SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරයාගේ සිට ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා යහපත් දේශපාලන ප්‍රමිතීන් සකස් කරන බවත්,

බලයේ සිටින විටත් මහජනයාගෙන්ම යැපී, විශ්‍රාම ගිය පසුත් මහජන මුදලින් යැපෙන දේශපාලන සංස්කෘතිය අවසන් කරනවා බවත්  ඊයේ බුල්ලේ පැවති ජන රැළිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ ය.

 

WhatsApp Image 2024 11 04 at 13.14.561

 

“ජනාධිපතිවරණයේදී අප ඉතාමත්ම අසීරු කඩයිම පැන්නා. දීර්ඝ කාලයක් තිස්සේ මැතිවරණ තිබුණා. ඒ හැම මැතිවරණයක්ම ජයග්‍රහණය කළේ ඒ අයයි. ඒ අය බෙදිලා ඡන්ද කරලා පස්සේ එකට එකතුවෙලා ආණ්ඩුව හැදුවා. දීර්ඝ කාලයක් එහෙට මෙහෙට දේශපාලන බලය මාරුණා. නමුත් පහුගිය ජනාධිපතිවරණයේදී බලය ජනතාව වෙත මාරු වුණා. පසුගිය ජනාධිපතිවරණයේදී බදුල්ලට කොළඹින් නායකයෝ ආවා. ජනාධිපති ආවා. හිටපු ජනාධිපතිලා ආවා. දැන් එනවද? මැයි දිනයට ඇවිත් කිව්වා වතු ජනතාවට රුපියල් 1700ක් දෙනවා කියලා. රජයේ සේවකයින්ට වැටුප් වැ ඩිකරනවා කිව්වා. කළාද? ඒ වගේම ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළොත් වෙන දේවල් පිළිබඳ විශාල අවලාද ප්‍රමාණයක් කිව්වා. ඔවුන් තමන්ගේ අතින් බලය ගිලිහී යාම වැළැක්වීම සඳහා සෑම ශතයක්ම වියදම් කළා. ඒවට මාධ්‍ය භාවිතා කළා. ඔවුන්ගේ අතේ බලය තියාගන්න උපරිම වෙර වීරිය දැම්මා. ඔවුන්ගේ උපරිම බලය පරාජය කරලා මහජන බලය ඉස්මතු කිරීමට සැප්තැම්බර් 21 වන සමත් වුණා. දීර්ඝ කාලයක් ඔවුන් අතේ තිබුණු බලය මේ රටේ ජනතාවගේ මැදිහත්වීම මත පරාජයට පත් කළා.

 

සමහර අය කියනවා ඡන්දෙ ටිකක් කම්මැලයි වගේ කියලා. දැන් හාල් බෙදන්න එනවද? බස් බෙදන්න එනවද? නැහැ. ඒ අය ස්වේච්ඡාවෙන්ම පරාජය බාරගෙන ඉවරයි. ඉස්සර කොළඹින් බදුල්ලට ආපු නායකයෝ දැන් කොළඹ ඉඳන් තමන්ගේ ඡන්දය කරනවා. සමහර නායකයෝ 1977 පාර්ලිමේන්තුවට ඇවිල්ල තියෙන්නේ. මන්ත්‍රීකම, ඇමතිකම, කතානායකකම, විපක්ෂනායකකම, අගමැතිකම, ජනාධිපති ධුරය ඒ සියල්ල දැරුවා. නමුත් ඡන්ද පැරදුනා. අවුරුදු 47ක් පාර්ලිමේන්තු ඉදලා විශාල මන්ත්‍රීකම්, ඇමතිකම්, විපක්ෂයනායකකම් අරගෙන නැවත නැවත ආයි එන්න හදනවා. ඒ අයට පරාජය දරාගන්න බෑ. මීට කලින් පැරදුනාට අවුලක් නෑ. මොකද පැරදුනේ ඒගොල්ලන්ගේම පැලැන්තියේ අයටයි. එයාලා හැමදාම හිතුවේ එයාලගේ පන්තිය අතේ බලය තියාගන්න පුළුවන් කියලයි. මේ වසර 76ම ඒගොල්ලන්ගේ පන්තිය අතේ බලය තිබුණේ. පවුලෙන් පවුලට බලය මාරු වුණා මිස ජනතාව අතට බලය මාරු වෙලා නැහැ. වෙනදා පරාජයන් දරාගන්න පුළුවන්. පරදින්නේ තමන්ගේ කෙනෙක්ටමයි. දිනන්නේ තමන්ගේ කෙනෙක්මයි නිසා. නමුත් මේ පරාජය ඔවුන්ට දරාගන්න බැහැ. ඔවුන් හිතනවා ඔවුන් ඉපදිලා ඉන්නෙම මේ රට පාලනය කරන්න කියලා. පොදු ජනතාව ඉන්නේ එයාලව නඩත්තු කරන්න කියලා. ඒ අය වේදිකා ගානේ ඇවිල්ල කියන්නේ දුක. ජාතික ජන බලවේගය ආණ්ඩුව මේ රට හදලා මිසක් නැවත හැරෙන්නේ නැහැ.

 

ඇතැම් ආණ්ඩු ඉතිහාසයේ අතරමග වැටිලා තියෙනවා. 2002 හදපු ආණ්ඩුව 2004 වැටුනා. මතක තියාගන්න ඒ වැටුන නෙමෙයි අපි එකතුවෙලා වැට්ටුවා. 2020 හදපු ආණ්ඩුව 2022 ජනතාව පලවා හැරියා. අතරමඟ ආණ්ඩු වට්ටල තියෙන්නේ ජනතාවයි. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තිබුණා. කැබිනට් මණ්ඩලයේ ඥාතීන් අටදෙනෙක් හිටියා. ලක්ෂ හැට නමයක් ඡන්දය දුන්නා. නමුත් 2022 වෙනකොට   ජනතාව ආණ්ඩුව වැට්ටුවා. ඡන්දෙ දීල දවසෙන් දෙකෙන් ඒ ආණ්ඩුවෙන් ජනතාව ඉවත් වුණා. ජාතික ජන බලවේගය ආණ්ඩුව පසුගිය සැප්තැම්බර් 21වෙනිදා ඡන්දය ලබාදුන් ජනතාවට වඩා දැන් මාලිමාව වටා ජනතාව එකතු වෙමින් තිබෙනවා. ජනාධිපතිවරණයේදී ඡන්දය නොදුන් ජනතාවත් අප සමග එකතුවෙමින් තිබෙනවා. අප ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ඉදිරියට යන ආණ්ඩුවක්. එය කිසිසේත් වට්ටන්න බැහැ. ඒගොල්ලෝ කවුරුත් ඇවිල්ලා ආණ්ඩුව ඉල්ලනවද? දැන් ඉල්ලන්නේ විපක්ෂය. එයාලම පිළිඅරගෙන තිබෙනවා නියත පරාජය. ඔවුන්ට ආණ්ඩුවක් හදන්න හිතන්නවත් බැහැ.

 

ජනාධිපතිවර්ණයේදී ඒ අය අපට නැගූ අවලාද නිසාම දැන් වෙනකොට වේදිකාවක දේශපාලන ව්‍යාපාරයක් කරන්න බැරි තැනට ඔවුන් පත්වෙලා. මොකද වේදිකාවට නැගල ඒගොල්ලෝ ඡන්ද ව්‍යාපාරය කරද්දී ජනතාව ඔවුන්ගෙන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න විදිහක් නැහැ.

 

WhatsApp Image 2024 11 04 at 13.14.55

ශක්තිමත් දේශපාලන නායකත්වයක් ජනතාවට දෙන්න ඕනේ.

 

පාර්ලිමේන්තුව, පළාත් සභාව, ප්‍රාදේශීය සභා හරහා තමයි එම දේශපාලන බලය ගොඩනැගෙන්නේ. ගමේ ප්‍රශ්න විසඳන්න, රටට විනයක් හදන්න, රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න සමීප දේශපාලන නායකත්වය අවශ්‍ය වෙනවා. දේශපාලන නායකත්වයක් තිබෙන තැන්වලින් අපිට තවම බහුතර බලයක් නැහැ. අපට දැනට තියෙන්නේ ජනාධිපති පුටුව පමණයි. පාර්ලිමේන්තු බලය තවම නැහැ. ඒනිසා මේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික ජන බලවේගයේ විශාල පිරිසක් පාර්ලිමේන්තුවට එවිය යුතුයි. ඒකට විපක්ෂයෙන් ගිහිල්ලා හරියන්නෙ නැහැ. ඒකට යන්න ඕනේ ආණ්ඩු පක්ෂයෙන්. මේ සැරේ බලවත් ආණ්ඩුවක් හැදිය යුතුයි. අපගේ සැලසුම් ප්‍රාදේශීය වශයෙන් ඉදිරියට ගෙන යෑමට එවැනි බලවත් ආණ්ඩුවක් අවශ්‍යයි. අපේ රටට යහපත් දේශපාලන විනයක් අවශ්‍යයි. අප හැමදෙනාම නාස්තිය අවම කරමින්, දූෂණය අවම කරමින් රටේ ජනතාව බලා ගනිමින් කටයුතු කරනවා.

 

ඇමතිවරුන්ට ලබාදී තිබෙන වරප්‍රසාද අපි ඉවත් කරනවා. ඉන්න ජනාධිපතිවරණයාට පමණක් නෙවෙයි හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාදත් අවම කිරීමට අප කටයුතු කරනවා. මහජන ධනය නිරපරාදේ වියදම් කිරීමට අප ඉඩ තියන්නේ නෑ. ඒ සඳහා නිසි ප්‍රතිපත්තියක් සකස් කරනවා. අපි කිසි කෙනෙකුගෙන් පළිගන්නවා නොවෙයි. යහපත් දේශපාලන ප්‍රමිතියක් සකස් කරනවා. එහෙම ප්‍රමිතියක් ඕන නැද්ද? තමන්ට රිසිසේ රට පාලනය කරන යුගය අපි අවසන් කරනවා. ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා යහපත් දේශපාලන ප්‍රමිතීන් සකස් කරනවා. දැනට තිබෙන අයාලේ යන දේශපාලනය ප්‍රමිතිගත කරනවා. දැනට තිබෙන පාර්ලිමේන්තු ප්‍රමිතියෙන් තොර පාර්ලිමේන්තුවක්. මුදලට විකිණෙන මන්ත්‍රීවරු ඉන්න, අපරාධකරුවන් ඉන්න පාර්ලිමේන්තුවක්. මෙවැනි පාර්ලිමේන්තුවක් ප්‍රමිතිගත කරන්න ඕන නැද්ද?

 

 

මහජනයාගෙන්ම යැපිලා, මහජන ධනයෙන් ගත්ත වාහන පැරදිලා යනකොටත් අරගෙන යනවා. මේ පරපුටු දේශපාලන නවත්තන්න ඕන. ඒ සඳහා පාර්ලිමේන්තු බලය ඇති කිරීමට බදුල්ල දිස්ත්‍රීක්කයෙන් වැඩි මන්ත්‍රී ධුර ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ පිරවිය යුතුයි.

 

 

ගැඹුරුතම ආර්ථික අර්බුදයට ලක්වී තිබෙන රටක් අපට දුන්නේ. ඒ නිසා මේ ආර්ථික තත්වය යටතේ ජනතාවගේ අවශ්‍යතාවන් ලබාදෙමින් පවත්වාගෙන යාම තමයි අපි මේ කාලයේ සිදු කළේ. මේ දින ගණනට ආයෝජකයන්ගේ විශ්වාසය, ගොවි ජනතාවගේ විශ්වාසය, ධීවර ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට අප සමත් වුණා. ඩොලරය තුන්සියට අඩුවෙන් පවත්වාගෙන යාමට අප සැලසුම් හැදුවා. ගෑස් හිගයකින් තොරව ලබාදීමට අපි සැලසුම් හැදුවා. ආර්ථිකය කඩා නොවැටි ඉදිරියට යාමට අප මැදිහත් වී තිබෙනවා. පාර්ලිමේන්තු බලයත් සමග ආර්ථිකයේ හැරුම් ලක්ෂයක් ඇති කිරීමට අපි සැලසුම් සකස් කර තිබෙනවා. කෘෂිකර්මාන්තය දියුණු කිරීමට, රාජ්‍ය සේවාව කාර්යක්ෂම කිරීමට, රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමට, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අප සැලසුම් සකස් කර තිබෙනවා. 2025 වසර ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණි වසර බවට අප පත් කරනවා. ආර්ථිකයට පණ පොවන්න අප සැලසුම් හදනවා. ග්‍රාමීය ජනතාව දුප්පත් භාවයෙන් මුදා ගැනීම සඳහා සැලැස්ම අප සකස් කර තිබෙනවා. අධ්‍යාපනය විශාල ප්‍රතිසංස්කරණයක් ඇතිකිරීමට අපේක්ෂා කරනවා. සෑම දරුවෙක්ම හැකියාව නිපුණතාවය සහිත දරුවෙක් ලෙස පාසලෙන් එලියට ඒම සඳහා අප වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

 

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කැළි කසළ නැති දකුණු ආසියාවේ හොඳම රට බවට පත් කරනවා. විනයක් ඇති ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා. විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය දියුණු කිරීමට කටයුතු කරනවා. කර්මාන්ත ක්ෂේත්‍රයේ නවෝදයක් ඇති කිරීමට අප කටයුතු කරනවා. කඩා වැටුණු රට, ලෝකය ඉස්සරහ අසරණභාවයට පත්වී තිබුණු රට, යළි පුනරුදය කරා කැඳවීම අප ආරම්භ කර තිබෙනවා. ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සඳහා මේ රටේ එම ක්ෂේත්‍රයේ ඉහළම දැනුමක් තියෙන පුද්ගලයා අප සමග වැටුප් රහිතව ස්වේච්ඡාවෙන් එකතුවී සිටිනවා. එහෙමයි අප වැඩ කරන්නේ. මේ රටේ ජනතාව සමග පොර බඳිමින් මේ රට ගොඩනැගීම සිදු කරන එකම ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි. මේ ආණ්ඩුව රට හදන ගමන් ජනතාව බලාගන්න ආණ්ඩුවක් බවට පත්වී තිබෙනවා. එහෙම ආණ්ඩුවක් කවදාවත් පත් වුණේ නැහැ. අනාගත පරම්පරාව දුක් විඳින්නේ නැති රටක් අපි නිර්මාණය කරමු. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාට එක්වෙන ලෙස ආරාධනා කරනවා.

 

 

ජන රැළිය ඇමතූ  වතු ජනතාව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික, බදුල්ල දිස්ත්‍රික් අපේක්‍ෂිකා, අම්බිකා සැමුවෙල් පවස්නනේ සැප්තැම්බර් 21 වැනිදා ලැබූ ජය නොවැම්බර්  14 දින  තවත් ශක්තිමත් වන බව ජනතා උද්යෝගයෙන් සහතික වන බවයි.

 

WhatsApp Image 2024 11 04 at 13.15.15

 

 

‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ ගොඩනැඟීම අරමුණු කරගෙන සැප්තැම්බර් 21 වැනිදා ලැබූ ජයග්‍රහණය නොවැම්බර් 14 වැනිදා තවත් ශක්තිමත් කරන බව මේ ජනතාව දකින විට සහතික වෙනවා. මාගේ දෙමාපියනි, සහෝදර, සහෝදරියනි, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතිකත්වයන් සහ සියලු ආගම්වල අප සියලු දෙනා එකම පරමාර්ථයකින් එකමුතු වී රට ගොඩනැඟීමේ ශ්‍රමදානයට එකතු වෙමු කියන පණිවුඩය ඔබ සියලු දෙනාටම මා ලබා දෙනවා. අවුරුදු හැත්තෑහයක් පුරා ජාතිවාදය, ආගම්වාදය පතුරුවමින්, අප බේදකරලා ඔවුන් පාලනය ගෙන ගියා. ඒ තත්වය පරාජය කරමින්, ජාතික ජන බලවේගයේ සෙවණට අප හැමෝ ම එකතුවී එකමුතුභාවයේ බලය පෙන්වමින්, නොවැම්බර් 14 වැනිදා ජයග්‍රහණය කරනවා. ඊට පසුව මේ දේශපාලනය, සමාජය, සංස්කෘතිය, ආගමික යන සියලු ආකාරයෙන් නව පුනරුද යුගයකට පා තබන්න අප සියලු දෙනා එකමුතු විය යුතුයි. ඒ වාගේම ජාතික ආර්ථිකය ගොඩනඟන්න ඉතා ඉක්මනින්ම අත්වැල් බැඳගෙන කැප වෙමු කියන පණිවුඩය මම ඔබ සියලු දෙනා හමුවේ තබනවා.

 

 

නවතම ලිපි