SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආදරය කියන්නේ සංකල්පක්. රාග තමයි ආදරය කියන සංකල්පයේ මූල ද්‍රව්‍යය.

හැබැයි අද සාමාන්‍ය භාවිතයේ තියෙන්න 'ආදරය' කියන්නේ හරිම පිරිසිදු නිර්මල දෙයක්, හැබැයි රාගය කියන්නේ ලිංගික අපචාරයක් තරමට නරක දෙයක් කියලා. මෙන්න මේ ගැටලුව ලිහා ගන්න ඕනෑ මුලින්ම. ඒ කියන්නේ මේ සාමාන්‍ය භාවිතයේ මේ වචනය් අර්ථයෙන් අයින් වෙන් වෙලා තමයි මේ ප්‍රශ්නය දිහා බලන්න වෙන්නේ.

අර තහනම් ආදරය ගැන කතා කරන්නට ගත්තට පස්සේ බොහෝ අය මේ ආදරය කියන වචනය ගැන හරීයට ඒවා මේවා උදේ හවස ලියන නිසා, මට දිග කතාවක් ලියන්න හිතුනා. අනික මේ ගැන ඉක්මන් කරලා ලියන්න කියලා යාළුවො මට බලකළා. රාග ද්වේශ මෝහ කියන්නේ සත්වයෙක් හෝ පුද්ගලයෙක් කියන සංඤාව ඇතුළේ අපේ සිතුවිලි රජ කරවන ප්‍රධාන ධර්මතා තුනකට. ආදරය ගැන කතා කරන්න ඕනෑ නිසා, අපි රාගය විතරක් ගමු අනෙක් දෙකම දැනට පැත්තට කරලා. මොකද ඒවා කතා කලොත් මේ සටහන බණක් වෙනවා. බණක් කියන්න නොවෙයි මේක ලියන්නේ.

 

තහනම් ආදරේ 3

 

පරිනාම වාදයේ ඒක සෛලික සත්වයා දක්වා මේක ගෙනියන්න වෙනවා. රාග කොහොමද ආදරයේ මූල ද්‍රව්‍යය වෙන්නේ කියන එක පැහැදිලි කර ගන්න. හැබැයි මේක කියන්න ගිහින් ඔන්න දාර්ශනිකයො ඒවී ඊඩිපස් සංකීර්ණය අරගෙන. අනේ ඔය පස්සේ හැදුනු සංකීර්ණ වෙනුවට බලමු මොකද්ද මේ රාග? රාග (lust/canal) කියන එක sexual desire කියන්නේ සාමාන්‍ය භාවිතයෙනෙ. ඒක නැවත වතාවක් මම කියන්නේ පැත්තට කරන්න කියලා. ඒ උනාට මේක ලිංගිකත්වයම තමයි. හැබැයි ඒ ලිංගිකත්වය කියන එක පටු කාමුක කියන තැනින් එහාට ගිය ධර්මතාවයක් ය කියන එකේ ඉඳගෙන බලන්න ඕනෑ.

'රාග' කියන්නේ ජීවිතයක්, සත්ව පුද්ගල සංඤාවක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය කරන මූලිකම කාම ධාතුව කියන 'තනි ඒකකය' (අංශුව) එහිම පැවැත්ම තහවුරු කිරීම සඳහා එහිම උත්පාදනය වන ශක්තියට. මේක ශක්ති විශේෂයක් වගේම මේක එකී ඒකකය නිර්මාණය වීමෙන් පසුව එන එකක් නොවෙයි. මේ රාග කියන ශක්තියම තමයි ඒ තනි ඒකකය නිර්මාණය කරන්නේ. එතකොට කෙනෙක් ඇහුවොත් ඒ ශක්තියට පස්සෙද එකී තනි ඒකකය නිර්මාණය වෙන්නෙ කියලා, උත්තරය නෑ. මේ දෙකම එකම මොහොතේ එකට වැඩකරනවා. ඒකට අපි ජීවය කියලා නමක් දීලා තියෙනවා. එතකොට රාග කියන්නේ ජීවය ජීවත් කරවන ශක්තියට. නාමරූප කීවත් කමක් නෑ ඒකට.

 

තහනම් ආදරේ 2

දැන් බලමු ලිංගිකත්වය කියන්නේ මොකක්ද කියන එක. අපි සේරම සමලිංගිකයි, බහු ලිංගික යි. ඔන්න ඕක කීවා කියලා මගෙ ඔලුව කන්න කලින් මේක හොඳට කියවන්න. පරිණාම වාදය සහ ස්වභාවික වරණය අපි හැමෝම පිළිගන්නවනෙ. එතකොට අපි දන්නවා අපි මුලින්ම ඒක ලිංගික සත්තු හෙවත් අංශු තමයි ඇතිවුනේ. මේ ඒක ලිංගික සත්තුන්ගෙ රාගය ක්‍රියාත්මක වුණේ තමා කියන ඒ සෛලය ඉලක්ක කරගෙනමයි. ඒ කියන්නේ එයා කැමති එයාට විතරයි. ඒ නිසාම එයාගෙ ආහාරය උණේ ඒ වාගෙම තවත් සෛලයක්. ඒ කියන්නේ අපි අපිම කාගෙන පටන් ගත්ත සතෙක්.

ඒකනෙ තවත් ඒක අපි ඇතුළෙ රජ කරන්නේ. (අභිධර්මය දන්න අය මේකට ශුද්ධාෂ්ටකය කීවාට නමක් නෑ) තව දෙයක් තියෙනවා අවබෝධ කරගන්න. මේ ඒක සෛලික පොරට ඇස් කන් නාසා දිව ශරීරය කියලා පැහැදිලි පහක් නැති වුණාට අර රාග කියන ශක්තිය ඇතුලේ ඔය පහම වැඩ කරා. ඒ කීවෙ පංච ඉන්ද්‍රියන් භෞතිකව නැති උනාට ඉන්ද්‍රියන් ක්‍රියාත්මක උනා.

ඉතින් ඔන්න ඔය ඒක ලිංගික පොරවල් තමයි දෙකට කැඩි කැඩී විකාශනය වේගන ආවේ. ඕනෑ නම් ඔය ඒක ලිංගික වෙනුවට අපිට ස්ත්‍රී ලිංගික කියලා කියන්නත් පුළුවන් මොකද දෙකට කැඩිලා හරි තව පැටියෙක් හදන්න පුළුවන් කමට තමයි ස්ත්‍රී ලිංගික කියන වචනය භාවිතා විය යුතු.

 

තහනම් ආදරේ 7

 

හැබැයි ඒ අංශුව ඇතුළෙ ක්‍රියාත්මක වුණු අර රාග ශක්තියේම ක්‍රියාකාරකම ඒක ඇතුළෙම නිෂ්පාදනය කරන ද්වේශ කියන ශක්තිය නිසා තමයි දෙකට කැඩුනේ. ඔන්න ඔහොම තමයි රාගම-ද්වේශ කියලා තව එකකට පරිවර්තනය උනේ. හොඳට අවබෝධ කරගන්න ඔන්න ඉස්සරලාම ඒක සෛලික ජීවියාගෙ රාග වැඩ කලේ තමන්ට විතරයි නෙ. හැබැයි ඊළඟට අර කැඩුණු කෑල්ල දිහාට රාග වැඩ කරනවා. හේතුව අර තමන්ගෙන් කැඩිලා නෙ ගියේ. එතකොට ඒකට රාගය විතරක් නොවෙයි ද්වේශයත් වැඩ කරනවා. මොකද ද්වේශය නිසා තමයි වෙන් උනේ. අම්මා ගෙ ආදරය කියන සංකල්පය පස්සේ පටන් ගත්තෙ ඔන්න ඔය මූලික සංසිද්ධිය එක්ක.

දෙකට කැඩි කැඩී, දෙක හතර වෙවී, ඕක වැඩි වෙවී එද්දී ඔන්න ඔය කැඩෙන කෑලි වල ශක්ති වල වෙනස් කම් ඇතිවෙන්න පටන් ගත්තා. මේ වෙනස් කම් ඇතිවුනේම අර රාග ද්වේශ වැඩ කරන තීවෘ තාවය උඩ. හැබැයි මොන වෙනස් කම් උණත් කැඩුනට පස්සේ, ඒ අලුත් කෑල්ලෙ රාග ද්වේශ වැඩ කරන්න ඒ ඒකකය වටා තමයි ප්‍රධාන වශයෙන්ම. (ඒකනෙ ඔය කියන්නේ වටා රොක් වෙමු කීවම සක්කාය වර්ධනය වෙලා ප්‍රජාතන්ත්‍රවාදය පල්ලම් බහිනවා කියලා,) ඊළඟට අර කැඩෙන කෑලි වලට රාග-ද්වේශ ඇති වෙන නිසා ඒවා ආපහු කැඩෙනවා.

 

තහනම් ආදරේ 10

 

මෙන්න මෙතන තව ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි ඔය කැඩිලා යන කෑල්ල දිහාට මව් කෑල්ල රාග උපදවා ගත්ත තරමටම, කැඩිච්ච කෑල්ල මව් කෑල්ලට රාග ඇතිකරන්නෙ නෑ. එයා තව කෑල්ලක් කඩාගෙන ඒ කෑල්ලට රාගය ඉලක්ක කර ගන්නවා. මේක ප්‍රපංච ධර්ම ක්‍රියාත්මක වෙන ධර්මතාවයක්. (අදටත් ඒක එහෙමයි) මේ තත්ත්වය වෙද්දී තවම ලිංග බේදය ඇති වෙලා නෑ හොඳේ, ඉන්නෙම ස්ත්‍රී ලිංගික කෑලි විතරයි.

ඔහොම ඉන්න කොට දැන් ඔය කැඩෙන කෑලි වල රාග ශක්ති වල තව තව වෙනස් වීම් සහිතව ඇතිවෙනවා. ඒ අස්සේ ඔන්න අතරින් පතර සෛල හැදෙනවා අන්න අර තනියම දෙකට කැඩෙන්න බැරි රාග ශක්තියෙන් අඩු. (මේ කෑල්ල හොඳට මතක තියාගන්න) එයාලා ඉතිං තනියම නිකං ඉන්න ගමන් අර දෙකට කැඩෙන කෑලි දිහා බලාගෙන ඉන්න කොට එක පාරටම හීන මානයක්, ඊර්ෂ්‍යාවක් තරහක් දුකක් තනිකමත් වාගෙ ඒවා ඇතිවෙනවා. ඉතින් මෙයාලා කරන්නේ ටික ටික අර කෑලි කැඩෙන වෙලාවට, කැඩෙන්න උත්සාහ කරන වෙලාවට එයාලට උදව් කරනවා. දැන් තේරෙනවානෙ මොකාටද එන්න හදන්නේ කියලා, ඔන්න ඔය උදව් කරන්න යන හේතු තමයි අදටත් කට්ටි දෙකටම බලපාන්නේ.

ලිංගික සංසර්ගයේ ප්‍රාථමික අවස්ථාව තමයි ඔය, ඒ ලිංගික ශෛලියට දෙකට කැඩෙන්න උදව් කරපු එක. දෙකට කැඩෙන්න ඉතින් ඔය උදව් කෙරිල්ලට ගියාම කාලාන්තරයක් තිස්සේ ඕක පුරුද්දකට ගිහින් ඔන්න උදව් නැතුව කෑලි කැඩෙන්න බැරිම වෙනවා. ඔන්න ලිංගික සංසර්ගය කියන ස්වාභාවික වරණය පරිනාමය වෙනවා වගේම ස්ත්‍රී පුරුෂ හෙවත් පැටව් හදන්න බැරි සහ පුළුවන් කියන කොටස් දෙකේ කාර්යමය පරිනාමීය අවස්ථාවට එනවා.

 

තහනම් ආදරේ 9

 

හැබැයි හොඳට අවබෝධ කර ගන්න ඕනෑ, ඔය හැමෝම ඔය උදව් කෙරිල්ලට යන්නේ නෑ, අර මම කීවානෙ ඔය උදව් කෙරිල්ලට ගියෙ ඊර්ෂ්‍යාව, හීන මානය තරහ, තනිකම වගේ දේවල් විඳගෙන ඉන්න බැරි කමට කියලා. ඔන්න ඔහෙ නිකං ඉන්න අයත් ඉන්නවා. ඒ වගේම උදව් කරන්න ආවම පලයං යන්න කියන සෛල කෑලිත් හිටියා. ඒ කොහොම වුණත් 'සංසර්ගය' කියන එක හෙවත් අර පැටව් හදන්න බැරි පුළුවන් කියන ප්‍රධාන අනු කොටස් දෙක ඇතුව හැදෙන අවස්ථාවට එනවා.

ඔන්න ඔය 'ජීව' පරිනාමය සඳහා බලපාන ලද ජීව චෛතසික ශක්ති පරිනාමය මත තමයි රාග ද්වේශ කියන ද්වය අද සත්ව චෛතසික වලට ප්‍රධාන බලපෑම් කරන ක්‍රියාවලිය වෙලා තියෙන්නේ. මෙතනදී වැදගත්ම වෙන්නේ රාග කියන තමා කියන සංකල්පයට සහ තමන්ට තමයි කාමය කෙලින්ම එල්ල වෙන්නේ. තමා වටා තමයි තමන්ගෙ රාගය කරකැවෙන්නේ. මේ තමයි සක්කාය.

ඉතින් ඔය ඒක සෛල උදව්කරන වැඩේ natural selection ඒකට අහු වෙලා උදව් නැතුවම බැරි උනා නෙ. ඕක ඉතින් සෛල අතිවිශාල වෙලා බඩවල් කටවල් අත් පා හැදිලා නොයෙක් ජීව පරිනාමය වෙලා සත්ව ශාක ගස් ගල් කාබනික ලෝකය ඓන්ද්‍රීයව හැදිලා, ඩයිනෝසරයන් හැදිලා අරවා මේවා වෙලා සත්ව සහ මානව දක්වා පරිවර්තනය උනානෙ. ( ඒවා මම දන්නෙ නෑ ඒවට පරිනාම වාදය කියවා ගන්න හොඳේ)

ඒත් එයාලා පොෂ් (civilise) එක පාරටම උනේ නෑනෙ. ගෝත්‍රිකව කාලාන්තරයක් වැඩේ කරගෙන ආවා. ඒ නිසා තමයි හැම පරිනාමීය යුගයකම, මානව ඇතුලු හැම සත්ව සංතතියකම අර උදව් දීම හෙවත් සංසර්ගික ක්‍රියාව, ලවක් දෙවක් නැතුව ඔහේ කරගෙන ගියා සේපියන්ස් ලා බිහිවෙන කල්ම. ඉතින් ඔන්න ඔය සේපියන්ස් ලා තමයි සංකල්ප නියායන් ගණිත සූත්‍ර හදාගෙන ආවෙ හොඳට හෝ නරකට. ඊට පස්සේ අර ස්වභාවයෙන්ම මමත්වයටම රාගිකව බැඳිලා ප්‍රපංච ධර්ම වැඩ කරන ජීවියාට ඒක එක සංකල්ප හැදුවා සන්නිවේදනය සහ භාෂා භාවිතය ඔස්සේ. අන්න ඒ සන්නිවේදනය සංකල්ප වලට බැන්ඳවීම නිසා තමයි අර මුලින් තිබුණු අව්‍යාජ ප්‍රපංච වලට අමතරව 'මෝහය' නම් මහා බොරුව නිර්මාණය වුනේ. විඤ්ඤාණය කියන්නේ ඕකම වෙන්න පුළුවන්. හැබැයි ඕක පටලවා ගන්නෙ නැතිව මෝහය විතරක් ගමු. මෝහය කියන්නේම අර ඒක එක ජීවීන් ඇතුළෙ වැඩකරන අව්‍යාජ ස්වභාවය වෙනුවට අර සාමුහිකව හදා ගන්න සංකල්ප වලට බැඳීම සහ අව්‍යාජත්වය වෙනුවට ව්‍යාජත්වය මතුපිටට පෙන්වීම. දැන් පොෂ් නාගරික සමාජ දක්වා බිහිවුණේ අර ආදරය, ප්‍රේමය, ආලය, ඊර්ෂ්‍යාව, විවාහය, පවුල, සංස්කෘතිය, සාරධර්ම, ආදී සංකල්ප වලට බැඳීම් හදාගෙන ආවා දිගටම යනවා නොනැවතී ම. (අනෙක් සංකල්ප පැත්තට කරලා අපි ලිංගිකත්වයට අදාල ආදරය විතරක් ගමු.)

 

තහනම් ආදරේ 4

'ආදරය' කියන්නේම මෙන්න මේ රාගයට අපි දක්වන ඇල්මට, සහ ඇලීමට හදාගත්ත මහා සංකල්පයට. හොඳට හිතලා බලන්න තමන්ව පර්යේෂණ යක් කරලා තමා වැඩියෙන්ම ආදරය කරන්නෙ තමාගෙ ජීවිතයට නේද කියලා. තමාගෙ රූපයට, තමාගෙ කටහඬට, තමාගෙම තෘප්තියට, තමාගෙ කීර්තියට ප්‍රසංසා වට, දැනුමට ඔය සේරම තමා වටා ගොඩනගා ගන්නා පවුරු. ඒවට තමයි ආදරය කරන්නෙ. තමාට තරහ යන එකටත් අපි ආදරය කරනවා වෙලාවකට අනුන්ගෙ සැලකිල්ලට සහ කරුණාවටත් වඩා.

අනුන්ට දක්වන ආදරයට අපි ගන්න හොඳම උදාහරණය තමයි මවක් තම එකම දරුවාට තියන ආදරය. ඒ තමයි වැඩිම ආදරය. ඒක එන්නෙ අර කෑල්ල කැඩුන දවසේ ඉඳලා. මොන තරම් පරිනාමයකට පත් උනත් අපිට ඒ ආදරය කියන ප්‍රපංචයේ වෙනස් හඳුනාගන්න බැරි අර ප්‍රපංචාත්මකව අපිව මෙහෙයවන අපේ ජානමය බැදීම සමග තියන ජෛවීය ආකර්ශනය නිසා. ඒ වගේම පුරුෂ ලිංගිකයෙක් ස්ත්‍රී ලිංගිකයෙක්ට කරන ආදරය හැම විටම කේන්ද්‍ර වන්නේ අර දෙකට කැඩී තව කෑල්ලක් බිහිකිරීමට ඇති නොහැකියාව මත පදනම් වූ උදවිකිරිම කියන මෝහ මුලික සිතුවිල්ල යට තියන ආත්මාර්ථකාමීත්වය සහ ඊර්ෂ්‍යාව සහ හීනමානය පදනම් කරගත් ආදරය නිසා. ඒ වගේම ස්ත්‍රී ලිංගික යෙක් පුරුෂ ලිංගිකයෙකුට ආදරය කරන්නේ අර කරපු උදව්වට කළගුණ සැලකීම ක් ලෙස. "මොනවා කරත් ළමයින්ගෙ තාත්තා නෙ" ආකල්පය.

අන්න ඒකයි මම කියන්නේ මේ 'ආදරය' කියන සංකල්පය ඇතුළෙ කැටි වෙලා තියෙන සංකීර්ණ ප්‍රපංච සේරම අපි හඳුනා ගන්න ඕනෑ. එහෙම නැතුව වචනෙට විතරක් බැඳිලා ආදරෙයි ආදරෙයි ධම්මි තවමත් ආදරෙයි කීවාට ධම්මි පස්ස හැරිලා වත් නොබලාම දුවනවා. ධම්මි වැඩිය ආදරේ අර තව එකෙක් හදන්න සහය වෙන්ට සංසර්ගයෙ යෙදුණු කෙනාට නෙ. එහෙම එකක් තියෙනවා. සුගත් ධම්මිගෙ ක්‍රෂ් එක විතරයි නෙ.

 

තහනස් ආදරේ 5

ඔය සංකල්පීය ආදරය කියන එකත් හැම වෙලාවෙම වැඩ කරන්නෙ අර ශෛලය ඇතුලට. සක්කාය ඇතුලට, මිස පිටට නොවෙයි. ඒක ජීවය බිහිවෙනකොටම කැවෙනවා අභ්‍යන්තරයට. රාගය ඉපදෙන පුරුෂයාගෙ සහ ස්ත්‍රිය ගෙ කියන දෙන්නගෙම කාමරාග වේගය ශක්තියක් විදිහට තමයි වැඩ කරන්නෙ සංසර්ගයේදී. ඒක කැටි වෙලා තමයි කළලය මූලික වශයෙන් නිර්මාණය වෙන්නෙ. එතකොට ඒ කළලය ක්‍රියාත්මක වෙන මූලික ශෛලය අර දෙන්නාගෙම ජාන සහිත ශෛල දෙක තරඟ කරනවා රාග ද්වේශ කියන දෙක එක්ක. ඒ කරලා එකක් හදනවා. ජාන සංකලනය කරගන්නෙ එහෙම. අර පරිනාමයෙ මුල් අවස්ථාවේ එක දෙකට කැඩීම වෙනුවට දැං කෙරෙන්නෙ දෙන්න එකතු වෙලා තව එකක් හදන එක. ඉතින් ඔය සිද්ධ වෙන දෙයට තමයි 'ආදරය' කියන සංකල්පය හදාගෙන සම්ප්‍රදාය තුළට බැහැ ගන්නෙ නීති රීති සහිතව. හැබැයි නීති වැඩ කරන්නෙ බාහිර ලෝකය ඇතුළෙ මිස අභ්‍යන්තර ක්‍රියාවලිය ඇතුළෙ නොවෙයි. මොකද අර මුල් අවස්ථාවේ උදව් කරන්න ගිය කට්ටියට සම්ප්‍රදාය චාරිත්‍ර වාරිත්‍ර තිබුණෙ නෑනෙ, ඕනැ වෙලාවක උදව් කරන්න ලෑස්ති වෙලා හිටිය වගේම තැන කොතැන බලලා උදව් කළා.

ඊට පස්සේ තමයි, ආගම් ආවෙ. ඒවාට අනුව නියම ආදරය, අවංක ආදරය, පෙරුම්පුරාගෙන ආපු ආදරය, භවෙන් බවේ දක්වා යන ආදරය, තහනම් ආදරය, අනියම් ආදරය කියන විවිධාකාර සංකල්ප බිහිවන්නට පටන් ගත්තේ ඔන්න ඔය ලිංගිකත්වයට අදාලවම තමයි.

 

ill love 1

දැං ප්‍රශ්නෙ තහනම් ආදරය කියන්නේ මොකක්ද? තහනම් ආදරය කතා ගොඩක් තියෙනවා. කුල මල අනුවත් තහනම්. වයස අනුව තහනම්. නෑ සබඳතාව අනුව තහනම්. විවාහය අනුවත් තහනම් වෙනවා. අම්මලා අකමැති නිසා තහනම් වෙනවා. මාර ප්‍රශ්න. සදාචාර විරෝධී නම් තහනම්. හැබැයි එතකොට සදාචාරය කියන්නේ මොකක්ද? ඒකත් සංකල්පයක්. එතකොට ආයෙ ප්‍රශ්නයක්????? මේ ව්‍යුහ සහ සංකල්පම තමයි අද මානව ප්‍රගමනයට, නිදහසට අවහිර කරන්නෙ.

දැන් තේරෙනවා නේද රාගය ද්වේශය කියන ප්‍රපංච ඔස්සේ ඇතිවුණ සංසර්ගික joint venture එක තමයි මේ 'ආදරය' කියලා සංකල්පිත business model එකකට ගොනු කරලා තියෙන්නේ සේපියන්ස් ලා විසින්. ඒ කියන්නේ ආදරය කියන සංකල්පය හදාගත්ත ව්‍යුහයක්. රාගය සහ ලිංගිකත්වය ජීවය ඇතුළෙ අරටු බැහැගෙන තියෙන ප්‍රපංචයක්. ආදරයම ප්‍රශ්නයක්? තහනම අනියම අතුරු ප්‍රශ්නයක්.

එතකොට මොකක්ද මේ අනියම් කියන්නේ? මොකක්ද නියම්? ඇයි අනියම්? ඇයි මේ තහනම් ආදරයට මේචිචර ඉල්ලුමක්? මොකද්ද මේ තහනම? බොහෝ වෙලාවට බලන්න ආදරය කියන සංකල්පය ඇතුළෙ කියන සංකීර්ණ කොටස් ටික උඩට එන්නේ පුද්ගලයින් ආදරය කරන ආකාරය සහ අර ප්‍රපංච ධර්ම කළමණාකරණය කරන්න පුරුදු වුණ ආකාරය අනුව. ගෝත්‍රික තත්වයෙන් මිදිලා පොෂ් වෙන්න ගත්තට පස්සේ තමයි ඒක ප්‍රශ්නයක් වුණේ.

 

ill love 3

 

මොකද්ද මේ පොෂ් වීම සහ ගෝත්‍රික කියන්නේ. ගෝත්‍රික කියන්නේම අර රාග කියන මූලික ප්‍රපංච කළමණාකරණය කර ගන්න නොහැකි වෙන වෙලාවට. නොඑසේ නම් සමාජීය සංකල්ප වලට යට වෙලා අභ්‍යන්තරය විඳවන එකට. 'පොෂ්' කියන්නේ කළමණාකරණය කරගන්න පුළුවන් ක්ෂණයට, මොහොතට. යාන්ත්‍රික ශිෂ්ටාචාර ඇතුළෙන් හිටිගමන් ගෝත්‍රිකයො බිහිවෙනවා. ඒක නිසා තමයි ඔය ගෝත්‍රික පුද්ගලයන් හිටිහැටියේ උසස් යැයි කියන සමාජ ඇතුළෙ පහළ වෙනකොට ඒ ගෝත්‍රකත්වයන්ට සෙසු අය වන්දනා මාන කරන්නේ.

එතකොට තහනම් ආදරය ගෝත්‍රික ද ? ඊළඟ ප්‍රශ්නේ. තහනම් කියන ආදරය දාලා පැන දිවීම conservative ද ? කාන්තාවො සීයක් එක්ක සංසර්ගයේ යෙදෙන කෙනා ලිබරල් ද? රැඩිකල් ද? ඇලෙක්සැන්ඩර් ලෝකයේ වැඩිම කාන්තාවන් ප්‍රමාණයක් එක්ක සංසර්ගයේ යෙදුන රජෙක්. එයා ගෝත්‍රික ද ? ලිබරල් ද? රැඩිකල් ද? මාර ප්‍රශ්න. කොටින්ම කියනවා නම් යකාගෙ ප්‍රශ්න…...මේවට උත්තර හොයනවට වඩා අපි බලමු ද මේවාට උත්තර හොයන්න හිතන්න පුළුවන් ජීවියො ටිකක් හදන්න. දැන් අපි දන්නවනෙ ඉතිහාසය, මූලික ප්‍රපංච ධර්ම සහ සංකල්ප කියන්නේ මොනවාද කියලා…..යකාගෙ ප්‍රශ්න මතු කරලා ඒවට උත්තර හොයන්න පුළුවන් මිනිස්සු ටිකක් හොයමු. ප්‍රශ්න වලට උත්තර හොයනවට වඩා ලේසියි වගේම ඵලදායී වැඩක් තමයි උත්තර හොයපු නැති ප්‍රශ්ණ හොයන එක.

ill love 2

 

මටත් අන්තිමට කියන්න තියෙන්නේ 'තමන්ට ආදරය කරන කෙනෙක් හෝ පවුලක් හරි තියෙනවානම් ඒක රැකගන්න බලන්න' ඔය ප්‍රශ්න සහ උත්තර හොයන ගමන්.

නවතම ලිපි