මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු නිදහස් කර ඇති බවට
මෑතකදී පළ වූ වාර්තා සඳහන් කරමින්, නීතිපති දෙපාර්තමේන්තුව පැහැදිලි කරන්නේ මෙම තීරණය ලසන්තගේ රියදුරු පැහැර ගැනීම සම්බන්ධ වෙනම නඩුවකට අදාළ එකක් බවයි.
පසුගියදා නීතිපතිවරයා හා ජනාධිපතිවරයාගේ හමුවෙන් පසුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව අවධාරණය කළේ ඝාතනය පිළිබඳ විමර්ශනය අඛණ්ඩව සිදුවන බවත් එය අවසන් වී නොමැති බවත්ය.
පැහැරගැනීමේ නඩුව එකම නඩු අංකය (92/2009) යටතේ ගොනු කර ඇති බවත්, එමඟින් සැකකරුවන් නිදහස් කිරීමේ ස්වභාවය පිළිබඳව ව්‍යාකූලත්වයක් ඇති වී ඇති බවත් එය තවදුරටත් පැහැදිලි කරයි.
එම නිවේදනයට අනුව, සැකකරුවන්ගෙන් එක් අයෙකු වන ප්‍රේම් ආනන්ද උදලගමට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නීතිමය ක්‍රියාමාර්ගවලින් හෙළි වී තිබිණි.
මේ අතර, හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල සහ විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යන අනෙක් පුද්ගලයින් දෙදෙනාට, වික්‍රමතුංග ඝාතනයට පෙර ඔහු පසුපස ගිය යතුරුපැදිවල ලියාපදිංචි අංක අඩංගු වූ බවට චෝදනා එල්ල වූ අතර, ඔහුට අයත් ක්ෂේත්‍ර සටහන් පොතක් අතුරුදහන් වීමට සම්බන්ධ බවට චෝදනා එල්ල විය.
ක්‍රියා පටිපාටිමය අඩුපාඩු සහ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකම හේතුවෙන්, නීතිපතිවරයා සැකකරුවන් තිදෙනාම නිදහස් කිරීමටත්, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී සිටීමටත් තීරණය කළ බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
කෙසේ වුවද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සහ වෙනත් අන්තර්ජාල නාලිකා මගින් පළකර ඇත්තේ නීතිපති පාරින්ද රණසිංහ ට එම ධූරයෙන් බැහැලා යන්නයි ජනාධිපති අනුර දිසානායක විසින් දැනුම් දී ඇති බව ය.
මේ අතර නීතිපතිවරයාගේ නිර්දේශ සඳහා දේශපාලන අධිකාරිය හා කැබිනට් මණ්ඩලයෙන් බලපෑම් එල්ල වීම ගැන කණස්සල්ල පල කරන බව බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියා සිටියි.
ඒ හරහා නීතියේ ආධිපත්‍යය හෑල්ලුවට ලක්වන බවද පෙන්වාදෙමින් ඔව්හු ජනාධිපති අනුර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.
කෙසේ වුවද රජය නීතිපති ඉවත් කිරීමේ කැබිනට් තීන්දුවක් මේ දක්වා ගෙන නැතැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසා ඇත.
එය අධිකරණ අමාත්‍යවරයා ලෙස තමාට තීන්දු කළ නොහැකි බව ද අමාත්‍යවරයා සති අන්ත පුවත්පතක් වෙත ප්‍රකාශ කර ඇත.
‘නීතිපති ඉවත් කරන්න කැබිනට තීන්දුවක් ආණ්ඩුව මේ දක්වා අරන් නෑ. මම තීන්දු කරලත් නෑ. මම තනියෙන් තීන්දු කරන්නෙත් නැහැනේ. අපි බලමු නීතිපති අප්‍රසාදයට පත් වෙන්න හේතු මොනවද කියලා. හේතුව තමයි දැන් ෆේස්බුක්, යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍යවල තොරතුරු වැටෙනවා. මුලින්ම කියන්න ඕනෑ අපි භාෂණ නිදහසට ගරු කරනවා. නමුත් ඒ ගොල්ලෝ ඒ ගොල්ලන්ගේ කතාව තමයි එළියට දාන්නේ. නමුත් එක තව පැත්තක් තියෙනවා.
හේතුව නීතිපතිගෙ පැත්ත එළියට එන්නේ නෑ. අවුරුදු 200ක විතර නීතිපතිගේ සම්ප්‍රදායක් තියනවා. ඒ තමයි නීතිපති මහජන ප්‍රකාශයක් නිකුත් කරන්නෙ නෑ. ඒ ගොල්ලො දේශපාලනය කරන්නෙ නෑ. ඒ ගොල්ලො උත්තර බඳින්නෙ පාර්ලිමේන්තුවට විතරයි.
මම හිතනවා නීතිපතිට විරුද්ධව විවිධ කතා එනකොට සිද්ධි සම්බන්ධයෙන් ඔහු මහජන ප්‍රකාශයක් කළා නම් අපේ රටේ පුරවැසියන් සාධාරණයි. හොඳ මිනිස්සු. ඒ මිනිස්සුන්ට දෙපැත්තම සලකා බලන්න පුළුවන්නේ එහෙම වුණොත්. ඒ ගොල්ලන්ගේ මතයට එන්න පුළුවන් නීතිපති කියන එකද හරි අනිත් අය කියන එකද හරි කියලා. ඉස්සර වගේ නෙවේ”.