SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දියාව ලංකාවෙ විපක්ෂයේ පක්ෂ නායකයකුට නිල සංචාරයකට එන්නැයි කියා ආරාධනා කරන්නේ කලාතුරකින් ය.

එහෙම ආරාධනා කළත් ඒ සංචාරය ආරාධනාව සිදු කළ දේශපාලනඥයා හමුවී කරන සාකච්ඡා හැරුණුවිට වෙනත් රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් සැලසුම් කරන්නේ ද නැති ය.

ඒ වගේම එහෙම සංචාරයකට ඉන්දියාවේ මාධ්‍ය ලොකු ප්‍රචාරනයක් දෙන්නේ ද  නැත.

 

ජාතික ජන බලවේගයේ  නායකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක, ඉන්දියාවේ සිදුකරන නිල සංචාරය ගැන ද හින්දු පුවත්පතේ මීරා සිරිනිවාසන් පෙබරවාරි 04 වැනිදා සඳහන් කර තිබුණේ මෙහෙමයි.

 

''ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් දූත පිරිසකට ඉන්දියාවේ සංචාරයක යෙදෙන්නැයි ඉන්දීය රජය කළ ඇරියුම, මේ වන විට ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය දේශපාලනඥයා සම්බන්ධයෙන් සිදු කළ වැදගත් පිළිගැනීමකි. ද හින්දු පුවත්පතට ප්‍රකාශයක් කළ දූත පිරිසේ සාමාජිකයකු වන ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කළේ දින 05ක සංචාරයක් සඳහා තමන් ඉන්දියාවට යන බවත් එහිදී සාකච්ඡා පැවැත්වෙන බවත්ය. ජාතික ජන බලවේගයේ ද නායකයා වන ජවිපෙ නායකයාට සංචාරයක් සඳහා පැමිණෙන්නැයි ඉන්දීය රජයෙන් නිල ආරාධනයක් ලැබුණේ පළමු වතාවටය.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයීය ආරංචි මාර්ග ප්‍රකාශ කළේ එම සංචාරයේදී දූත පිරිස නවදිල්ලි, අහමදබාද් සහ තිරුවානස්තපුරම් නගර තුනට යාමට නියමිත බවත් එහිදී රජයේ නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයන් හමුවන අතර කෘෂිකාර්මික සහ කාර්මික අංශවල ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන මධ්‍යස්ථාන නැරඹීම සඳහා ද ඔවුන් යනු ඇති බවත්ය.''

(මීරා සිරිනිවාසන්-ද හින්දු පුවත්පත)

 

එසේ කියන ''ද හින්දු'' පුවත්පත ජවිපෙ සම්බන්ධයෙන් කෙටි දේශපාලන විග්‍රහයක්ද කර තිබිණ.

 

''දිසානායක මහතා මෑතකාලීනව ලබා ඇති ඉහළ ජනප්‍රියත්වය මෙම සබඳතා වර්ධනයට හේතු වී තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට සිය ධූරය අහිමි කරමින් 2022 දී සිදුකෙරුණු ඓතිහාසික ජන අරගලයට හේතු වූයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය  කඩා වැටීමය. කොළඹ මූලික කරගත් සමීක්ෂණ ආයතනයක් වන ''Institute for Health Policy'' මගින් සිදුකළ නවතම සමීක්ෂණයට අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී වඩාත්ම කැමැත්ත හිමිකරගනු ඇතැයි ප්‍රකාශ වී ඇති අපේක්ෂකයා වන්නේ අනුර කුමාර දිසානායකයි. සමීක්ෂණයට සහභාගි වූ 50% ක් ප්‍රකාශ කර තිබුණේ තමන් ඡන්දය ප්‍රකාශ කරන්නේ අනුර කුමාර දිසානායකට බවය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 33% කගේ කැමැත්ත හිමි කරගෙන තිබූ අතර රනිල් වික්‍රමසිංහට  හිමිව තිබුණේ 9% කගේ කැමැත්ත පමණි. මේ ප්‍රතිඵලය නිකුත් වී තිබුණේ ජනවාරියේය. මේ ප්‍රතිඵලය පසුගිය වසර පුරා සිදුකෙරුණු දේශීය මත විමසුම් ගණනාවක නැවත කියවීමකි."

 

 

2015 යහපාලන ආණ්ඩුව පිහිටුවීමට පෙර එවකට විපක්ෂයේ සිටි මංගල සමරවීර ඇතුළු දේශපාලනඥයන් කිහිප දෙනකුටත් එම මැතිවරණයට පෙර  ඉන්දියාවේ සංචාරයකට අවස්ථාව සැලසුනා. ඒ වගේම ඒ කාලෙ ලංකාවට ආපු ඉන්දියාවේ දේශපාලනඥයන්ද ආණ්ඩුවේ ලොක්කන් වගේම විපක්ෂයේ නායකයන්ද හමුවූනා .

 

මේ නිසා ඉන්දියාවේත් ලංකාවේත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අනුව ලංකාවේ විපක්ෂයේ නායකයකුට ඉන්දියාව නිල වශයෙන් සංචාරයකට එන්නැයි ආරාධනා කිරීම හැම අතින්ම සුවිශේෂී කරුණක්.. ඒ ආරාධනාව ආවාට ගියාට සිදු කරන එකක් නොව හොඳට සිතා බලා සැලසුම් කර න්‍යාය පත්‍රයක්ද හදාගෙන ක්‍රියාවට නංවන රාජ්‍ය තාන්ත්‍රික පියවරක් වශයෙන් දෙස් විදෙස් මාධ්‍ය එකහෙළා පිළිගත් කාරණයක්.

 

1987 දී  ඉන්දු - ලංකා ගිවිසුම ''ඉන්දියාවේ ව්‍යාප්තවාදයේ'' කොටසක් හැටියට අර්ථ ගන්වා තිබිණු ජනතා විමුක්ති පෙරමුණ පසුගිය දෙසැම්බරයේ ''ද හින්දු'' පුවත්පත  සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ජවිපෙ නායකයා විසින් තම පක්ෂයේ මෑතකාලීන  වෙනස් වීම සනිටුහන් කර තිබුණි.

 

. ''අපි දැන් දන්නවා ඉන්දියාව, අපගේ ආසන්නම අසල්වැසියා, දේශපාලනික සහ ආර්ථිකමය වශයෙන් ප්‍රධානම මධ්‍යස්ථානයක් බවට පත්වී තිබෙන බව. මේ නිසා අප විසින් ගනු ලබන දේශපාලනික සහ ආර්ථිකමය තීන්දුවලදී අප සැමවිටම ඒවායින් ඉන්දියාවට සිදුවන බලපෑම පිළිබඳව සැලකිලිමත් වෙනවා.''

 

මේ සියල්ල උඩු යටිකුරු විය හැකි දේශපාලන යථාර්තයක් මේ මහපොලොව සතු ය. එය ප්‍රභූ සහ නිර්ප්‍රභූ දේශපාලනයේ ගැටුම ලෙස ඉදිරියේදී  නම් කෙරෙනු ඇත.

 

කෙහෙළියගේ නම (දේශපාලනයෙන්) ඉවත් කිරීම 

 

කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය යන නම එම පාසලෙන් ඉවත් කරන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්‌ටාලින් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා තියෙනවා.

ඒ පාසල් නාමකරණය සම්බන්ධයෙන් අවසන් වරට යාවත්කාලීන කරන ලද අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස්වලට පටහැනිව එම පාසල සඳහා කෙහෙළිය රඹුක්වැල්ල ගේ නම යොදා තිබීම හේතුවෙන්.‍



ජෝශප් ස්ටාලින් කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංයේ එම උපදෙස් වලට අනුව ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ නමක් පාසලක් සඳහා යෙදිය නොහැකි අතර කෙහෙළිය රඹුක්වැල්ලගේ නම එම පාසලට යොදා ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරයකින් තොරව බවය.


මහින්ද රාජපක්ෂ විද්‍යාලය ඇතුළු දැනට ජීවතුන් අතර සිටින දේශපාලනඥයින්ගේ නම් පාසල්වල තිබෙන්නේ කෙසේදැයි ස්ටාලින් ගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ ඒවාද අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් අනුව නීති විරෝධී බවත්,එම නම්ද එම පාසල් වලින් ඉවත් කළ යුතු බවය.

ඔහු ප්‍රකාශ කරන්නේ හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනගේ අත්තනෝමතික තීරණයක් මත එසේ පාසල් වලට නම් දමා ඇති බවත්, මධ්‍යම පළාත් හිටපු මහ ඇමති සරත් ඒකනායකගේ නමින්ද උඩුදුම්බර හා හසලක පාසල් දෙකත් පවතින බවත්ය.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය හා වීරකැටිය මහින්ද රාජපක්ෂ විද්‍යාලය නමින් මහින්ද රාජපක්ෂ ගේ නමින් පාසල් දෙකක්ද පවතී.

අරගලය විකාරයක් ලෙස අවසන් වුවද අරගලයෙන් පසු මේ මහපොලොවේ යථාර්තය වෙනස් වී ඇත්තේ මේ ආකාරයටය.

කෙහෙළිය රඹුක්වැල්ලව කැබිනට් ඇමති ධූරයේ සිටියදී අතුඅඩංගුවට පත්වෙන්නේත් ඉන් අනතුරුව පසුගිය කාලය පුරා සිටි සෑම සෞඛ්‍ය ඇමතිවරයෙකුගේම ක්‍රියාවන් පසුපස සීඅයිඩීය ලුහුබඳින්නේත් මේ යථාර්තයේ තබා ය.

එය හැරවිය නොහැකි යථාර්තයකි.

 

මට ආපහු එන්න නම් මම තරඟ කළ යුතුයි’: ජනපතිවරණය ගැන රනිල් කියයි.

 

මේ වසරේ පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණය ගැන දෙගිඩියාවක් මතුව තිබියදී ඒ සඳහා  ඉදිරිපත් වීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබවාදී අදහස් පළ කරල තියෙනවා.

ඉන්දීය ප්‍රවෘත්ති නාලිකාව වන WION සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ  ජනාධිපතිවරයා මේ බව අනාවරණය කර ඇත.

ඉන්දියන් සාගර කලාපය තුළ චීනය වැඩි වශයෙන් රැඳී සිටීම පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපති වික්‍රමසිංහ, ඉන්දියාවේ ආරක්ෂාවට අනතුරක් වන කිසිම දෙයකට ලංකාව  ඉඩ නොතබන බව" ප්‍රකාශ කර ඇත..

 “අපි ඉන්දීය ආරක්‍ෂාව මතකයේ තබාගෙන සිටින අතර, ඉන්දීය ආරක්‍ෂාවට හානිදායක කිසිවක් සිදුවීමට අපි ඉඩ දෙන්නෙ නැහැ., මේ සියල්ල ජලවිද්‍යාත්මක යාත්‍රා” .

 

7 වැනි ඉන්දීය සාගර සමුළුව සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින වික්‍රමසිංහ මහතා චීන යාත්‍රාවලට ශ්‍රී ලංකා රජය ගෙන ඒමට ඉඩ නොදීම සම්බන්ධයෙන් කළ විමසුමකදී පැහැදිලි කළේ ජල විද්‍යාත්මක කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බැවින් කිසිදු රටක නැව් එපා යැයි පැවසීමට පරිපාලනය තීරණය කළ බවයි. තමන්ගේම ජලවිදුලි ධාරිතාව ගොඩනැගීම.

 

“නමුත් ඒවා සංචාරය සඳහා පැමිණෙන නාවික හමුදාවේ නැව් නම්, ඔව් අපි ඒවාට  ඉඩ දෙනවා,”

ජනාධිපතිවරයා පර්ත්හි සිටින WION හි රාජ්‍යතාන්ත්‍රික වාර්තාකරු සිදාන්ත් සිබල්ට පිළිතුරු දී ඇත්තේ ඒ අයුරින් ය.

 

WION වාර්තාකරු : ඔබේ රටේ මේ වසරේ මැතිවරණ පැවැත්වෙනවා.

 

ජනාධිපති රනිල් : ඔව්, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය දෙකම.

 

WION වාර්තාකරු : ඔබ කෙතරම් ශුභවාදීද, ඔබ ආපසු එම තනතුරට පත්වෙනු  ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

 

ජනාධිපති රනිල් : මට ආපහු එන්න නම් මම තරග කළ යුතුයි

 

WION වාර්තාකරු : ඔබ ඒ සඳහා  සැලසුම් කරනවාද?

 

ජනාධිපති රනිල් - මම කිව්වේ ආර්ථිකය මගේ ප්‍රථම රාජකාරිය කර ගන්න මම ආවා වගේ ඔබේ සැලැස්ම මොකක්ද කියලා ඇහුවොත් කියන්‌න පුළුවන්   අපි බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට අවධානය යොමු කිරීම කියලයි.

 

WION වාර්තාකරු : ඔබ හොඳ වැඩක් කළා යැයි ඔබ සිතනවාද? මම අදහස් කළේ, ශ්‍රී ලංකාව නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වීම සම්බන්ධයෙන් අවසානයේ අර්බුදයේ මුහුණ ඔබ වූ නිසා ඔබේ ධූර කාලය අනුව ආර්ථිකය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

 

ජනාධිපති රනිල් : ඔව්, මම සෑහීමකට පත්වෙනවා මට මේක කරන්න පුළුවන් වෙයි කියලා.

 

එහෙත් ලංකාවේ ජනාධිපති වික්‍රමසිංහ  ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන පිලිතුරක් විදෙස් මාධ්‍ය වෙතත් තවමත් ලබා දී  නැත..

@සමාරා පරණවිතාන

සති අග පුවත්

නවතම ලිපි