SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මිනිසාගේ පරම ආයුෂ නිර්ණය කිරීමට හැකි යම් ගණිත ක්‍රමවේදයක් තිබුණේද එය ජ්‍යොතිෂ ශාස්ත්‍රයයි.

තමන්ගේ සහ මව්පියන්ගේ පූර්ව කුසල අකුසල කර්ම ඇතුළු සාධක ගණනාවක් තීරණය කර තමන්ට හිමිවන්නේ බාලායුෂ ද මධ්‍යායුෂ ද පූර්වායුෂ ද යන්න තීරණය වන බව ආසියාවේ අසිරිමත් විද්‍යාවක් වන ජ්‍යොතිෂයේ පිළිගැනීමයි. තම වේලාපත්කඩ මගින් තමන්ගේ ආයුෂ ගණනය කළ හැකිය. එකී ගණිතමය ශාස්ත්‍රයක් වූ ජ්‍යොතිෂ ශාස්ත්‍රයට පමණක් සීමා වී තිබූ රහසක් පසුගියදා හෙළිවූයේ මුළු ලොවම කළඹවමිනි.  

 

ඇමෙරිකාවේ සහ ඩෙන්මාර්කයේ විද්‍යාඥයන් පිරිසක් එක්වී පසුගියදා කළ පර්  යේෂණයක් පිළිබඳ විදෙස් සඟරාවක් වන “Nature Computational Science” සඟරාව වාර්තා කළේය. ඇල්ගොරිත ගණිත ක්‍රමවේදය අනුව කෘත්‍රිම බුද්ධියේ (AI) ආකෘතියක් ලෙස මෙම පර්යේෂණය සිදු කර ඇත. AI (Artificial Intelligence) තාක්ෂණය කෘත්‍රිම බුද්ධිය ලෙස හැඳින්වුවද එය බුද්ධිමය යාන්ත්‍ර විද්‍යාව ලෙස හැඳින්වීම සුදුසු බව මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක එස්. කරුණානන්ද මහතා පවසයි. මිනිස් මොළයට නොදෙවැනි තාර්කිකව සිතීමට හැකි සහ පුහුණු කිරීමේ හැකියාව සහිත යන්ත්‍ර නිර්මාණය කිරීම මෙහි මූලික පදනම වන්නේය.

 

 

AI death 1

 

 

මෙම තාක්ෂණය උපයෝගී කරගෙන කළ මෙම නිර්මාණය මගින් යම් කෙනකු මියයන දිනය නිශ්චිතවම පැවසීමට හැකි බව ඩෙන්මාර්ක කාර්මික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනේ ලීමන් පවසයි. ඔහු ඇතුළු පර්  යේෂණ කණ්ඩායමක් 2008 සිට 2016 දක්වා වසර 8 ක් මෙම පර්යේෂණයේ නියැලී ඇත. යමකු කෙතරම් කාලයකින් මිය යා හැකිදැයි පර්යේෂණය කිරීම සඳහා 2008 ජනවාරි 1 වැනිදා සිට 2015 දෙසැම්බර් 31 වැනිදා දක්වා වයස අවුරුදු 35 ත් 65 ත් අතර ලක්ෂ 23 කගේ දත්ත ඇතුළත් කර ඇත. ආදායම, වෘත්තිය, පදිංචි ස්ථානය, විවිධ රෝගාබාධ සහ ගැබ් ගැනීමේ ඉතිහාසය ඇතුළු දත්ත එම මොඩලයක ඇතුළත් කරමින් මෙම පර්  යේෂණය සිදු කළ බව පර්  යේෂකයෝ පවසති‍. ඇල්ගොරිතම ගණිත ක්‍රමවේදය අනුව කළ මෙම පර්යේෂණයේ ප්‍රතිඵල විස්මිත බව පසක් වන්නට ඔවුන්ට වැඩි කල් ගත නොවීය.

 

 

මහාචාර්ය ලීමන් පවසන් යේ පර්යේෂණ ප්‍රතිඵල අනුව දත්තවලින් සියයට 78ක් මියයන නිශ්චිත දිනය පැවසීමට තම කණ්ඩායමට හැකියාව ලැබුණු බවයි. 2016 වසරෙන් පසු පිරිමින් මියයාමේ සම්භාවිතාව වැඩි බවත් ආයතනික දක්ෂ සේවකයකු වීම, මානසික අවපීඩනය, කාංසාව වැනි මානසික ගැටලුවක් කලින් හඳුනාගැනීම ද මරණය ඉක්මන් වීමට හේතු වන බවද මෙම පර් යේෂණයෙන් හඳුනාගත් බව පර් යේෂකයෝ පවසති. එසේම ඔවුන් පවසනුයේ උසස් රැකියාවක්, නිලතලයක සිටීම හෝ ඉහළ ආදායමක් ලැබීම බොහෝ විට මිනිසුන් ජීවත් කරවන්නට උත්තේජන සපයන බවයි.

 

 

ශක්තිමත් යටිතල පහසුකම් සහ සෞඛ්‍ය සේවා පද්ධතියක් ඇති ධනවත් රටක මෙම අධ්‍යයනය කළ බව පර් යේෂකයෝ සඳහන් කරති. ඇල්ගොරිත ගණිත ක්‍රමවේදය අනුව අනාවැකි පළ කරන life2vec මෙවලම කෘත්‍රිම බුද්ධියේ නවතම භාවිතය වන chatbot ආකාරයෙන් ක්‍රියාත්මකය. Life2vec වැනි මාදිලි වඩාත් වාණිජ වූ විට පාරිභෝගිකයන්ට ශක්තිමත් අනාගතයකට රක්ෂණ සමාගම් උනන්දු වන බව නිව් යෝර්ක් විශ්වවිද්‍යාලයේ Grossman වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය ආචාරධර්ම අංශයේ ප්‍රධානී ආචාර්ය ආතර් කැප්ලාන් පවසයි. ඔහු වැඩිදුරටත් පවසනුයේ මිය යන්නේ කවදාදැයි පුරෝකථනය කිරීමට කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමෙන් මිනිස් සිතේ රහසක්ව පැවති මිය යන දවස තවදුරටත් රහසක් නොවනු ඇති බවයි. 

 

පර්යේෂණයට සහභාගී වී 2020 වසර වන විට මියයන බවට අනාවැකි පළ කළවුන්ගෙන් සියයට 78 කට ලබා දුන් අනාවැකි සාර්ථක වුවත් ආචාරධර්මවලට අනුකූලව කිසිම විටකත් එම පුද්ගලයන් මිය යන බවට අනුමාන දින එම පුද්ගලයන්ට නොපැවසීමට වග බලාගත් බවද පර්යේෂකයෝ පැවැසූහ.

 

මෙම පර්යේෂණය සඳහා ඇමෙරිකාවේ ඊසානදිග විශ්වවිද්‍යාලයේ ජාල විද්‍යා ආයතනයේ මහාචාර්ය ටීනා එලියසි, ඩෙන්මාර්ක් ප්‍රජා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ලොස්ට් හෝස් මෝටෙන්සන් ඇතුළු පිරිසක් සම්පත් දායකත්වය ලබා දී ඇත. ඔවුහු ඔවුන්ගේ පර් යේෂණ වාර්තාවේ මෙසේ දක්වති.

 

 

AI death 3

 

 

“මෙහිදී අපි භාෂාවට ව්‍යුහාත්මක සමානකම් බෙදාගන්නා ආකාරයෙන් මිනිස් ජීවිත නියෝජනය කරන අතර, සවිස්තරාත්මක සිදුවීම් අනුපිළිවෙළ මත පදනම්ව මිනිස් ජීවිතවල පරිණාමය සහ පුරෝකථනය කිරීමේ හැකියාව පරීක්ෂා කිරීම සඳහාත් ස්වභාවික භාෂා සැකසුම් ශිල්පීය ක්‍රම අනුවර්තනය කිරීම සඳහා අපි මෙම පර්  යේෂණය උපයෝගී කර ගනිමු. අපි මෙය කරන්නේ ඩෙන්මාර්කයේ වසර කිහිපයක් පුරා ලබාගත් විස්තීර්ණ ලියාපදිංචි දත්ත පද්ධති සැකසීමෙන් වන අතර එයට සෞඛ්‍ය, අධ්‍යාපනය, රැකියාව, ආදායම, ලිපිනය සහ වැඩකරන වේලාවන් සම්බන්ධ එදිනෙදා සිදුවීම් පිළිබඳ තොරතුරු ඇතුළත් වේ. ගැඹුරු ඉගෙනුම් ආකෘති අර්ථකථනය කිරීමේ ක්‍රම භාවිත කරමින්, අපගේ අනාවැකි සක්‍රීය කරන සාධක තේරුම් ගැනීමට අපි ඇල්ගොරිතම ක්‍රමවේද පරීක්ෂා කරමු. අපගේ රාමුව පර් යේෂකයන්ට ජීවිතයේ ප්‍රතිඵලවලට බලපෑම් කරන විභව යාන්ත්‍රණ මෙන්ම පෞද්ගලීකරණය කළ මැදිහත්වීම් සඳහා ආශ්‍රිත හැකියා සොයා ගැනීමට ඉඩ සලසයි.”

 

මේ ආකාරයට තමන් මියයන දිනය නිශ්චිතව හඳුනාගැනීමට කෘත්‍රිම බුද්ධිය උපකාරි කර ගනිමින් ඇල්ගොරිතම ක්‍රමවේදය ඔස්සේ මෙම නව උපකරණය ක්‍රියාත්මක වෙයි. ඩෙන්මාර්ක නීතිමය රෙගුලාසි සහ ආචාරධර්ම පනත සලකා මෙම නව තාක්ෂණය භාවිත කිරීමට නියමිත බව පර් යේෂකයෝ පවසති.

 

@සසංක චලන ගිම්හාන

deshaya

නවතම ලිපි