(රොහාන් පාදක කරගෙන චින්තක රණසිංහ සහ මා අතර ඇතිවූ කෙටි සංවාදයක්)
චින්තක - හැබැයි ඔය රොහාන් ලියපු දේවල් ඉතා පොඩ්ඩයි. මටත් ඔය රොහාන්ගෙ මහ ලොකු වැදැගත් කමක් පේනෙ නෑ.
ඔව් ඵෙන්ද්‍රීය අත්දැකිමක් නැති වුණහම එහෙම වෙනව, ඒ්ක සාමාන්‍ය යි.
චින්තක - කොහොම උනත් ඌ පිස්සෙක්. “ආදරයේ යථාර්තය” පොත මම කියවල තියෙනව. කෝ ඔය ලියපුව කියපන්කො?උබල, සර්පයල අද මේ ගතකරන ජීවිත්වලට රොහාන් වග කිවයුතු නැත්ද?
ඕක සාපෙක්ෂයි චින්තක ..... හැම දේකම වගේ ම හැම කෙනෙකුගේ ම හොඳක් සහ නරක පැත්තක තියෙනව .... මට එහෙම එකක් පේනව සහ මම ඒහෙම දකිනව ... හැම මිනිහෙකුගේ ම සහ හැම ප්‍රවනාතවයක ම සාධනීය වගේ ම නිෂේධනීය ලැබීම් සහ නොලැබීම් තියෙනව.
දැන් බලපන් ... උඹට කුමුදු කුසුම් කුමාර ඇසුරෙන් ලැබුණ හැම දෙයක් ම මුළුමනින් ම සාධනීයයි කියල කියනවා නම්, ඒ්ක අන්තවාදයක්. මොක ද එහෙම නම් කුමුදු බුදු කෙනෙක් වගේ කෙනෙක් වෙන්න ඕනි.
ආභාෂයක දී මේ සාධනීය නිෂේධනීය දේ වල සියයට ප්‍රමාණ එකිනෙකට වෙනස් වෙනව. හැබැයි ඒ්ක අපේ අත්දැකිමට සහ අපි අත්දැකීම උපුටගන්න විදිහට අනුවත් සාපෙක්ෂයිනේ.
මම, රොහාන් සහ දිප්ති යන දෙන්නගෙ ම දකින නිෂේධනීය දේ තමයි, ඒ දෙන්න ම එයාලගේ ම පුද්ගලික සමාජ අනාරක්ෂාවක් නිසා සියුම්ව තුරවනු ලබන දුෂ්ට අධිකාරීවාදය. එයාලත් එක්ක ඵෙන්ද්‍රීය ඇසුරක් නැති උදවියට මේක කරන්නෙ නැහැ එයාලා. ඉතිං මේ අධිකාරීවාදය කොයිතරම් හිංසනීය ද කිව්වොත්, ඒ් දෙන්න කියන කිසිම දෙයක් නොපිළිගෙන ඉන්න තරමට පුද්ගලයින් විදිහට එයාලව එපාවෙනව, විශේෂයෙන් සංවේදී අහිංසක මිනිස්සුන්ට.
නමුත් මගේ කල්පනාවේ හැටියට ආභාෂය ලබන්නාත් දැනගන්න ඕනි, මේ වගේ ඌන-සංවර්ධිත රටක කාගෙන් වුණත් යමක් උපුටගන්න යනකොට, ඒ උපුටාගැනීමේ අත්දැකීම ඇතුළේ සාධනීය සහ නිෂේධනීය දේවල් තිබෙනවා වාගේ ම වාසියක් සහ අනතුරක් ද තියෙන බව. නිසේධනීය සහ අනතුරු සාධනීය සහ වාසි වලට වඩා වැඩියි.
ලක්දේශයේ මිනිස්සුංගෙ ගැටළුවක් තමයි, කවුරු හරි කෙනෙක් යම් සුවිශේෂි දෙයක් ජනගත කළහම එයාලව බුදුවරු ලෙස වන්දනා කිරීම. එයාලත් ඊට පස්සේ, ඒකෙන් ම ඇඳගෙන බුදුවරු වගේ හැසිරෙන්න පටන් ගන්නව. ඒ්කෙන් අර සමානයෝ ලෙස කරන්න තියෙන බුද්ධිමය ගණූදෙනුව කෙමෙන් යටපත්වෙලා, සමාජයට අනවශ්‍ය දේවල් මතුවෙන්න පුළුවන්. ඒ්ක හැම දැනුම ලබාදෙන්නෙකු තුළ ම අඩු වැඩි වශයෙන් තියෙනව. මේ දෙන්නගේ ඕනවට වැඩිය තියෙනව. ඒ් හින්ද ම, එයාලව මුළුමනින් ප්‍රතික්ෂේප කරන්න අපි ඇතුළෙන් ම මානසික තල්ලුවක් එනව.
මං හිතන්නේ ඒ්කත් උගුලක්. මන්ද, මේ වගේ ඌනසංවර්ධිත රටකින් අනික් දියුණ රටක තරම් සාපේක්ෂ හොඳ ගුරුවරු බලාපොරොත්තු වෙන්න බැහැ. දියුණූ රටක ඇකඩමියාවකින් ඉගෙන ගත්තු ලංකාවෙ ඉහළ මධ්‍යම පංතික පසුබිමක් තිබුන නලින් සුවාරිස් වගේ මනුස්සයෙකුගෙන් ඩෙරීඩ ගැන දැනකියා ගන්නකොට, ඒ්ක රොහාන් සහ දීප්ති වගේ කෙනෙකුගෙන් දැනකියා ගන්නවට වඩා සියුම් සහ ලබාදෙන ගුරු හිංසන අව ම යි.
ඒ්ත් දීප්තිටත් වඩා රොහාන්ට මේ රටේ වමේ දිගුකාලීනව අප්‍රසිද්ධියේ කරක් ගහල ලබාගත ලක්දේශයේ මහපොලවේ අත්දැකීම් තියෙනව. නලින් සුවාරිස්ට ඒ් අත්දැකීම් අවම යි. ඒ්ක ම තමයි දීප්ති සහ රොහාන් දෙන්න ම වරදානයක් විදිහට යොදාගන්නෙත්. ඒ නිසා උපුටගන්නා විසින් නිෂේධනයන් බැහැර කර සාධනීය දේවල් පමණක උපුටගන්න යන්ත්‍රණයක් අනුගමනය කරන්නක්, මේ වගේ මිතුරු නොවන ගුරු පෞර්ෂ විදහා දක්වන උදවිය සමඟ පුද්ගලික ඇසුර කල්පනාකාරී සබුද්ධික පදනමක පිහිටා කිරිමටත් වගබලාගත යුතු යි.
රොහාන්ගේ සමාජ දුර්වලතාවයක් තිබුණ, එයා ලියපු ඒ්ව මුද්‍රණ-ප්‍රකාශ කරන්නේ නැතිව ඒ්වගේ මුල් අතපිටපත අවුරුදු ගණන් අතේ තියාගෙන, මුළු වියමනේ කෑලි කෑලි හමුවෙන මිනිස්සුංට අතහැරල කුඩා අප්‍රසිද්ධ සංවාද රාශියක් ගොඩනගනැගීම.
ඒ්ක පුර්ව අභ්‍යාසයක් ලෙස එයා හඳුන්වල දුන්නට ඒ්කෙ එයා තුළ වූ සමාජ අනාරක්ෂාව තිබුණ කියන එක තමයි මගේ පුද්ගලික කල්පනාව. ඒ් නිසා එයාගෙ පොත් පොදුජනයා අතරට ආවා අඩුයි. පවුලක් නැති සංචාරවාසික ජීවිතයක් ගතකරපු හින්ද මුල්පිටපත් කොහෝ තියෙනව ද දන්නෙත් නැහැ. ඇසුරු කරපු කවයන් හෝ අසපු වල හිටපු අයට විතරයි ඕව ගියේ. ඒ්වාත් වියුක්තව. හැබැයි ඒ්කෙන් පොත්වල තිබුණ සියල්ල වියුක්ත වෙන්න බැහැ කියල ඔයාට තේරෙන්න ඕනි. එතන සමහහරවිටි මේ පොත් පොදුවේ ප්‍රසිද්ධ විවේචනයන් වලට බඳුන්වෙි යන අනාරක්ෂාව තියෙන්නත් ඇති.
මොකද රොහාන් සමාජ අනාරක්ෂාව හරියට සැලකිලලට ගත්තු කෙනෙක්. ඒ්ක කුඩාකල සිට එයාගෙ පවුුුල් පසුබිමෙන් වෙච්ච මොකක්හරි අමිහිරි අත්දැකිමක් නිසා වෙච්ච දෙයක් වෙන්න ඕනි. නමුත් නොමැරෙනකම් නිශ්චලව තිබිල මැරුණහමත් නිහඬව පවතින සමාජ වාතාවරණයන් අත්කරගන්න මිනිස්සු ඉන්නව. මගේ ගැමි මාමා කෙනෙක් හිටිය ඒ් වගේ. ජීවත් වුණෙත් කාටත් නෙතේරෙන්න, මැරුණහමත් ඒ්ක කාටවත් ඒ් තරං අදාළ දෙයක් වුණේ නැහැ. නමුත් රොහාන් මැරෙනකම් නිහඬව තිබිල මැරුණට පස්සේ වාද-විෂයන් ගණනාවක් සහ පරස්පර විරෝධයන් ගණනාවක් තුළ එයාව ජනප්‍රිය වෙන්න හෝ ප්‍රසිද්ධ වෙන්න පටන් අරන් තියෙනව. එතකොට එයා අර ජීවත් වෙන කාලෙ අප්‍රසිද්ධීයේ නිකං ඉඳල නෑ කියන එක ඉතිහාසිකව එළිදරව් වෙනව.
@අරවින්ද හෙට්ටිආරච්චි