ක්රිෂ් සහ එයාර් බස් ගනුදෙනු සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂට ඇප ලබා නොදීම හුදු නෛතික පදනමක් මත සිදුවන්නක්ද, නැතහොත් දේශපාලන පළිගැනීමක්ද යන්න පිළිබඳව සමාජය තුළ පුළුල් කතිකාවතක් නිර්මාණය වී තිබේ. කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ විභාග වූ ඇප මෝසම් සලකා බැලීමේ නඩු වාර්තාව විමර්ශනය කිරීමේදී, පැමිණිල්ල සහ විත්තිය ඉදිරිපත් කළ ඍජු ප්රකාශ හරහා මෙම කාරණයේ නෛතික මෙන්ම දේශපාලනික ස්වභාවයද මනාව පැහැදිලි වේ.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණය හමුවේ ප්රබලව මතු කළේ තම සේවාදායකයා දේශපාලන අගතියකට ලක්ව ඇති බවයි. ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ප්රතිපාදන උපුටා දක්වමින් ඔහු ප්රකාශ කළේ,
"13 වන ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 5ස් වන පරිච්ඡේදයේ කියලා තියෙන්නේ වරදකරුවෙකු කරන තෙක් පුද්ගලයා නිර්දෝෂී බවයි. 13 වන ආ/ව්යවස්ථාවේ 12 වන පරිච්ඡේදයේ දක්වලා තියෙන්නේ ආගම, කුලය, දේශය, ස්ත්රී, පුරුෂ බව සහ දේශපාලන මතය අනුව සැකකරුවෙකුට විශේෂ තත්ත්වයක් හෝ වෙනස්කමක් නොකළ යුතු බවයි. අපිට විශේෂතාවයක් එපා වෙනස්කමක් නොකර සාමාන්ය තත්වයෙන් සලකන්න. විනිශ්චකාර තුමා නරඹන්නෙක් නොවෙයි. ඔබ තුමාගේ බලය කාගේවත් කැමැත්තට යට නොවු භාවිතා කරන්න"
යනුවෙනි.
විධායකයේ බලපෑම විවේචනය කරමින් ඔහු තවදුරටත් දැක්වූයේ,
"කවුද පීඩකයා කියලා කියන්නේ, ජනාධිපතිතුමා රට වටේම ගිහිල්ලා කියනවා පම්පෝරි ගහනවා. අහවල් දවසට නඩු තීන්දු දෙනවායි කියලා. ලැයිස්තුවක් තියෙනවා කියලා 50ක් කියලා. මේදාට නියෝගය දෙනවා. රතිඤ්ඤා පත්තු කරන්න. අත්පොඩි ගහන්න කියනවා. නඩු ෆයිල් වෙනවා. එයලා ඉස්සල්ලාම දන්නවා. එයාලා තමා පීඩිතයෝ"
යනුවෙන් නීතියේ ක්රියාවලියට දේශපාලන අතපෙවීම් සිදුවන බවට ප්රබල චෝදනාවක් නගමිනි.
මෙහිදී දෙපාර්ශ්වය අතර දැඩි මතභේදයකට තුඩු දුන් ප්රධාන කරුණක් වූයේ විත්තිය විසින් කරන ලද "අද පීඩකයා හෙට පීඩිතයා විය හැක" යන ප්රකාශයයි. අල්ලස් කොමිසම නියෝජනය කළ සහකාර අධ්යක්ෂක නීති තනුජා බණ්ඩාර එය අර්ථ දැක්වූයේ සාක්ෂිකරුවන්ට කරන වක්ර තර්ජනයක් ලෙසිනි.
"ස්වාමීනි, ඊයේ දින ජනාධිපති නීතීඥතුමා විසින් අවසන් වශයෙන් කිව්වා. අද පීඩාකාරි ලෙස හැසිරෙන අය ඉදිරි දින පීඩිතයා බවට වන බව පැවසුවා... ඉතින් ස්වාමීනි කවුද දැන් පිඩකයා ඉදිරියේදී කවුද පීඩිතයා. ස්වාමීනි දැන් එතකොට පීඩතයා මම, අල්ලස් කොමිසම, සාක්ෂිකරුවන් වෙන්න පුලුවන්. මෙම නඩුවේ සාක්ෂිකරුවන් මුල් අවස්ථාවේදි ප්රකාශ දෙන්න බිය වු අය, පසුව නාමල් රාජපක්ෂ, ජානකී රිමාන්ඩ් වුණාට පස්සේ නොබියව ඉදිරියට ඇවිත් සාක්ෂි දුන්නා. යම් ආකාරයකින් සාක්ෂි කරුවන්ට බලපෑමක් වෙනවානම් එය යුක්ති සහගත වන්නේ නැහැ"
යනුවෙන් ඇය පෙන්වා දුන්නාය.
එහෙත් අලි සබ්රි ඊට පිළිතුරු දෙමින් පැවසුවේ,
"ස්වාමීනි, කිසිම තැනක මම කිව්වේ නැහැ අද පීඩාකාරි කෙනා හෙට පීඩිතයෙක් බවට පත් වෙන්න පුළුවන් කියා... මේ රෝදය කැරකෙනවා, ඒක තමයි මම අදහස් කළේ. අනිත් එක තොප්පිය දාගන්න අවශ්ය නැහැ. අවශ්ය නම් දාගන්න"
යනුවෙනි.
ඇප ලබා ගැනීම සඳහා විත්තිය විසින් සුවිශේෂී කරුණු ලෙස අධිකරණයට ඉදිරිපත් කළේ නාමල් රාජපක්ෂගේ මව්පියන්ගේ දැඩි රෝගාතුර තත්ත්වයයි.
"සැකකරුගේ පියා වන මහින්දටත් 81යි, සැකකරුගේ මව වන ශිරන්ති රාජපක්ෂට 74යි, මහින්ද රාජපක්ෂ රෝහල් ගත සිට ප්රතිකාර ලබා තිබෙනවා. ඔහුට එම ප්රතිකාර නිවසේදී ලබා දෙන්නේ ඔහුගේ භාර්යාව විසින්. අද සවස 4 ශිරන්ති රාජපක්ෂට විවෘත්ත හදවත් සැත්කමකට ලක් කිරීමට නියමිතයි" යනුවෙන් අලි සබ්රි කරුණු දැක්වීය. ඔහු තවදුරටත් අවධාරණය කළේ, "පවුලේ වැඩිමහල් පුතා වන නාමල් රක්ෂිත බන්ධනාගාරගත වන තෙක් ඔහු ජිවත් වි ඇත්තේ එකම නිවසේ මව, පියා සමගයි, මීට වඩා සුවිශේෂි කරුණු දෙන්න ඕනිනම් අපට ඒවා නිර්මාණය කරන්න වෙනවා... මත්ද්රව්ය ජාවාරම් නඩු වලට මරණ දඩුවම දුන්නත්, නඩු විභාගය යන තුර ඔවුන්ට ඇප ලබා දෙනවා. මෙම අල්ලස් නඩුවට දඩුවම උපරිම අවුරුදු 10යි. ඇයි ඇප ලබා දෙන්න බැරි"
යනුවෙන් මානුෂීය මැදිහත්වීමක අවශ්යතාවය අධිකරණයෙන් ඉල්ලා සිටිමිනි.
එහෙත් අල්ලස් කොමිසමේ නීතිඥවරිය එම මානුෂීය කරුණු දැඩිව ප්රතික්ෂේප කරමින් අල්ලස් හා දූෂණ චෝදනාවල ඇති බරපතලකම මතු කළාය.
"ඒ අයව රැක බලා ගන්න වෙනම අය ඉන්නවා. එක අප දන්න කාරණාවක්නේ ස්වාමීනි, මෙම අල්ලස දුෂණ වරද සාමාන්ය දෙයක් නොවේ. පාරමාදිපත්යයට කරන විශාල හානියක්. නිතියේ දෙවගනගේ ඇස් බැන්දා කියන එකෙන්ම තේරෙනවා අපේ රටේ මිලියන 22 ක ජනතාව වෙනුවෙන් සත්ය වෙනුවෙන් කටයුතු කළ යුතුයි. මෙම විමර්ශනයේ බරපතලකම සිතා ඇප ලබා දිමට විරුද්ධ වෙනවා"
යනුවෙන් ඇය ප්රකාශ කළාය.
මීට අමතරව ඇය කියා සිටියේ,
"පෙර නඩුවේ සැකකරුවන් සහ මෙම නඩුවේ සැකකරුවන් වෙනස්, චෝදනා වෙනස්. පෙර නඩුවේ කරුණු මෙයට ඇතුළත් කරන්න බැහැ"
යනුවෙනි.
ඊට ප්රතිචාර දක්වමින් අලි සබ්රි සඳහන් කළේ,
"සැකකරුවන් වෙනස් වුණාට ඔවුන්ගේ නම් නඩුවෙන් නඩුවට වෙනස් වන්නේ නැහැ. මොහුගේ අම්මා ශිරන්ති රාජපක්ෂ, තාත්තා මහින්ද රාජපක්ෂ එය නඩුවෙන් නඩුවට වෙනස් වන්නේ නැහැ"
යනුවෙනි.
මෙම සමස්ත තර්ක විතර්ක විමර්ශනය කිරීමෙන් පසු ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම විවෘත අධිකරණයේදී ප්රකාශ කර සිටියේ,"අද දින ඉදිරිපත් කරන ලද සුවිශේෂි කරුණු පෙර නඩු දිනයේදි ඉදිරිපත් නොවු බවයි." ඒ අනුව අදාළ කරුණු සලකා බැලීම සඳහා නඩුව යළි කැඳවීමට නියෝග කෙරිණි.
මෙම නඩු වාර්තාවේ ගලායාම තුළින් පැහැදිලි වන්නේ, විත්තිය විසින් මෙය විධායකයේ මැදිහත්වීම මත සිදුවන දේශපාලන පලිගැනීමක් ලෙස අර්ථකථනය කරමින් මානුෂීය හා ආණ්ඩුක්රම ව්යවස්ථාපිත අයිතීන් ඉල්ලා සිටින අතර, පැමිණිල්ල එය රටේ පරමාධිපත්යයට එරෙහිව වූ බරපතල අපරාධයක් ලෙස නිර්වචනය කරමින් සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බවයි.
අවසන් වශයෙන්, විත්තිය ඉදිරිපත් කරන මානුෂීය සුවිශේෂී කරුණු සහ පැමිණිල්ල මතුකරන නෛතික බරපතලකම යන දෙඅංශයම කිරා මැන බලමින්, කිසිදු බාහිර බලපෑමකට යටත් නොවී නීතියේ ආධිපත්යය සුරකින ස්වාධීන තීරණයක් ප්රකාශයට පත් කිරීමේ පූර්ණ බලය අධිකරණය සතුවන බව මින් මනාව තහවුරු වේ.

