SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“අධ්‍යාපනය කඩාකප්පල් කරන්නෙ හිතාමතාමයි. පාඨලී වැනි උගත් මන්ත්‍රීවරුන් රටේ අධ්‍යාපනය සඳහා මැදිහත් විය යුතුයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට නොසළකන රටක් ඉදිරියට යන්නේ නෑ.” විශ්වවිද්‍යාල ආචාර්යවරු ජනරජ පෙරමුණ සමග සාකච්ඡාවේදී කියා සිටිති.

 

එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, එහි තවත් පියවරක් ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ එක්සත් ජනරජ පෙරමුණ අතර සාකච්ඡාවක් පසුගිය 28 වෙනිදා කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණ.

 

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක් හා එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ මහලියනආරච්චි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

එහිදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයන්;

 

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය අයෝමි ඉරුගල්බණ්ඩාර

 

අධ්‍යාපනයේ අර්බුදය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඇය සඳහන් කළේ මේ වන විට එම අර්බුදය නිසාම ශ්‍රී ලංකාව දැන් ‘ඉන්න හිතෙන රටක්’ නොව ‘යන්න හිතෙන රටක්’ බවට පත්ව ඇති බවකි. මේ සඳහා ඉක්මණින් කෙටිකාලීන විසඳුමක් ලබා නොදුණහොත් රට බරපතල අනතුරකට මුහුණ දෙනු ඇති බවය. පාසල් අධ්‍යාපනය මුළුමණින්ම කඩා වැටී තිබේ. කොවිඩ් අර්බුදයෙන් දරුවන්ගේ අධ්‍යාපනයට වූ පාඩුව වසර තුනක් යනතුරු මකාගැනීමට නොහැකි ව තිබේ.

 

පැහැදිලි ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වී තිබේ. කොඩිඩ් වසංගතයත් සමග මානසික අසහනයෙන් පිරුණු ළමුන් රැසක් සිටී. අධ්‍යාපනය හිතාමතාම පහළ හෙලන බවක් පෙන්නුම් කරයි.

 

“අධ්‍යාපනය හිතාමතාම සැලසුම් සහගතවයි කඩාකප්පල් කරන්නේ. ඔබතුමා වැනි උගත් මන්ත්‍රී කෙනෙක් ඉන්න රටක මෙහෙම වෙන්න වෙන්න දෙන්න එපා. පැහැදිලි දර්ශනයක් දැන් තියෙනවා. ප්‍රතිපත්තියක් තියෙනවා. වහ වහා වෙනස් කරන්න ඕන තැනක තමයි ඉන්නේ. කෙටිකාලීන විසඳුම් නම් අවශ්‍යම වෙනවා.”

ආචාර්ය අයෝමි ඉරුගල්බණ්ඩාර මහත්මිය වැඩිදුරටත් අවධාරණය කළාය.

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය විශාකා සූරියබණ්ඩාර

 

“අපි මේ පක්ෂයේ නායක චම්පික රණවක මහතාගේ කතාව අතරමග ආවේ. නමුත් ඇත්තටම ඔබතුමා ඇත්තටම මේ ඉදිරිපත් කරපු කරුණු දැක්කහම තේරුණා. අපිට කරන්නට ඕන බොහෝ දේ. මොකද මුළු ලෝකෙම එක්ක යන තැනකදී අපි කොතනද ඉන්නේ කියන ඒක කොහොමද උපයෝගී කරගන්නේ කියන කාරණාත් එක්ක හොඳ දැක්මක් තියෙනවා. පෞද්ගලිකව මම ඔබතුමාට දේශපාලනඥයෙක් විදිහටත්, ඒ කාලේ ඉඳන්ම අපි දැක්කා. ඔබතුමාගෙන් යම්කිසි දෙයක් තියෙනවා කියලා.

 

විශේෂයෙන්ම පරිසරය සම්බන්ධයෙන් ඔබතුමා ඉදිරිපත් කරපු දේවල්, ඒ කියන්නේ ඔය දුම් එහෙම නැවැත්වීම සම්බන්ධයෙන් ඒ දේවල් බැලුවහම යමක් කරන්න පුළුවන් කෙනෙක් කියන එක අපි දන්නවා. ඒ නිසාමයි මම මෙතනදී ඔබතුමාට කියන්නේ අද මේ අධ්‍යාපනයයි, කෘෂිකර්මයයි මේ දෙකම කඩා වැටිලා ඉවරයි. හැබැයි ඔය ටිකෙන්ම තමයි අපේ රටට ගොඩ යන්න පුළුවන් කියන එක මම පෞද්ගලිකව විශ්වාස කරනවා. මොකද සේවා හා භාණ්ඩ මත තමයි අපේ රට යන්න පුළුවන්.

 

මොකද අපිට වෙන ලොකු දේවල් කරන්න පුළුවන් කමක් නෑ. ඔබතුමත් එක්ක 100% ක් එකඟයි. අධ්‍යාපනය කියන කාරණය හරියට දේශපාලනඥයෝ හිතාමතාම අතහැරලා තියෙනවා. අධ්‍යාපනය කියන එක රජයේ ප්‍රධාන ප්‍රතිපත්තියක් විදිහට ගේන්න ඕන එකක්. මේ දක්වා හිටපු රජයන්ගෙන් ඉතාම අවාසනාවන්ත විදිහට මේ මෑත කාලෙක දශක එකහමාරක් විතර තිස්සේ ඉඳලා අධ්‍යාපනයට ඉතාමත්ම කුඩම්මගෙ සැලකුම්.

 

අපිට බැරි වෙලා තියෙනවා තවම විශ්වවිද්‍යාල ශිෂ්‍යයා හා ගුරුවරයාට තියෙන තියෙන ප්‍රශ්න ටික විසඳගන්න. මොකද මේ ප් රශ්න විසඳගන්නකොට ඔබතුමාට මම කියන්න ඕනේ. මම මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ටිකක් උඩින් කියවගෙන ගියා.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් මානසික මට්ටමක් නෑ. ආචාර්යවරුන්ගේ සම්බන්ධයෙන් ගත්තොත් මේ වෙලාවේ මම කියන්නේ මේ තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් යම් ආකාරයකට සියයට විසිපහක් විසිපහක් අපිට මං හිතන්නේ ජනාධිපතිතුමා දෙන්න ලෑස්ති කළා. නමුත් මෙතන මේ නිලධාරීන්ගේ ත්‍රස්තවාදයක් තියෙන්නේ. කරුණාකරලා අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔබතුමා මැදිහත් වෙන්න. ඔබතුමාගේ විෂය කුමක් වුණත්. මොකද මේක රැක ගත්තේ නැත්නම් මේ රටේ විශාල ආතතියක් ඇති වේවි.”

 

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය පහන් ගොඩකුඹුර

 

“අපේ ආචාර්ය උපාධිය ගන්න අවුරුදු දහයක් විතර පිටරට ඉඳලා මෙහෙ ආවට පස්සේ අපි නිවාස ණය ගන්නවා. වාහන සඳහා ණය ගන්නවා. එහෙම අරගෙන ඉන්නකොට මේ විදිහට අසාධාරණ බදු ප්‍රතිපත්තියක් ආවට පස්සේ අපිට ජීවත් වෙන්න විදිහක් නැහැ.

අනිත් අය නෙමෙයි කෙසේ වෙතත් මටත් තව මාස හයක් මේ ලංකාවේ ඉන්න විදිහක් නැහැ. තව මාස හයකින් පස්සේ මමත් හිතනවා ඇත්තටම රට යන්න. ඇයි මේක අපිට දරාගන්න බැරි? ඉතින් මම හිතන්නේ මම දන්නේ නැහැ රජය මොකක්ද මේකට කරන්නේ කියලා. සියයට විසි පහක් අපි වැඩි කරන්නේ කියලා කිව්වා. නමුත් මම හිතන්නේ අපි හැමදෙනාම දන්නවා ඒකට මොකක්ද වුණේ කියලා. අපි තාමත් ඉල්ලනවා මේක නිවැරදි විදිහට කරන්න කියලා. නමුත් මේකට කන් දෙන්නේ නැහැ. මම හිතන්නේ මේක පිටිපස්සේ තියෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගේන්න කියන එක තමයි අපිට හිතෙන්නේ. ඒ කියන්නේ මේ ඉන්න මහාචාර්යවරු, ආචාර්යවරු ඔක්කොම රට යැව්වට පස්සේ මේක පහසුවෙන්ම කරගන්න පුළුවන් මේ අපේ නිදහස් අධ්‍යාපනය විනාශ කරලා විනාශ මුඛයට ඇද දාන්න තමයි මේ කරන දෙයක් තමයි අපිට පේන්නේ. මේ ඇෆිට් ටැක්ස් එක අඩු කරලා අපිට ඉන්න පුළුවන් විදිහට අපිට අපේ කරන්න පුළුවන් විදිහට මේ දැන් සලස්වලා දුන්නොත් මං හිතන්නේ මේ මිනිස්සු මේ රට හැර යන එක පොඩ්ඩකින් හරි මගහැරෙයි. මේ සම්බන්ධයෙන් අපි වහාම ක්‍රියාත්මක විය යුතුයි.”

 

 

මහාචාර්ය භරණ ජයවර්ධන - පේරාදෙණිය විශ්වවිද්‍යාලය

 

“UGC එක ප්‍රකාශ කරලා තියෙන විදියට ශිෂ්‍ය - ගුරු අනුපාතය අනුව දොළොස් දාහක් ඉන්න ඕනේ. නමුත් හයදාස් කිට්ටු ගාණක් ඉන්නේ. දැන් ඒ ඉන්න අයගෙනුත් යම්කිසි පිරිසක් අපිට එදා වාර්තා කරානේ. දෙදහක්ද කොහෙද දැන් රටින් ගිහිල්ලා කියලා. දැන් ඒක වැළැක්වීමට ඇයි ඒ රටින් යන්නේ? මේ ටැක්ස් එක නිසාද? නැත්නම් පොදු ආර්ථික අර්බුදය නිසාද? වළක්වන්න මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවාද?

 

ඇත්තටම විශ්වවිද්‍යාල වැටුපත් එතරම් ආකර්ෂණීය නෑ. එක අනිත් පැත්තෙන්. අපේ 2018 ඉඳලා ඩොලර් එක අවම වීමත් එක්ක බැලුවොත් 2018 දැන් දුන්නත් ලක්ෂ අටක විතර වටිනාකමක් තිබිය යුතුයි. දැන් තියෙන මහාචාර්යවරුන්ට සැලරි එක. දැන් ඇත්තටම ලැබෙන්නේ ලක්ෂ තුනකට වගේ තමයි ටැක්ස් එක කැපුනහම මහාචාර්යවරයෙක් ලබා ගන්නේ. කිසි දෙයක් කරන්නේ නැතුව රජය කෙලින්ම විශ්වවිද්‍යාලවලට මඩ ගැසීම් ව්‍යාපාරයක් කරගෙන යනවා.

 

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර කරුණාතිලක - කැලණිය විශ්වවිද්‍යාලය

 

“අපේ රටේ ප්‍රධාන පාසල් පද්ධතියේ කෝවිඩ් සහ ආර්ථික අර්බුදය විසින් තීව්‍ර කරන්නත් කලින් ඉඳලා තිබිච්ච ප්‍රධාන ප්‍රශ්නයක් පාසල් අතර තියෙන විෂමතාවය. ඒ භෞතික සහ මානව සම්පත් අතර තියෙන විෂමතාවය නිසා, පාසල් 10175 ක් තියෙනවා. නමුත් පාසල් ගානකම තියෙන්නේ ළමයි ඊට වඩා අඩුවෙන්. එතකොට ඒ පාසල් වලට ළමයි දාලා හොඳ අධ්‍යාපනයක් දෙන්න බෑ කියලා විශ්වාසය තමයි දෙමව්පියන් අතර තියෙන්නේ. ඒ පාසල් අතර තියෙන විෂමතාව තුරන් කරලා වැඩපිළිවෙළක් හදන් නැත්නම් අධ්‍යාපනය කියන එක සාර්ථක වෙන එකක් වෙන්නේ නෑ.

 

මහාචාර්ය රෝහිත ප්‍රසන්ත - පේරාදෙණිය විශ්වවිද්‍යාලය

 

“ලෝකයේ ගත්තත්, ආසියාතිකය ගත්තත් පිටරට විශ්වවිද්‍යාලවල දියුණු රටවල්වල ආචාර්ය උපාධිය හෝ පශ්චාත් ආචාර්ය උපාධි කරපු වැඩි ප්‍රමාණයක් ඉන්නේ ලංකාවේ. මේ අය තමයි නිව් ටෙක්නොලොජි අරන් එන්නේ. එතකොට ඒගොල්ලෝ තමයි මේ යන්නේ. ඊයේ පෙරේදා අපිට එක්කෙනෙක් ආවා නැනෝ ප්‍රෝටීන් මෙඩිකල් ඩිලිවරි. එයා ඇවිල්ලා අවුරුද්දයි හිටියේ. නෙස්ටා එකට ගියා. ඇයි? මේ ඒ මේ මෙතන ඇවිල්ලා හිටියේ නෑ. අවුරුදු විසි අටකින් ආචාර්ය උපාධිය කරලා ඇවිල්ලා. ලොකු ඩිමාන්ඩ් එකක් තිබුනා. ඉතින් ඒ වගේ එක්කෙනෙක් රඳවගන්න හරිම අමාරු තත්වයක් තියෙනවා. ඊළඟට ඔය මේ පෞද්ගලික විශ්වවිද්‍යාල දිහා බැලුවත් ඔය පෞද්ගලික විශ්වවිද්‍යාලවල උගන්වන්නේ කවුද? මේ අපේ මිනිස්සුනේ ගිහිල්ලා. දැන් මේ තියෙන සිස්ටම් එකේ හැටියට ඔය දෙකම කඩා වැටෙන තත්වයක් තියෙන්නේ.

 

ඔබතුමා මීට ඉස්සෙල්ලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇවිල්ලා එක අමතපු එකම දේශපාලඥයා මට මතක හැටියට මමත් එතන හිටියා. 2013  බලශක්ති ඇමතිතුමා වෙලා. ඊට පස්සේ කවුරුත් ආවේ නෑ. මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. නමුත් දේශපාලඥයෝ හැමදාම අපිට පොරොන්දු දීලා ගිහිල්ලා තියෙනවා. අපිත් බලාගෙන ඉඳලා තියෙනවා. මේ තාක් වෙනකන් දැන් මේ තත්ත්වය උග්‍ර වෙනකන් අපිට බැන බැන හැම එක්කෙනාම හිටියා මිසක් අපේ මිනිස්සු යන්න ඇරියා මිසක්, ඒකට හේතු වුණේ ඇයි කියලා හොයා බැලුවේ නැහැ. රටක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සලකන්නේ නැති රටක් මොන IQ එකේ ඒගොල්ලෝ තිබ්බත් ඒගොල්ලෝ ඉස්සරහට යන්නේ නැහැ. ඒක පැහැදිලි, හොඳම උදාහරණය ලංකාවේ. ඒක පේන්නැත්තම් ඒ රටේ තියෙන ජාතියේ අභාවය.”

@මාධ්‍ය ඒකකය

 

WhatsApp Image 2024 03 01 at 14.19.01WhatsApp Image 2024 03 01 at 14.19.02WhatsApp Image 2024 03 01 at 14.19.021WhatsApp Image 2024 03 01 at 14.19.022WhatsApp Image 2024 03 01 at 14.19.03

නවතම ලිපි