SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලිංගික පරපීඩාකාමිකත්වය පිළිබඳව මහා කතාබහක් යන උණුසුම නිසා මේ කතාව ලිවීම ඉක්මන් වුණා.

මෙහෙ කතන්දරයකින් පටන් ගමු. Mala Fernando කීවාක් මෙන්ම අන්තර්ජාතික ශිෂ්‍යයෝ කියන්නේ ඇත්තටම කැනඩාවේ ඉතාම දුප්පත් කියන ඝනයට අයත් වෙන ජන කොට්ඨාශයක්. ඒකට හේතුව, එහෙම එන සියල්ලෝම මහා බලගතු සල්ලිකාර පවුල් වල අය නොවීම සහ එසේ වුවද ඒ අය තමන්ට හිමි පැය කීපය තුළ මොකක් හෝ රැකියාවක් කර යමක් ඉපයීමට උත්සාහ ගන්න කොටසක් වීමයි. මෙය හොඳින් දන්නා මේ රටවල ආණ්ඩූද, වැඩ ගනිමින් ම ජාතික සිසුන්ට වඩා තුන් ගුණයක මුදලක් මේ අයගෙන් අයකර ගන්නවා. එහෙත් ඒ අයට කරන්න තියෙන රැකියා dish washing, cleaning, grocery stores, coffee shops, and shopping malls. මෙම රැකියා වල වරදක් නෑ එහෙත්….. ප්‍රවේශමෙන් මේ කතාවට සවන් දෙන්න.

මේ කතාව එවැනි එක් සිසුවියක් ගැනයි. ඇයට සේවය කරන්න සිද්ධ වුනේ සාමාන්‍ය ආපන ශාලාවක dish washer හැටියට. මේ රැකියාව ගත්තේද අපේම ප්‍රජාවට සම්බන්ධ තැරැව් කාරයෙකු ගෙන්. House cleaning වගේ රැකියා සදහා සිසුන් යොදවන එවැනි තැරැව් කාරයින් ද එමට සිටිති.

male f 2

 

ඇය සේවය කරන තැන අවුරුදු 70 ක පමණ සීයා කෙනෙක් ද සිට ඇත. සීයා ඇයට ඉතා කරුණාවන්ත ය. දිනක් සීයා,

"දුවට අමාරුයි නෙ ඔය වැඩේ, අද පහළ අල සුද්ද කරන වැඩේ කරන්න, ටිකක් වෙලා වැඩ කරන්න පුළුවන් " යැයි යෝජනා කර ඇත.

ඩිෂ් වොෂින් රැකියාව හවස නෙ, ඉතින් ඇය පහළ එම වැඩේ නිරත වූ අතර සීයා ද තම වැඩ නිමකර පහළට ඇවිත් ඇයට උදව් කරන්න පටන් ගත්තා කියමුකො. ඉතින් කතාවට වැටුණා.

"දුව තනියම ද ඉන්නෙ, බැඳලා ද?"

"නෑ සීයා මම බැඳලා නෑ, හැබැයි මට boy friend කෙනෙක් ඉන්නවා"

"ආ ඒක හොඳයි, ඉතින් ඉතිං විස්තර කියන්න කො"

සීයා ගෙ විලාසය ඇය තුළ චකිතයක් ජනිත කළා, ඇය කරබාගෙන වැඩෙහි නිරත වී ඇත.

"අයියෝ ලජ්ජා වෙන්න එපා, සෙක්ස් එහෙම කරනවා ඇති නෙ" සීයාගෙ ඊළඟ ප්‍රශ්නය. එයින් තවත් ලැජ්ජාවට පත් ඇය එනපොට නරක බැවින් නිහඬව සිටීම අගුණ බව වැටහුණු නිසා.

"පිස්සු ද සීයෙ, අපි ඒවා ගැන හිතලාවත් නෑ, ඒවා හිතන්න ඉස්සර මේ ආපු වැඩේ කරගෙන ඉන්න එපැයි"

"අයියො ඔයා එහෙම කියන්න එපා, ජීවිතේ හොඳම කාලේ enjoy කරන්න එපැයි, මං කියලා දෙන්නම් පරෙස්සම් වෙලා ඕවා කරන විදිහ, අපට හොඳ අත් දැකීම් තියෙනවා"

මේ එදින සිදුවුණු දෙය ලුහුඬින්, මින් ලැජ්ජාවට පත්වූ ඇය ඒ මොහොතේ ම එතැනින් පිටව ගිය අතර,ඊට පසුදා ඇය වැඩට නො ආවේ ඒ ඇතිවුණ සිද්ධිය එතරම්ම අප්‍රසාදයට හේතු වූ නිසයි.

මෙය සැහැල්ලුවෙන් සැලකිය යුතු ක්‍රියාවක් නොවේ. දරුණු ලිංගික අඩම්තේට්ටම් කිරීමක් බව ඔබ පිළිගන්නවා ද? ඒ විතරක් නොවෙයි බලන්න ඊට පස්සේ වෙච්ච දෙය.

male f 4

දින තුනක් ම නිහඬව සිටි ඇය, රැකියාවේ අවශ්‍යතාවය නිසාම නැවත වතාවක් රැකියා ස්ථානයට වාර්තා කර ඇත. එහෙත් වැඩ පලේ තත්වය වෙනස් අතට හැරී ඇතිබව ඇයට වැටහුනි. සියලු දෙනා ඇය දෙස අමුතු ලෙස බැලීමට පටන් ගෙන ඇත. අයිතිකරු දැනුම් නොදීම දින තුනක් නිවාඩු ගැනීම ගැන දොස් පවරා ඇත. සීයා නිහඬය. සීයා කර ඇත්තේ බෝලය ඇය දෙසට එල්ල කිරීමය. රැකියාව කළ නොහැකි තරමටම පරිසරය නිර්මාණය කිරීමට සීයා සමත්ව ඇත. ඇයට එම රැකියාව අහිමි විය. (මෙය 2021 අවසාන කාර්තුවේ කැනඩාවේ සිදුවූ සත්‍යය සිද්ධියක්)

"ඔබ වෙනුවෙන් කතා කළ යුතු ඔබමයි. ඔබ කළ යුතුව තිබුණේ පසුවදා උදෑසන පැමිණ මේ ගැන අයිතිකරුට වාර්තා නොකෙරේ?"

මේ පසුගාමී තත්ත්වය මෙවන් රටකද සිදුවන විට මැද පෙරදිග, ඇත ගම්මාන වල කර්මාන්ත ශාලා වල මොන තරම් ලිංගික හිංසන සිදු වෙනවා ඇත්ද? යකඩ මලු ගුල්ලො ගහන ලෝකේ හාල් මලු ගුල්ලන්ගෙන්ම පිරී ඇති බව නොපෙනේද?

ඒවාට උත්තර තියෙන්නෙත් කාන්තාව අතේමයි. මීළඟ උදාහරණය කියවන්න සත්‍යය කතාවක්. නඩු විස්තරය කියවන්න මීට අමතරව, කැමති අය චිත්‍රපටිය බලන්න, මම කතාකරන්නේ ඇත්ත කතාව ගැන. ඒක දිනපු නඩුවක්, තමන් වෙනුවෙන් නිර්භයව කතා කරපු කාන්තාවක් සමස්ත කාන්තා සංහතිය වෙනුවෙන් කරපු අභීත කතාවක විස්තරයක්.

male f 3

මේක ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ 'එවටෙක්' කියන පතල් කැණීම් කොම්පැණියකට විරුද්ධව ජෙන්සන් කියන අභීත තරුණ මව දියත් කරපු යෝධ මෙහෙයුමක්. (Lois E. Jenson v. Eveleth Taconite Company, et al.)

ජෙන්සන් මේ කොම්පැනියේ රැකියාවට යන්නේ 1974 වර්ෂයේ, තවත් කාන්තාවන් කීප දෙනෙක් සමග ඉතාමත් අසීරුවෙන් එම රැකියාවේ යෙදෙනවා. ඔබ දන්නවානෙ, පතල් කැනීම් ආශ්‍රයෙන් ඉදිවෙන එම ජනාවාස සම්පූර්ණයෙන්ම නඩත්තු කරන්නේ එම කර්මාන්ත ශාලාව. එහි ජීවත් වන්නේ භෞතික ශරීර පමණයි, සිතුවිලි පවා සංස්කරණය කරනු ලබන්නේ කර්මාන්තශාලා අධිකාරිය ට උපවමනා පරිදි යි. කර්මාන්ත ශාලාව වැසුවොත් එක්කො සම්පූර්ණ ජනතාව නඩත්තු කරන්නෙ රජය මගින්, නොඑසේනම් එය ජනශූන්‍ය හොල්මන් නගරයක් බවට පත් වෙනවා.

මේ කර්මාන්තශාලා සමාජ වල හයිකාරයා පිරිමියා. මේවගෙ තියෙන පුරුෂාධිපත්‍ය පෙරදිග පුරුෂාධිපත්‍ය ඉක්මවා යන අති දැවැන්ත එකක්. දන්නවානෙ ඇමරිකන් හැම එකම ඉතිං තරු පහේ ඒවනෙ. ඒ වාගෙම තමයි පුරුෂාධිපත්‍ය ත්. අමතක කරන්න එපා දනිපනි ගාලා කමලාවො මේට් කමට පත් උනාට තාම නෑනෙ ජනාධිපති නෝනෙක් පත්වූනේ.

CHARLIZE THERON stars as Josey Aimes in a scene from Warner Bros. PicturesÕ drama, ÒNorth Country.Ó FRANCES McDORMAND also stars.PHOTOGRAPHS TO BE USED SOLELY FOR ADVERTISING, PROMOTION, PUBLICITY OR REVIEWS OF THIS SPECIFIC MOTION PICTURE AND TO REMAIN THE PROPERTY OF THE STUDIO. NOT FOR SALE OR REDISTRIBUTION.

ඉතිං ජෙන්සන් තවත් කාන්තාවන් කීප දෙනෙක් එක්ක මෙතන වැඩ කරේ අතී කෲර, ලිංගික හිංසන, අඩම්තේට්ටම්, අපහාස උපහාස විඳ දරාගෙන. ජෙන්සන්ට මේක තදින්ම එල්ල වෙනවා, එතන ඉන්න පුරුෂයන් ගෙ පුරුෂ ලිංගික අවශ්‍යතා වලට එයා නතු නොවන නිසා. මේක දිගින් දිග යන්නෙ ජෙන්සන් ගෙ මේ සියල්ල විඳ දරා ගැනීමේ ශක්තිය හමුවේ අර පුරුෂ ලිංගිකයින් ගේ පුරුෂාත්ම හීනනය ඔඩු දුවන නිසා. ජෙන්සන්ව අමානුෂික පහරදීම් සහ බිය ගැන්වීම් කරනවා.

ජෙන්සන් 1984 දී කෲර අඩම්තේට්ටම් වලින් තමන්ට වන අසාධාරණයට විරුද්ධව මිනසෝටා මානව අයිතිවාසිකම් දෙපාර්තමේන්තුව ට අභියාචනායක් ඉදිරිපත් කරන අතර, මේ සම්බන්ධයෙන් ඇයට භෞතික අඩම්තේට්ටම් කිරීමට මිය කර්මාන්ත හිමියන් මැරයන් යොදවනවා. මේ අලාභහානි සම්බන්ධයෙන් වන්දි ගෙවීමට ප්‍රාත්ත රජය නියම කලද කර්මාන්ත කරුවන් එය ප්‍රතික්ෂේප කරනවා.

එහෙත් තම උත්සාහ ය අත් නොහරින ඇය නඩු මගට බසින්නවා. අතර මේ නඩුව සඳහා එම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු සියලුම කාන්තාවන්ට හිරිහැර පැමිණෙන බව හෙලි වුවද, එම කාන්තාවන් ඇයට එක්කාසු වෙන්න නෑ මුලින්ම, බොහෝ විට බිය වෙනවා තර්ජන හමුවේ. නමුත් නඩුව සඳහා වෛද්‍ය වාර්තා පරීක්ෂා කර බලා අවසානයේ දී 1998 දී සියලුම කාන්තාවන්ට තමන්ට වී ඇති හිංසන වෙනුවෙන් මිලියන 3.5 ක් මුදලක් ගෙවීමට සිදු වෙනවා. එපමණක් නොවෙයි මේ නඩුව පූර්වාදර්ශයක් ලෙස ගෙන අමරිකා එක්සත් ජනපදය තුළ workplace harassment පිළිබඳ ව නීතියක් ද ස්ථාපනය වෙනවා.

හැබැයි වැඩපළවල වන ලිංගික අකටයුතු මෙයින් නැවතී නැතුව ඇති. එයට හේතුව මෙයට සමාන සත්‍යය සිද්දි ඇමරිකාවෙ සහ කැනඩාවේ පවා බොහෝ විට වාර්තා වෙනවා.

male f 1

ළගකදී කැනේඩියානු මිලිටරි සේවාවේ සිදුවුණු එවැනි අකටයුතු ගැන සිද්ධි බොහොමයක් ප්‍රසිද්ධියට පත් කලා. Me too movement එකෙන් පසු බොහෝ කාන්තාවන් මෙවැනි අඩම්තේට්ටම් හමුවේ නොබියව කතා කිරීමට පසුබට නොවන ගතියක් පෙන්නුම් කරනවා.

ප්‍රශ්නය තියෙන්නේ මෙවැනි ප්‍රශ්න වල තීවෘ තාවය සහ අමානුෂික භාවය පිළිබඳව සැලකිලිමත් වන නීතිරීති පද්ධතියක් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයයි. විශේෂයෙන් ලංකාව වැනි රටවල නීතිමය පියවර ගැනීමට ඇති බිය, සැක සහ අධික වියදම් හමුවේ බොහෝ පිරිස් දුක කරුමයෙ උරුමය ලෙස විඳ දරාගෙන සිටීමට පෙලඹෙනවා.

ඉතින් සහෘදයෙනි, මේ සම්බන්ධයෙන් කාන්තා නීතිඤවරියන් සමග තිරස් අතට විහිදුණු දැනුවත් කිරීමේ පුළුල් වැඩ පිළිවෙලක් හෝ ජෙන්සන් වැනි 'තීවෘර කේස් එකක්' (නීති මගින් ජය ගත හැකි) මත පරතෙරට යාමක් සිදු කර සමස්ත පද්ධතිය ට බලපෑම් කිරීම් ගැන උත්සාහ ගැනීම වඩා වැදගත් නේද?

 

තොරතුරු : අන්තර් ජාලය, movie the north country (fictionalized true story)

Sexual harrassment law suit: Jenson v. Eveleth Taconite Co

නවතම ලිපි