SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ලෙස සැකසූ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සපයා රුපියල්

කෝටි 14 කට අධික රජයේ මුදල් වංචා කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය ඊයේ (08) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී යළි විභාගයට ගැනිණි. සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග වන මෙම නඩුවට අදාළව, අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු ඇතුළු චූදිතයින් 12 දෙනෙකුට එරෙහිව චෝදනා 14 ක් යටතේ නඩු පවරා ඇත.

 

 

මෙම නඩු වාර්තාව සහ ඊයේ දිගහැරුණු විද්‍යාත්මක සාක්ෂි විමසීම තුළින් සමාජයට ගම්‍ය වන ප්‍රබලතම සත්‍යය නම්, මෙය හුදෙක් රජයේ 'ප්‍රසම්පාදන ක්‍රියාවලියේ' නෛතික ප්‍රශ්නයක් නොවන බවයි. මෙය නිත්‍යානුකූල ප්‍රසම්පාදන රාමුවට මුවා වී කූට ව්‍යාපාරික සමාගමක් විසින් සිදුකළ අමුම අමු සාපරාධී වංචාවකි. එමෙන්ම, ඖෂධ පරීක්ෂා කිරීමේ විධිමත් ක්‍රමවේදයක් නොමැති වීම හරහා ඊට රුකුල් දෙන අයුරින් ක්‍රියාත්මක වූ රාජ්‍ය සේවයේ සහ ආයතන කළමනාකරණයේ පවතින බරපතළ අකාර්යක්ෂමතාව ද මෙමගින් මනාව නිරාවරණය වේ.

 

 Immunorel: Dosage & Side Effects | MIMS Philippines

රසායනාගාරයෙන් හෙළිවූ මාරාන්තික සත්‍යය

ඊයේ දිනයේ පැමිණිල්ලේ සාක්ෂිකාරිය ලෙස කැඳවා තිබුණේ අපේක්ෂා රෝහලේ රසායනික ව්‍යාධිවේද පරීක්ෂණාගාරයේ ප්‍රධානී, රසායනික ව්‍යාධිවේද විශේෂඥ වෛද්‍ය රජිතා සමරසිංහ මහත්මියයි. නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවියගේ මෙහෙයවීම යටතේ ඇය ලබාදුන් සාක්ෂියෙන්, රෝගීන්ට ලබාදුන් අදාළ එන්නත් කුප්පි තුළ සැබැවින්ම තිබී ඇත්තේ කුමක්දැයි විද්‍යාත්මකව ඔප්පු විය.

 

 

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය: "2024.02.27 වෛද්‍ය සේමගේ විසින් ඔබට බාර දුන් සාම්පලයේ තිබුණේ මොනවාද?"

සාක්ෂිකරු: "රිටු 1 mg වයල් 1, රිටු 11 mg වයල් 1 ලෙසයි තිබුනේ."

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය: "ඒ අනුව R2 කියන සාම්පලයේදී ඔබට කිසිවක් සොයාගන්න තිබුණේ නෑ."

සාක්ෂිකරු: "ඔව්."

 

 

විශේෂඥ වෛද්‍යවරිය අධිකරණයට පෙන්වා දුන්නේ අදාළ ඖෂධයේ අන්තර්ගත විය යුතු 'මොනොක්ලොයල් ප්‍රෝටීනය' (Monoclonal Protein) හඳුනාගැනීම සඳහා සාම්පලය හය වතාවක් යන්ත්‍ර මගින් පරීක්ෂා කළ බවයි. එහෙත් සැපයුම්කරු විසින් රෝහල්වලට ලබාදුන් සාම්පලයේ කිසිදු අදාළ ප්‍රෝටීනයක් අන්තර්ගත වී නොතිබූ බවට ඇය සහතික කළාය.

 

 

Immunoglobulin m hi-res stock photography and images - Alamy

 

 

"ඖෂධයක් නෙවෙයි... වතුර වගේ පේන්නේ!"

මෙහිදී නඩුවේ දිශානතිය වඩාත් තියුණු කරමින් තීරණාත්මක මැදිහත්වීමක් සිදුකළේ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසිනි. ඔහු නැගූ සෘජු ප්‍රශ්නයට විශේෂඥවරිය දුන් පිළිතුර, සමස්ත ව්‍යාපාරික වංචාවේම නිරුවත හෙළි කළේය.

 

 

විනිසුරු වීරසූරිය: "69.2 තාව අනුව product 1 මොනොක්ලොයල් ප්‍රෝටීන් ගැන කිව්වා. එහි ප්‍රෝටීන තත්ත්වය මත එය ඖෂධයක්ද නැද්ද යන්න තීරණය වෙනවද?"

සාක්ෂිකරු: "මෙහි ප්‍රෝටීන මොකුත්ම නැහැ. ඇල්බියුමින් වත් නැහැ. වතුර වගේ පේන්නේ ස්වාමීනි..."

 

 

මාරාන්තික රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට ලබාදුන් ඖෂධය වෙනුවට, ප්‍රසම්පාදනය ජයගත් මෙම ව්‍යාපාරිකයා විසින් රජයට විකුණා ඇත්තේ "වතුර වැනි" කිසිදු ඖෂධීය ගුණයක් හෝ ප්‍රෝටීනයක් නැති හිස් ද්‍රාවණයක් බව මෙම සාක්ෂියෙන් අතිශය පැහැදිලිය. ප්‍රසම්පාදන නීති කෙතරම් නිවැරදි වුවත්, ආයතනික කළමනාකරණය විසින් බෙදාහැරීමට පෙර මෙම ඖෂධවල රසායනික සංයුතිය නිසිලෙස පරීක්ෂා නොකිරීමේ පරිපාලනමය හිඩැස, ව්‍යාපාරික මාෆියාවට සිය අපරාධය පහසුවෙන් කරගෙන යාමට ඉඩ සලසා දී ඇත.

 

 

IgE (Immunoglobulin E) Blood Test - ARC Medical

 

 

විත්තියේ හරස් ප්‍රශ්න: නීතිය සහ විද්‍යාව අතර ගැටුම

පළමු චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හරීන්ද්‍ර බානගල මහතා හරස් ප්‍රශ්න අසමින්, පරීක්ෂණාගාරයේ ප්‍රමිතිය, සාම්පල ප්‍රවාහනය කළ ශීත දාමයේ (Cold Chain) සුරක්ෂිතභාවය සහ සාක්ෂිකාරියගේ පළපුරුද්ද ප්‍රශ්න කරමින් විත්තියට වාසිදායක තර්ක ගොඩනැගීමට උත්සාහ කළේය.

 

 

නීතිඥ: "ඩේටා ලොගර් ඇතුලේ තිබුණාද?"

සාක්ෂිකරු: "නැහැ."

නීතිඥ: "WHO සහතිකයක් තියේද?"

සාක්ෂිකරු: "ලංකාවේ ලැබ්වලට නැහැ."

නීතිඥ: "ඔබ ඕන තරම් රුධිර පරීක්ෂා කරලා තියෙනවා. හැබැයි මේ යන්ත්‍රයෙන් ඖෂධයක් පරීක්ෂා කරලා නැහැ."

සාක්ෂිකරු: "රුධිරය පමණක් නොවේ. මස්තිෂ්ක පටල, රුධිරය හා මුත්‍රා සාම්පල පරීක්ෂා කර තිබෙනවා. නමුත් ඖෂධයක් පරීක්ෂා කළ ප්‍රථම වතාව."

නීතිඥ: "පරික්ෂණයේදී ප්‍රෝටිනය දුවවන්න ජෙල් එකක් භාවිත කළා කිව්වා. එය ප්‍රෝටීනයේ ගමන්ට මාධ්‍යක්ද?"

 සාක්ෂිකරු: "මෙතන දුවන්නේ ප්‍රෝටීන එක. නැතිව තරලය යන්නෙ නැහැ. ඒක මතය නෙවෙයි, ජීව විද්‍යාත්මක න්‍යාය."

 

 

විත්තියේ නීතිඥවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහතික නොමැතිවීම සහ ඖෂධ පරීක්ෂා කිරීමේ පෙර පළපුරුද්දක් නොමැතිවීම පදනම් කරගනිමින් පරීක්ෂණ වාර්තාවේ විශ්වසනීයත්වයට පහර දීමට උත්සාහ කළේය. එහෙත්, ප්‍රෝටීන විශ්ලේෂණය පිළිබඳ විශේෂඥවරිය දැඩි විශ්වාසයකින් යුතුව "ජීව විද්‍යාත්මක න්‍යායන්" මත පිහිටමින් සිය පරීක්ෂණයේ විද්‍යාත්මක නිරවද්‍යතාව අධිකරණය හමුවේ තහවුරු කළාය.

 

 

අවසාන වශයෙන්, කෝටි 14 ක මෙම දැවැන්ත ඛේදවාචකය යනු රාජ්‍ය ප්‍රසම්පාදනය නමැති සංකල්පයේ ව්‍යුහාත්මක දෝෂයක් නොවන බව මහාධිකරණය හමුවේ තවදුරටත් තහවුරු වෙමින් පවතී. එය, ප්‍රසම්පාදන ලේඛනවලට පමණක් සීමා වූ, භෞතිකව ඖෂධ පරීක්ෂා නොකරන දුර්වල රාජ්‍ය ආයතන කළමනාකරණය මනාව ගසාකමින්, ඖෂධය වෙනුවට 'වතුර' විකුණා අහිංසක රෝගීන්ගේ ජීවිත සමග සෙල්ලම් කළ ව්‍යාපාරික සමාගමක අමානුෂික සහ සාපරාධී වංචාවකි.

 

 Immunoglobulin (IG) Therapy | IVIG & SCIG Infusions

 

 

නඩු වාර්තාව

2026/09/08

ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ලෙස සැකසූ ඖෂධ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට  සපයා රුපියල් කෝටි 14 කට අධික රජයේ මුදල් වංචා කළේ යැයි කියන සිද්ධිය ඇතුළු චෝදනා 14 ක් යටතේ අයිසොලෙස් බයෝ ටෙක් ෆාමා හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු ඇතුළු චූදිතයින් 12 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව ඊයේ (08) යළි විභාගයට ගැනිණි.

ප්‍රියන්ත ලියනගේ (සභාපති විනිසුරු) විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග වේ.

ඊයේ දිනයේ සාක්ෂි දීම සඳහා කැඳවා තිබුණේ අපේක්ෂා රෝහලේ, රසායනික  ව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍ය රජිතා සමරසිංහය වන අතර ඇය අපේක්‍ෂා රෝහලේ රසායනික ව්‍යාධිවේද පරීක්ෂණාගාරයේ ප්‍රධානියාවේ. ඇයගේ සුදුසුකම් පලපුරුද්ද සහ ප්‍රවීණත්වය විත්තිය පිළිගන්නේද යන්න අධිකරණය විමසු  අවස්ථාවේ  විත්තිය එකඟ වූ බැවින් සාක්ෂි විමසීම ආරම්භ විය.

විශේෂඥ සාක්ෂියක් සඳහා තිබු වෛද්‍ය රජිතා සමරසිංහ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණි  ගිරිහාගමගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් මෙසේ කිව්වාය.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය රසායනික ව්‍යාධිවේදය යනු කුමක්ද?

සාක්ෂිකරු ; රුධිරයේ ඇති සියලු දේ පරීක්ෂා කිරීමයි. සාමාන්‍ය රුධිර පරීක්ෂාවේ සිට පිළිකා රෝගය පිළිබඳ කෙරෙන විශේෂ පරීක්ෂණ දක්වා පරීක්ෂණයක්, ඖෂධ රෝගීන්ට අහනවාද යන්න ගැන පරීක්ෂණයත් මෙයට අයිතියි. මම අපේක්ෂා රෝහලේදී පිළිකා රෝග ගැන පරීක්ෂණයක් කළා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; පරීක්ෂාව සඳහා සාම්පල් එන්නේ රජයේ රෝහල්වලින්ද?

සාක්ෂිකරු; ඔව් ස්වාමීනී.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; පරීක්ෂණ කරන්නේ අපේක්ෂා රෝහලේ කවර රසායනාගාරයේදීද?

සාක්ෂිකරු; රසායනික ව්‍යාධිවේද පරීක්ෂණාගාරයේදී.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; රුධිර සාම්පල භාරගන්නේ කවුද?

සාක්ෂිකරු; පුහුණු නිලධාරීන් කවුන්ටරයේ යොදවා සිටිනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; සාම්පල භාර ගැනීමට ඉන්න අයගේ තනතුරු මොනවද?

සාක්ෂිකරු; රසායනාගාර සහායකයකු

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; රුධිර සාම්පල එවන්නේ කෙසේද?

සාක්ෂිකරු; ටෙස්ට් ටියුබ් එකක. රික්වෙස්ට් ෆෝම් එකක් හා බාර් කෝඩ් එකක් ඒ සමග එවනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; රුධිර පරීක්ෂණ කිරීමේදී ගබඩා කරන්නේ කොහේද?

සාක්ෂිකරු; අතිවිශේෂ ගබඩා කාමර තිබෙනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඔබ කරන්නේ රුධිරයේ ප්‍රෝටීන පරීක්ෂාවක්.

සාක්ෂිකරු; රුධිරයේ ඇති ප්‍රෝටීන කාණ්ඩ පහක්. එයින් ගැමා ග්ලොබියුලින් ගැන පරීක්ෂාව මම කරනවා. රුධිර පිළිකාවක් තියෙනවා නම් ගැමාග්ලොබියුලින්වල මල්ටිපල් මයෝලේමා කියල දෙයක් එනවා. එය Diagnos කිරීමට පරීක්ෂණ කරන්නේ. ඒ රෝගය ඇති අයගේ  මොනොක්ලොයර් ප්‍රෝටින් බෑන් එකක් හැදෙනවා. ඒක හඳුනා ගැනීමයි අරමුණ.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය; එය හඳුනා ගත්විට විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කරනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය; මේ අවුරුදු 20 ට ඔබට එවැනි රෝගීන් කොපමණ හමුවී තිබේද?

සාක්ෂිකරු; දවසකට විස්සක් විතර හමුවෙනවා. සතියකට දෙසීයක් තුන්සීයක් ඉන්නවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ;  මොනෝ ක්ලෝයර්  ප්‍රෝටීන් නැතිවීම රෝගයක්ද?

සාක්ෂිකරු; නැහැ එය රෝගියෙකු නුවණ නිරෝගි අයෙකු බවට ලකුණක්.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; මොනොක්ලෝයර් ප්‍රෝටීන් දෙන්න වෙනවද?

සාක්ෂිකරු; ඔව් ප්‍රතිකාරයක් විදිහට මොනොක්ලොයල් ප්‍රෝටීන් ඇන්ටිබොඩි පිටින් දෙනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ලියුකේමියා රෝගීන් ඩයග්නොස් කරන්නේ නැද්ද.

සාක්ෂිකරු; අපේ රසායනාගාරයේ කරන්නේ නැහැ.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; මොනොක්ලොයල් තියේද බලන්න. රුධිරයේ මොනවද පරීක්ෂා කරන්නේ

සාක්ෂිකරු; සීරම් රුධිර සාම්පලය විනාඩි  20  ක් විතර කියලා පසුව හොඳට කරවනවා. එවිට සීරම් උඩට එනවා. ඒවා තමයි පරීක්ෂණයට ගන්නේ.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; එදිනෙදා කරනවද?

සාක්ෂිකරු; ඔව්

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඒ රුධිර සාම්පල ගබඩා කරනවද?

සාක්ෂිකරු; සීරම් සාම්පල ගබඩා කරනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; කොහෙද?

සාක්ෂිකරු; ෆ්‍රිසර් එකේ.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; රසානාගාරයට ප්‍රවේශයේ තියෙන්නේ කාට?

සාක්ෂිකරු; විද්‍යාඥයන්ට  train install සපෝටින්  ස්ටාෆ්  එකට.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : සාම්පල ගන්න පුළුවන් කාටද?

සාක්ෂිකරු; මට සහ විද්‍යාඥයන්ට

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; විද්‍යාගාරයේ යතුරු  තියෙන්නේ කා ළඟද?

සාක්ෂිකරු: මා ළඟ, වැහුවම ආරක්ෂක අංශයට දෙනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය; ෆ්‍රීසර් එකේ සීරම් සාම්පල තියෙන උෂ්ණත්වය කුමක්ද?

සාක්ෂිකරු; 0 C° ට අඩුවෙන්.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය- මේවා පරීක්ෂා කරද්දි සාම්පල  පරීක්ෂා කළාද කියලා බලන්නේ කොහොමද?

සාක්ෂිකරු; ලියල දුන්නම තමයි එළියට  ගන්නේ. දවසක් හරි දවසක් පරීක්ෂණ කරනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; ඔය පරීක්ෂණය කරන පියවර කියන්න පුළුවන්ද?

සාක්ෂිකරු; සීරම් ප්‍රෝටීන් ඉලෙක්ට්‍රෝෆොරෙසීන් කියන පරීක්ෂාව අපි කරනවා. මේකට සීරම් සාම්පල ඇතුල් කරන්නේ ජෙල් ප්ලේට් එකකට බින්දුව බැගින්.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය; ඇයි එහෙම කරන්නේ?

සාක්ෂිකරු; ප්‍රෝටීන් චලනය වෙන්නේ ජෙල්ප්ලේට් එකේ.

නියෝජ්‍ය සොලිස්ටර්  ජෙනරාල්වරිය; ක්‍රියාකාරීත්වයේ සිදුවීමේ ක්‍රම මොනවද?

සාක්ෂිකරු; භාෂ්මික පී.එච් අගයක් (8.6) ප්‍රෝටීන් ඍණ අගයක් ගන්නවා. ඍණ ආරෝපණය තමයි ප්‍රතිඵල ගත හැක්කේ. කරන්ට් එක දුන්නට අර ප්‍රෝටීන ධන පැත්තට යනවා.:විදුලිය නැවැත්තුවාම ප්‍රෝටීන වෙන් වෙලා ඉන්නවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්රිය; මේ පරීක්ෂණ වාර්තාවේ තීරු පෙන්වන්නේ සිරස් ද තිරස්ද

සාක්ෂිකරු; සිරස්. මේක ස්කෑන් කලාම ප්‍රස්ථාරයක් එනවා. ඉමියුනෝ ග්ලෝබියුලින් තියෙන තැන අපි බලනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය; දිනකට පරීක්‍ෂණ විස්සක් පමණ කරනවා කිව්වා. ඒ ගැන රෝගීන් දැනුවත්ද?

සාක්ෂිකරු; ඔව්

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය; මල්ටිපල්  මයෝලෝමා  තත්ත්වය තියෙන බව ඔබ විශේෂඥ පිළිකා වෛද්‍යවරයාට කියනවද?

සාක්ෂිකරු; ඔව්.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය; මෙම තත්ත්වය හේතුවෙන් පැමිණ බබෙග් සුව වූ රෝගීන් ප්‍රමාණය කොතෙක් ඇද්ද?

සාක්ෂිකරු; දහසක් දෙදහසක් ඇති.

නියෝජ්‍යා සොලිස්ටර් ජෙනරාල්වරිය; යම් සීරම් එකක ඇති මොනොක්ලොයර් ප්‍රෝටීන් ප්‍රමාණයේ කිවහැකිද?

සාක්ෂිකරු; පුළුවන්

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය; ඔබට මතකද NMRA  හී වෛද්‍ය සවින් සේමගේ ඔබට ලේඛන සමග සාම්පල් දෙකක් බාර දුන්නා.

.නියෝජ්‍ය සොලිස්ටර්  ජනරාල්වරිය :-ඒවා ගෙනාවේ මොන තත්ත්වයෙන්ද?

 සාක්ෂිකරු :-අයිස් පැකට්වල දාලා ගෙනාවේ.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:- 2024. 02.27 වෛද්‍යය සෙමගේ   යටතේ විසින් ඔබට බාර දුන් සාම්පලයේ තිබුණේ මොනවාද?

 සාක්ෂිකරු:- රිටු 1 mg වයල් 1

 රිටු 11 mg වයල් 1 ලෙසයි. තිබුනේ.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:- මෙහි මොනොක්ලොයල්  ප්‍රොටින් තිබෙනවාද? කියා සොයා බලන්න කිව්වද?

 සාක්ෂිකරු:- ඔහු මෙම සාම්පල මගේ අතට තමයි දුන්නේ. එය වෙනම ගබඩාවක තැබුවා .2-8°c උෂ්ණත්වයට තැබුවා.

 නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:- එසේ තබා පසුව දා ද පරීක්ෂාව කළේ.

සාක්ෂිකරු :-ඔව්. අපි සාමාන්‍ය කරන පරීක්ෂාවට නෙවෙයි කළේ .හය වතාවක් පරීක්ෂා කළා. ඉමියුනොග්ලොබියුලින් 3කට  දැම්මා .

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය:- රැඳිලා තිබුනේ නම් බෑන්ඩ්

 සාක්ෂිකරු:- ඔව්.

 නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:- ඒ අනුව  R2 කියන සාම්පලයේදී ඔබට කිසිවක් සොයාගන්න තිබුණේ නෑ.

සාක්ෂිකරු:- ඔව්.

  නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:-හය වතාවක් කළා කියන එක තව විස්තර කරන්න.

සාක්ෂිකරු :-අපි හිතමු IGG දානවා කියලා .1GM තවත් එකකට එහෙම යන්ත්‍ර‍යට IGA ගැමා ලැම්ඩාවලට වෙන වෙනම දැමුවා.   නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය:- පිටු අංක 04 වෙත යොමු වන්න. product 02  කියන සාම්පලය ලැබිලා   තියෙන්නේ 823028 අංකයෙන්. ඒකත් 30ක් දුවපු සාම්පලයක්ද? සාක්ෂිකරු :-ඔව්.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය :-එහි peak එකක් දැක්කද?

 සාක්ෂිකරු:- ඔව් එහි මොනක්ලොයල් ඇන්ටිබොඩි තිබුණා.

 නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරියේ මෙහි peak එක සහ ප්‍රස්තාරය පැහැදිලි කරන්න .

සාක්ෂිකරු :-මෙහි නිල් පාට බෑන්ඩ් එකේ සහ රතු පාට එකක් පේනවා

සාක්ෂිකරු; ඔව් මම පරීක්ෂා කළා. එහි  සාම්පල් දෙකක් තිබුණා. කොටසේ ඩෙන්සිටි මණින එක තමයි මෙතනදී වෙන්නේ.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:-මොනොක්ලොයල් කොපමණ තියේද කියලයි මනින්නේ. සාක්ෂිකරු:- ඔව් .

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:- පස්වන පිටුවේ තවත් එකක් ඇතුල් කර තිබෙනවා.

 සාක්ෂිකරු  500 g කියා සඳහන් වන නිය   පරීක්ෂා කළා .එවිට 6.7 g තියෙන බව පෙන්නුම්

 නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය :-මෙම යන්ත්‍රයේ මේ වගේ සාම්පලයක ඇති ප්‍රමාණය නිශ්චිතව කිවනොහැකිද?   සාක්ෂිකරු:- කිව නොහැකියි. අපි ගණනය කරනවා.

 නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය :-06 පිටුව, අවසාන පිටුවට අවධානය යොමු කරන්න .

සාක්ෂිකරු:- IGG  කැනා තිබුණා.  කැනා තිබුණා. ඒ අනුව R1 R1 products 2 එකේ මොනොක්ලොයෙල් ප්‍රෝටීන් තිබුණා.

 නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:- කැනා ඉදිරියෙන් පෙන්වනවද?   සාක්ෂිකරු:- ඔව්.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:-ඔබ කිවුවා ,සාම්පල ලැබී පසුදිනට බැලු බව.

සාක්ෂිකරු:- ඔව්.සෑම පිටුවකටම අත්සන් කරලා ඇති. විද්‍යාඥවරයාත් අත්සන් කළා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය :-ඔබ පරීක්ෂා කළ සාම්පලයත් දුටුවොත් හඳුනාගත හැකිද ?

සාක්ෂිකරු :-පුළුවන්.

 නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:-(මුද්‍රා තබා ඇති පැකට් 403 පෙට්ටිය හා පැකට් 403 A වයල් එක පෙන්වා සිටි. )2024.02.27 ලබා දී ඇත්තේ මේ සාම්පලයද ?

සාක්ෂිකරු:- ඔව්.

 නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:-මෙහි නිෂ්පාදක කවුද?

 සාක්‍ෂිකරු :-ලයිව් හෙල්ත් බයෝ ෆාමා.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය :-ඔබ පරීක්ෂා කළ සාම්පලයේ නිෂ්පාදකයාගේ නම පෙට්ටියේ තිබුණාද?

 සාක්ෂිකරු:- ඔව්

 නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය :-අවසාන නියැදියේ product 02 ලෙස සඳහන් කර ඇති එක කුමක්ද? 13.   සාක්ෂිකරු:- එය රිලයන්ස්

(විත්තියේ හරස් ප්‍රශ්න ඇරඹේ. පළමු චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතීඥ හරින්ද්‍ර බානගල හරස් ප්‍රශ්න ඇසීම අරඹයි. )

නීතිඥ :-මේ පරීක්ෂාවන්ට ලැබුණ සාම්පල ඔබම භාරගත් ඒවාද?

සාක්ෂිකරු:-ඔව්

නීතිඥ:-කොයි තත්ත්වෙන්ද තිබුණේ.

සාක්ෂිකරු:-cold chain maintain කරලා තිබුණේ.

නීතිඥ:-ඒ කියන්නේ ඔබට ලැබුණේ කූල් පැක් එකක්.

සාක්ෂිකරු:-  ඔව්

නීතිඥ:-ඔබ නිරීක්ෂණය කරද්දි කූල් තත්ත්වයෙන් තිබුණද?

සාක්ෂිකරු:-ඔව්

නීතිඥ:-එන්නතක තත්ත්වයන් නිරන්තර පවත්වා ගෙන ආවාද කියන්න ඔබ දන්නවද?

.සාක්ෂිකරු:- අයිස් වෙල්ට් වෙලා තිබුනෙ නැහැ. එහෙම වෙලා තිබුනනම් මම භාරගන්නේ නැහැ.

 නීතිඥ :-ඩේමා ලොගර් ඇතුලේ තිබුණාද ?

සාක්ෂිකරු ,:-නැහැ.

නීතිඥ :-සාම්පල කුමන තැනක සිට ආවාදැයි ඔබ දන්නවද ?

සාක්ෂිකරු :-NMRA  සිට එතනින් එවද්දී වෛද්‍ය සේමගේ කතා කරලා කිව්වා.

නීතිඥ :-එතනට ආවෙ කොහෙ තිබිලා කියලද දන්නවද ?

සාක්ෂිකරු:- නෑ.

නීතිඥ :-ඔබ පරීක්ෂා කළ ක්‍රමවේදය ඔබ කිව්වා.

 සාක්ෂිකරු :-ඔව්.

 නීතිඥ:- ඔබේ රසායනාගාරයට තත්ත්ව සහතිකයක් තියෙනවාද?

සාක්ෂිකරු :-අපි අත් ලැබ් එක කන්ට්‍රෝල් කරනවා. පිටරටිනුත් කරනවා. ඒ අත් කොලිටිය තබා ගන්නයි .

නීතිඥ :-WHO සහතිකයක් තියේද ?

සාක්ෂිකරු :-ලංකාවේ ලැබ්වලට නැහැ.

නීතිඥ:-  ඔබ ඕන තරම් රුධිර පරීක්ෂා කරලා තියෙනවා. හැබැයි මේ යන්ත්‍රයෙන් ඖෂධයක් පරීක්ෂා කරලා නැහැ.

 සාක්ෂිකරු :-රුධිරය පමණක් නොවේ. මස්තිෂ්ක පටල ,රුධිරය හා මුත්‍රා සාම්පල පරීක්ෂා කර තිබෙනවා. නමුත් ඖෂධයක් පරීක්ෂා කළ ප්‍රථම වතාව

නීතිඥ :-ඖෂධයක් පරීක්ෂාවට අවශ්‍ය තාක්ෂණික ක්‍රියාවලිය තහවුරුද?

 සාක්ෂිකරු:- ඔව් ඕනෑම තරලයක මොනොක්‍රොයල් ප්‍රෝටීන් පරීක්ෂා කළ හැකියි.

නීතීඥ:- අදාළ හඳුනාගැනීම කළ හැකි බවට තහවුරුවක් ඔබ සතුද?

සාක්ෂිකරු:- නැහැ.

නීතීඥ :-ඔබ ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියට සහභාගි වී තිබේද?

 සාක්ෂිකරු:- නැහැ.

 නීතීඥ :-ඖෂධයක පිරිවිතර පරීක්ෂාවට ෆාර්මකොෆියා ගැන අහලා තියේද?

 සාක්ෂිකරු:-නැහැ.මොනොක්ලොයල් ප්‍රෝටීන් බලන්න කිව්වා. මම ඒක බැලුවා.

නීතිඥ:-පරික්ෂණයේදී ප්‍රෝටිනය දුවවන්න ජෙල් එකක් භාවිත කළා කිව්වා.එය ප්‍රෝටීනයේ ගමන්ට මාධ්‍යක්ද?

සාක්ෂිකරු:-මෙතන දුවන්නේ ප්‍රෝටීන ඒක. නැතිව තරලය යන්නෙ නැහැ.ඒක මතය නෙවෙයි.ජීව විද්‍යාත්මක න්‍යාය.

නීතිඥ:-පරික්ෂා කළ කුප්පි සුරක්ෂිතව තිබේද?

සාක්ෂිකරු:-ඒවා ඩීල් කර වාර්තාව සමග NMRA දුන්නා

විනිසුරු වීරසුරීය:-69.2 තාව අනුව product 1  මොනොක්ලොයල් ප්‍රෝටීන් ගැන කිව්වා. එහි ප්‍රෝටීන තත්ත්වය මත එය ඖෂධයක්ද නැද්ද යන්න තීරණය වෙනවද ?

සාක්ෂිකරු :-මෙහි ප්‍රෝටීන මොකුත්ම නැහැ. ඇල්බියුමින් වක් නැහැ. වතුර වගේ පේන්නේස්වාමිනි ප්‍රෝටීන් තියෙන ඖෂධ තියෙනවා. මට බලන්න පුළුවන් ප්‍රෝටීන තියේද කියලා විතරයි.

 පැමිණිල්ල හරස් ප්‍රශ්න පවසයි.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:- අපේක්ෂා රෝහලේ පරීක්ෂණ ඔබේ අධීක්ෂණය යටතේද සිද්ධ වෙන්නේ?

සාක්ෂිකරු:-ඔව්. පහසුකම් නැති රෝහල්වලින් පවා එනවා. පහසුකම් තිබුණත් මල්ටිපල් මයොලේමා  පරීක්ෂාවට එවනවා.

නවතම ලිපි