SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළඹෙන දෙසැම්බර් 10 වනදා මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 300% වැඩිකර ඉදිරිපත් කිරීමට නියමිත වැට් බද්ද හරහා

මෙරට ළදරුවාගේ සිට මහල්ලා දක්වා සෑම පුරවැසියෙකුටම රුපියල් 30,000 ක් රජයට ගෙවීමට සිදුවන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අනාවරණයක් කර ඇත.

ඔහු මේ අනාවරණය කළේ අද (29) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදය තුළ අදහස් දක්වමිනි.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික මන්ත්‍රීවරයා;

 

"මේ ආණ්ඩුව ගිය අවුරුද්දේ ගෙනාපු අයවැයෙන් 2023 ප්‍රාග්ධන වියදම් හැටියට රුපියල් බිලියන 1,200 අධික ප්‍රමාණයක් වැය කරන බව ප්‍රකාශ කළා. ඒකෙන් බිලියන 90 ක්ම වෙන් කරලා තිබුනේ මහා මාර්ග, ප්‍රවාහන ක්ෂේත්‍රයට. නමුත් මාස 8ක ප්‍රගතිය බැලුවට පස්සේ ඒ බිලියන 1,200න් වියදම් කරලා තිබුණේ බිලියන 440ක් පමණයි. ඒ වගේම අති විශාල ප්‍රමාණයක් වැය කරලා තිබුණේ පසුගිය කාලයේ හිඟ බිල්පත් ගෙවීමට. දැන් මේ වසරෙත් බිලියන 1,209 ක් ප්‍රාග්ධන වියදම් හැටියට වෙන් කරලා තිබුනත් නොයෙක් ව්‍යාපෘති වන කඩවත සිට මීරිගමට අධිවේගී මාර්ගය සම්පූර්ණ කිරීම, මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය, අයිරෝඩ් සංකල්පය වගේ යෝජනා වලට බලාපොරොත්තු වෙනවා බිලියන 578 ක්ම ලැබෙයි කියලා. ඉතින් මේවා යථාර්තවාදී නොවන බව ප්‍රකාශ කරන්න ඕනේ මුලින්ම.

 

ඒ වගේම මේ රජයේ ආදායම් වියදම් පියවා ගැනීම සඳහා ඉදිරි කාලයේදී ආණ්ඩුවට මේ අයවැයෙන් යෝජනා කරලා තිබුන් නෑ නිශ්චිතව මේ අසවල් ක්‍රමය කියලා. නමුත් ආණ්ඩුවට සිද්ධ වෙනවා බදු ප්‍රතිපත්තිය පුළුල් කිරීමට. දැනටමත් වැට් බද්ද 300% කින් වැඩි කරන බව මුදල් ඇමති ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඒ වගේම වැට් බද්දට මෙතෙක් අසුවී නොතිබිච්ච පෙට්‍රල්, ඩීසල්, පොහොර වගේම අත්‍යවශ්‍ය ආහාර, කිරි, ඖෂධ, වෛද්‍ය ක්ෂේත්‍රයේ උපකරණ, කෘෂි උපකරණ වගේ අති විශාල ප්‍රමාණයක් මේ වැට් බද්දට හසු වීමට නියමිතයි. ඒ පනත මේ 10 වෙනිදා ගෙන්න යනවා. කොපමණ ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවද? අතිරේක වශයෙන් බලාපොරොත්තු වෙනවා දළ දේශීය නිෂ්පාදනයෙන් 2.1ක්. දළ දේශීය නිෂ්පාදනයෙන් 2.1ක් කියන්නේ කීයද? රුපියල් බිලියන 600කට අධික ප්‍රමාණයක්. ඒ අනුව එක පුද්ගලයෙක්ගෙන් ලබන වසරේ වැට් බද්ද වැඩි කිරීම හරහා පමණක් රුපියල් 30,000 වැඩියෙන් රජයට ගෙවන්න අවශ්‍යයි මෙහි ඉලක්ක සපුරා ගැනීම සඳහා. ඒක ආර්ථික වශයෙන් ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක්. මේ දැනුත් ජීවත් වෙන්න අමාරුවෙන් ඉන්න ජනතාවට වැට් බද්ද කියන්නේ භාණ්ඩ හා සේවාවන් වලට තියෙන දෙයක්. තවත් රුපියල් 30,000 ක් ළදරුවාගේ ඉඳන් මහල්ලා දක්වා සියලුම දෙනාගෙන් ගන්න උත්සාහ කෙරුවා.

 

ඊළඟට බැංකු පද්ධතියේ නැවත ප්‍රාග්ධන කරණය සඳහා බිලියන 450 අවශ්‍යතාවයක් එල්ල කරලා පෙන්නලා දීලා තියෙනවා. ජනාධිපතිතුමාගේ කතාවෙන් ඒ බිලියන 450ත් ගන්න යන්නේ බදු හරහා නම් තවත් මේ රටේ ජනතාවගෙන් රුපියල් 20,000ක් එක පුද්ගලයෙක්ගෙන් ලබා ගත යුතුයි. ඒක මං දැක්කා අර ඇඩ්වොකාටා එකේ ඉන්න ප්‍රසිද්ධ ආර්ථික විචාරකයෙක් වෙන ධනනාත් මහතා ප්‍රකාශ කරලා තියෙනවා. එතුමා එම චෝදනාව රාජ්‍ය ආයතන වලට දාලා තිබුණා. විශේෂයෙන්ම මහජන බැංකුව, ලංකා බැංකුවට තියෙනවා කියලා බිලියන 1,800 බැරක් දාලා රාජ්‍ය ආයතන විසින්. ඒක මම අර්ධ හැටියට පිළිගන්නේ. මොකද තෙල් සංස්ථාව වැනි ආයතන ඔය බැංකුවලට ණය ප්‍රමාණය වගේ තුන් හතර ගුණයක් බදු හැටියට රජයට පසුගිය කාලයේ ගෙවලා තියෙන නිසා. කෙසේ නමුත් මෙතන තියෙනවා බරපතල ප්‍රශ්නයක්. ඒ මොකක්ද? ඒ තමයි ලංකා බැංකුව, මහජන බැංකු හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවට පමණක් පොලු තියලා තියෙන අක්‍රීය ණය ප්‍රමාණය බිලියන 700ක්. ඒ අක්‍රීය ණය ප්‍රමාණය අය කරගන්න කිසිම වැඩ පිළිවෙලකින් තොරව බැංකු නැවත ප්‍රති ප්‍රග්ධනකරණය සඳහා හැම මනුස්සයෙකුගෙන්ම රුපියල් 20,000ක් ගැනීම කොච්චර අයුක්ති සහගත ක්‍රියාවලියක්ද? කවුද මේවට වග කියන්නේ. අර ඒ කාලේ ඡන්දය කාලයේ තිබිච්ච වැදගත් ප්‍රචාරණ මාධ්‍ය. කවුද මේවට වග කියන්නේ? මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා ඇතැම් ඇමතිවරු. ඒ අය මේ බැංකුවල අක්‍රීය ණය ලයිස්තුවේ ඉන්නවා. මේ අක්‍රීය ණය ලැයිස්තුව පාර්ලිමේන්තුවට දෙන්න කියලා ලංකා බැංකුවේ, මහජන බැංකුවේ සභාපතිවරුන්ට රාජ්‍ය මුදල් අමාත්‍යංශය නියෝග කරලා තියෙනවා. අද වෙනකම් ඒ ගොල්ලෝ අසමත් වෙලා තියෙනවා මේ ලැයිස්තුව ඉදිරිපත් කරන්න.

 

 

මේ ලැයිස්තුව ඉදිරිපත් කළොත් හුඟක් දූෂණය ගැන කතා කරන, අයුක්තිය ගැන කතා කරන, නීතිය, සාමය ආරක්ෂා කරන්න කැපවෙලා ඉන්න අයගේ රෙදි ගැලවෙනවා. ඒක නිසා, පළමුවෙන්ම රජය කළ යුත්තේ, මේ අක්‍රීය ණය ලබාගැනීම සඳහා, සක්‍රීය වැඩපිළිවෙලක් යොදාගැනීම මිසක්, ජනතාවගේ බදු වලින් තව රුපියල් 20,000ක් මිනිස්සුන්ට බර දාලා කටයුතු කිරීම නෙමෙයි. සමාජ ආරක්ෂණ බද්ද වැඩි කිරීමෙන් තව ට්‍රිලියනයක් විතර හොයාගන්න උත්සාහ කරනවා වෙනුවට, ඇයි උත්සාහ කරන්නේ නැත්තේ?

 

 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 1000ක් (ට්‍රිලියනයක්) බදු එකතු කරලා නෑ. සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වසරේ ආයතන පහක් රුපියල් මිලියන 1,200ට අධික ප්‍රමාණයක් ගෙවලා තිබුන් නෑ. අපේ ක්‍රම සහ විධි කාරක සභාවේ මම සතුටින් කියන්න ඕන ආණ්ඩු පක්ෂයේ අපේ විපක්ෂය ඔක්කොම එකතුවෙලා අපි නියෝගයක් දුන්නා. ඔක්තෝබර් 30න් පස්සේ ඒවා අය කරගන්න ක්‍රියාකරන්න. නැත්නම් බලපත්‍ර අහෝසි කරන්න කියලා. බලපත්‍ර අහෝසි කරලා දවස් 4 යි ගියේ. මේ වෙනකොට එම ගෙවපු නැති බදු වලින් හරි අඩක් කෝටි 57 ක් මේ සති කීපයේ එකතු වෙලා ඉවරයි. මේ වසර අවසන් වෙන්න පෙර ඒවා එකතු කරන්න කියලා අපි කියලා තියෙනවා.

 

 

ඊළඟට රේගුවේ හොරෙන් බඩු ගෙන්වනවා. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමෙකු ගේත් තුන් ගුණයක් බදු ගහන්න පුළුවන් භාණ්ඩය රාජසන්තක කරා.  නමුත් ඒක ක්‍රියාත්මක කළේ නෑ. පළවෙනි මාස 6 දී රේගුව හොයලා තියෙන්නේ රටින් හොරට ගෙනාපු භාණ්ඩ වලින් මිලියන 134යි. නමුත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට දීපු මාර්ගෝපදේශය අනුව 100% බද්ද ගහන්න කිව්වා. පසුව මාස 4ක් ඇතුළත කෝටි 43ක් එකතු වෙලා තියෙනවා.

 

 

මම මේ උදාහරණ කිහිපයක් කිව්වේ. අවශ්‍ය නම් මේ ජනතාවට බදු ගහන්නේ නැතුව ආයතන හරහා එකතු කරගන්න පුළුවන්. ඒවා එකතු කර ගත්තොත් මාර්ග සංවර්ධනයට, නාගරික සංවර්ධනයට අනෙකුත් සංවර්ධන කටයුතු වලටත් ඒක ගෙන යන්න හැකි වෙනවා. රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය ඉතාමත්ම බරපතල ප්‍රශ්න පැන නැගුණ ක්ෂේත්‍රයක්. අපේ විශේෂඥයෝ දැනුම් දුන්න දේ තමයි, මාර්ග තදබදය නිසා දිනකට, රුපියල් බිලියනයක් අපට අහිමි වෙන බව. එතකොට මාර්ග තදබදයට අපේ විසඳුම මොකක්ද? අධිවේගී මාර්ග, නගරවල ඉහළින් යන මාර්ග පද්ධති ඉදි කරන්නට දැවැන්ත ක්‍රියාවලියකට අපි යොමු වුණා. 2005 ඉඳන් අද දක්වාම, 40% කට අධිකප්‍රමාණයක් අපේ ප්‍රාග්ධන වියදම් අපි වියදම් කරලා තියෙන්නේ මොකටද? මාර්ග සංවර්ධනයට. දැන් තදබදය අඩු වෙලා තියෙනවාද? තෙල් මිල හතර ගුණයකින් පමණ ඉහළ ගියයි කියලා තදබදය අඩු වෙලා තියෙනවද? නෑ. ඇයි? අපි වැරදි ප්‍රතිපත්තියක යන නිසා. ඒ නිසා තමයි අපි 2016 දී තීරණයක් ගත්තේ පොදු ප්‍රවාහනය සඳහා වෙන වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනෙයි කියන තැනට ගියේ.

 

IMF එක ඉදිරිපත් කරලා තියෙන ආණ්ඩුකරණ මූලධර්ම වාර්තාවේ, ලංකාවේ මාර්ග වලට 1:3 අනුපාතයෙන් වියදම් කරලා තියලා තියෙනවා. ඒ කියන්නේ ඉංජිනේරු ඇස්තමේන්තුව වගේ තුන් ගුණයක් වියදම් කරලා තියෙනවා. ඒ ගසා කාපු ධනයෙන් 10%ක් දුම්රිය දෙපාර්තමේන්තුවට වියදම් කළා නම් මේ මාර්ග අර්බුදය ප්‍රවාහන අර්බුදය විසඳගන්න තිබුණා. අපට තව අවුරුදු 3ක් ඉඩ දුන්නා නම් අපි මේ කොළඹ හා බස්නාහිර පළාතේ මාර්ග තදබදය සම්පූර්ණයෙන්ම විසඳනවා. විශේෂයෙන්ම මේ ක්‍රියාවලියේදී ඉතාම වැදගත් ජාතික භෞතික සැලසුම. ජාතික භෞතික සැලසුම සෑම වසර 10 කටම සැරයක් හැදෙන්න ඕනේ. මුලින්ම 2008 ජාතික භෞතික සැලසුම හැදුවේ. ඒක ඉතාම වැදගත් දෙයක්. 2018 දී අපි ඒක යාවත්කාලීන කළා. හැබැයි විශාල මඩ ප්‍රහාරයක් ගැහුවා මේක CIA සැලසුමක්, මේකෙන් රට බෙදෙනවා, ඇමරිකන් හමුදා ගොඩ බහිනවා කියලා. එදා අපි 2018 හදපු ජාතික භෞතික සැලසුම තමයි දැනුත් යාවත්කාලීන කරලා තියෙන්නේ මේ ආණ්ඩුවත්.හැබැයි එදා ඡන්දේ ගන්න කිව්වේ මේක CIA කියලා. ඒ ජාතික භෞතික සැලසුම හරි නම් ව්‍යවස්ථාවට එකතු කරලා, ආණ්ඩුවලින් ආණ්ඩු වලට, ඇමතිවරුන්ගෙන්, ඇමතිවරුන්ට වෙනස් කරන්න බැරි විදිහට ප්‍රතිපාදනයක් සකස් කරගත්තා නම් අද මේ රට බංකොලොත් වෙන්නෑ. රට බංකොලොත් කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. 1815 මාර්තු 02 දා බ්‍රිතාන්‍යයට යටත් වුණාට පස්සේ අපේ ස්වෛරීභාවය විනාශ වුණේ 2022 අප්‍රේල් 12. ඒ ස්වෛරීභාවය නැවත දිනා ගන්න දැවැන්ත නිදහස් අරගලයක් අපට කරන්න වෙනවා ඉදිරි කාලයේදී."

 

@මාධ්‍ය ඒකකය

නවතම ලිපි