චීනය සිය 'උපත් සැලසුම් ප්‍රතිපත්තිය' 1978 දී හඳුන්වා දෙනු ලැබුවේ රටේ වර්ධනය වන ජනගහනයේ පීඩනය අවම කිරීම සහ සම්පත් සඳහා වන පීඩනය අවම කිරීම සඳහා ය.
එය නිල වශයෙන් විවාහක, යුවළයන්ට එක් දරුවෙකු ලැබීම සීමා කරන අතර නීති කඩ කරන අය දඩයක් හෝ ගාස්තුවක් ගෙවිය යුතුය. නීති රීති පිළිපදින අයට සාමාන්‍යයෙන් සහතිකයක් ප්‍රදානය කරනු ලබන අතර දරුවාට වයස අවුරුදු 14 වන තෙක් සෑම වසරකම අමතර මාසික වැටුපක් ලැබීම වැනි මූල්‍යමය ප්‍රතිලාභ ලබා ගත හැකිය. චීනයේ වෙසෙන විදේශීය ජාතිකයන් මෙන්ම හොංකොං සහ මැකාවෝහි පදිංචිකරුවන් ද මෙම ප්‍රතිපත්තියෙන් නිදහස් ය. චීන රජය කියා සිටින්නේ මෙම ප්‍රතිපත්තිය මගින් උපත් මිලියන 400 කට වඩා වළක්වා ඇති බවයි.
දැන් අපි කතාවට එමු.
චීනයේ ෂිජියැන්ග් පළාතේ කුනු එකතුකරන්නියක වු ලූ ෂියාඕයිං Lou Xiaoying ගැන චීනය මේවන විට ප්‍රවෘත්ති නොදුන්නත් ලෝකය තවදුරටත් ඇය ගැන කතාකරනු ඇත. චීන පුවත්පතක් වන යන්ෂාවෝ මෙට්‍රෝ ඩේලි පුවත්පතට අනුව, 88 හැවිරිදි ලූ ෂියාඕයිං විසින් පසුගිය දශක හතර තුළ චීනයේ ජින්හුවා වීදිවල අතහැර දමා ගිය ළදරුවන් 30 කට වැඩි පිරිසක් බේරාගෙන ඇත.
1972 දී ඇයට සිය ප්‍රථම දරුවා මුනගැසෙන්නේ කුනු භාජනයක විසිකර දමා තිබියදීය. වහා දරුවා ඔසවාගත් ඇය ළගම ඇති රෝහලට ගෙනගොස් ප්‍රතිකාර ලබාදී සිය ගෙදර නවතාගත්තාය.
එවිට ඇයටද ඇගේ කුසින් උපන් දියණියක සිටියාය. ලී ට 2012 දී වයස අවුරුදු 88 ක් වනවිට ඇය චීන ජනතාව විසින් කුනුකූඩවලට දමා තිබූ දරුවන් 30 දෙනෙකු බේරාගෙන ඔවුනට නිවෙසක් ලබා දුන් අසිරිමත් අම්මා කෙනෙක් ලෙස පලාතේ ජනප්‍රිය වී සිටියාය.
ඇය ඒ දරුවන්ගෙන් තිදෙනෙක් ළග තබා ගත් අතර ඉතිරි දරුවන් සිය නෑදැයන්ට හා හිත මිතුරන්ගේ නිවෙස්වල නැවැත්වුවාය. ඇයගේ පරාර්ථකාමී ප්‍රේමය ගැන ඇගේ නෑදැයන් සහ සම මිතුරන් කොතරම් පුදුමයට පත් වූවාද කිවහොත්, ඔවුනට එය ප්‍රතික්ෂෙප කල නොහැකිවිය. දරුවන් කෙරෙහි දයානුකම්පාව දැක්වීමට ඔවුන්ට බල කෙරුනි. ඇය සිය ප්‍රේමයෙන් අන් අයට ආස්වාදයක් ලබා දුන්නාය.
ලූ විසින් දරුවන්ගේ නඩත්තුව සඳහා මුදල් සෙව්වේ ඇය එකතු කරන ලද කුණු කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමෙනි. ලු ට වයස අවුරුදු 88 ක් වනවිට ඇගේ බාලම දරුවා වන ෂැං ක්ලිං ගේ වයස අවුරුදු 07 කි. ඇය ඔහුව සොයා ගත්තේ දුවිලි පිරි අත්හැර දමන ලද කුටියක අඳුරු මුල්ලක වැළපෙමින් සිටින විටය.
පහත ඡායාරූපයේ සිය මවගේ කම්මුල් සිපගන්නේ ඔහුය.
ඇයට ලියොනිං පළාතේ අන්ෂාන් නගරයේදී නොමේරූ ගැහැණු ළමයෙකු මුණගැසෙන්නේ උගුර කපා දමා ප්ලාස්ටික් බෑගයක දමා කුනු කුඩයක තිබියදීය. ඇය නොසිටින්නට තව මිනිත්තු කිහිපයකින් දරුවා හුස්ම හිරවීමෙන් මිය යන බවත් වෛද්‍යවරු පවසා තිබිණි.
ඇය මෙසේ කුණුකූඩවලට දමන ලද දරුවන් ගෙදර ගෙනන විටත්, ලූ සහ ඇගේ ස්වාමිපුරුෂයා ජීවත්වුයේ කුනුකසල ප්‍රතිචක්‍රීකරණය කරමිනි. එය දුෂ්කර, පසුගාමී ජීවන ක්‍රමයක් වූ අතර වීදි දිගේ සැරිසැරීම සහ අනෙක් පුද්ගලයින්ගේ අපිරිසිදු හා ගඳ දේවල් අතින් අත මාරුකරන්නට ඔවුන්ට සිදුවිය.
මේ දේව දූතිය ගැන අවසන් වරට අසන්නට ලැබෙන්නේ 2015 ඇය සිය රෝහල් ඇඳේ සිට ෂින්හුවා (චීන රජයේ ප්‍රවෘත්ති ඒජන්සිය) වෙත පැවසු තොරතුරු වලිනි. එවිට ඇයට වයස අවුරුදු 91කි.
‘‘ඇගේ දෑස් ප්‍රීතියෙන් බබළයි. සන්සුන් සාමකාමී බවක් ඇගේ මුහුණේ තැන්පත් වී තිබේ. ඇය සත්තකින්ම දේවදුතියක් හා සමානය‘‘ රජයේ ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබිනි.
ලූ ෂියාඕයිං දෙවියන් ගැන සිතුවාදැයි මම නොදනිමි. ඇය ජීවත් වන්නේ කොමියුනිස්ට් රටක ය. නමුත් ඇය කළ දේවලට ඇගේ රජය සතුරු වුවත් ඇයගේ ආදරය, දයානුකම්පාව සහ ධෛර්යය පිළිබඳ චීන රාජ්‍යයට කිසිදු ප්‍රශ්නයක් තිබුනේ නැත. එසේ තිබුනානම් මෙවැනි ලියවිල්ලක් අපිට ලියන්න ලැබෙන්නේද නැත.
එහෙත් ඊටවඩා උපත්පාලනය පිලිබදව සැපපහසු හා සාපේක්ෂව නිදහස්ව සිතන රටක ජීවත් වන ඔබ සහ මම කුනුකූඩවල දැමු සිගිත්තන් කීයක් බේරාගෙන ගෙදර ගෙනවිත් ඇති දැඩිකරන්නේදැයි සිතනවිට අපි අපි ගැනම ලැජ්ජාවට පත් වන්නෙමු.
හිතන්න, ඇය පදික වේදිකාවේ සහ මහපාරේ කුණු එකතුකල ගැහැණියකි. ඇය දරුවන් 30 දෙනෙකු ජීවත්කලේ එකී ආදායමෙනි. චීනය එවිට සිටියේ එක පවුලකට එක දරුවෙක් නම් වු දැඩි ප්‍රතිපත්තියකය.
ඉන් රිංගා යාමට ඇගේ ආදරය මාවතක් සොයා ගත්තාය.
@ Rohana Wijeweera මුහුණු පොතෙන්