පසුගියදා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ මේ රට අපරාධ රාජ්‍යයක් බවය.
අපි ඉස්සරහ අපරාධ සිදුවන බවත් විශ්වාස කරන්නෙ කව්ද යන්නත් ජනාධිපතිවරයා පැවසූවේ වැඩි ඈතක නොවේය.
එය සැබෑවකි. අපරාධ සිදුවීමටත් වඩා අපරාධය සිදුකළ බව පෙනී පෙනී අපරාධකරුවන් නිදැල්ලේ සිටීම ජනතාව විශ්වාසය සම්බන්ධ බරපතල අර්බූධයක සිටින බව කියා පායි.
2023 මැයි මාසයේදී සිදුවූ රාජ් කුමාරි නැමැති කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමක් පෞද්ගලික යූටියුබ් නාලිකාවක් මගින් සිදු කර ඇත.
ඇයගේ මරණය සම්බන්ධයෙන් එවක පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ මොහොතේ ප්‍රකාශ කර සිටියේ ඇය රැකියාව කළ නිවසේ සිදුව ඇති සොරකමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලිසියට ගෙන එන අවස්ථාවේ ඇද වැටීමෙන් ඔලුව වැදී ඇය මියගොස් ඇති බවය.
එහෙත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙලා යටතේ විභාගවන මෙම නඩුවේ ඇයගේ මරණය සම්බන්ධයෙන් දක්වා ඇත්තේ මෙය ඇද වැටීමෙන් සිදුවූ මරණයක් නොව මොට ආයුධයකින් පහරදීමකින් සිදුව ඇති මරණයක් ලෙසය.
කෙසේ වුවද ඊට අදාළ පශ්චාත් මරණ පරීක්ෂනයක්ද සිදුව නැති බවත් මේ ආකාරයට අමු අමුවේම මිනී මරන්නට හැකිවන්නේ අපරාධ රාජ්‍යයකට පමණක් බවත් අදාළ නාලිකාවේ දක්වා ඇත.
මේ සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නම සම්බන්ධ වන්නේ කෙසේද?
රාජ් කුමාරි ඝාතනය වන්නේ ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් වන සුදර්මා නෙත්තිකුමාරගේ නිවසේ රැකියාව කරද්දීය. නිවසේ සිදුවූ සොරකමක් ගැන කියා පොලිසිය කැඳවා ඇයව පොලිසියට බාරදෙන්නේ ද මෙම නෙත්තිකුමාර විසිනි. කෙසේ වුවද ඇයව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවක් කිසිදු පොලිස් පොතක ලියැවී නැති අතර ඇය පොලිසියේදී සිහිසුන් වීම නිසා රෝහලට ගෙන ගිය පසු ඇය මියගොස් ඇති බව දැන්වීමෙන් අනතුරුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඇදවැටීමේ කතාවක් මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර තිබුණි.
ඇයව කිසිදු සටහනකින් තොරව පොලිසියට ගෙන යන්නේ පොලීසියේ ප්‍රධානීන් දෙදෙනෙකුගේ කීමට බවත් ඉන් එක් අයෙක් වන්නේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බවත් අදාළ නාලිකාව මගින් හෙළිදරව් කර ඇත.
කාලයේ වැලිතලාවෙන් වැසීයන මෙවන් අනීතික අපරාධ කොතෙක් නම් ඇද්ද?
ජනාධිපතිවරයා විසින් හෙළිකල අප හමුවේ ඇත්තේ අපරාධ රාජ්‍යයක්ය යන්න සැබැවින්ම සත්‍යයකි.
අදටත් ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදීන්ගේ ඝාතනයන් මෙන්ම රාජ් කුමාරිලා ගේ ඝාතනයන්ද සිදුකළ ඝාතකයන් පිළිබඳව බොහෝ තොරතුරු තිබියදීත් ඝාතකයින් තවමත් නිදැල්ලේය.
ඝාතකයින් ගැන සාක්ෂි කොතෙක් තිබුණද අපරාධ රාජ්‍යයක එවන් අපරාධකරුවන්ට දඩුවම් පැමිණවීමේ නොහැකියාව කුමක්ද?
@තෙරේසා
සම්පූර්ණ වීඩියෝව නරඹන්න..