SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇත්තේ ජාතික ජන බලවේගයේ බහුතර ආණ්ඩුවකි. සිටින්නේ මාලිමාවෙන් තේරී පත්වූ 

විධායක ජනාධිපතිවරයෙකි. ඔවුන් තේරී පත්වී ගතව ඇත්තේ මාස හයකට ආසන්න කාලයකි.

 

 

වසර ගණනාවක් කල් ගිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන්නේ  එවැනි වටාපිටාවක ය.

ඡන්දය පැවැත්වෙන්නේ අද (06) දිනය.

 

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන 339ක් සඳහා ඡන්ද විමසීම අද පෙරවරු 7:00 සිට පස්වරු 4:00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,759ක මෙම ඡන්දය පැවැත්වේ.

 

පරිපාලන දිස්ත්‍රික්ක 25ක පළාත් පාලන ආයතන කොට්ඨාස 4,877ක එම ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇත.

 

මෙහිදී නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, නියෝජ්‍ය සභාපති, ඇතුළු සභිකයන් 8,287ක් පළාත් පාලන ආයතන සඳහා මෙම ඡන්දයෙන් තෝරා පත්වීමට නියමිත ය.

 

මේ අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය නිහඬ කාලය තුළ පවා තම පක්ෂයේ ආධාරකරුවන්ට මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලීමට දැනුම් දීමෙන් මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට සමාජ මාධ්‍ය තුළ මෙන්ම ජාතික මාධ්‍ය හරහා ද විවේචන එල්ලවෙමින් පවතී.

 

එම එල්ල වී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රධාන මැතිවරණ නිරීක්ෂණ ආයතනය වන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාමාර්ගය (පැෆ්රල්) මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබේ.

 

මේ සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක වෙත ලිපියක් යවා තිබේ.

 

 

“2025 මැයි 3 වන දින නිහඬ කාලයෙන් පසුව පවා අගමැතිනි අමරසූරිය මහත්මිය තම ආධාරකරුවන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වීමට දිරිමත් කරන ප්‍රකාශයක් කර ඇති බව අපි නිරීක්ෂණය කර ඇත්තෙමු. අගමැතිනියගේ ප්‍රකාශය ඇයගේ ආධාරකරුවන් මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමට දිරිමත් කිරීමේ ක්‍රියාවක් වන අතර ඇය විසින්ම නීතිය නොසලකා හැර තිබේ,”

 

- විධායක අධ්‍යක්ෂ රෝහණ හෙටිආරච්චි

  පැෆරල් සංවිධානය.

 

 

මේ සිදුවීම පිළිබඳව මාධ්‍යවේදී මහින්ද රුබසිංහ සිය මුහුණුපොතේ තබන ලද සටහනක් තබා ඇත්තේ මෙලෙසිනි.

 

"තව පැය හතරකින් අපි නිහඬ වෙනවා. ඔබ නිහඬ වෙන්න ඕන නෑනේ. ටෙලිෆෝන් කෝල් එකක් දාලා, පාරේ යන එන ගමන් මොනවා හරි වචනයක් කියලා. ෂේප් එකේ වැඩේ කරන්න පුළුවන්."

(ආචාර්ය හරිනි අමරසූරිය - පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමට පෙර දින, 2025)

 

"ඕගොල්ලෝ තමයි මට වටිනාම මිනිස්සු ටික. හෙට හරියට වැඩේ කරන්න. මම පත්වුනාට පස්සේ ඉස්සෙල්ලාම ජොබ්ස් දෙන්නේ, සලකන්නේ ඔයාලට"

(ආචාර්ය කෙනෙක්, මධ්‍යම පළාත - මහ මැතිවරණයට පෙර දින, 2001)

 

පාර්ලිමේන්තු අපේක්ෂකවරයෙක් ඔය දෙවැනි කතාව කියන්නේ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට වැඩ කරන කණ්ඩායමකට. දොරවල් වසා දැමූ ශාලාවකදී පිටස්තර කිසිවකුට නොඇසෙන ලෙසයි මේ ප්‍රකාශය කෙරෙන්නේ.

 

ඒ වකවානුවේ හොරට ඡන්දය දැමීම තරමක් සාමාන්‍ය දෙයක්. ඡන්ද විමසීමට නොඑන පිරිස්වල ඡන්ද කාඩ් එකතු කර මේ වැඩේ සිද්ධ වුනා. අනෙක් පක්ෂවලින් සහ අපේක්ෂකයන්ගෙන් පවා එහිදී යම් අනතුරක් තිබුණා.

 

නීතිවිරෝධී වැඩක් නිසාම අවධානමක් ගෙනයි වැඩේ කළ යුත්තේ. ඒ නිසා තමයි මෙකී ආචාර්යතුමා හොරට ඡන්දය දාන එම පිරිසට ඉස්සෙල්ලාම සලකන බව කිව්වේ.

 

මම එතන සිටි කෙනෙක්. අපේ ගෞරවය දිනා සිටි කෙනෙක් එසේ වීම ගැන වික්ෂිප්ත වූයෙමි. එහෙත් දේශපාලනයේ හැටි එසේය.

 

එදා එකී දේශපාලකයාගෙන් මෙන්ම වත්මන් අගමැතිනි හරිනි අමරසූරියලාගෙන් රට බලාපොරොත්තු වන්නේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් මිස මේ ආකාර දේ නොවේ.

 

ආචාර්ය, මහාචාර්යවරුන් හෝ වෙනසක් කරතැයි සමාජය අපේක්ෂා කළත් පසුව ඔවුන්ද පවත්නා තත්ත්වයටම අනුගත වූ බව අතීතයද සාක්ෂි දරනවා.

 

දේශපාලන සංස්කෘතියේ වෙනසක් උදෙසා වත්මන් ආණ්ඩුවේ නියාමන දේශපාලනඥවරිය විය යුතු අගමැතිණිය මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයේ ප්‍රකාශයක් කිරීම කනගාටුවට කරුණක්!

|මහින්ද රුබසිංහ ගේ මුහුණුපොතෙන්.

 

 

නවතම ලිපි