SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec


ප්‍රමිතියෙන් තොර ඖෂධ සහ බැක්ටීරියා අඩංගු බවට සැක කෙරෙන ඔන්ඩෙස්ටෙරෝන් (Ondesterone) එන්නත්

ආනයනය සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී තිබේ. මෙම ව්‍යසනය හමුවේ වගකිවයුතු ආයතන නිහඬ වෙද්දී, සයිබර් අවකාශය තුළ පාලක පක්ෂයට හිතවාදී සමාජ මාධ්‍ය බලකායන් හරහා සත්‍යය යටපත් කිරීමේ දැවැන්ත ‘සයිබර් යුද්ධයක්’ ආරම්භ වී ඇති බව වාර්තා වේ.

 

 

විපක්ෂ නායකගේ නමින් සංසරණය වන ව්‍යාජ ලිපිය

 

WhatsApp Image 2025 12 21 at 13.23.26

 

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව  ඉන්දියානු බාල ඖෂධ සම්බන්ධයෙන් සිදුකළ අනාවරණයන් දේශපාලනික වශයෙන් දියාරු කිරීමට කිසියම් පිරිසක් උත්සාහ දරමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ අත්සනින් යුත් ලිපියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. එම ලිපියෙන් කියවුණේ වෛද්‍ය චමල් සංජීව ගේ අදහස් පක්ෂයේ මතය නොවන බවයි.

 

WhatsApp Image 2025 12 21 at 14.00.18

 

කෙසේ වෙතත්, එම ලිපිය සම්පූර්ණයෙන්ම ව්‍යාජ (FAKE) එකක් බව මේ වන විට තහවුරු වී ඇත.

 

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුව ඇති මෙම දැවැන්ත දූෂණය සහ පරිපාලන බිඳවැටීම වසා ගැනීම සඳහා විපක්ෂය තුළ ද්වන්ද යුද්ධයක් ඇති බව පෙන්වීමට පාලක පක්ෂයේ සමාජ මාධ්‍ය මෙහෙයුම්කරුවන් මෙවැනි ව්‍යාජ ලිපි නිෂ්පාදනය කරමින් සිටින බවට චෝදනා එල්ල වේ.

 

 

"සමාගම්වලට පව් හෝදන්න බැහැ" - රවී කුමුදේශ්ගෙන් තාර්කික විග්‍රහයක්


මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පෙන්වා දෙන්නේ මෙය හුදෙක් එක් එන්නතක ප්‍රශ්නයක් නොව, පද්ධතියේම පවතින දූෂිත ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බවයි.

 

ඔහු ඉදිරිපත් කරන ප්‍රධාන කරුණු කිහිපයකි:

 

SPC වගකීම: අදාළ එන්නත් තොගය මෙරටට ගෙන්වා ඇත්තේ ඖෂධ නීතිගත සංස්ථාව (SPC) විසිනි. පුද්ගලික සමාගමක් නියෝජිතයා වුවද, එහි තත්ත්ව පාලනය සහ බෙදාහැරීමේ සම්පූර්ණ වගකීම SPC ආයතනය සතුය. ඖෂධයේ බැක්ටීරියා ඇති බව කියන්නේ නම්, එහි පූර්ව පරීක්ෂණවල වගකීමෙන් ඔවුන්ට මිදිය නොහැක.

 

නියාමන අධිකාරියේ නොහැකියාව: ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මෙම වගකීම පුද්ගලික සමාගමක් මත පටවා නිදහස් වීමට උත්සාහ කරයි. එසේම, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු රසායනාගාර වාර්තා අභියෝගයට ලක් කිරීමට මහනුවර ජාතික රෝහලේ රසායනාගාරය යොදා ගැනීම ද විහිළුවකි.

 

අනතුරුදායක නොසැලකිල්ල: නියාමන අධිකාරිය විසින් 12 වැනිදා තහනම් කළ එන්නත, එහි ප්‍රධාන විධායක නිලධාරියාගේ රෝහල තුළම 13 වැනිදා රෝගීන් 8 දෙනෙකුට ලබාදීම බරපතල අපරාධයකි.

 

මරණ සහතිකයේ ගැටලුව: එක් රෝගියෙකු මිය ගියද, මරණ සහතිකයේ එන්නත පිළිබඳ සඳහන් නොවීම තුළින් එක්කෝ මරණ සහතිකය හෝ එන්නත පිළිබඳ වාර්තාව බොරු විය යුතු බව ඔහු පවසයි.

 

"මේ කතාවේ හිස්තැන් පුරවා ගැනීම බාල ඖෂධ පිටුපස ඇති තවත් විශාල හොරකමක සුලමුල සොයා ගැනීමට වැදගත් වේ. අප ඉල්ලන්නේ පුද්ගල වන්දනාවේ යෙදෙන්නේ නැතුව මේ දූෂිත ක්‍රමය ප්‍රශ්න කරන ලෙසයි." - රවී කුමුදේශ්

 


ඉමිනොග්ලොබියුලින් (Immunoglobulin) ජාවාරම මෙන්ම, මෙම ඔන්ඩෙස්ටෙරෝන් එන්නත් පිළිබඳ කතාව පිටුපස ද නොකියවුණු රහස් රැසක් පවතී. ව්‍යාජ ලිපි සහ සයිබර් ප්‍රහාර මගින් මහජන අවධානය වෙනතකට යොමු කිරීමට දරන උත්සාහයන් පරාජය කර, සැබෑ වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවිය යුතුව ඇත.

 

නවතම ලිපි