SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපේ රටේ කාන්තාවන් ගැන කතා කරන විට ඉහලින්ම කියවෙන කොටස් තුනක් තියෙනවා,

ඒ තමයි තේ දළුභනෙලන, විදේශ රැකියා කරන සහ ඇඟළුම් ක්ෂේත්‍රයේ නියුතු. හැබැයි ඔය කුලක වලට තනිකරම ඇතුළත් නොවන තවත් කොටසක් ඉන්නවා ඒ තමයි රැකියා විරහිත ගෘහනියන්. ආර්ථික විද්‍යාවට අනුව මේ අය active labour ඝනයට නොගත්තට මේ අය තමයි ආර්ථිකයේ ජීවනාලිය. මේ අය අතරින් වැදගත් ම කොටසක් හැටියට මම කතා කරන්නෙ ග්‍රාමීය කෘෂිකාර්මික ගෘහණියන් කියන කට්ටිය. කාන්තා විමුක්තිය ගැන කතා යද්දී චකුබ ලාට අභියෝග කරමින් තමන්ගේ විමුක්තිය ප්‍රත්‍යක්ෂ කරගන්නා සදමාලිලා අයිති වෙන්නෙ අන්න ඒ කොටසට.

ඇඹලේගොඩ කියන්නේ පුදුම ගමක්. මේ ගමේ ඉපදුන වගේම ගමට පිටින් එන කාන්තාවො හරිම පුදුමයි, ජවසම්පන්නයි, කාර්යසූරයි. මතකනෙ කතාකරන මහවැව පොතේ කහවැවපාමුල නැන්දාගේ කතාව. ඒක අපේ ගමට ලැබිලා තියෙන අමුතු ආශිර්වාදයක් වෙන්නැති. කොහොම හරි එයාලා ජවසම්පන්නයි.

 

sada 2

ඉතිං සඳමාලි පැත්තට හැරෙමු. සඳමාලි ඉපදුනේ මහවැව පාමුල ගෙදරක, ඉස්කෝලෙ ගියා අම්මා රට, ඉතින් වික්ටෝරියානු ළමාසාරි නම් ඇන්දෙ නෑ. එයා පිට ගමකට දීගේ ගියා ඔය කියන වික්ටොරියානු මංගල පෝරුවෙ හිටවලත් නොවෙයි. දරුවො දෙන්නෙක්ගෙ මවක් උණ ඇය, ජම්මෙන්ම ඇයට පිහිටලා තිබුණු ක්‍රියාශීලී බව නිසාම ඇඟලුම් කම්හලක වැඩටත් ගියෙ දරුවො ලැබුණාට පස්සේ. ඒ ගමෙන් කාන්තා ක්‍රියාකාරිනියක් විදිහට වැඩ කරා. හැබැයි ඒ වැඩ කරේ කාන්තා අයිතිවාසිකම් ඉල්ලන්න නම් නොවෙයි. එදිනෙදා ජීවිතයේ තම පවුල් වලට මුහුණ දෙන්න සිද්ධ වන අභියෝග වලට මුහුණ දෙන්න සාමුහික වැඩ පිළිවෙලක් දියත් කරන්න. ඇය තමයි ඒ ගමේ කාන්තා සමිතියෙ ලේකම්.

මොකක් හරි හේතුවක් නිසා ඇයට සිද්ධ වූවා තම පවුලක් එක්ක ආපහු ගමට එන්න. කාන්තා සමිති සාමාජිකයො ඇයට තනතුරෙන් අස්වෙන්න දුන්නෙ නෑ. ඒ තරම් එයා ජනප්‍රිය යි ඒ ගමේ. තාමත් ඒ ගමේ සමිතියෙ ලේකම් කම මෙහෙයවන්නෙ එයා. කොහොම වුණත් ඒ ගේ දොර අත්හැරලා ඇය ආපහු ඇඹලේගොඩට පදිංචියට ආවා. තමන්ගෙ අම්මලා නෑදෑනෙක්ට උගසට තියලා තිබුණා ඉඩමක උකස අරවා ගෙන, ඒ ඉඩමේ ගෙයක් හදා ගත්තා. සඳමාලි ගෙ ස්වාමියා හමුදාවෙ වැඩ කරන නිසා ඇයට පුළුවන් උනා ණය මුදලක් අරගෙන මේක කරන්න. ඉතිං මේ ණය මුදලෙ වාරික ගෙවන කොට ඉතිරි වන වැටුප මුදල ඇයගෙ පවුල ජීවත් කරවන්න ඇති කියලා කොහොමද කියන්නේ. ඊළඟට ඇයට සිද්ධ වෙනවා පවුලේ බරට උර දෙන්න.

මෙන්න මේ කතාව තමයි ඇය ආදර්ශයක් දෙන්නෙ කාන්තා ක්‍රියාකාරිත්වයට. ඇයට හොඳට මහන්න පුළුවන්. ඒ දක්ෂකම එයාට තිබුණා. අර ණය මුදලෙන් කොටසක් දාලා එයා ජුකී මැෂින් එකක් ගන්නවා ගෙවීමේ ක්‍රමයට. ඇයට ඇඳුම් මහන්න පුළුවන්. කාන්තා යට සායවල් සහ පාපිසි නිෂ්පාදනය ඇගේ ප්‍රධාන භාණ්ඩ. ඇය මෝටර් සයිකලයෛ ගිහින් මේ නිශ්පාදන අලෙවි කරනවා. ඇයගෙ නිෂ්පාදන වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. හේතුව එයාගෙ නිෂ්පාදන වල ගුණාත්මක භාවය. එයා රෑට තමයි ගොඩක් වෙලා මේ මහන වැඩ කරන්නෙ. දවල්ට බොහෝ වෙලාවට කෘෂිකර්ම සහ විවිධ තැන්වල වැඩට යනවා. පොල් ලෙලි ගැසීමට පවා ඇය යනවා. මේ වැඩ සේරම එයාට කරන්න පුළුවන්.

 

sada

සඳමාලිට කුඹුරු නෑ. මහවැව කියවපු අයට මතක ඇති අපේ කිරිඅත්තව මේ ගමට එක්කරගෙන ඇවිත්, කුඹුරක් වැඩ කරගන්න දීපු ගම්කාරයෙක් ගැන. උන්දෑ තමයි සඳමාලි ගෙ මුත්තා. ඒවා එහෙම තමයි. ඉතිං සඳමාලිට සිද්ධ උනා කුඹුරක් අඳේට වැඩ කරන්න ඉල්ලා ගන්න ගමේ කෙනෙක් ගෙන්. ඉතිං සඳමාලිම තමයි මේ කුඹුර වැඩ කරන්නෙ. මේ කන්නෙත් එයා වැඩ කරා. එච්චරම සරු නැතත් යාන්තමට පිරිමහ ගන්න පුළුවන් උනාලු ගිය කන්නෙ ඉතුරු කරගත්ත පොහොර ටිකෙන්. කොහොම වුණත් සඳමාලි ගෙ මේ වැඩ නිසාම උසස් පෙල කරන ඇයගෙ දියණියට ටියුෂන් යවන්න පුලුවන් උණා.

සඳමාලි ගෙ නිෂ්පාදන වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඇයගෙ බලාපොරොත්තුව තවත් ජුකී මැෂින් එකක් අරගෙන, ගමේ තවත් කෙනෙකුට රැකියාවක් ලබා දීලා තමන්ගෙ ස්වයං රැකියාව ටිකක් පුළුල් කරගන්න. ඒ සඳහා ඇය ආයෝජන මුදලක් ඉතිරි කරලාත් තියෙනවා. ඇත්තටම මට පුදුම හිතුණා සඳමාලි ගෙ කතාව ඇහුවම. විනෝද චාරිකා යනවා, අවුරුදු උත්සව තියෙනවා ඒ අස්සේ හොඳ සමාජ ක්‍රියාකාරිනියක විදිහට කාන්තා සමිති මෙහෙයවනවා. ඒ මදිද?

sada 3

සඳමාලි රැඩිකල් ද ? නෑ සඳමාලි විමුක්ති කාමීයි. ඇයගෙ විමුක්තිය ඇය ප්‍රත්‍යක්ෂ කර ගනිමින් සිටිනවා. මට කියන්න තියෙන්නේ එච්චරයි. අනික සඳමාලි සුකුමල විදිහට ගෙදර තියාගන්නෙ නෑ කියලා එයාගෙ මහත්තයාට දොස් කියන්න පුළුවන් ද? සඳමාලි පොල් ලෙලි ගහන්නෙ කුලියට ගෙඩි ගානට. අයිති කාරය මුදල් ගෙවන්නෙ ගෙඩි ගානට. කොල්ලෙකුට දෙන මුදල් ඉල්ලලා සමතැන් ඉල්ලන්නෙ නෑ එයා. ??? රැඩිකල් නෑ වාගෙ නේද? එහෙනම් එයා සම්ප්‍රදායික ද ? එතකොට ළමාසාරිය කෝ?

 

මේ තමයි මිහිතලයේ යථාර්ථය !!!

නවතම ලිපි