SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගස් බදා ගන්නෝ..ඇත්තටම කවුද මේ ගස් බදාගන්නෝ..?

 ඇමරිකා එකසත් ජනපදයේ මෙන්ම කැනඩාවේ ඉතාම ජනප්‍රිය .. ඒ වගේම යුරෝපයේ ජනප්‍රිය වෙමින් පවතින සමාජයක්, සමාජ කොට්ඨාශයක් තමයි ගස් බදාගන්නෝ කියන්නෙ.

නමුත් මේ කතා කරන්න යන්නෙ මේ ගස් බදා ගැනීමේ ඉතිහාසය ගැනයි.

මගේ ඉන්දියානු සගයෙක් ස්විස් සඟරාවකට ලිපි ලියමින් කියනව මේ ගස් බදා ගැනීමේ ක්‍රමවේදය ඇරඹුනේ 1970 දශකයේ ඉන්දියාවෙන් කියල. මේක සම්පූර්ණයෙන්ම වැරදි නෑ.

 

Kejali 2

 

හැත්තෑව දශකයේදි හිමාල කඳු ප්‍රදේශ වල කැලෑ ආශ්‍රිතව තිබුනු ගම් කීපයක් එක්ක තමයි මේ කතාව සිද්ධ වෙන්නෙ . ඒ ප්‍රදේශය හැඳින්වෙන්නෙ ගරාහ්වාල් හිමාලය විදිහට. ( Garahwal Himalaya) .

මේ පළාතෙ තියන මහා ගස් ගණනාවක් කපා දාන්න තීරණය කරනව ප්‍රාන්ථ රජයෙන් ඉදිකිරීම් වැඩ සඳහා..

මේ කපා දැමීමට තීරණය වුණු ගස් තියෙන පොඩි කැලයෙන් තමයි මේ ගම් කීපයම රැකුණෙ.

ඒ නිසාම ගස් කපන්නො මේ ගමට ආවම ,මේ ගම්වල හිටපු කාන්තාවො පිරිසක්.... "මේ ගස් ටිකනම් කපන්නදීල බෑ මැරුණත් ගස් නම් අතාරින්නෑ" කියල ගස් වටේ අත් වැල් බැඳ ගන්නව.

 අන්තිමට ඒ අය දිනනව.. කැලේ රැකෙනව. "ගස් සත්‍යග්‍රහය" ලෙස හැඳින්වෙන මේ උපක්‍රමය ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙනව..

 අන්තිමේදී මේ ගස් සත්‍යග්‍රහය හිමාලයානු ප්‍රදේශයේ ගස් හා වනාන්තර රැකීමේ නීතියක් හැදෙන තරමට දියුණු වෙනව.

මේ සත්‍යග්‍රහය අදත් ප්‍රසිද්දයි චිප්කෝ මූව්මන්ට් ( Chipko movement) විදිහට.

ගස් කපන්න ,වනාන්තර වනසන්න දේශපාලකයින් මුල් තැන ගන්න රටවලට මේක පුදුම ඇති කරන දෙයක් වෙන්න පුලුවන්. ඒත් මේ තමයි ඇත්ත .

නමුත් ගස් බදාගන්නන්ගේ ඇත්ත ඉතිහාසය නවසිය හැත්තෑ ගණන් දක්වා නෙවේ දහ අට වන ශත වර්ශය දක්වා දිවෙනව.

 ඒත් ඉන්දියාවෙම තමයි.

 

Kejali 3

 

"කෙජාර්ලි සංහාරය" විදිහට හැඳින්වෙන මේ සිද්ධිය කතාන්දරයකට වඩා රසවත්...

 1730 සැප්තැම්බර් මාසයේදී මහාරාජා අභයි සිං නියෝජනය කරන සොල්දාදුවන්, මේ මහ රාජාට අළුත් මාළිගාවක් හදන්න ඕනෙ කරන ගස් කපන්න ලක ලැහැස්ති වෙලා බිෂ්නෝයි ජනයාගේ ගම් විදිහට සැලකෙන කෙජාර්ලි වලට එනව.

 බිශ්නෝයි කියන්නෙ මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව හඳුන්වන නම.

(ජෝද්පූර් තමයි මේ කිට්ටුව තියන ප්‍රධානම නගරය )

මේ ඉන්දියාවේ රාජස්ථාන් කාන්තාරයේ සියවස් ගණනාවක් ජීවත් වූ ආගමික නිකායක්.

මේ ජනයා අනුගමනය කරන විශේෂ ජීවන මූලධර්ම 29 ක් නිසා ඒ අය ඉන්දියාව පුරාම ප්‍රසිද්දයි.

විශේෂයෙන්ම ගහ කොළ.. වනාන්තර හා සත්තු එක්ක බොහොම සාමකාමී ජීවිත ගත කරන අය විදිහටයි මේ අය ප්‍රසිද්ධ.

 සොල්දාදුවන් මේ ගමට ලගා වෙනව උපදෙස් ලැබුණු විදිහට ගස් කපන්න.

ගමට ඇතුල් වෙන තැන තියනව වසර සිය ගාණක් පරණ මහ විශාල කැප්‍රි ගහක්.

මේ ගහ කපන්න සොල්දාදුවො ලෑස්ති වෙද්දි මේ ගමේ ජීවත් වෙන කාන්තාවක් දුවගෙන ඇවිල්ල මේ ගහ බදා ගන්නෙ " අත තියන්න එපා මේ ගහට" කියල කෑ ගහන ගමන්.

එයාගෙ නම අම්‍රිතා දේවි.

 

Kejali 4

 

ඒකෙන් තරහ ගත්තු සොල්දාදුවො එතනදිම මේ කාන්තාව මරල දාල ආයෙත් ගහ කපන්න ලෑස්ති වෙනව.

අම්‍රිතා දේවිට දුවල තුන් දෙනෙක් ඉන්නව .. මේ දුවල තුන්දෙනත් අම්මට වුණු දේ දැක දැකම දුවගෙන ඇවිත් කැප්‍රි ගහ බදා ගන්නව.

දුවල තුන්දෙනාට අත්වෙන්නෙත් අම්මට අත් වෙච්ච ඉරණමම තමා අවාසනාවට.

ඒත් ඒ ගමේ ඉන්න අනිකුත් කාන්තාවනුත් දුවල ඇවිත් මේ කැප්‍රි ගහත් ඒ වටේට තියෙන අනික් ගසුත් බදාගන්නව.

ඒ හැමදෙනාම කියන්නෙ "උඹල අපිව මරල මිසක් මේ ගස් කපන්නෙ නෑ "කියලයි.

 මේ කාන්තාවන්ටත් අත් වෙන්නෙ අම්‍රිතා දේවිටත් එයාගෙ දූල තුන්දෙනාට අත්වූ ඉරණමම තමා.

ඒ ගම වටා තියන අනිකුත් ගම් අසූ හතර පුරාම මේ පණිවිඩය පැතිරී යනව විදුලි වේගයෙන්.

ඒ ගම් වල කාන්තාවනුත් මැරෙන බව දැන දැනම දුවගෙන ඇවිත් ගස් බදා ගන්නව කපන්න නොදී.

මේ සිද්දියේදී ප්‍රදේශයේ කාන්තාවන් 363 දෙනෙක් අමු අමුවේ මරා දානව.

මේ සිද්දිය අදත් හැදින්වෙන්නෙ "කෙජාලි සංහාරය" කියලයි.

ඉතිරිවෙලා අනිත් කාන්තාවන් වගේම රස්සාවන් සඳහා කැලයට. ගොවිපළට නොගිය මිනිස්සුත් ඉරණම දැන දැනම ගස් ආරක්ශා කරගන්න ඉදිරිපත් වෙනව.

මේ කාන්තාවන්ගේ ධෛර්යය ගැන අහන්නට ලැබුණු මහරාජා පුදුම වෙනව.. ඒ එක්කම වහාම ගස් කපන එකත් ගම් වැසියන්ට හිරිහැර කරන එකත් නවත්තන්න අණ කරනව.

ඒ විතරක් නෙමේ ටික දවසකට පස්සෙ මේ පලාතේ කැලෑ හා ගස් ආරක්ශා කරන්න නීති පවා පනවනව.

පහුකාලීනව ගම මැද්දෙ මේ කාන්තාවන් සිහි වෙන්න දේවාලයක් ඉදිකරන්නත් මුදල් ලබා දෙනව.

අම්‍රිතා දේවි පංසල එහෙමත් නැත්නම් අම්‍රිතා දේවාලය විදිහට අදත් මේ දේවාලය ප්‍රසිද්ධධයි.

 

Kejali 5

 

මේ දේවාලය වන්දනා මාන කිරීමට හැම සැප්තැම්බර් මාසයේම දහස් ගනන් ඉන්දියානුවන් මේ ගමට රැස් වෙනව.

අදත් ඒ අය අම්‍රිතා දේවිත් ගස් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු හැමදෙනාමත් ආදරෙන් සිහිපත් කරනව.

ඒ විතරක් නෙවේ එදා රැකගත් බොහෝ ගස් අද මහා වෘක්ශ බවට පත්වෙලා බලන්න ලස්සනයි.

අපූරු නැද්ද හිත හයිය ගැහැණු සිය ගානක් අපිට ලබා දෙන පාඩම.

 

අදත් ඉන්නව මාලිගා හදන්ට ගස් කැලෑ වනසන කාන්ඩයක්. ඒත් උං ඉස්සරහ අපි දුර්වලයි. එහෙමයි දුර්වලයා යට කරන් අශිෂ්ට ප්‍රභලයින් දියුණු වෙන්නෙ මේ ශිෂ්ට සමාජයේදී..

 හේතුව කේජාලි කාන්තාවන් තරම් අපිට හයියක් නැතිවීම විතරයි.

 

 බැලූ බැල්මට දකින කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ගස් බදා ගැනීම මොන විකාරයක්ද කියල.

මේ ගස් බදාගැනීමේ සමාජවල සාමාජිකයන්ගෙ අදහසට අනුව අපිට හැමදාම මූණ දෙන්න වෙන මේ කාර්‍යබහුල, පිස්සු කියල හිතෙන සමාජයේ.. පීඩනයෙන් මානසික ආතතියෙන් මිදෙන්න තියෙන හොදම ක්‍රමයක් තමයි හොදින් වැඩුනු ගහක් විනාඩි කීපයක් බදාගෙන සිටීම.

 

Kejali 6

මේ විනාඩි කීපය විනාඩි පහලවක් විස්සක් දක්වා දීර්ඝ වුනු අවස්ථා මං පුද්ගලිකව අත් විඳල තියනව.

මෙහෙම කරාම අපූරු සැනසීමක් ලැබෙනව.

ලංකාවෙ ඉපදුනු අපි ගහ කොලත් එක්කයි හැදුනෙ වැඩුනෙ.

ඒත් අපි ගහ කොලින් ඈත් වෙද්දි යුරෝපීයයන් ගහකොළට තව තව කිට්ටු වෙනව.

ගෙදර නෝනගෙ හෝ මහත්තයාගෙ ගෙරවිලි බැණුම් එපා වෙච්ච වෙලාවක..පොඩි උං අරක ඕනෙ මේක ඕනෙ කියල කෑ ගහන වෙලාවක... ඔෆිස් එකේ මෝඩ ලොක්ක බූරුවෙක් වගේ බෙරිහං දෙන වෙලාවක... මුළු ලෝකෙම එපා වෙනව වගේ හැඟීමක් දැනෙනව..

ඒ වගේ වෙලාවක භාවනාව පුරුදු පුහුණු කරපු වගේම හිත ශක්තිමත් කෙනෙක්ට ඒ තරම් අමාරුවක් නැතුව ඔය සෘණ සිතුවිලි වලින් ගොඩ එන්න පුලුවන්.

හැබැයි සාමාන්‍ය කෙනෙක්ට සෑහෙන දවසක් යනව පුරුදු සංතෝසෙ, හිනාව හොයාගන්න.

අපූරුවට ..ලස්සනට වැඩුනු තඩි ගහක් මුණ ගැහුනම
(ගහ තමුන්ට කථා කරනව කියල වෙලාවකට හිතෙයි)

කතාබහක් නැතුව ඔය ගහ ලඟට ගිහිල්ල දෑත බදල බදාගන්ටයි තියෙන්නෙ. කතාවක් නැතිව විනාඩි කීපයක් ඒ ගහේ කඳට කං දීගෙන ඉන්නයි තියෙන්නෙ..

ඒ මොහොතෙ අමතක කල යුතුයි අවට සිදුවෙන හැමදේම වගේම හිතේ තියන ප්‍රශ්ණ.

ගහට ඇහුම් කන් දෙනව කියන්නෙ තමන්ට ඇහුම් කන් දෙනව වගේ දෙයක්... මේ විෂය පිලිබඳ විශේෂඥයන් කියන විදිහට තරංග සංනිවේදයක් හෝ සංවාදයක්. ලැබෙන ප්‍රථිඵල පුදුම සහගතයි. ඒ තරමට හිතට සැහල්ලුවක් දැනෙනව. ඒ ගහේ තියෙන අපූරු ශක්තිය.. ඒ ගහේ තියෙන සැනසීම මිනිස් ශරීරෙට බොහොම ලස්සන විදිහට ලබාදෙනව.

 

@Malcolm Sang

 (theleader.lk)

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි