SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කවුද මැද ඇඟිල්ල පෙන්නල නැත්තෙ..?. බොහොම ටික දෙනයි.

කවුද මේ මැදඟිල්ලෙ කතාව දන්නෙ? ඒත් බොහොම ටික දෙනයි.

වචන දහයකින් කියන්න බැරි දේ මැද ඇඟිල්ලෙන් කියන්න පුළුවන් වුනත්.. ඒක වචන වලට පෙරළුවොත් බහුශෘත සමාජයේ දෝශ දර්ශණයට ලක්වෙන්න ඉඩ තියනව.

මේ කතන්දරේ ඉතිහාසය.. වර්ෂ 1415 දක්වා දිවෙනව.

මේ කාලය එංගලන්තයයි.. ප්‍රංශයයි අවුරුදු සීයෙ යුද්දයට ඇදිල තිබුන අවධිය. (1337 -1453).

ඔව් එංගලන්තෙයි..ප්‍රංශයයි හරියට දයාවතියි එන්සිනයි වගේ තමා.. ඇතුවත් බෑ.. නැතුවත් බෑ.. හැම තිස්සෙම රංඩු.. අපි තමා ලස්සනම.. අපි තමා ලොකුම වගේ අසල්වැසියො දෙන්නෙක් තමා මේ දෙන්න.

ඉතිහාසය පුරාම මේ අය යුද්ධ කලා. මේ අතරින් 1415 වර්ශයේ උතුරු ප්‍රංශයේ සිදුවූ ඇග්නිකෝට් ( Battle of Agnicourt) සටන ඉතාම වැදගත්. (අද කැලේ පෙදෙස පිහිටා ඇති පලාත)

 

මැද ඇගිල්ල 2

 

මේ සටනෙ වැඩි වාසිය තිබුනෙ බලවත් ප්‍රංශ හමුදාවට. දෙපැත්තෙන්ම තිස් දහසකට අධික හමුදාවක් ඇග්නිකෝට් සටනට එකතු වෙලා හිටිය.

ඒ වුනත් ඉංග්‍රීසීන්ගෙ ඔත්තු සේවය කාර්‍යක්ශම නිසාම ප්‍රංශ හමුදාවෙ සැලසුම් බොහොමයක් කල් ඇතුව දැනගන්න ඉංග්‍රීසීන්ට පුළුවන් වුනා.

මේ යුද්ධ වලදී ප්‍රංශ ජාතිකයන්ට හිස රදයක් වෙලා තිබුනෙ ඉංග්‍රීසීන්ගෙ දුනු වායොයි. වැඩි දුරකට වේගයෙන් විදින්න පුළුවන් දුනු ඊතල සහිත සෙබළුන් මෙල්ල කරන එක තමා ඒ අයගෙ මූලිකම අදහස.

මේ ගැටුමෙ ජය කලින් ඉඳන්ම ලබාගෙන හිටපු ප්‍රංශ බළධාරීන්ගෙ එක් තීරණයක් තමයි සෑම යුධ සිරකරුවෙකුගේම.. ඒ කියන්නෙ ගැටුමෙදි අල්ල ගන්න සෑම ඉංග්‍රීසි සෙබලෙකුගේම මැද ඇඟිල්ල කපා දැමීම. මොකද මැද ඇඟිල්ල නැතුව දිගු දුර ඊතල ඉලක්කයට විදින්න මේ සෙබළුන්ට හැකියාවක් නෑ. (සමහරෙක් කියනව මැද ඇඟිල්ල හා දබර ඇඟිල්ල දෙකම කියල).

 

මැද ඇගිල්ල 1

 

නමුත් මේ සටන දිනුවෙ ඉංග්‍රීසීන් විසින් .. ප්‍රංශයේ සැලසුම් වගේම මැද ඇඟිල්ලෙ කතාවත් ඉංග්‍රීසීන් කලින් දැනගෙන හිටිය.

මෙන්න මෙදා තමයි ප්‍රංශ ජාතිකයෙක් හමුවෙන හැම තැනකදිම මැද ඇඟිල්ල උලුප්පල පෙන්නන්නත්.. ඒ එක්කම ඔලොක්කුවට හිනා වෙන්නත් ඉංග්‍රීසීන් පටන් ගත්තෙ.

 

ඒක හරියට නිකං.. “මේ බලපං,  මේ තමා මැද ඇඟිල්ල.. උඹල මේක කැපුව නේහ්..?”

වගේ කතාවක් තමයි මේකෙ මූලිකම අදහස.

මේක අද ලෝකෙ පුරාම ජනප්‍රියයි. බ්‍රිතාන්‍යයේ එලිසබෙත්ගෙ ඉඳල හොරොව් පතානෙ චන්දරේ මල්ලිත් මේ ඇඟිල්ල කාට කාටත් පෙන්නනව.

හැබැයි ඉතිං මේකත් සුද්දගෙම නිර්මාණයක් තමා.

 

@ Malcolm Sang

නවතම ලිපි