SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රොහාන් නමින් හැඳින්වෙන පුද්ගලයා මිය ගිය පසු විශේෂ ආඩපාලි රැසක් මුහුණු පොතේ සංසරණය වුණා.

විදේශගතව සිටි මා ඒවායින් කිහිපයක්

හෝ බොහොමයක් කියෙව්වේ වික්ෂිප්තව.

 

රොහාන් ගේ හුස්ම පොද නතර වීමේ

සංවේදී කතාව මට දැන්වූයේ මා සදා හිතවත්

රුවන් ෆර්ඩිනැන්ඩස්.

ඔහු ද අපේ මාතොට සගරාව

සංඝායනාවක් බවට පත් කරන්නට

උරදුන් පුරෝගාමී ව්‍යවසායකයා.

 

කරුණු නොසොයා කරන කතා අතර

මෙහෙම ඒවා ද තිබුණා.

+ ඔහු සිංහල නමින් සිටි මුස්ලිම් ජාතිකයෙක්.

+ ස්ත්‍රීවාදය ගැන න්‍යාත්මකව කතා කොට,

ගෑනු සමග යමරෙට නිදා ගත් එකෙක්.

+ ජවිපෙට හා ඇතැම් අවස්ථාවලදී යූඑන්පී කාරයෙක්.

+ ඔත්තු කාරයෙක්.

+ නර්තන වැනි විශේෂ තැන් වල කරක් ගැසූවෙක්.

+ දාර්ශනිකයෙක්.

යනාදී වශයෙන්.

 

මට ඔහු හමුවන්නේ " යාත්‍රා" කල්ලිය සමයේ.

අගරදගුරු කෙනත් ප්‍රනාන්දු ගේ අනුග්‍රහයෙන් ඇරඹි මෙම සගරාවට මතවාදී දායකත්වය ලබා දුන් බුද්ධිමත් අය අතර රොහාන් ද වුණා.

පසුව අප විවිධ ක්ෂේත්‍රවල/ විවිධ තැන්වල න්‍යාත්මකව හා මතවාදීව දාර්ශනිකව ස්ථානගත වුණා.

සමාජ වෙනසක් කරන්නට නම් විසංයෝජනය අත්‍යවශ්‍ය සාධකයක්ය යන්න හිතුවා.

නව මාක්ස්වාදය හා පශ්චාත් නූතනවාදය එකල ඊට ප්‍රබල ආයුධයක් වුණා.

 

රොහාන් ගේ ගමනේ ක්‍රමික විකාශනයේ ස්ථානගතව සිටි මතවාදී අම්බලම් ගැන නොදැන පසුකාලීනව පොරවල් වූ චින්තන වැනි " හිටිවන දාර්ශනිකයන්" දැන් බයිලා කියයි.

දැං දාර්ශනික පොරවල් වලට රොහාන් ගේ පොලිටික් එක හසු නොවන්නේ ඔවූන් තනිකරම සිවිල් ඇකඩමෙනියානු තක්කඩියන් නිසා.

ඔවුන් සමාජ ව්‍යූහාත්මක වෙනසකට අනුරූපව ක්‍රියා නොකරයි.

ඔවුන්ට අවශ්‍ය වන්නේ " සමාජ ප්‍රාග්ධනය" මත යැපී භෞතික සැප ලබාගැනීම යි.

 

රොහාන් ගේ ගුප්ත බව වනාහි, මේ anti - society පොරවල් වල කනපිටයි.

මගේ පැරැණි නිවසේ රොහාන් ගත කළ හැම දිනයකම, මම ද ඔහු සමග තර්කය මත විසදුමක් සෙව්වා.

එහෙත් සමාජ ප්‍රගමනයට එය විසදුමක් නොවන බව ඔහු කිව්වා.

ක්ලැරන්ස් හා මිල්ටන් මල්ලවාරච්චි ගැන මගේ ප්‍රපංච ද්විඝටනය පිළිබද මතවාදයට රොහාන් දැඩි ලෙසම ආශක්ත වුණා.

ඇයි ඒ ගැන පොතක් නොලියන්නේ..

ඔහු කිහිප වරක්ම ඇසුවා.

මගේ රැඩිකල්වාදී බව හා නහයට අහන්නේ නැති කමට ඔහු මට දාර්ශනික පදනමක් සැපයූවා. අද, මම මතවාදී තලයක සිටිනවා නම් දේශපාලනික අර්ථයෙන් ඔහු දේශපාලන සර්වබලධාරීයෙක් බව ඉඳුරාම කිව හැකියි.

රොහාන් අද්භූත චරිතයක් බව හා අද ඔහු ගේ කුණු හොයන මේ නෝනා/ මහත්තුරුන්ට කියන්නට ඇත්තේ ඔය කරන චෝදනා එදාද රොහාන් ට එල්ල කළ බවයි.

අසූව අග හා අනූව මුල එල්ල කළ චෝදනා දෙදහස් විසිහතරේ ද එල්ල කිරීම පාපයක්.

 

රොහාන් අප කුලකයේ

නිල නොවන න්‍යාත්මක, මතවාදී

හා දාර්ශනික අවතාරය බව

කවුරුත් දන්නා කරුණක්.

අදෘශ්‍යමාන ශක්තීන් සම්ප්‍රේෂනය කරන

ඔහු අප කල්ලියේ බොහෝ අය

මතවාදීව දියුණු තලයකට ගෙන එන්නට පසුබිමේ සිට

අදෘශ්‍යමානව සමාජය වෙනුවෙන් කැප වූ කෙනෙක්. හොදම උදාහරණය සර්පයා.

ස්ත්‍රීවාදය හා ලිංගිකත්වය පිලිබඳව

සර්පයාගේ ප්‍රබන්ධ කුමාරි ගේ අවතාරය මත, රොහාන් ගේ පොලිටික් අනුසාරයෙන්

අන්තර් භවයක් ලබාගත් හිතළු මත දිග හැරුණු මැජික් කදම්භයක්.

 

රොහාන් තම දැනුම ප්‍රාග්ධනය මත අලෙවි නොකලා පමණක් නොව, අනෙකාගේ දේශපාලන ප්‍රතිදේහ දැනුවත්ව වෙනස් කිරීමට සමාජ විප්ලවයක් කළ කෙනෙක්.

 

මට අනුව නම් ඔහු ගේ වරිගය සෙවීම

එය සොයන උන් ගේ වනචර කමක්.

රොහාන් යනු මා ද, ඇතුළුව සමාජ ප්‍රගමනය උදෙසා නිර්ලෝභීව සටන් කළ යාත්‍රා කල්ලි ප්‍රමුඛ කොට ගත් කුඩා ගරිල්ලා කණ්ඩායමේ ප්‍රබලතම චරිතයයි.

 

නන් ඇකඩමෙනියානු සටන් කලාව පසු කලෙක කුසීත , කම්මැලි, අදේශපාලනික විශ්ව විද්‍යාල ඇඳුරන්ට පාවා දීමට දායකත්වය ලබා දුන් මගේ මිත්‍ර දීප්ති කුමාර ද වගකිව යුතු වෙනවා.

මේ මතවාදී ගරිල්ලා කලාව කිසි කලෙකත් විශ්ව විද්‍යාල සුරතලුන්ට කළ නොහැකියි.

ඔවුන් ගේ ඇකඩමියානු විනය සමාජ ව්‍යූහය මුළුමනින්ම වෙනස් කිරීමට පදනමක් නොදරයි.

එහි එල අද දකින්නට තියෙනවා.

වමා හා සුමිත් චාමින්ද

ඊට හොදම නිදර්ශනයි.

 

හැබැයි, වාස්තු ශීල්පී ගුණවර්ධන මින් සපුරා වෙනස් වන්නේ ඔහු ගේ ඇමරිකානු අධ්‍යාපන නිසයි.

මෙන්න මේ ඇකඩමෙනියානු ආසාවට විරුද්ධව හා ප්‍රති නිෂ්පාදිත

වැඩපිළිවෙළක් දියත් කළ,

පළමුවැන්නා රොහාන්.

ඔහු ගේ දේශපාලනික ප්‍රවේශය මාක්ස්වාදීයි.

සටන් කලාව, වියට්කොං ගරිල්ලන් මෙන්.

විසංයෝජනය ඩෙරීඩා ශෛලියේ, මාක්ස් හෙගල් ප්‍රවේශයක් විදියට ගත් ස්වයං අත්හදා බැලීමක්.

මං මේ ටිකක් ලිව්වේ මගේ මහ ගෙදර දින, මාස , අවුරුදු ගණන් අපි කළ කතාබහට ඔහුට සාධාරණයක් කරන්නටයි.

@Nishantha Alwis

 

නිශාන්ත අල්විස්ගේ මෙම ලිපියට අදාළව මාධව රුවන්පතිරණ අදහස් දක්වා තිබුණි. ඒ මෙසේය...

 

Nishantha Alwis විසින් ලියන ලද මේ ලිපියේ යම් න්‍යායාත්මක කරුණු දෙක තුනක් සම්බන්ධයෙන් විසංවාදයක් තිබුන ද රොහාන් සම්බන්ධයෙන් සහ රොහාන්ගේ දේශපාලන ප්‍රවේශය සම්බන්ධයෙන් පවසා ඇති සියල්ල සඳහා එකඟ විය හැකිය.
 
එහි ඇති වැදගත්ම කාරණය වන්නේ දීප්ති කුමාර සම්බන්ධයෙන් වන මෙම අදහසයි:
 
 
"නන් ඇකඩමෙනියානු සටන් කලාව පසු කලෙක කුසීත , කම්මැලි, අදේශපාලනික විශ්ව විද්‍යාල ඇඳුරන්ට පාවා දීමට දායකත්වය ලබා දුන් මගේ මිත්‍ර දීප්ති කුමාර ද වගකිව යුතු වෙනවා.
මේ මතවාදී ගරිල්ලා කලාව කිසි කලෙකත් විශ්ව විද්‍යාල සුරතලුන්ට කළ නොහැකියි.
ඔවුන් ගේ ඇකඩමියානු විනය සමාජ ව්‍යූහය මුළුමනින්ම වෙනස් කිරීමට පදනමක් නොදරයි.
එහි එල අද දකින්නට තියෙනවා.
වමා හා සුමිත් චාමින්ද
ඊට හොදම නිදර්ශනයි."
 
 
නිශාන්ත විසින් මතු කරන අනෙක් ප්‍රධාන කාරණය වන්නේ "තර්ක බුද්ධිය" විසඳුම නොවන බව රොහාන් සැලකූ බවයි. රොහාන්ගේ මෙම ස්ථාවරය මට හසුවන්නේ ඉතා මෑතකදීය. ඒ කෙසේ වෙතත් රොහාන් නැවතත් සිටියේ "සමාජ ගොඩනැංවීම්වාදය" තුලය.
 
බොහෝ දෙනෙකු දන්නේ දීප්ති විසින් අර්ථකථනය කොට ඇති රොහාන්ය. රොහාන් සමග සිටි අයට පවා රොහාන් යනු දීප්තිගේ රොහාන්ය.
 
නිශාන්ත Nirmal Dewasiriගේ සහ සුමිත්ගේ නම් සඳහන් කොට ඇතත් ආසියාවේ ප්‍රථම දාර්ශනිකයා පිළිබඳව දැනුවක් බවක් නොපෙනේ.
 

@(Madawa Ruwanpatirana)

 

නවතම ලිපි