SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පහල්ගම් යනු හිමාල කඳුවැටියේ පිහිටි සුන්දර නගරයක් වන අතර

එය බොහෝ විට "ඉන්දියාවේ ස්විට්සර්ලන්තය" ලෙස හැඳින්වේ.

 

 Untitled 1

 

කෙසේ වෙතත්, සංචාරක පාරාදීසයක් වන පහල්ගම් හි දී ඉන්දියානුවන් 26 දෙනෙකුගේ ජීවිත බිලිගත් ත්‍රස්ත ප්‍රහාරයේ 'වගකිවයුත්තන් සහ ඊට අනුබලදුන්නන්’ ලෙස පකිස්තානය ඉලක්ක කර ගැනීම ඉන්දියාව ප්‍රකාශ කිරීමත් සමඟ, ඉන්දියාව සහ පාකිස්තානය අතර නොසන්සුන්කාරී තත්වයක් ඇරැඹිනි.

 

ඒ අනුව  එය ඕනෑම වේලාවක පූර්ණ යුද්ධයක් බවට පත්වනු ඇතැයි යන බිය ජනිත කර මුළු ලෝකයටම ඇඟවුම් කර තිබේ.

 

 

මෙම ප්‍රහාරය පාකිස්තානු රජය විසින් ප්‍රතික්ෂේප කළ ද ත්‍රස්තවාදීන් පාකිස්තානයට සම්බන්ධ බවට තාක්‍ෂණය, ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ කනින් ඇසූ සාක්ෂි මත පදනම් වූ විශ්වාසදායක සාක්ෂි තමන් සතුව ඇති බව ඉන්දියාව පවසයි.

 

 

කෙසේ වෙතත්, එම චෝදනාව ප්‍රතික්ෂේප කරන පාකිස්තානය ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටියේය.

 

ඉන්දියාව විශ්වාස කරන්නේ එය තම භූමියේ තම පුරවැසියන් ඉලක්ක කරගත් ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි, එබැවින් ප්‍රහාරකයින් ඉලක්ක කර ගැනීම එහි විමර්ශන බලධාරීන් මත රඳා පවතී. ප්‍රහාරයෙන් පසු ඉන්දියාව දැනටමත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අඩු කිරීම, ජල ආරක්ෂාව සඳහා පකිස්ථානය විශ්වාස කරන ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීම, ගුවන් ගමන් නැවැත්වීම  වැනි පියවර කිහිපයක් ගෙන තිබේ.

 

 

මෙම සිද්ධියට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවේ, “ඉන්දියාව සෑම ත්‍රස්තවාදියෙකුම සහ ඔවුන්ට සහාය දක්වන්නන් හඳුනාගෙන, ලුහුබැඳ ගොස් දඬුවම් කරනු ඇත” සහ “පෘථිවියේ කෙළවර දක්වා ඔවුන් ලුහුබඳින” බවයි.

 

  121966664 9cf5a676 73bc 488b 91df 109c723d9159

 

 

දෙරට අතර දේශසීමාවේ මතභේදාත්මක ප්‍රදේශවල ත්‍රස්තවාදී කණ්ඩායම් අතීතයේ දී මාරාන්තික ප්‍රහාර එල්ල කර ඇති අතර, එමඟින් ඉන්දීය සහ පකිස්ථාන හමුදා අතර දැඩි ගැටුම් පවා ඇති වී තිබේ.

 

කෙසේ වෙතත්, මේ මොහොතේ තත්වය අනුව, පූර්ණ යුද්ධයක් ඇතිවීමේ ඉඩකඩ අඩුය, මන්ද ඉන්දියාව ත්‍රස්තවාදීන්ට අනුබල දෙන්නන් සහ හසුරුවන්නන් ලෙස හඳුන්වන අය ඉලක්ක කර ගනිමින් ඉලක්කගත ප්‍රහාර එල්ල කිරීමට සලකා බලමින් සිටින බව පෙනේ. එහි වචනාර්ථයන්ට  අනුව එය සම්පූර්ණ යුද්ධයකට ඉඩක් ඉතිරි නොකර සිදු කෙරෙන ප්‍රතිචාරයක් වනු ඇති බව විචාරක මතයයි.

 

 

26 දෙනෙකුට මරු කැඳවමින් පහල්ගම්හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අගමැති මෝදිගේ මැදිහත්වීමෙන් ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි විසින් නිවේදනය කරන ලද පරිදි, ඉන්දියාව 1960 දී පකිස්ථානය සමඟ ඇති කරගත් ඉන්දු ජල ගිවිසුම "වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත".

 

 

මෙම ගිවිසුම යනු ඉන්දු ගඟේ සහ එහි අතු ගංගාවල ජලය බෙදා හැරීම සහ භාවිතය සඳහා වන ගිවිසුමක් වන අතර එය පාකිස්ථානයේ වාරිමාර්ග කෘෂිකර්මාන්තයෙන් සහ එහි ජල විදුලියෙන් 80% ක් පෝෂණය කරයි. පසුගිය දශක කිහිපයක් පුරා දෙරට අතර සතුරු වර්ධනයන් මධ්‍යයේ වුවද එය ක්‍රියාත්මක විය.

 

 

පකිස්ථානය මෙය යුද ක්‍රියාවක් ලෙස දකින අතර, මේ සම්බන්ධයෙන් පසු විපරම් ක්‍රියාමාර්ග ගන්නා අවස්ථාවකදී හමුදාමය ප්‍රතිචාරයකට සූදානම් වෙමින් තිබේ. පකිස්ථානයේ ප්‍රතික්‍රියා මත පදනම්ව ඉන්දියාව මේ සම්බන්ධයෙන් තම ඉදිරි  ක්‍රියාමාර්ගය තීරණය කිරීමට ඉඩ ඇත.

 

මෙම අවස්ථාවේ දී ජලය ජීවනාලියකි. කිසිදු රටකට තම කෘෂිකර්මාන්තයට එවැනි පහරක් දැරිය නොහැක. ආහාර නිෂ්පාදනයට සහ විදුලිබල උත්පාදනයට හානි කරන හමුදා ක්‍රියාමාර්ගවලට එරෙහිව එය වැළැක්වීමක් ලෙස ක්‍රියා කරනු ඇත.

 

 

පූර්ණ යුද්ධයක් වැළැක්වීම ශ්‍රී ලංකාවට ශුභ ආරංචියක් වන අතර එය ප්‍රවේශම් සහගත ප්‍රවේශයක් ගැනීමට අවස්ථාව උදා කර ඇත. ශ්‍රී ලංකාව විසින් ත්‍රස්ත ප්‍රහාරය හෙළා දැකීම සහ සහයෝගීතාවය ප්‍රකාශ කිරීම ඉන්දියාව සතුටට පත් කර ඇත.

 

ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සමඟ එසේ කළ පළමු රටවල් අතර ශ්‍රී ලංකාව ද වේ.

 

කෙසේ වෙතත්, පාකිස්තානය ඒ ගැන කෝපයට පත් වී තිබූ අතර, එය සමනය කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගත යුතු වේ. මෙම සිදුවීමේ  ආතතිය අඩු වන තාක් කල්, මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමකට ලංකාව උනන්දු විය යුතු බව විශ්ලේෂක අදහස වන අතර මෙය ලංකා වි‌දේශ ප්‍රතිපත්තියට  දුෂ්කර කාලයක් වනු ඇත.

 

නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීමට උදව් කිරීමට එක්සත් ජනපදය ද මැදිහත් වූ අතර, දෙපාර්ශ්වයම එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.

 

දකුණු ආසියාවේ සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමින්, පකිස්ථානය සහ ඉන්දියාව අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය පසුගිය බදාදා මැදිහත් විය.

 

 

ලේකම් මාර්කෝ රුබියෝ පකිස්ථාන අගමැති මුහම්මද් ෂෙබාස් ෂරීෆ් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සමඟ සාකච්ඡා කළ අතර, මෙම අසාධාරණ ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කිරීමේදී එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ද විශේෂයෙන්ම  ඉල්ලා තිබුණි.

 

 

pahal 6

 

 

එමෙන්ම චීනය විසින්  සංයමයෙන් කටයුතු කරන ලෙසත්, සංවාද හා උපදේශන මගින් වෙනස්කම් විසඳා ගන්නා ලෙසත්, කලාපීය සාමය සහ ස්ථාවරත්වය ඒකාබද්ධව ආරක්ෂා කරන ලෙසත් ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ඉල්ලා සිටි බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ගුඕ ජියාකුන් පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කළේය.

 

ඒ, සඳුදා රාත්‍රියේ ඉන්දීය සහ පාකිස්තාන හමුදා දේශසීමා හරහා වෙඩි හුවමාරුවක නිරත වූ බවට වාර්තා වීමෙන් පසුවය. කෙසේ වුවද මෙම සියලු වර්ධනයන් සහ මැදිහත්විම් මගින් දැනට  පෙන්නුම් කරන්නේ සම්පූර්ණ යුද්ධයක් සිදුවිය නොහැකි බවයි.

 

කෙසේ වුවද පාකිස්තානයේ හා ඉස්ලාම් රටවල් ඉස්ලාම් අන්තවාදයෙන් බේරාගන්නට වැඩපිළිවෙලක් ලෝකයේ ප්‍රමුඛ පෙළේ රටවල් සහ සංවිධාන අතර තිබිය යුතු බව යළි යළිත් අවදාරණය කෙරෙන්නකි.

 

පාකිස්තානය බංකොලොත් ආර්ථිකයකින් ගමන් කෙරෙන අතර බලවත් රටවලට එය දඩමීමා කරගනිමින් තම ප්‍රතිවාදීන්ට එරෙහිව ඔවුන්ව යොදා ගැනීමට ද අවස්ථාව සැලසෙනු ඇත.

 

 

එසේම වරින්වර දේශපාලන කුමන්ත්‍රණ, රජයන් පෙරලීම, හමුදා පාලනයන් මෙන්ම ඝා‍තන සංස්කෘතිය පාකිස්තානයේ සාමාන්‍යකරණයට පත්ව ඇත. ඉස්ලාම් අන්තවාදය යොදාගත් නීති විරෝධී සංවිධාන එරටට පමණක් නොව ලෝකයේ බොහෝ රටවලට තර්ජනයක් ලෙස පැන නැගී ඇති අතර මේවා සඳහා පාකිස්තාන රජය අනුබල දෙන බවටද අදහසක් පවතී.

 

 චරසහ්බ පමරාැර

 

පාකිසාතානයේ ඇඟළුම් කම්හලක කළමණාකරුවෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කම්හල තුළ ප්‍රදර්ශනය කළ මුස්ලිම් අන්තවාදී පෝස්ටර් කිහිපයක් ගලවා ඉවත් කිරීම නිසා ප්‍රසිද්ධියේ ආයතනය ඉදිරිපිටදී පොලුවලින් ගහමින් මරා පුච්චා දමනු ලැබූ අතර ඒ මොහොතේදීද පාකිස්තාන රජය එය ආවේගකාරී පිරිසකගේ පුද්ගලික ආරෝවක් ලෙස දක්වා එය නොසලකා හැරිණි.

 

මෙවන් ඝාතනවලට අනුබල දෙක පාකිස්තාන රජය මේ මොහොතේ කාෂ්මීරයේ පහල්ගම් ඝාතනය ගැන කුමක් කියූවද එය සැකයේ වාසියට වැඩි බරක් ගෙන දෙන්නේ එළෙසිනි.

 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව රටක් ලෙස ඉස්ලාම් අන්තවාදයට මෙන්ම ඉන්දීය දේශපාලන මැදිහත්වීමේ ස්වරූපය  පිළිබඳවත් වඩාත් සංවේදී වෙමින් මෙරට විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුව ඇත.

 

 

@සමාරා පරණවිතාන  

නවතම ලිපි