ආර්ථිකය ස්ථාවර කිරීම සහ මූල්‍ය ආයතන ආරක්ෂා කිරීම ඉලක්ක කරගත් පාලන ක්‍රියාමාර්ග හේතුවෙන්
ශ්‍රී ලංකාවට අලුතින් ආනයනය කරන වාහනවලට සාපේක්ෂව වැඩි මිලකට වාහන ආනයනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
වාහන ආනයනය සම්බන්ධයෙන් සමබර ප්‍රවේශයක් අවශ්‍ය බව පෞද්ගලික නාලිකාවක පැවති සාකච්ඡාවක දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා අනතුරු ඇඟවූයේ වාහන මිල සැලකිය යුතු ලෙස පහත වැටීම බැංකුවලට සහ ලීසිං සමාගම්වලට දැඩි ප්‍රතිවිපාක ගෙන දිය හැකි බවත් එය මූල්‍ය අර්බුදයකට මඟ පෑදිය හැකි බවත්ය.
විදේශ විනිමය සංචිත ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා, 2025 දී වාහන ආනයනය සඳහා ඩොලර් බිලියන 1.2 ක් වෙන් කිරීමට රජය සැලසුම් කරයි. ඊට සාපේක්ෂව, ශ්‍රී ලංකාව 2018 දී වාහන ආනයනය සඳහා ඩොලර් බිලියන 1.9 ක් සහ 2019 දී ඩොලර් බිලියන 1.4 ක් වියදම් කර ඇත.
තවත් ආර්ථික අර්බුදයක් ඇති කළ හැකි විදේශ සංචිත ක්ෂය වීම වැළැක්වීම සඳහා වාහන ආනයනය සඳහා සීමාවන් පවත්වා ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
“නියාමනයකින් තොරව ආනයනය කළහොත් අපගේ විදේශ සංචිත සම්පූර්ණයෙන්ම ඉවත් විය හැකිය. ඩොලරය පිටතට ගලායාමට තුඩු දිය හැකි ආනයන පෙබරවාරි මාසයේදී සංකේන්ද්‍රණය නොවී වසර පුරා බෙදා හැරීම සහතික කළ යුතුයි. ”
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ වාහන ආනයන බලපත්‍ර සඳහා වෙනත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බවයි.
වාහන ආනයනය ගැන තීරණය ගනු ලැබුවේ ශක්තිමත් ඩොලර් සංචිත නිර්මාණය කර ඇති පසුබිමක නොවන බවත් ආර්ථිකය තවදුරටත් ඉදිරියට තල්ලු කර වාහන වෙළඳපොළ විවෘත කරගැනිමේ අරමුණෙන් බවත් ඔහු අවදාරණය කරයි.
ඒ අනුව, මහ බැංකුව සමඟ සාකච්ඡා කර කොතරම් ඩොලර් ප්‍රමාණයක් වෙන් කළ හැකිද යන්න පිළිබඳව තීරණය කළ බවත් ඩොලර් බිලියන 1.2ක ප්‍රමාණයේ වාහන ආනයන වියදම රඳවාගැනීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් එහිදී පැවසීය.
සීමිත ආනයන පරිමාවන් සමඟින් මෙම ක්‍රියාමාර්ග නිසා නව වාහන සඳහා භාවිත කළ හැකි විකල්පවලට සාපේක්ෂව ඉහළ මිලක් ලැබෙනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
නිකුත් කර ඇති බලපත්‍ර භාවිත කරමින් වාහන ආනයනය කිරීමට ඉඩ නොදෙන බව ද ජනාධිපතිවරයා තහවුරු කළේය.