ගම ටිකක් දුර වෙලා නගරය ටිකක් ළඟ වෙලා තියෙනවා මාලිමාවට. ඒක හොඳ දෙයක්.
නාගරික ජනතාව මාලිමාව විශ්වාස කරනවා කියන්නේ රට ටිකක් සමහන් වෙලා ඉස්සරහට යාවි කියලා හිතන්න පුළුවන් තත්ත්වයක්.
ගැටුම් අඩු සෙමෙන් උනත් ඉස්සරහට යන රටක් වෙනුවෙන් මේ ප්‍රතිපලය හොඳයි.
ඒත් ගම්මුන් මාලිමාවට පොඩි සඥාවක් දීලා තියෙනවා වැටකොළු පතෝල ආණ්ඩු කෙරුවාවෙන් බැහැර වෙලා ටිකක් සෘජු ගමනක් යන්න කියලා රාජ්‍ය පාලනයේදී. විශේෂයෙන් ආණ්ඩුකරණයේදී ආධුනිකත්වයෙන් මිදෙන ගමන් පොඩ්ඩක් සංදර්ශනකාමී වෙන්න කියලා තමයි ගම කියන්නේ. මාලිමාව ඒක ගැනත් චුට්ටක් හිතුවොත් හොඳයි.
ගොඩාක් ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවන්න මාලිමාවට පුළුවන් වෙයි. සමහර ඒවෑදී සභාපති/ නගරාධිපති පත් කරනකොට සභාව ඇතුලේ ඡන්ද විමසීමකට යන්න සිද්ධවෙයි. මොකද මුළු සභික සංඛ්‍යාවෙන් 50%ක් අරගෙන නැති නිසා. එතකොට ඉතිං විපක්ෂයේ හඬට සවන් දෙන්න වෙයි. විපක්ෂයේ මන්ත්‍රිවරුන් උනත් ඒ තනතුරු වලට එන්න පුළුවන් එහෙම තැන්වලදී. මුලු සභික සංඛ්‍යාවෙන් 50%ක් අරගෙන තිබෙන තැන්වලටනම් මුල් පුටු අදාළ පක්ෂයටම පත් කරන්න පුළුවන් නිසා ප්‍රශ්නයක් නෑ. දැනට වාර්තා වෙන විදිහට නම් මාලිමාවට තනිව බලය පිහිටුවන්න පුළුවන් වෙලා තියෙන්නේ ආයතන 94ක විතරයි.
හැබැයි ඉතිං පනතට අනුව විපක්ෂය ට එකතුවෙලා බලය පිහිටුවන්න බැරි නිසා, වැඩිම ආසන ගත්ත තනි පක්ෂය විදිහට මාලිමාවට ගමේ ආණ්ඩු කරන්න පුළුවන් වෙයි.
උතුරේ ජනතාවත් ගමේ පාලනයට තමන්ගේ එකා තෝරගෙන තිබෙනවා. ඒකත් හොඳ දෙයක්.
@කේ.සංජීව