SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජෙලම් ගගට හදිසියේ මුදාහැරි ජලයෙන් පාකීස්ථානයේ මුසෆරාබාද් හී හදිසි ගංවතුර තත්තවයක්!

 

ඉන්දීය පාලනය යටතේ පවතින ජම්මු කාශ්මීරයේ පෙහෙල්ගම් ප්‍රදේශයේදී සිදුවූ ත්‍රස්ථ ප්‍රහාරයෙන් පසුව ඉන්දීය රජය එය පාකීස්ථාන රජයේ සහය ඇතිව සිදුකල ප්‍රහාරයක් බවට චෝදනා කරනු ලැබුවා.

 

 

පසුව පාකීස්ථාන රජය පැවසුවේ තමා එම ප්‍රහාරයට කිසිදු සම්බන්දයක් නොමැති බවත් ඒ සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නේනම් තමා ඊට සම්පූර්ණ සහය ලබා දෙන බවයි.

 

ඒ අතරවාරයේ කාශ්මීරයේ ඉන්දු පකිස්ථාන් දේශසීමා ප්‍රදේශවල ස්ථාන කිහිපයකදී ඉන්දීය හා පකිස්ථාන් හමුදාවන් අතර වෙඩි හුවමාරු සිදුව තිබුණා.

 

ඉන්දීය ක්‍රියාමාර්ගවලට පිළිතුරු ලෙස පකිස්ථානය තම ගුවන් සීමාව ඉන්දීය ගුවන් සමාගම්වල යානාවන් වෙත තහනම් කරනු ලැබුවා.

 

 

ඉන්දීය පාර්ශවයෙන් ගත් ක්‍රියාමාර්ග අතර සින්දු ගගේ ජලය අවහිර කිරීමේ ක්‍රියාමාර්ගය දරුණු ක්‍රියාමාර්ගයක් විය.

 

20230127 wsfl20230127092as

 

පාකීස්ථානයේ ජල අවශ්‍යතාවයෙන් 80% ක් සපුරාගන්නේ ඉන්දියාව හරහා ගොස් පාකීස්ථානයට ඇතුල්වී පාකීස්ථානය තුලින් ගමන් කර කරච්චි නගරයට ආසන්නයෙන් ඉන්දියන් සාගරයට එක්වන සින්දූ නදියෙනි.

 

 

සින්දු නදියේ ඉහල ඉන්දීය පාලනය යටතේ පවතින ප්‍රදේශයේ ගග හරහා ඉදිකල දොරටුවලින් ගගේ ජලය පහලට ලබාදීම පාලනය කරනු ලබනවා. ඉන්දියාව විසින් එම දොරටු වසාදමා පාකීස්ථානයට ජලය ගලායාම නතරකලහොත් එවිට පාකීස්ථානය දැඩි ජල අර්බුධයකට ගොදුරු වනවා.

 

එවන් අර්බුධයක් හටගැනීම වලක්වා ගැනීම සදහා දෙපාර්ශවය විසින් 1960 දී ගිවිසුමක් ඇතිකරගත් අතර එය සිම්ලා ගිවිසුම ලෙස හදුන්වනු ලබනවා.

 

වත්මන් ගැටුම්කාරී තත්ත්වය තුල ඉන්දියාව විසින් එම සිම්ලා ගිවිසුම කඩකර සින්දු ගගේ ජලය අවහිර කරන බවට තර්ජනය කල අතර ඇතැම් මාධ්‍යය තොරතුරුවලට අනුව ඔවුන් තර්ජනය කල ලෙසින්ම ජලය අවහිර කර තිබූණා.

 

මේ කියවෙන සිදුවීම ගගේ ජලය අවහිර කිරීමක් සම්බන්ධව නොවේ. සාමාන්‍යයෙන් ඉහල ඉන්දීය ප්‍රදේශවල සිට පහල පාකීස්ථාන් ප්‍රදේශ වෙත ජලය මුදාහරින විට එයින් හදිසි තත්ත්වයක් ඇති නොවීම සදහා පූර්ව දැනුම් දීමක් කරනු ලබනවා.

 

 

නමුත් ඊයේ දිනයේදී ( අප්‍රේල් 26 ) ඉන්දියාව ව්සින් ජෙලම් නදියේ ජලය පූර්ව දැනුම් දීමකින් තොරව මුදාහැරීම නිසා පහල නගරයක් වූ පකිස්ථානයේ මුසපරාබාද් ප්‍රදේශයේ මධ්‍යස්ථ මට්ටමේ හදිසි ජල ගැල්මක් හටගෙන තිබේ.

 

 

මුසෆරාබාද් හී දිස්ත්‍රික් පරිපාලනය මගින් ඉක්මන් අනතුරු ඇගවීම් සිදුකල ජෙලම් නදිය ආසන්නයට නොයන ලෙස නිවේදනය කල බව සදහන් වනවා.

 

මුසපරාබාද් හී වාර්ථාවලට අනුව වෙනදාට වඩා වැඩි ප්‍රමාණයකින් ජලය නිකුත් කිරීමට ඉන්දියාව කටයුතු කිරීම නිසා මෙම හදිසි තත්ත්වය මතුව තිබේ. එමගින් ගංගාවේ පහල ප්‍රදේශවල පකිස්ථානූවන් දැඩි භීතීයකට නතුකිරීමට ඉන්දියාව උත්සාහ කරමින් සිටින බව පෙනී යයි.

 

@Tharaka WijeBahu

නවතම ලිපි