SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මීට අවුරුදු 15කට පූර්වයෙන් අශ්වයන් සහ බූරුවන් පිටේ පමණක් ගමන් කිරීමට හැකියාව තිබූ Hunza valley වෙත මේ වන විට මාර්ග ඉදි වී තිබේ. නමුත් බොහෝ ප්‍රමාණයක තවමත් තාර අතුරා නොමැත.

ඒ සමගම මේ වන විට චීනය හරහා ලොව ඇති සියලු නිෂ්පාදන දේශ සීමාව වෙත පැමිණෙමින් තිබේ. හුන්සා මිටියාවතේ මිනිසුන් සඳහා ආශාවන් ඇති වී ෆැන්ටසි වසංගතය ආරම්භ වීම සලකුණු වෙමින් පවතී. ඒ තුලින් ඔවුනගේ පුද්ගල නිදහස අවධාරණය කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් කරා වන මාවත විවර වීම ආරම්භ වී ඇත.

 

පහත සබැඳියේ ඇති වීඩියෝව National Geographic චැනලය විසින් විකාශය කරන ලද්දකි.

 

 

සම්පූර්ණ වීඩියෝව:

එහි විස්තර කථකයාට අනුව එහි මිනිසුන්ගේ ජීවිත දුෂ්කරය. නමුත් සාමුහිකත්වය සහ සහයෝගිතාවය එහි අන් කොතැනකටත් වඩා ඇත. එසේම මිනී මැරුම්, ප්‍රචණ්ඩත්වය, සොරකම්, වෛරය, ක්‍රෝධය, ඊර්ෂියාව වැනි දෑ ඒ මිනිසුන් තුල නොමැත. ලෙඩ රෝග නොවැලඳෙන හුන්සා වැසියන් වසර 100 ඉක්මවා ජීවත් වේ. සාමාන්‍ය වශයෙන් වැළඳෙන ලෙඩ රෝග සඳහා සාම්ප්‍රදායික වෙදකම් එහි ඇත.

hunsa 5

 

හුන්සා මිටියාවතේ සමාජ සංහිඳියාව, සාම්ප්‍රදායික ප්‍රතිමානයන් පිළිපැදීම සහ ස්වයං විනය කෙරෙහි වන දැඩි අවධාරණය කිරීම, ලෝකය පිළිබඳ අපගේ අවබෝධය හැඩගස්වන සංකේත රටාව, භාෂා ක්ෂේත්‍රය සහ සමාජ ව්‍යුහයන්ගේ ප්‍රකාශනයන් ලෙස දැකිය හැකිය. මානව සමාජය සහ ආත්මීයත්වය හැඩගස්වන සංකේත රටාව  යනු අපගේ හැසිරීම, අන්තර්ක්‍රියා සහ ලෝකය පිළිබඳ අවබෝධය පාලනය කරන භාෂාව, සමාජ සම්මතයන් සහ සංස්කෘතික වටිනාකම් යන ක්ෂේත්‍රයයි.

මෙම අවධාරණයෙන් ඇඟවෙන්නේ මිටියාවතේ පුද්ගලයන් සමාජ ප්‍රතිමානයන් සහ වටිනාකම් අභ්‍යන්තරීකරණය කරන බව වන අතර එමඟින් පිළිවෙල සහ ස්ථාවරත්වය පිළිබඳ හැඟීමක් ඇති වන බවයි.  හුන්සාහි ප්‍රායෝගිකත්වය, සාමූහික යහපැවැත්ම සහ සහයෝගීතාවය ක්‍රියාත්මක වන්නේ බලහත්කාරී ලෙස නොවේ. සාමුහිකත්වය නොමැතිව එහි කටයුතු කල නොහැකිය. සාමූහික යහපැවැත්ම පිළිබඳ මෙම අවධාරණයෙන් ඇඟවෙන්නේ මිටියාවතේ පුද්ගලයන් පොදු යහපතට ප්‍රමුඛත්වය දෙන අතර පුද්ගල ආශාවන් සහ ෆැන්ටසීන් කෙරෙහි අවධානය නොගෙනිය හැකි තරම් කුඩා තත්වයක පවතින බවයි.

hansa 9

 

hunsa 8

 

හුන්සා නිම්නයට අදාළ අනූපම අනන්‍යතාව සමාජයක් තුළ පුද්ගලයන් එකට බැඳ තබන සංකේතීය රටාව, පරිකල්පනීය රටාව සහ එම සමාජය මුහුණ දෙන යථමය අත්දැකීම් අතර අන්තර් ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස දැකිය හැකිය. මිටියාවතේ ශක්තිමත් සංකේත රටාව විසින් සමාජ සංහිඳියාව සහ ස්වයං විනය සඳහා රාමුවක් සපයන අතර, ප්‍රායෝගිකත්වය සහ සාමූහික යහපැවැත්ම කෙරෙහි ඇති එහි අවධාරණය තුල පුද්ගලවාදය සහ ඊට අදාළ ෆැන්ටසිය කෙරෙහි පරිකල්පනීය රටාවේ නැඹුරුව හීන කරයි. ධනේශ්වර සමාජය යනු සංකේත නීතිය ක්‍රියාත්මක නොවන සමාජයකි. නමුත් තවමත් ධනවාදයට පය නොතැබූ හුන්සා සමාජයේ සංකේත නීතිය ක්‍රියාත්මක වේ.

 

යම් සමාජයක සමාජ පර්යාය නඩත්තු වන්නේ සංකේත රටාව හරහාය යන්න (සංකේතීය නීතිය ක්‍රියාත්මක වීම තුල) ප්‍රකාශ කරන ලැකාන්ගේ සමාජය පිළිබඳ න්‍යාය, හන්සා නිම්නයට යොදාගත හැක්කේ, ප්‍රකාශිත අධිකාරීත්ව බල කිරීමකින් තොරව සමාජ සංහිඳියාව ඇති වී ඇති ආකාරය තේරුම් ගැනීමටය. සාම්ප්‍රදායික සම්මතයන් සහ ස්වයං විනය මගින් ශක්තිමත් කරන ලද මිටියාවතේ ශක්තිමත් සංකේතාත්මක පිළිවෙල එහි සාපේක්ෂ ස්ථාවරත්වයට සහ සාමකාමීත්වයට දායක වේ.

hunsa 10

 

නැවතත් පවසන්නේ නම්, හුන්සා නිම්නය "සංයමීය සමාජයක" ("society of control") උදාහරණයක් ලෙස - බාහිර බලහත්කාරයෙන් නොව, සම්මතයන්, ප්‍රතිමානයන් (ප්‍රතිමානයන් සපයන අධිකාරීත්ව ආණ්ඩුකරණයක් නොමැත) සහ සාරධර්ම (values) අභ්‍යන්තරීකරණය වීම හරහා සමාජ පිළිවෙල පවත්වා ගෙන යන සමාජයකි. සමාජයක පුද්ගලයින් හට අනොන්‍ය වශයෙන් සමාජයක් ලෙස කටයුතු කල හැකිවන්නේ සහ අරුතක් ලබා දෙන්නේ සංකේත පද්ධතිය තුලිනි. හුන්සා නිම්නය "ශක්තිමත් සංකේතාත්මක රටාවක්" මගින් සංලක්ෂිත වන අතර එහි පුද්ගලයන් ඔවුන්ගේ සමාජ භූමිකාවන් සහ දූරාවලියානුකූලතත්වය මගින් පැහැදිලිව නිර්වචනය වී ඇත. හුන්සා නිම්නයේ සමාජ ස්ථාවරත්වයට සහ සාමකාමීත්වය රඳා පවතින්නේ මෙම ශක්තිමත් සංකේතාත්මක රටාව මතය.  හුන්සා නිම්නය "මෘදු පරමබලධාරීත්වයකින්" සංලක්ෂිත වන අතර, එහි පුද්ගලයන් "ශික්ෂණීය සමාජයක" සිටින ආකාරයේ (ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරන පවතින) විවෘත පාලනයකට යටත් නොවෙයි. ඒ වෙනුවට, "ස්වයං විනයමය" ක්‍රියාවලියක් හරහා ඔවුන්ව නියාමනය කිරීමට ඔවුන්ව ගොඩනැගෙන සමාජයකි.

 

හුන්සා නිම්නයේ ඓතිහාසික අර්ථයෙන් සම්ප්‍රදායික රාජාණ්ඩුවක් නොමැත. ඓතිහාසික වශයෙන්, මෙම කලාපය මීර් ලෙස හැඳින්වෙන පාරම්පරික රාජකීය රාජ්ය පද්ධතියක් සඳහා ප්රසිද්ධ විය. කෙසේ වෙතත්, 1947 දී පාකිස්තානය නිර්මාණය කිරීමෙන් පසු සැලකිය යුතු වෙනස්කම් සිදු විය.

 

hunsa 11

 

"සංයමීය සමාජයක්" ලෙස හුන්සා මිටියාවතේ සමාජ පිළිවෙළ පවත්වාගෙන යයි. හුන්සා මිටියාවතේ පුද්ගලයන් සමාජ ප්‍රතිමානයන්ට, එනම් සමාජ සම්මතයන්ට අනුගත වීමට මෙතරම් කැමැත්තක් දක්වන්නේ මන්දැයි පැහැදිලි කිරීමට හැකිවන්නේ එහි සංකේතාත්මක රටාව සහ සංකේත නීතිය ක්‍රියාත්මක වීම තුලිනි.

 

ඒ අනුව හුන්සා මිටියාවත ප්‍රකාශිත බලහත්කාරයෙන් තොරව ඉහළ සමාජ පිළිවෙළක් පවත්වා ගැනීමට සමත් වූ සමාජයක ආකර්ෂණීය උදාහරණයකි. නමුත් මේ වන විට එහි වෙළඳපොලකරණය ආරම්භ වී ඇත. ඒ සමගම ලෙඩ රෝග, ආතතිය, අසහනය, සමාජ සංහිඳියාව බිඳ වැටීම, ෆැන්ටසීන් කරා යන ආශාවන්, පුද්ගලවාදය ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇත. ඒ තුලින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවශ්‍ය පදනම සකස් වෙමින් තිබේ.

 

hunsa 4

 

 

මේ වන විට, හුන්සා වැසියන් විසින් තමන්ගේ ජීවිත දුෂ්කර බවත්, තමන් විඳින දුක තම දරුවන්ට විඳීමට ඉඩ නොසැලසීම තම අරමුණ බවත් ප්‍රකාශ කිරීමට පටන්ගෙන ඇත. ඒ ඔවුන් හට "සැපවත්" ජීවිත ගැන දැනගැනීමට ලැබී ඇති බැවිනි. 1947න් පසුව අධ්‍යාපන ආයතන ආරම්භ වුව ද හුන්සා සමාජය වෙත ඒවා එතරම් බලපෑම් සහගත නොවීය. නමුත් දැනට වසර 15ක සිට ඉතා සීග්‍රයෙන් පාසල් සහ අධ්‍යාපන ආයතන වල සාපේක්ෂ වශයෙන් විශාල ප්‍රගතියක් ඇති වී ඇත. එබැවින් තම දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා හුන්සා වැසියන් දැඩි උනන්දුවක් දක්වයි.   

හුන්සා සමාජය ලෝකයට විවෘත වීම තුල ඔවුන් එතෙක් ජීවත් වූ සමතුලිතතාවය බිඳී යමින් පවතී. එනම්, ශක්තිමත් සංකේත රටාවක පැවැත්ම සඳහා චාරිත්‍ර වාරිත්‍ර, සංස්ථාපිත සම්ප්‍රදායන්, සහ උත්සවවලට අනුගත වීම අවශ්‍ය කරයි. මෙම භාවිතයන් සංස්කෘතික වටිනාකම් සම්ප්‍රේෂණය කිරීමට, සමාජ ප්‍රතිමානයන් ශක්තිමත් කිරීමට සහ සාමූහික අනන්‍යතාව පිළිබඳ හැඟීමක් පවත්වා ගැනීමට උපකාරී වෙයි.

ශක්තිමත් සමාජ ධුරාවලියක පැවැත්ම තහවුරු වන්නේ සමාජයට අදාළ භූමිකාවන්, තත්වයන් සහ වගකීම් අතර පැහැදිලි වෙනස්කම් සහිතව මනාව නිර්වචනය වී තිබීමයි. මෙම ධූරාවලි ව්‍යුහය සංකේත රටාව තුළ පිළිවෙල සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට උපකාරී වේ.

එවැනි සමාජයක අනුකූලතාව පිළිබඳ අවධාරණය විසින් සමාජ ප්‍රතිමානයන් සහ අපේක්ෂාවන්ට අනුකූල වීම සඳහා ඉහළ වටිනාකමක් ලබා දී ඇත. එහි අඛණ්ඩ ආධිපත්‍යය සහතික කරමින් සංකේත රටාවෙහි නීති රීති පිළිපැදීම අදාළ සමාජයේ පුද්ගලයින් විසින් සිදු කරයි.

පුද්ගලයන්ගේ සදාචාර මාලිමාව හැඩගස්වා ගනිමින් සංකේත රටාව ශක්තිමත් සමාජයක් තුළ එය ගැඹුරින් අභ්‍යන්තරීකරණය වී ඇත. සංකේත රටාවෙහි රීති හුදෙක් බාහිර පැනවීම් නොව හැසිරීම් මෙහෙයවන අභ්‍යන්තරික මූලධර්ම වේ.

hunsa 12

 

 

ධනවාදී වෙළඳපොලකරණය සහ ඊට අදාළ අධෝ ව්‍යුහයන් ක්‍රමයෙන් සංස්ථාපනය වීම තුල පැමිණෙන සංස්කෘතික ආක්‍රමණය තුල හුන්සා මිටියාවතේ සංකේත රටාව කාලයාගේ ඇවෑමෙන් ක්‍රමක්‍රමයෙන් සංස්ථාපනය වන නව සංකේත රටාව සමග සුසන්ධීකරණය වන්නේ එතෙක් තිබූ සංකේත රටාව අලුතින් අර්ථකථනය කෙරෙමින් සහ ඒවාට නව සංකේත රැසක් එකතු වෙමිනි. එය එවිට හුන්සා ජාත්කත්වය ලෙස හඳුන්වන්නේ නම්, එවිට තවදුරටත් හුන්සා ජාතිකත්වය යනු එම මිටියාවත ලෝකයට විවෘතවීමට පෙර තිබූ තත්වය නොවේ. එය නැවත සුසංධීකරණය වී ඇත්තේ අති විශාල විවිධත්වයකින් යුතු සංකරන සහ සංයෝජන ව්‍යාකූලත්වයක් තුලය. අද පවතින "සිංහල බෞද්ධ ජාතිකත්වය" යනු ද එවැනි තත්වයකි.

පසු සටහන:

 

මේ ලිපිය කියවන බහුතරයකගේ ප්‍රශ්නය වීමට නියමිතව ඇත්තේ දැන් මේ පවසන්නේ නැවතත් හුන්සා සමාජය වැනි සමාජයකට යා යුතු ද යන ප්‍රශ්නයයි (සුපුරුදු ජනප්‍රිය ප්‍රශ්නය). ලිපියෙන් අවධාරණය කරන කාරණය තේරුම් ගැනීමට උත්සහ දරනවා වෙනුවට හෝ එසේ අවධාරණය කරන කාරණය ප්‍රශ්න කරනවා වෙනුවට එවැනි මෝඩ ප්‍රශ්න අසන්නන් හට අප පිළිතුරු ලබා නොදෙන බව ද කරුණාවෙන් සලකන්න.

 

@Spartacus lipi

නවතම ලිපි