SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද ට හරියටම මෙයට අවුරුදු 190 කට පෙර මිය ගිය ජර්මානු දාර්ශනිකයෙකු වූ විල්හෙල්ම් ෆෙඩ්රික් හෙගල් (27/9/1770-14/11/1831)

උපත ලැබුවේ ජර්මනියේ ස්ටුට්ගාඩ් හිදීය . හෙගෙල් ජර්මනියේ විසු අග්‍රගණයේ දාර්ශනිකයෙකු අතර දර්ශනය පිලිබදව යුග නිර්මානාත්මක කාර්ය භාරයක් ඉටු කල කුශාග්‍ර බුද්ධිමතෙක් විය.වයස 60 දී බර්ලින් විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ මහාචාර්ය පදවියට පත් හෙගල් එයට පසුව වයස 61 දී අභාවප්‍රාප්ත විය.

විඥානවාදී දාර්ශනිකයෙකු වූ හෙගල් ජර්මානු සම්භාව්‍ය දර්ශනවාදයේ අවසාන දාර්ශනිකයා වෙයි.හෙගල්ගේ ඥානවාදය මාක්ස්ට දාර්ශනික අර්ථයෙන් හෙගල් දෙපයින් සිටුවීමට සිදු විය.ඒ කෙසේ වෙතත් මාක්ස්වාදයේ මුලික ප්‍රභවයන් තුනෙන් එකක් වුයේ ජර්මානු දර්ශනයයි.මාක්ස් විසින් ප්‍රග්ධනයේ පළමුවැනි වෙළුමට පෙරවදනක් සපයමින් මාක්ස් හෙගල් ගේ ශිෂ්‍යයෙකු වූ බව මෙන්ම හෙගල් සද්ධන්ත චින්තකයෙකු බව ප්‍රසිද්ධියේම පිලිගත්තේය.

 

හෙගල් 1

 

දර්ශනය හුදෙක්ම රටක ජනතාවගේ ජීවිතය ආලෝකමත් කිරීමට ඉවහල් වන්නක් විය යුතු ය. හෙගල් ඉදිරිපත්කල දාර්ශනික ප්‍රවාදය එම කාර්ය ඉටුකරනු ලැබුවේ මකස්වාදය විසින් ගොඩනගන ලද බුද්ධි සම්ප්‍රදාය තුලය.එංගල්ස් විසින් හෙගල් නිර්මානාත්මක මහා බුද්ධිමතෙක් ලෙස හඳුන්වා දුන්න පමණක් නොව හෙගල් ගේ දැනුමේ විශ්වීයත්වය නිසා දැනුමේ සෑම පරි මණ්ඩලයකම යුග නිර්මානාත්මක ඉටුකළ බව 'ලුද්විග් ෆ්යෝබැක් සහ සම්භාවනීය ජර්මානු දර්ශනයේ අවසානය' නමැති කෘතියේ සඳහන් කරයි.

හෙගල් ගේ බලපෑම මාක්ස්වාදයට පමණක් නොව පසුගිය සියවස මුල් භාගයේදී ප්‍රංශයේ සන්දෘෂ්ටිකවාදයේ ආරම්භයට ද හේතු වූ බව ප්‍රකට කරුණකි.

 

හෙගල් 2

 

මාක්ස්වාදයේ පසු බෑමක් සනිටුහන් වන මේ යුගයේ බොහෝ විද්වතුන් හෙගල් පිළිබඳව දක්වන උනන්දුවේ වර්ධනයක් පෙන්නුම් කරයි. ස්ලෝජ් ජිජෙක් පවා කියා සිටින්නේ තමන් මාක්ස්ට වඩා හේගල්ට සමීප බවය.මන්චේස්ටේර් යුනියිටඩ් පාපන්දු කණ්ඩායමේ කළමනාකරුවෙකු වූ ජොසේ මොරිනියෝ පවා වරක් පුවත්පත් වාර්තාකරුවන් අමතා කියා සිටියේ තමන් හෙගල් වාදියෙකු බවයි.

නවතම ලිපි