SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අනුරට ඉන්දියා රජයෙන් ආරාධනාවක් ලැබුණේය. අනුර එය පිළිගත්තේය. මම දකින්නේ ඒ ක්‍රියා දෙකම නිවැරදි බවය.

අපට ලැබෙන්නේ අනුරලාගේ බහුතර බලයක් සහිත ආණ්ඩුවක් බව දැනට ඇති තත්ත්වය අනුව ඉන්දියාව උපකල්පනය කරයි.ඒ නිසා ඔවුන් තමන්ගේ රටේ විදේශ ප්‍රතිපත්තිය උවමනාවෙන් ක්‍රියාත්මක කරන බව ලංකාව,මෙන්ම අනුරලා බලයට ආවත් ඔවුන්ද අවධානයට ගත යුතුය.

 

අනුරට ඉන්දියා එන්නට කිවේ ඇයි ? යන ගැටළුව කතා බස් විනි.ඉන්දියාවට අනුරලා බලයට ආවොත් නැතිවන්නට බොහේ දේ තිබේ.ඒ අනුරලා විසින් ඉන්දියාවට දිගින් දිගටම එරෙහි වීම නිසා ගොඩ නගා ගත් ප්‍රතිරූපයේ අවධානමයි.

 

අනෙක් අතින් අනුරලා බලයට පැමිණීමෙන් ආසියානු පැසිෆික් කලාපයේ බලය චීනය වෙත ගෙඩි පිටින්ම නතු වීම ඉන්දියාව ,ඇමෙරිකාව ඉවසන්නේ නැත.මේ අයුරින් කරන ආරාධනයක අරමුණ කොටින්ම බලය ලැබීම තුල අහිමි වන තුලනය කල් තියා ශේප් කර ගැනීමකි.අනුරලාට රාජ්‍ය තාන්ත්‍රික ව හැසිරෙන විට සාමාන්‍ය පෙලපාලි යන ලෙසින් ,රටක් පාලනය කල නොහැකි බවට වටහා දුන් ඉන්දියාවට ස්තුතියක් හිමි විය යුතුය. අනෙක් අතින් සතුරාගේ මිතුරා මාගේද මිතුරාය යන සංකල්පය ඉන්දියාව කළමනාකරණය කරයි.මෙහිම ඇති ගැඹුර නම්,අනුරලා බලයට පැමිණි විට ලංකාවේ භූ දේශපාලනය පවතිනවාට වඩා අසීරු මට්ටමකට පත් වන බවයි. දශක  පහක චීන හිතවාදියකු එකවරම ඉන්දීය-ඇමෙරිකානු හිතවාදියකු වන්නේ නැති බව පැහැදිලි සත්‍යයකි.අනුරලා එසේ දේශපාලනකිව වෙනස් වුවද ඔවුන්ගේ පක්ෂයේ තීන්දු තීරණ ගන්නා කණ්ඩායම එසේ නොවන බව ඔවුන්ගේ මුල් බැසගත් දේශපාලන මතවාදය අනුව පැහැදිලිය.මේ හමු වීම පක්ෂය තුලම විවාදාත්මක අර්බුධ රැසක් නිර්මාණය කරනු ඇති බවට මගේ පුරෝකතනයයි.

 

අනෙක් අතින් ඔවුන්ගේ චීන සම්බන්ධතා ප්‍රදේශයද අළුතින් කළමනාකරණය කල යුතු මට්ටමට පත්වන බව විශ්වාසය. අනුර දැන් නියම රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස තීන්දු තීරණ ගත යුතු මට්ටමක ට පැමිණ තිබේ.දේශපාලන මණ්ඩලයේ තීරණය අපගේ පක්ෂයේ තීරණය වැනි නවීන භූ දේශපාලනයට නොගැලපෙන කතා වලින් මග හැර යා නොහැකිය. මේ තීන්දු තීරණ වඩා හොඳින්ම ගත් රාජ්‍ය නායකයන් අතරට නොවැටෙන්නේ සිරිසේන සහ ගෝටාභය පමණි. ප්‍රභාකරන් ට පවා එවැනි උසස් රාජ්‍ය තාන්ත්‍රික බවක් තිබුණි.

 

 

|අනුර ගෙන් දැන් කලාපයේ දේශපාලනය, භූ දේශපාලනය මෙන්ම බලයට පත් වූ වහාම ලංකාවේ ජනතාවද එය ඉල්ලා සිටි. අනුර වෙනස් විය යුතු බවට ඔහුට පෞද්ගලිකව දැනුම් දුන් ගමන එයයි. අනුර රාජ්‍ය තාන්ත්‍රික විය යුතු බවට පාක්ෂිකයන්ට දැනුම් දුන් ආරධනාව එයයි. අනුරලා ගේ පොල් කට්ටේ තේ බිම,පේව්මන්ට් එකේ බත් ලිහාගෙන කෑමට මෙන්ම තකතීරු තර්ජන කිරීම් අප විවේචනය කල හේතුව මේ මොහෙතෙදිවත් කාඩර්වරු තේරුම් ගන්නේ නම් හොඳය. මන්ද,ඔවුනට බලය ලැබීම යනු සිරි ලංකාව වැනි සංකිර්ණ භූ දේශපාලන හා සංකිර්ණ  අභ්‍යන්තර කටයුතු තුලනය කිරීමේ හැකියාව ඉල්ලා සිටීමකි. එය හොරු ඇල්ලීමේ හොරා පොලිස් සෙල්ලමක් නොවේ.

 

 

අනුර රටේ බලයක් වෙනුවෙන් තීරණය විය හැකි බව රනිල් වික්‍රමසිංහ ද දනී. ඔහු භූ දේශපාලනයේ තුලනය වෙනුවෙන් අනුරට පැවරෙන වගකීම ගැන අවබෝධයක් වෙනුවෙන් ඉන්දියාවට ඔහුව යෝජනා කළා විය හැකිය. 08 වෙනිදා ඕස්ට්‍රේලියානු සංචාරයේදී රනිල් ට ඉන්දීය නියෝජිතයන් හමුවෙති. ඒ නියෝජිතයන් අනුර ගැන දෙන තක්සේරුව ද සමගය.එහිදී ඉන්දියාවට හා රනිල්ට අවශ්‍ය 13 වන සංශෝධනය සම්බන්ධව අනුරගේ ප්‍රතිචාර ගැන තක්සේරු වාර් තාවක්, ත්‍රිකුණාමලයේ ඉන්දීය සම් බන්ධතා ගැන ජවිපයේ ආකල්පය , සමුද්‍ර සංධියේ මුහුදු ක්‍රියාකාරකම්, දැනට අසිමිතව ඉන්දීය සාගරයේ අපේ කොටසට ප්‍රවිෂ්ටව මාළු ඇල්ලීමේ අයිතිය, උපකල්පිත තෙල් නිධිය හා ඒ මත දැනට ගොඩ නැගී ඇති ඉන්දීය නීතිමය තත්ත්වය හා ශ්‍රී ලංකාවේ මැතිවරණ ගැන අනිවාර්යයෙන්ම ඉන්දියාව අනුර සමග කතා කල බව පැහැදිලිය.

 

ඒ අනුව අනුරලා දැන් සැබවින්ම වේදිකාවේ කී සටන් පාට වලින් මිදීමට උත්සාහ කරනු ඇත.ඉන්දියාව අනුර කියන වචනයක් ම පසු පස මෙන්ම ඔහුගේ කණ්ඩායම කියන සෑම වචනයක් පසුපසම සිටිය යුතු බව වටහා ගත හැකිය.

 

දැන් දැන් හඳුන්නෙත්තිට  ත්‍රිකුණාමලයේ සිනි වැවීමේ, භූ සම්පත් හෑරීමේ හා ණය නොගෙවා සිටීමේ සුරංගනා කථා වලින් වේදිකා සතුටු කිරීම වලකා ගත යුතුය. මේ හැම වචනයක් ම ඉන්දියාවේ සිත රිදීමට හේතු වෙයි. ඉන්දියාවේ දේශපාලන සැලසුමට පලුදු ඇති කරයි..ඉතින් මේ ඉන්දියාව කිව්වේ ජවිපය සීරියස් විය යුතු බවය.  මේ ගමන තුල අනුරට ඉඟි කරන ලද අනතුර ජවිපය වටහා ගත්තා දැයි මම නොදනිමි. අනුරට භූ දේශපාලනය තුලනය කරගත නොහැකි නම් අනුරගේ ආගමනය ජේ ආර් ගේ ආගමනය මෙන් ඉන්දියාව ට අප ගැන සැකයක් ඇති කරනු ඇත. 

 

එදා ජේ ආර් මට්ටු කිරීමට ගොඩ නැගු කොටි බලකාය යුද්ධය අවසාන වීමෙන් පසුවද අපේ රටේ තවත් දශක පහක දේශපාලනය තීරණය ප්‍රභලම සාධකය වී ඇත. අනුර කරන දේශපාලනයේදී සිතිය යුත්තේ රට ගැනය.  පක්ෂය,බල මණ්ඩලය,හෝ චීනයේ දිගු කාලීන හිතවත් භාවය නොවේ.  අනෙක් අතට රටේ අනාගතය ය.ඉන්දියාව තමන්ට අවශ්‍ය දේ කරගැනීමට අවශ්‍ය ඕනෑම දර් ශන තලයක් නිර්මාණය කරනු ඇත.  එවැනි දර්ශන තලයක් වන පාස්කු ප්‍රහාරය අපේ රටේ ගමන් මග උඩු යටිකුරු කර පාගා මිරිකා දැමු බව අනුර වටහාගෙන ඇතුවාට සැක නැත. මේ අවධානම අනුරගේ ජීවිතය කෙරෙහිද එකසේම ය. එයින් මා අදහස් කරන්නේ අනුර ජනාධිපති වීමේදී ඇති සංකීරණතා පමණි.

 

 

|රනිල් එකම සුදුස්සා වශයෙන් කෙතරම් ප්‍රචාරක යාන්ත්‍රනය දියත් වුවත්, ඔහුට ජනාධිපතිවරණය දිනිය නොහැකි බව ඉන්දීය ඔත්තු සේවා පවා දන්නා කරුණකි.එයට හේතුව වන්නේ ඔහු පරණ අකාර්යක්ෂම,දුෂිත පක්ෂ හා පුද්ගලයන් පෙරටු කරගෙන යන ගමන නිසාය.ඒ නිසා රනිල්ගේ උපදෙස් පිට අනුර ඉන්දියාවට ගිය බව පැහැදිලිය.ඒ රනිල්ගේ රාජ්‍ය තාන්ත්‍රික භාවය තුල ආසියාවේ දේශපාලනය තුලනය කිරීමේ වගකීම ඔහු තනතුරේ සිටියත් නැතත් වක්‍ර කාර්යයක් ලෙස පැවරෙන බැවිනි. එයට  තවත් හේතුවක්ද තිබිය හැකිය.

 

 

අනෙක් අතට එවන් වාර්තා ලැබී තිබියදීත් රනිල් ගේ ශරීර භාෂාව හා ඔහුගේ හැසිරීම කියන්නේ ඔහු සදාකාලික ජනාධිපති බවකි. එය එසේ වන්නේ නැත.

 

සිරි ලංකාවේ ජනතාව කුමක් සිතුවත් ඉන්දියාවට, චීනයට එය වැදගත් නැත. අනුරගේ ගමන හා රනිල් ගේ ඉදිරි ජනාධිපති වීමේ තිරසාර භාවය විශාල සම්බන්ධයක්,අනුලෝම හා ප්‍රතිලෝම වශයෙන් ලාංකීය භූ දේශපාලනයේ ක්‍රීඩා කරයි.මේ කුමන විග්‍රහයේදී වුවත් මේ තත්ත්වය යටතේ රනිල් වික්‍රමසිංහ බලයට පත් කිරීමට හෝ අනුර බලයට පත්වීමෙන් පසු ඔවුන්ගේ දේශපාලනය තුලනය කර ගැනීමට ඉන්දියාව දර් ශන තලයක් නම් නිර් මානය කරන බව නම් ස්ථිර සාරවම කිව හැකිය.

 

හදවත් නිවැරදි කර ගැනීම ඉල්ලා සිටින ජනපති රනිල්...

 

ජනපතිගේ රාජ්යාසන කථාවට ජනතාවගේ අවධානයක් ලැබුණේ දැයි නොදනිමි.එහෙත් ඒ කථාව ඔහුගේ කාර්‍ය මණ්ඩලයේ අප්‍රසිද්ධ පන්සල් ඇබිත්තයකුගේ සටහනක් යයි අත හැරීමට අපට නොහැකිය. එම කථාවල අන්තර්ගතයේ වචන වල තිබුණු තේරුම සාමාන්‍ය ජනතාව කෙසේ තේරුම් ගනී දැයි මම නොදනිමි. එහෙත් කෙසේ  හෝ ඇබිත්තයන් විසින් ලියන ලද කථාවේ හරය ගැන මට දැනෙන දේ ලියා තැබීමට සිතුවෙමි. රනිල් රට හැදීමට සියළු දෙනාට එක්වන ලෙස ඉල්ලයි.ඒ කීවෙනි වතාවටදැයි හරියටම කීමට නොහැකි වුවත් ඔහු මේ ටිකේ කරන ලද වැඩ වල ප්‍රගති වාර් තාවක් කියාගෙන ගියේය. එය ඔහුගේ වැඩක් ලෙස කියා පාමින් ඔහු දක්වන්නේ ඒ මුල්‍ය සංචිත ගැන ස්ථාවර අයිතියකි.ආර්ථික අර්බුධය නිසා විදේශගත වූ පිරිස විසින් එවන ලද ආදයම් වැඩි වීම නිර්මාණය කරන ලද්දේ අර්බුධය ය. එය අර්බුධය විසින් ජනිත කල විසඳුමකි. ඒනිසා ආණ්ඩුව අර පිරිමැස්මෙන් වැඩ කළා යයි කීමට නොහැකිය.හෙළිකොප්ටර බිල් ඒවාට සාක්ෂිය.

 

 

අනෙක් අතින් ඉඩම් බෙදාදීම දීම අගය කල යුතුය. එහෙත් රාජපක්ෂ යුගයේ සිට LRC ඉඩම් මහා පරිමානිකව හිතවතුන් අතට පත්ව ඇත. දැනටද එසේමය. ඒවා නැවත විකිණීම ඔවුන් විසින් ජයටම කරති. රටේ තරුණ ආයෝජකයකුට LRC ඉඩමක් ආයෝජනය කර ජීවනෝපාය සකසා ගැනීමට ඉඩ කඩ ඇහිරී තිබේ. එම නිලධාරීන් දේශපාලකයාගේ නිර්දේශය මත මිස ජනතාවට ඉඩම් දීර් ග කාලීන බද්දට ලබා දෙන්නේ නැත. ඒනිසා රටේ තරුණ ප්‍රජාව ඉඩම් සම්බන්ධ අසහනයකින් පසු වෙන බව එතුමා දන්නේ නැත. උතුරු නැගෙනහිර උතුරු මැද මෙන්ම රටේ අනිකුත් දිස්ත්‍රික්ක වලද තත්ත්වය මෙය වන බව එතුමා දැනගත යුතුය. ජනතා වතු සංවර්ධන මණ්ඩලය ගැන පුනා පුනා කීවේ ඒවායින් බහුතරයක් ඉන්දීය අමුල් සමාගම වෙත ලබා දීමට යෝජනා කල බව හිතේ තබාගෙනය. ඒවා හා අනුරලාගේ ඉන්දීය ගමන් සම්බන්ධ වන්නේ සුක්ෂම ලෙසය.

 

අනෙක් අතින් එතුමා හැමෝගෙම ආරක්ෂකයා බවත් පවතින ජනතා විරෝධයට පිහිට ඇත්තේ තමා ළඟ බව ව්‍යක්ත ව කිවේය. ඒ කෙසේද යත් හැමෝටම එකතු වෙන ලෙස කීමෙනි.එහි වුයේ තමා සමග ආවොත් පාර්ලිමේන්තු   අසුන ස්ථිරය යන්න අදහස ඔවුනට ලබා දීමකි. අතීතයේ පැවැති සියළු පක්ෂ සම්බන්ධකම් ඔහු කිවේය.ඔහු පන බයේ ඔහුට බලය දුන් පොහොට්ටුව එසේ කලේ රට ගොඩ නැගීමට යයි කිවේය. ඉතින් ජනතාවට අලුත් ප්‍රතිපත්ති ඇති ආණ්ඩුවක් නම් ලැබෙන්නේ නැති බවද ඔහු එයින් පුන පුනා කිවේය.

 

හදවත් නිවැරදි කර ගමුයි ඔහු කිහිප විටක්  යෝජනා කළේය. එයින් ඔහු යෝජනා කරන්නේ ජනතාව ඔවුන් ගැන හා ඔවුන්ගේ අතීත වැරදි අමතක කල යුතු බවක් යයි මට සිතේ. ඔවුන් නිවැරදි නොවී ජනතාවට හිත පිරිසිඳු කර ගන්නට කියයි. එසේම ඔහුට හරිත ආර්ථිකය හා ඩිගිටල් ආර්ථිකය ගැන සිහින දැකිය හැකිය. ජනතාව හාල් කිලෝ 20 කින් කුසගිනි නිවාගෙන හරිත ආර්ථිකයක් හා ඩිගිටල් ආර්ථිකයක් ගොඩ නැගිය යුතුය.මාරම මාරය. හාල් කිලෝ 20 ගණනේ පවුල් ලක්ෂ  24 කට අවුරුදු කන්නට ලබා දෙයි. මේවා අර ලොකු විදියට රටක් හදන්නට කතා කර ඒ අස්සේ ගහනා හිඟන කෑලිය. ඒ දෙන අතරේම ජනතාව චන්දය දෙන්නේ නිකම්ම නිකම් හැමදේම අපේක්ෂාවෙන් බවද කියන්නේය.කතාවේ නොගැලපෙනම තැන එතනය. හාල් කිලෝ 20 ගැන නොකිව්වා නම් වඩා හොඳය.දෙන එක නොකියා දීමද වටනේය.

 

හාල් කිලෝ විස්සක් අවුරුදු කන්නට දෙන්නට ජනාධිපතිවරයෙක් අවශ්‍ය නැත. එයට අවශ්‍ය සමුපකාර මැනේජර් ලා ටිකකි.කෙසේ නමුත් අනුප්‍රාප්තික ජනාධිපති වරයා රාජ්යාසන කතාව කරන විට මට දැනුනේ පාර්ලිමේන්තුව වාර අවසාන කර නැවත ආරම්භ කිරීමෙන් පසු කරන කතාවක් නම් නොවේය, එනම් සියළුම මන්ත්‍රී වරුන්ගේ සහභාගිත්වයෙන් ඡන්දයෙන් මොකක්දෝ ජිල් මාට් එකකින් ඡන්දයක් නොතියා අළුතෙන් ම පත් වූ ජනාධිපති කෙනෙක් ගේ කථාවකි. එහි මිමික් වලින් කියවුණේ එයය.

 

අනුරගේ ඉන්දියා ගමන හා ජානාධිපතිගේ මිමික් දකින විට ඉන්දියාව අනුරව ජනමත විචාරණයක් වෙනුවෙන් එකඟ කර ගත්තා වත් දෝ යි සිතන්නට මට මාව පෙළඹ වෙන එක නම් වැළක්විය නොහැකිය.

 

 

සුභාෂිනී විෆ්ලර්

විධායක අධ්‍යක්ෂිකා,

ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය,

ජර්මනිය.

නවතම ලිපි