SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔඩ්රි රිබෙරා නමින් අප හොදින් දැන සිටි අප මුහුණ දුන් දුෂ්කර අවස්ථාවල අභිතව අප සුරක්ෂිත කොට ජීවිතය රැක දුන්

ඔඩ්රි ඔත්පලව නිහඩව ජිවත් වෙමින් තම දිවියට සමු දීම අපේ හදවත් කම්පාකිරීමක් පමණක් නොවේ.අප ජිවත් වන මේ ජන සමාජය ඇය වැනි ස්ත්‍රීන් නොමැතිව අනාරක්ෂිත බවට පත්වීමේ තර්ජනයට අපි දිනෙන් දින මුහුණ දෙමින් සිටින්නෙමු. අප ආරක්ෂා කිරීමට සිදු වූ සෑම අවස්ථාවකම ඇය කිසිම අවස්ථාවක ඒ සඳහා පැකිලුනේ නැත.

මිය යන විට ඇය වසර 88 ක් ජීවත්ව සිටියාය.

මා ඔඩ්රි දැන හැඳින ගත්තේ ඇය රාජනිගේ ඉතා ඉතාමත් සමීප මිතුරියක් වූ නිසාය. 1977 දී ඔඩ්රි අප බැලීම සඳහා යාපනයට පැමිණියාය. අප අතර තිබු මිතු දම නිරතුරුවම ශක්තිමත් වුයේ ඔඩ්රි යුක්තිය, සමානාත්මතාවය සහ සමාජ සාධාරණය දැඩි ලෙස ග්‍රහණය කොට එය ඇයගේ සමාජ භාවිතාවට එක් කල බැවිනි.සත්රිවාදිනියක් වූ ඔඩ්රි ප්‍රචණ්ඩත්වය මුලුමනින්ම හෙලා දැක්කා ය. 1987-89 කාලයේදී ලංකාවේ දකින්නට ලැබුණු දේශපාලන ප්‍රචන්ඩත්වය ඇය හෙලා දැක්කේ ජිවිතයේ අයිතියට සෑම දෙනෙකුගේම ඇති අයිතිය සුරක්ෂිත කිරීමේ අටියෙනි.

1980 මැද භාගය වනවිට අප 'විකල්ප කණ්ඩායම'ගොඩ නගමින් සිටියෙමු. මෙය ද සන්නද්ධ දේශපාලන ව්‍යපරයක් විය. මගේ විශ්වවිද්‍යාල රැකියාව හැර දමා පුර්නකලිකයෙක් ලෙස සිටියෙමි. මා 1986 වසරේ අවසානයේ එක දිනක කැකිරාවේ සිට කොළඹ පැමිණියේ අතිශයින් අනාරක්‍ෂිත වූ තත්ත්වයකය.මට යාමට තැනක් තිබුනේ නැත.එකල දුරකථන තිබුනේ නැත.මා මහා රෑ ඔඩ්රිගේ නිවසේ දොරට තට්ටු කල විට ඇය දොර හැර මා ඇතුලට කැඳවා මා සුරක්ෂිත කරන බවට බවට දැඩි ප්‍රතිඥාවක් දුන්නාය. එතැන් සිට වසරකටත් වැඩි කාලයක් මගේ නවාතැන එය විය.

මා පමණක් නොව විකල්ප කණ්ඩායමේ තවත් කිහිප දෙනෙකුටම ඔඩ්රි නොපැකිල නවාතැන් සැපයුවාය. ඇය විසින් මෙය කරනු ලැබුවේ කිසිම ලාභ ප්‍රයෝජනයක් කීර්තියක් අපේක්ෂාවෙන් නොවේ. පසුකාලින කීර්තියක් අපේක්ෂවෙන්ද නොවේ.සැග වී සිටින්නන්ට ආරක්ෂාව දීම පිළිබඳ ව ඇය කිසි දිනක කට මැත දෙඩ වුයේ ද නැත. එය මුළුමනින්ම යුක්තිය සාධාරනත්වය වෙනුවෙන් ඔඩ්රි නිවරදි ලෙස වටහා ගත් තම ජිවිතයේ වටිනාකම් සමුදාය වෙනුවෙනි.

ජන සමාජයක් විශේෂයෙන්ම ප්‍රචණ්ඩත්වයේ තර්ජනයට මුහුණ දෙනවිට එහි ගැඹුරු මානවවාදී විඥානයක් ප්‍රගුණ කල ස්ත්‍රීන් සහ පුරුෂයන් ඉදිරියට ඒම සෑම සමාජයකම පැවැත්මට තීරනාත්මක ලෙස අවශ්‍ය වෙයි.ඔඩ්රි 1987-89 පෙර මෙන්ම පසුවත් ඉටුකළේ මෙම කාර්ය යයි.අප ඇයට මේ පිළිබඳව දක්වන්නේ සමාජයීය නය ගත භාවයකි.අනාගත ස්ත්‍රී ව්‍යාපාරය ඔඩ්රි වැනි නිහඬ වීර වරියන් කල වැඩ කොටස සැබෑ ඇගයිමකට පත් කරනු ඇතැයි මම විශ්වාස කරමි.ඔඩ්රි වීරවරියක් විය.

ඔඩ්රි සිය අවසාන කාලය ජිවත් වුයේ සිය සහෝදරිය සමගය.තනිකඩ ජීවිතයකට හුරු වී සිටි ඇය අවසාන වසර කිහිපය එසේ ගත කලේ ඔත් පලව සිටි බැවිනි.වසංගත කාලයේ දිවියෙන් සමු ගත් ඇය ට නිසි ගෞරවයක් දීමට නොහැකි වීම ගැන ඇය ගෙන් සමාව අයදිමි.

@ දයාපාල තිරාණගම

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි