ මුදලින්. ශුන්‍ය බදු ගෙවමින් ඔහු ව්‍යාපාරික පන්තියේ ගමන් කරනවා. ඔහු ගමන් කරන්නේ හොඳම වාහනවල ය. ඔහුට බත්තරමුල්ලේ ඉදිකළ දැවැන්ත මන්දිරයක් තියෙනව. 

 

 අපේක්ෂකයින් අතර, මම වත්කම් ප්‍රකාශ පත්‍ර අනුව ගියොත්, ඔබ ධනවත්ම පුද්ගලයාද?

 

මම ධනවත්ම පුද්ගලයා නොවේ. මම තමයි වඩාත්ම අවංක පුද්ගලයා.  

 

ඔබ කියන්න හදන්නේ ඇත්තටම ඔබට වඩා අනිත් අය පොහොසත් කියලද?

 

එය සියයට සියයක් මට උපකල්පනය කිරීමට පත් කරල තියෙනව. ඔවුන් තම ආදායම ලෙස රුපියල් ලක්ෂ තුනක් කියල කියනව. ඔවුන් ජීවත් වන ආකාරය දිහා  බලලා ඔවුන් ප්රකාශ කර ඇති දේ සමඟ සසඳන්න! කළු ආර්ථිකය කොතරම් විශාලදැයි එතකොට  ඔබට සිතාගත හැකිය. 

 

 මැතිවරණ කොමිෂන් සභාව විසින් ඕනෑම අපේක්ෂකයෙකු විසින් එක් ඡන්ද දායකයකුගේ වියදම් සීමාව ලෙස රුපියල් 109ක්  ප්‍රකාශයට පත් කරල තියෙනව. ඔබ ඒ වෙනුවෙන් පෙනී සිටිනවාද?

 

මම කළු සල්ලි වියදම් නොකරන නිසා ඊට වඩා ගොඩක් අඩුවෙන් වියදම් කරනවා. මම සාධාරණ මුදලක් වියදම් කරනවා. එවැනි සාධාරණ ඉල්ලීමක් වෙනත් අපේක්ෂකයින්ට කළ හැකි යැයි මම හිතන්නෙ නෑ. එක අපේක්ෂකයෙකුට දවසට රැලි තුනක් තියන්න පුළුවන් නම්, මගේ මතය අනුව රුපියල් මිලියන 75ක් පමණ ඊට වැය වෙනවා. 

 

ඔවුන්ට රට පුරා විශාල මුදලක් වැය කළ හැකියි. හැබැයි ඔවුන් වත්කම් ප්‍රකාශනවල පොඩි දෙයක් සඳහන් කරල තියෙනව. නමුත් සැබෑ වටිනාකම ඊට වඩා විශාලයි. 

 

 ඔවුන් මැතිවරණ ප්‍රචාරක වියදම් සීමාවන් ඉක්මවා යයිද?

 

මම හිතන්නේ ඔවුන්ට එහෙම වෙයි.  

වත්මන් ප්‍රචාරක කටයුතු සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇති වියදම් සීමාව ප්‍රමාණවත්ද?

 

ඒක විහිළුවක්. අපේ පක්ෂයෙ මහ ලේකම් කිව්වා එක ඡන්ද දායකයෙක්ට රුපියල් 300ක් කරන්න ඕන කියලා. එහෙම නොවුනොත් ඒක විහිළුවක්. 

ඔබට පැවැත්වීමට නියමිතව තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයක් අනුරාධපුරයේ මැතිවරණ බලධාරීන් විසින් තහනම් කරල තිබුණ. ඇත්තටම මොකද වුණේ?

 

මම එහෙම කළේ නැහැ. එය අනුරාධපුරයේ ව්‍යවසායකයින් විසින් සංවිධානය කරන ලද පෞද්ගලික සාදයක්. සාදයේ පළමු කොටස මගේ කතාවයි. ඔවුන් මත්පැන්, ආහාර හෝ කිසිවක් ලබා දුන්නේ නෑ. මගේ කතාවෙන් පසු ඔවුන් වැඩසටහන  ඉදිරියට කරගෙන යාමට නියමිතව තිබුනා, නමුත්  එතකොට මම පිටත්ව ගියා. කොහොම වුණත් පසුබිමේ මගේ බැනරය තිබුණා. මගේ කතාවේදී ඔවුන් තැඹිලි වීදුරුවක්වත් දුන්නේ නැහැ. ඒත් නිලධාරීන් ඇවිත් කුස්සියට ගියා. 

 

ඒකට උල්පන්දම් දුන්නේ කවුද?

 

මම අනුරාධපුරේ ඉන්න මගේ ව්‍යවසායකයන්ට කිව්වා ජවිපෙ ඇතුළු විරුද්ධ මත දරන අයටත් ආරාධනා කරන්න කියලා. ඔවුන් ඡායාරූප අරගෙන අදාළ බලධාරීන්ට යවල  තියෙනව කියල පේනව. අපි කෑම දුන්නේ නැහැ. බුෆේ එක දැම්මෙත් නෑ. කෑම කුස්සියේ තිබුනා. එදිනම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී නීතිඥවරුන්ට විශාල සාදයක් පැවැත්වුවා.  

 

ඇත්තටම විමර්ශනය කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒක මට තේරෙන විදියට කැත සිද්දියක්. 


IMF (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) ​​වැඩසටහන පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

 

ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාම කතා කළේ වැල් පාලම ( එල්ලෙන පාලම ) තරණය කිරීමක් ගැනයි.

  

රනිල් තමයි ණයට අධිපතියා. ඔහු ආයතනයක ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය කරනවා.

 

ණය කළමනාකරණය කළ යුත්තේ මූල්‍ය පාලකයකු හෝ ගණකාධිකාරීවරයකු විසින්. ඔහු ජාතික කතිකාව ධනය උත්පාදනය කිරීමේ සිට ණය කළමනාකරණයට යොමු කළා. එය කතිකාවක්  නොවිය යුතුයි. මේ කිසිම අපේක්ෂකයෙක් ධනය උත්පාදනය ගැන කතා කරන්නේ නැහැ. ඔවුන් ණය කළමනාකරණය ගැන කතා කරනවා. ණය කළමනාකරණය කිරීම රටක් පාලනය කිරීමේ එක් කුඩා කොටසක් විතරයි.  වැදගත් වන්නේ රට වෙනුවෙන් වැඩිපුර මුදල් ඉපයීමට ජනතාව පෙළැඹවීමයි. ප්රමාණවත් මුදලක් උපයාගත් පසු, අපට ණය ගෙවීමට හැකියි. 


 
 එහෙත් රට දැන් එම වැඩසටහන අතරමගක ඉන්නෙ. අපට එය ආපසු හැරවිය හැකිද?

 

ආපසු හැරවීමට අවශ්‍ය නෑ. ඔබ ණයක් ගෙන තිබේ නම්, ඔබ එය කළමනාකරණය කළ යුතුයි. ඔබට ගෙවීමට නොහැකි නම්, ඔබට අත්හිටුවීමක් ලබා ගත යුතුයි. IMF එකෙන් සරුංගලයක් යවන්න කියන්න බෑ. ඔබ එය කළමනාකරණය කළ යුත්තේ රටේ යහපැවැත්ම පැත්තෙන් ය. පළමුවෙන්ම, අප සමඟ ධනය තිබිය යුතුය. එතකොට තමයි අපිට ශක්තිමත් තැනක ඉඳන් ඕන කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ.

 

@daily mirror

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි