ව්‍යවස්ථාව නොදැන අගමැතිනී හරිනී අමරසූරිය කරනා කියනාදේ රටට හොඳ නැතිබවත්,
ඇයට උපදෙස් ලබාගන්නා ලෙස කීවේ එම හේතුවෙන් බවත් හිටපු අමාත්‍ය මනුෂ නානායකකාර පවසයි.
ඒහෙත් ඒ සම්බන්ධ අගේ ප්‍රතිචාරය ගැන බහුතර පිරිසක් කලකිරීමට පත්ව සිටිනා බවත්, මේ ආණ්ඩුවේ බුද්ධි මටම ජනතාව වටහාගෙන සිටිනා බවත් ඔහු පැවසීය.
දශක ගණනවක් රටේ ඉදිරි ගමන වැලැක්වූ වෘත්තිය සමිති මාළිමවෙන් ඡන්දය ඉල්ලිමත් සමග රටේ වර්ජන නැතිවී ගොස් ඇතිබවත්, රට පස්සට අදිනමින් දශක ගානක් කළ පව සුළුතර රජයක් ලෙස ගෙවීමට ජාතික ජන බලවේගයට සිදුවෙන බවත් ඔහු සඳහන් කළේය.
ගාල්ලේ අද පැවති මහජන හමුවක් අවසානයේ මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඔහු මෙලෙස අදහස් දැක්වීය.
- ආණ්ඩුවේ ව්‍යවස්ථාවෙන් ප්රජාතාන්ත්රවාදය සහ සංස්කෘතිය ඉවරයි
- ව්‍යවස්ථාව නොදැන අගමැතිනිය කරන දේවල් රටට හොඳ නෑ.
- රට පස්සට ඇදපු කණ්ඩායම මාළිමාවෙන් ඡන්දය ඉල්ලනවා.
- බදු අඩුකරන්න ආපු ජනාධිපතිතුමා ඔන්න අළුතින් බදු ගහනවා.
“මේ ඡන්දෙට එන්නේ කණ්ඩායම් දෙකයි. එකක් රට සහ ජනතාව අමාරුවේ වැටුන වෙලාවේ පැනලා දුවපු කණ්ඩායම. අනිත් කණ්ඩායම තමයි රටේ වගිකීම බාරගෙන ජනතාවගේ ජීවිත රැක දීලා අවුරුදු දෙකහාමාරකින් රට ගොඩ ගත්ත කණ්ඩායම.
සිලින්ඩරය ලකුණෙන් ඡන්දය ඉල්ලන්නේ මේ රටේ අවශ්‍යතවය වෙනුවෙන් පෙනී සිටපු ජනතාවගේ දුකට පිහිටවුන කණ්ඩායම. රට වැටුන වෙලාවේ ගොඩගත්ත කණ්ඩායම. සජිත් ප්‍රේමදාස මහත්තයා වගේම අනුර කුමාර දිසානායකත් අයිතිවෙන්නේ පැනලා ගිය කණ්ඩායමට. රටේ තත්ත්වය හොඳවුනාට පස්සේ තමයි ඒ අය එළියට ආවේ. ජනතාව මේ තත්ත්වය තේරුම් ගනිමින් සිටිනවා. ඒ නිසා සිලින්ඩරේට නොසිතපු ජන රැල්ලක් සකස් වෙලා තියනවා.
අපි කොහොමත් දන්නව පැය 24 ප්‍රශ්ණ විසඳන්න බෑ කියලා . ඒත් එහෙම කියාලා තමයි බලයට ආවේ . පැය 24 න් ලයිට් බිල අඩු කරනවා ' පෙට්‍රල් මිල අඩු කරනවා ' උගන්ඩාවේ සල්ලි ගේනවා වගේ බොරු කියලා තමා මේ අය ආවේ. ආණ්ඩුව ජනාධිපතිවරණය ජයගත්තේ බොරු කියලා බව ජනතාවට අවබෝධ වෙලා ඉවරයි. දැන් අළුත් බොරු කියනවා. හොරකම් කරපුවා මාස හයෙන් ගන්නව කියන්වා. වත්කම් පවරා ගන්නවා කියනවා. අපිත් කියන්නේ ඉතා හොඳයි පුළුවන්නම්.
මේ වන විට ආණ්ඩුව කරන්නේ දුන්න පොරොන්දු ඉටු කරන එක වෙනුවට. මැති ඇමතිවරුන්ගේ ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද, නිළ නිවාස වගේ දේවල්වල එල්ලිලා ජනතව තුළ වෛරය වපුරන එකයි. ඒත් ආණ්ඩුවේ බොරුව අඳුනා ගත්ත අය දැන් ආණ්ඩුවෙන් ඈත් වෙමින් ඉන්නවා. හැබැයි කියන්නේ අපි කකුලෙන් අදිනවා කියලා. රට වැටුන වෙලාවේ ඩොලර් එවන්න එපා කියපු අය නොවේද කකුලෙන් ඇද්දේ. අයි.එම්.එෆ් එකත් එක්ක සාකච්චා ආරම්භ කරනකොට රට වටෙම උද්ඝෝෂණ, වර්ජන කරපු අය නොවේද කකුලෙන් ඇද්දේ.
රටේ බංකොළොත් භාවය නැති කරනාකොට අනුර කුමාර මහත්තයා කීවේ මොකක්ද. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක සාකච්චා කරනකොට ඒකට විරුද්ධව රටවටේ රැස්වීම් තිබ්බා. අපි නෙවේ කකුළෙන් ඇද්දේ. ඒ අය තමයි ඒක කරේ. අපි කරන්නේ හරි වැරැද්ද පෙන්නලා දෙන එක. බදු අඩුකරනවා කියල ඇවිල්ලා අහාර ද්‍රව්‍ය වලට අළුතෙන් බදු ගහන්න එපා. මුදල් ඇමති විදියට බදු අඩුකරලා ජනතාවට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න.
ආරංචියක් තියනවා අළුත් ආණ්ඩුව අළුත් ව්‍යවස්ථාවක් හදාගෙන ඉන්නවා කියලා. තනි පක්ෂ ක්රමයක පාලනයක් හදන්න පුළුවන් විදියට ව්‍යවස්ථවක් ගෙන්නද යන්නේ කියන සැකය බොහෝ දෙනෙකුට ඇතිවෙලා තියනවා . ආගමික නිදහස අර්බුදයට යවමින් ඒ ඒ ආගම් වල සංස්කෘතියට ගැලපෙන විදියට ජීවත්වෙන්න බැරි පොදු ක්‍රමයක් ගේන ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්නද යන්නේ. ආගමික නිදහස නැති කරන්නද යන්නෙ. ව්‍යවස්ථාව ගැන කතා කරන්න බැරි අධිකරණයක ප්‍රශ්ණ කරන්න බැරි, සාකච්ජ්චා කරන්න බැරි ව්‍යවස්ථාවක් ගේන්නද මේ අය යන්නේ. කොමියුනිස්ට් ක්‍රමයක් ගේන්නද යන්නේ.
නොයෙක් නොයෙක් තැන්වල මේ ගැන කතා වෙනවා. කලින් හදපු ව්‍යවස්තාවක් ගේන්නද යන්නේ. 2019 වසරේ හදපු ව්‍යවස්ථාවක් තියනවා. අගමැතිනියගේ යෝජනා ඒකේ තියනවා ඒකේ තියනව ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ගැන යෝජනා. ආගම සම්බන්ධව තීන්දු ගන්නෙ කියන එක ගැන. එල්.ජි.බි.ටි සම්බන්ධව ගැන ගන්නා තීරණ. මේවා ගැන පැහැඳිළි උත්තරයක් දෙන්නෙ. මැතිවරනයේදී ජනතාව වැරදි තීරණයක් ගත්තොත් ආපස්සට අදින්න බෑ,
ජනධිපතිතුමා තවමත් රැස්වීම් තිය තිය විපක්ෂයේ භූමිකාව කරනවා. අපි එතුමට මතක් කරලා දෙන්නෙ කැමතියි එතුමා දැන් ජනාධිපති බව. ඒ නිසා වැඩ කරන්න. විපක්ෂයට බැන බැන ඉන්නෙ නැතිව. දැන් හාල් හිඟයක් තියනවා. කඩවල් වල බෝඩ් ගහලා තියනවා එක් අයෙකුට කිලෝ 5 දෙන්නේ කියලා. ආහාර ගැන අවිනිස්චිත බාවයක් තියනවා. කහ ගෑස් නෑ. අනිත් ගෑස් වල මිල වැඩි කරන්න දුන්නෙ නෑ. මැතිවරණයේදී දේශපලන වාසි ගන්න. ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ ලබන් මාසේ. ගෑස් මිල ලොකු ගානකින් වැඩි වෙන්න පුළුවන්. පොල් හොයාගන්න නෑ. රටේ තත්ත්වය මෙහෙම තියෙද්දි අනිත් අයට බැන බැන, අරයාගේ මෙයාගේ වරප්‍රසාද නැති කරනවා කිය කිය ප්රශ්ණයෙන් පැනලා යන්න එපා. දෙනවයි කියු සහන දෙන්න.
අළුත් ඇමතිවරු සංචාර ගිහින් අපි කරපුවා, දැනට කරගෙන යන බලනවා. මධ්‍යම අධිවේගය හදනකොට පණු කරඳගහක් දාගෙන ඒකේ වියදම ඩබල් කරපු අය ඊට වඩා වියදමක් අද කරනවා. දැන් කියන්වා භාණ්ඩ මිල වැඩි වෙනකොට එහෙමලු. ඒකාලෙ කීවේ කොමිස් ගහනවා කියලා . ඒ වගේ කථ කියපු අය. වරාය බලන්න යන එක හොඳයි.
පිටරටක් එක්ක එකතුවෙලා වරාය හදනකොට ඒකට විරුද්ධවෙච්ච අය. කොළඹ වරායේ කටයුතු වලට කරපු බාධා නිසා සිංගප්පුරු වරාය දියුණු වුනා. දැන් හරි ගිහින් වරාය බලන එක හොඳයි.
ඩබල් කැබ් එකෙන් යනව කියපු අය අපි දන්නවා බී.එම්.ඩබ්ලිව්, රේන්ජ් රෝවර් වල යනවා. කියපු එකයි, කරන එකයි දෙකක් වෙන්න හොඳ නෑ . එකක් කරන්න. අපි දැන් දක්කා ලාල් කාන්තත් රේන්ජ් රෝවර් එකක යනවා. අපි අහන්නේ අර ගෝල් ෆේස් එකට ගෙනල්ල දාපු වාහනද ලාල් කාන්ත මහත්තයා පදින්නේ. මොන පදනමකින්ද එයා ඒක පාවිච්චි කරන්නේ.
ජනාධිපතිවරයෙක් උනාම ඒ ඒ විෂය ගැන සහය දෙන්න උපදේශකවරු ඕන වෙනවා. නමුත් ජනාධිපතිවරයාට ඉන්න උපදේශකයෝ කියන දේවල් මේ අයට වැටහෙන්නේ නැතිනම් ඒක ප්‍රශ්ණයක්. අපි බලමු අනාගතයේදී මොකද වෙන්නේ කියලා. හරිනී අමරසූරිය අගමැතිනියට උපදෙස් ගන්න කීවේ එතුමිය කියන කරන දෙවල් මේ රටට හොඳ නැති නිසා. රට ජේ.වී.පි රටක්වත්, යූ.එන්.පී රටක්වත් නොවේ. මේක හැමෝගේම රට. රටේ වැඩ කටයුතු ව්‍යවස්ථාව නොදැන වැරදි තැනකට යන බව අත්දැකිම් තියෙන කෙනෙක් කීවාම ඒක පිළිගන්න එක හොඳ දෙයක් . වගකීමක් ඇතිව හැසිරෙන්න ඕන. ජනතාව තේරුම් අරන් තියෙන්නේ මේ අයගෙ බුද්ධි මට්ටම.
ආසන දෙසිය විසිපහම ගන්න ආපු ජ.වි.පෙ ට දැන් සරළ බහුතරවත් විශ්වාස නෑ. ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලයෙන් පේන්නේ එක තමයි . සුළුතර ආණ්ඩුවක් පිහිටෙව්වත් අපි මේ අයට ආණ්ඩුව කරන්න දෙනවා. මේ තරම් කල් රට පස්සට ඇද්ද කණ්ඩායාම අන්න දැන් මාළිමාවෙන් ඡන්දය ඉල්ලනවා. ඒ නිසා දැන් වර්ජන නෑ. ඒක හොඳයි. රටේ ඕන කෙනෙකුට තේරෙනවා කවුද මව්බිමේ සාපය කියලා . මේ රට කරන් යන්න නොදි කරපු පව සුළුතර ආණ්ඩුවක් හරි අරගෙන මේ අය ගෙවිය යුතුයි”.