SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගංවතුර සමග නැවත වතාවක් ස්වභාවික ආපදා සහ ඒ හරහා සිදු‌ව ඇති  විනාශයන් යළි සාමාන්‍ය තත්වයට ගෙන ඒමට වැයවන ප්‍රතිපාදන සම්බන්ධයෙන්

පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් කතිකාවක් ඇරඹී ඇත. ඇත්ත වශයෙන් මේවා ස්වභාවික ආපදා නොව මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා පැන නැගි තත්වයන් උවද ඒවාට යළිත් මුහුණ දීමට සහ විපතට පත්වන්නට සිදුව ඇත්තේ ද මහ ජනතාවටම ය.

 

කෙසේ වුවද සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් හිටපු මුදල් අමාත්‍යවරයෙක් මෙන්ම වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක තම අමාත්‍යධූර කාලය තුළ ස්වභාවික ආපදාවන් සම්බන්ධව ගෙන ආ යෝජනාවක් පිළිබඳව මෙන්ම එම යෝජනාවන් අතරමග නතරවීම පිළිබඳව ද පවසා තිබුණි.

 

තමා මුදල් අමාත්‍යවරයාව සිටියදී  රටම ආවරණය වන ආකාරයට ස්වාභාවික ආපදා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙමින්  2016 අයවැය යෝජනා මගින් එය ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ සිදුකළ බවත් එහිදී එම අරමුදල සඳහා සිදුවිය හැකි අලාභ  අවධානම වැළක්වීමට ප්‍රතිරක්ෂණයක් ගෙන ඒමටත් සැලසුම් කළ බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

 

නීල හරිත 1 

 “ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර දෙස් විදෙස් රක්ෂණ සමාගම් වෙත ඊට ආරාධනා කළා. එහිදී වරලත් ගණකාධිකාරවරයකු වන ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු විසින් මැදිහත්ව ඉදිරිපත් කළ විදෙස් සමාගමක් වෙත ප්‍රතිරක්ෂණ අවස්ථාව ලබාදුන්නා.

2016 අයවැයේ දී මා ස්වාභාවික ආපදා රක්ෂණය වෙනුවෙන් රුපියල් මිලියන 330 ක් වෙන්කළා. නමුත් ස්වාභාවික ආපදා රක්ෂණ වන්දි ලෙස රුපියල් මිලියන 15800ක් 2016 වසරේ දී අප ලබාගෙන ජනතාවට නිකුත්කර තිබුණා. ඒ වගේම තමයි 2017 වසරේ දී රුපියල් මිලියන 590ක් වෙන්කර වන්දි ලෙස රුපියල් මිලියන 17000ක් ලබාගෙන තිබුණා. ඒ වන්දි, ගංවතුර, සුළි සුළඟ , නායයාම් හමුවේ අවතැන් වන ජනතාවට විතරක් නෙවෙයි, නියඟයෙන් පීඩාවටපත් ගොවියාටත්, ධීවර කටයුතු වලදී ස්වාභාවික ආපදාවකට ලක්වන ධීවරයටත් හිමිවුණා.

සැබවින්ම ඒ වන්දි  මුදල් අපි රක්ෂණ වන්දි ලෙස එදා ලබා නොගත්තා නම්, මේ සඳහා වියදම් කරන්න සිදුවෙන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන්. ඒ කියන්නේ ජනතා බදු මුදල් වලින්. ඒ මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වැයකළ විට එම වියදම පියවා ගන්න නැවත බදු අය කරගන්න සිද්ධ වෙනවා. ඒ සඳහා ගෙවන්නෙත් ජනතාව. කවුරු රට පාලනය කළත් යතාර්ථය එයයි. එසේ නම්  ජනතා නියෝජිත වගකීම ජනතාව පීඩාවට පත්නොවන ආකාරයට ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමයි”.

 

2017 අයවැය යෝජනාව

නීල 3නීල 5

 

හිටපු මුදල් අමාත්‍ය රවී  කරුණානායක පවසන්නේ රටේ හොඳ දේට නිතර සිදුවන ඉරණම එම කටයුත්තට සිදුවූ බවය. එනම් ඔහු කියන පරිදි මහ බැංකු සිදුවීම සමග මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම කටයුත්ත ඉදිරියට ගොස් නැති බවය.

 

ඔහුගෙන් පසුව ආසන්නතවම  මුදල් අමාත්‍ය ධූරයට පත්වූයේ අද අප අතර නැති මංගල සමරවීර හිටපු ඇමතිවරයායි. ඔහු විසින් ගෙන ආ අයවැය යෝජනාවලිය බොහෝ විද්වතුන්ගේ සාකච්ඡාවට බඳුන්වූ නීල හරිත අයවැයයි.

 

නීල හරිත 2

 

 

 “පසුව පැමිණි පාලනයන් එම ජාතික වැදගත්කමකින් යුතු ප්‍රතිපත්තිය අත්හැර දමා තිබෙනවා. ඒ වෙනුවට ඔවුන් කෙසෙල් ගෙඩිය කා ලෙල්ල බිම දමන, පසුව ඊටම ලිස්සා වැවීම තෝරාගෙන තිබුණා.

නමුත්  මා ආසියා ෆැසිපික් කළාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස සම්මානයට පාත්‍ර වූ 2017 වසරේදී මෙහි පැමිණි ලෝක බැංකු නියෝජිතයන් රටම ආවරණය වන ආකාරයට දියත්කළ ස්වාභාවික ආපදා රක්ෂණ ක්‍රමය ඉහළ ඇගයීමකට ලක්කලා. ඒ වගේම ඔවුන් මට සඳහන් කළා "මේ වගේ අත්දැකීමක් අපි ලැබුවේ ලෝකයේම පළමු වතාවට බව. ඇත්තටම මම පෞද්ගලිකව එවැනි  ඇගයීමකට ලක්වීම සතුට දනවන කරුණක්. නමුත් ලෝකයෙන් පැසසුම් ලද එවැනි ප්‍රතිපත්තියක් අප විසින් අහිමිකර ගැනීම ජාතික අවාසනාවක්. මෙවැනි මොහොතක හෝ යළි එවැනි තිරසාර ප්‍රතිපත්තියක් ගැන සිතීම ජාතික අවශ්‍යතාවක්.”

 

රවී කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි