මාර්ග ආරක්ෂාව හා ආරක්ෂාව..
ලංකාවට ගිහින් ඇවිත් දින පහක්.ඊයේ ගුවන් අනතුර ගැන අහලා ඇති වෙච්ච කම්පනය තවම අවසන් නැහැ. මම පුරුද්දක් හැටියට මාව ගුවන් තොටුපලට ඇරලවන, ගුවන් තොටුපළෙන් අරන් යන්න එන කෙනාට හා මගේ පවුලේ සමීපම අයට හැරෙන්න මගේ පියාසර කිරීම් හා ගොඩ බැසීම් කියන්නේ නැහැ. අත්දැකීමෙන් ම එය ඉතා අනතුරුදායක එකක්. විශේෂයෙන්ම ලංකාවට එනවිට හා ලංකාවෙන් යනවිට. මෙවර ලංකාවට ගියාට අනතුර කියන එක බොහොම තදින් සමීපව දැනුණා.
කොහොමත් අපි වැඩිපුර ඉන්නේ ගමනේ.ගෙදරින් පිටවෙලා ගියාට ආපසු ගෙදර එනකම් ඉවසිල්ලක් නැති වුණාට ආපසු ගෙදර ඒවි කියලා විශ්වාශයෙන් පාරට බහින්න මේ ජිවිතේ අපහසුයි.ගුවන් යානයකට ගොඩ වුනාට පස්සේ ඇත්තටම අපිට අපේ ජිවිතේ පාලනයෙන් මුදවලා වෙනත් කාටහරි දීලා හිත හදාගන්න වෙනවා.ගුවන් යානය ඉහලට ඔසවද්දී මෛත්‍රී කරන්නත් ගොඩ බාද්දී මෛත්‍රී කරන්නත් මම පුරුදු වෙලා ඉන්නවා. ඇත්තටම ගෙදරින් පිටවෙන හැම වාරයකම ආදරණිය යන්ට සමු දෙන්නේ ආයේ නාවොත් දෙපාර්ශවයේම ඒ සමු ගැනීමේ මතකය විතරක් හරි සුන්දරව ඉතිරි වෙන්න. මරණය ඕනෑම මොහොතක් වෙන්න පුළුවන්.
ඊයේ ගුවන් අනතුර දිනපහකට පෙර මම පියාසර කරනකොට වෙච්ච පුංචි සිදුවීමකට මතකය ගෙනගියා. ඔස්ට්‍රියාව උඩින් එනකොට කාළගුණය යහපත් නැහැ. ගුවන් නියමුවා ඒ ගැන දැන්වුවා. ගොඩ බැසීමට පැය දෙකක කාලයකට අඩුයි.ගුවන් යානයේ හිටපු දරුවෝ ඇත්තටම නින්දට වැටිලා හිටියත් ඇතැම් වෙලාවල ඔවුන් අවධි වෙනවා.කාලගුණයේ අයහපත් කම් තුලම කඳුකර ප්‍රදේශ පසු වුණාම නියමුවා යානය එකවරම පහතට පියාසර කරනකොට අපේ යානයේ හිටපු දරුවන් ඔක්කොම එකවර අනතුරකට මුහුණ දෙන අයුරින් ශබ්ධ නැගුවා. ඒ වෙලාවේ යානයේ සිදු වුනු කම්පනය දරුවෝ වටහා ගත්තා.ඒ පාන්දර වුනත් ගුවන් නියමුවාගේ පණිවිඩය නොතේරුණු දරුවා පවා එකට එක්ව නිරායාසයෙන් ඒ ශබ්ධ පිට කලාම ඇත්තටම මම හිතුවේ ගෙදර යන්න ලැබුණොත් ලොකු වාසනාවක් කියලා.
ඉන්දීය ගුවන් යානයේ දරුවෝ හිටියා. ඔවුන් සමහරු අලුත් ජිවිතයක් වෙනුවෙන් කැඳවාගෙන ගිය අය.හරිම ඛේදනීයයි. මම මේ සටහනට ලංකාවේ මාර්ග වල හා රියදුරන්ගේ තත්ත්වය ගැනත් කියන්න කැමතියි. ලංකාවේ පොඩි පොඩි නොසලකා හැරිය යුතු රථවාහන වැරදි වන ඉර කැපීම වගේ දේවලට පොලීසිය මාර අටෙන්ෂන්. හැබැයි ආරක්ෂක පටි, ටයර වල තත්ත්වය , වාහන වල , ආරක්ෂක බඳ පටි ඇති ප්‍රමාණයට වාහනයට ගොඩ වීම , එකිනෙකා පිටුපස ගමන් කිරීම වගේ දේවල් ඇත්තෙම නැහැ. වාහන නැවැත්වීමේ දී, වට රවුම් වලින් එලියට යාමේදී වාහන හැරවීමේදී සංඥා එලි දැල්වීම වෙන්නෙම නැහැ. නැතහොත් දල්වපු සංඥා එලිය අක්‍රිය නොකර කිලෝමීටර දහයක් වත් ධාවනය වෙන රථ අධිවේගී මාර්ගයේ බහුලයි.
දරුවෝ ඉතාම අනාරක්ෂිත ලෙස තමයි හැම වාහනයකම රැගෙන යන්නේ. ගොඩක් විට ඇකයේ.කාරයක නම් අම්මත් ආරක්‍ෂිත පටිය නොමැතිව. අනතුරකදී පළමුව දරුවා තමයි විසිවෙන්නේ.මෝටර් සයිකල් , ත්‍රිවිලර් වල ත් දරුවෝ අරගෙන ඉගිල්ලෙන හැටි දැක්කම ඇත්තටම භයානකයි. එහෙන් මෙහෙන් දාලා තදබදයෙන් ඉවත් වෙන්න දරුවෝ ඉන්නවා කියලා හිතන්නේ නැතුව ධාවනය කරනවා.
කඩයක් ළඟ වාහන නැවැත්වීමේ ක්‍රමවේදයක් නැහැ. කාර් වලින් ලොරිවලින් එන අය කිසිම වග විභාගයක් නැතිව අනික් වාහන අවහිර වෙන්න පාර්ක් කරලා කඩේ යනවා.ලංකාවේ රථවාහන බලපත්‍රය කියන්නේ මොකක්ද කියලා මිනිස්සු දන්නේ නැහැ වගේ හැසිරෙන්නේ. බස් වල යනකොට පේන දේ තමයි මහා මාර්ගයේ අයිතිය නතු කරගෙන තමන්ට විශාල සිරුරක් තියෙන නිසා ඒ සිරුරේ අනතුර අනිත් අයට දන්වමින් ඉරි කපමින්, ඕනෑම වන්ගුවක අභිබවා යමින්, විරුද්ධ මාර්ගයේ ධාවනය වන්නාගේ අයිතීන්ද උදුරා ගනිමින්, ඒ වාහනද කාණුවට අයින් කරවමින් ධාවනය කිරීම. ලංකාව හදන්න නම්, පාරේ යනහැටි, රිය පදවන හැටි හා මාර්ගයේ හැසිරීම හදන්න ඕන. මේක අපි නිතර ලියන කියන දෙයක්.
පුනරුදය ආව ගමන් කලේ මේවා නෙවෙයි. වාහන වල කෑලි ගලවන්න ගිහින් එයාලා ව ජනතාවට එපා වෙච්ච එක. දැන් පුනරුදයට මාස 09 යි. මේ වගේ හරයාත්මක කිසිවක් ඔවුන්ගේ අවධානයට ලක්වෙලා නැහැ. අවධානයට ලක්වී ඇති එකම කෙනා අනුර පමණයි. ඔහුගේ ප්‍රතිරූපය පවිත්‍ර කිරීමට , නැංවීමට හා පවත්වාගෙන යාමට රාජ්‍ය මාධ්‍ය යාන්ත්‍රනය හා ප්‍රචාරක යාන්ත්‍රනය 80% කට වඩා යොදාගන්නවා. ඔහු සෝදා පවිත්‍ර කිරීමට වෙනම සාහිත්‍යයක් ගොඩ නැගෙමින් තිබෙනවා. මේ ධාවන කාලය, ගුවන් කාලය සංඛ්‍යාත බාවිතා කරලා රටේ පාරේ යන හැටි මිනිසුන්ට කියලා දෙන්න වැඩ පිළිවෙලක් නැහැ.අධිකතර දේශපාලන බලයක් තුල ඔවුනට රටේ ප්‍රධාන ප්‍රශ්නය වන මාර්ගස්ථ ජන ජීවිතය හා එහි ආරක්ෂාව වෙනුවෙන් කිසිවක් වෙලා නැහැ.
රියදුරු බලපත්‍රයේ ප්‍රමිතිය, මාර්ගයේ කොටස් කරුවන්ගේ ආරක්ෂාව , මාර්ගයට වැයවෙන මිනිස් පැය අඩු කිරීම වගේ වැදගත් මාතෘකා තිබෙද්දී අනුරගේ පෞරුෂයේ වර්ධනය කෘතිමව උස් කරන්න සෑහෙන බලයක් ,කාලයක් වියදමක් යොදවනවා. ෆොටෝ එකක් කොටයි කියන්න හා එය නිවැරදි කරවා ගන්න ඊයේ දිනයේ ගියපු වියදම හරියට ගණනය කලොත් මිලියන කිහිපයක් වෙනවා.
කොහොම නමුත් පාරට බහින මිනිස්සු ආපසු ගෙදර නොඑන්න පුළුවන්. හැබයි එය කලාතුරකින් වෙන දෙයක් මිස ඉහල සම්බාවිතාවක් ඇති දෙයක් නොවිය යුතුයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැන අගය කිරීමක් ගියා. අනතුරු නැති වීම සම්බන්ධව. ඒ ගුවනින් යන නිසා ..ටැක්සියකට, ත්‍රිරෝධ රියකට නැගලා බලන්න..ඔබට ලැබෙන ත්‍රාස ජනක අත්දැකීම. පාර මාරුකරන්න නිත්‍යානුකුල විදියට සැරසිලා බලන්න, ඔබට විනාඩි 15 ක් වත් ඉන්න වෙනවා සියලුම වාහන පාරෙන් ඉවත්වන තුරු. මොකද බලහත් කාරය නැතුව එය සිද්ධ වෙන්නේ නැහැ. අනෙකා බලහත් කාරියි.ඔහුට නිතීය වැදගත් නැහැ.
කොහොම නමුත් 68 ලක්ෂෙටයි , මාධ්‍ය ටිකටයි අනුරගේ පෞරුෂය ගැන බලාගන්න තිබෙනවා,, ඔය වගේ වැඩ වලට වෙලාව කොයින්ද? අනුර දැනගත යුතු එක දෙයක්: අනුරගේ අනුගාමිකයෝ කවදාවත් අනුරට ජනාධිපති වෙන්න දෙන්නේ නැහැ. විරුද්ධ වාදීන් නොවෙන්න අනුර හැට්ට අඳින සවෝදරයා ම විතරයි. අනුරගේ පෞරුෂය බිඳලා දාන්නේ තමන්ම ගොඩ නගපු දායක සභාව කියලා තේරුම් ගන්න කල් යයි.
හැබයි පුනරුදය කියන්නේ සෙලවෙන මනසකට හා අනුර මතින් පෞරුෂ අඩුපාඩු තෘප්ත කරගන්න හදන පිරිමි කවයකගේ හෙජෝමොනියකට. ඊට වඩා දෙයක් පුනරුදයේ තිබුණොත් අට පට්ටමට කියන්න. මොකද අනුර ට සුද්දෙක් පිටට තට්ටුවක් දැමීම, ලංකාවේ රාජ්‍ය නායකයා නිසා ජර්මනිය ට එන්න කීම වගේ දේවල් මාර ලොකු කරගෙන කියවෙනකොට ජර්මනියේ සංස්කෘතිය දන්නා අපට ඒවාට හිනා යනවා.