SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙම ඡායාරූපයේ සිටින මිනිසාගේ නමකට. ඔහු මේ බලා සිටින්නේ කපා දමන ලද ඔහුගේ සිඟිති දියණියගේ අත්,පා දෙස යි.

මේ හද සසල කරවන ඡායාරූපය ගනු ලැබුවේ ඇලිස්‌ සීලි හැරිස්‌ විසිනි. ඇය විසින් ලියනු ලැබූ Dont Call Me Lady නම් ග්‍රන්ථයෙහි මේ ඡායාරූපයත් සමඟ දිග හැරෙන අමානුෂීය වූ ද, දුක්‌ඛදායී වූ ද කතාන්දරය, අප්‍රිකානු කොංගෝ රාජ්‍ය ඉතිහාසයෙහි සැඟව ගිය අතිශය අඳුරු වූ ද, අතිශය ම්ලේච්ඡ වූ ද පැතිකඩක්‌ නිරාවරණය කරන්නේ ය.

 'කොංගෝව යටත් කර ගත් බෙල්ජියන් ජාතික සුදු පාලකයන් විසින් දිනපතා සැපයිය යුතු රබර් කිරි සලාකයක්‌ ස්‌වදේශිකයන් හට නියම කරන ලද්දේ ය. එක්‌ දිනක න්සාලා නම් මේ ස්‌වදේශිකයාට එකී සලාකය සම්පූර්ණ කරගත නොහැකිවන්නේ ය. සුදු පාලකයන් විසින් ඔහුට නියම කරන දඬුවම වන්නේ ඔහුගේ පස්‌ හැවිරිදි බෝලි නම් දියණියගේ අතක්‌ සහ පාදයක්‌ කපා දැමීමයි. එයින් නොනවතින ඔවුහු ඇය මරා දමා න්සාලාගේ බිරියද මරා දමන්නෝ ය. ඉන් පසුව මේ ම්ලේච්ඡයෝ ඔහුගේ ආදරණීයයන්ගේ මළ සිරුරු ඔහුට තෑග්ගක්‌ ලෙස එවන්නෝ ය. ඔවුන්ගේ කෲරත්වයට එරෙහිව නැඟී සිටින්නට මේ අසරණයන්ට ශක්‌තියක්‌ නොමැත්තේ ය. මේ එක්‌ උදාහරණයක්‌ පමණකි.

franci 6

තමන්ගේම ඉඩම්වල කුලීකරුවන් ලෙස වැඩ කිරීමට ඔවුනට සිදුව තිබේ. තම යුරෝපීය රාජකීය පරපුර මැවූ දෙවියන් විසින්ම මේ අප්‍රිකානු මිනිසුන්, ගැහැනුන් හා දරුවන් මවා ඇති බව ලියෝපෝල්ඩ් පිළිගන්නේ නැත. කොටින්ම ඔවුන් මනුෂ්‍යයන් බව ඔහු පිළිගන්නේම නැත.' 1885 බර්ලින් සමුළුවේ සම්මත වීමෙන් මධ්‍යම අප්‍රිකාවේ ප්‍රාන්තයක්‌ වූ නිදහස්‌ කොංගෝ රාජ්‍යය, බෙල්ජියමේ දෙවැනි ලියෝපෝල්ඩ් රජු යටතට පවරා දෙනු ලැබීය. ඔහුගේ අවුරුදු 23 ක (1885-1908) පාලන කාලය තුළ දරුවන් ද ගැහැනුන් ද ඇතුළු අප්‍රිකානුවන් මිලියන 10 කට අධික සංඛ්‍යාවකට පහර දීමෙන්, අත්, පා හා ලිංගේන්ද්‍රියන් කපා දැමීමෙන් තිරිසන් සතුන්ටත් අන්ත ලෙස මරා දමන ලද්දේ ය. වැඩ කිරීමට බල කරමින් සිර කොට නිරාහාරව තබන ලද්දේ ය. ගම් පිටින් ගිනි තබා අළු කරන ලද්දේ ය.

franci 8

කොංගෝ රාජ්‍යයේ ස්‌වභාවික රබර් සම්පත සූරා ගැනීම සඳහා ABIR කොංගෝ සමාගම (Anglo Belgian India Rubber Company) නම් සමාගමක්‌ එකී යටත් විජිත පාලනය විසින් පිහිටුවන ලදී. ඉන් පසුව ස්‌වදේශිකයන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගත් සමාගම ඔවුන්, ඔවුන්ගේම ඉඩම්වල කුලියට වැඩ කිරීමට යොදවන ලද්දේය. කළු සම නිසාම මනුෂ්‍යයන් සේ සලකනු නොලැබූ ඔවුන්ගේ ලෙයින්, කඳුළෙන් හා දහඩියෙන් නිපදවෙන එක්‌ රබර් කිලෝග්‍රෑමයකින් සමාගම දස ගුණයක්‌ ලාභ ලැබීය. නියමිත දෛනික රබර් කෝටාව සැපයිය නොහැකි වූවිට දඬුවම මරණයයි. සමාගම එකී කාරිය ඉටු කිරීම පවරන ලද්දේ කුලී පදනම මත ලබා ගත් ප්‍රංශ භටයන් හට ය.

franci 7

ඔවුනට අණ ලැබෙන්නේ රබර් කෝටාව සම්පූර්ණ නොකළවුන් වෙඩි තබා ඝාතනය කොට අත් කපා ගෙන වුත් ඉදිරිපත් කරන ලෙසට ය. මේ නීතිය පනවන ලද්දේ සමාගම විසින් ඔවුනට සපයා තිබෙන පතරොම්, වන සතුන් දඩයම් පිණිස පාවිච්චි කිරීම වැළැක්‌වීමටය. මේ නිසාවෙන් දඩයම් පිණිස වැය වූ පතරොම් හිලව් කිරීමට නිර්දෝෂී අහිංසකයන්ගේ අත් දන් දීමට සිදු වීම සුලබ දෙයක්‌ විය. අත් කපා ගැනීම පිණිස අහිංසකයන් මරා දැමීම ඊටත් වඩා සුලබ දෙයක්‌ විය. ලියොන් ෆිවෙස්‌ නම් රාජ්‍ය නිලධාරියකු පිළිබඳව ත්ස්‌වම්බේ නම් ස්‌වදේශිකයකු පැවසූවක්‌ කතෝලික පූජකවරයකු විසින් සඳහන් කර ඇත්තේ මෙසේය. 'සෑම කළු ජාතික ස්‌වදේශිකයකුම මේ මිනිසා හැඳින් වූයේ සමකයේ යක්‌ෂයා ලෙසයි.... කුඹුරේ මරා දමා තිබූ සියලුම මළ සිරුරුවල අත් ඉවත් කර තිබුණි.

 

franci 5

එක්‌ එක්‌ සොල්දාදුවන් කොපමණ සංඛ්‍යාවක්‌ ඔවුන්ගේ කූඩවලට අත් එකතු කර ගෙන තිබුණා දැයි දැන ගැනීමට ඔහුට අවශ්‍යව තිබුණා. කෝටාව සැපයීමට අපොහොසත්වීම නිසා ගම්මානයක්‌ සහමුලින්ම අතු ගා දමනු ලැබුවා. බොයෙකා ගම්මානයේදී, එක්‌ සොල්දාදුවකු විශාල දැලකට ඇතුළු කරගත් ස්‌වදේශිකයන් 10 දෙනකු එම දැල තුළට විශාල ගල් පටවා ගඟට තල්ලු කර දැමුවා. ඔවුන් එකකුවත් ගොඩ ආවේ නැහැ. තමන්ගේ මව්වරුන්, සහෝදරියන් දූෂණය කරන ලෙස ස්‌වදේශික තරුණයන්ට අණ කරන ලද්දේ ය. ඊට කැමති වන්නන් මරා දමන ලදී. එක්‌ කනිෂ්ඨ යුරෝපීය නිලධාරියකු මෙසේ පැවසී ය. එකී අණට විරෝධය පෑ ගම්මානයක්‌ම වනසා දමන්නට නියෝග කරන ලදී. ගැමියන්ගේ බෙලි කපා උන්ගේ හිස්‌ ගම වටා වූ දඬු වැටෙහි එල්ලන ලද්දේය. ගැහැනුන් හා දරුවන් කුරුස ආකාරයට එල්ලනු ලැබීය.

franci 3

ස්‌වදේශිකයකු මරා දමනු පළමු වරට දුටු ඩෙන්මාර්ක මිෂනාරිවරයකු පැවසුවේ, 'එය එතරම් හිතට ගන්නට එපා, යයි සොල්දාදුවකු පැවසුවා. ඔවුන් රබර් ගෙන ආවේ නැතිනම් අප ඔවුන්ව මරා දමනවා. අප ගෙනෙන අත් ප්‍රමාණය අනුව අපව අගය කරන බවට කොමසාරිස්‌ අපට පොරොන්දු වී තිබෙනවා.'

නවතම ලිපි