SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇෆ්ඝනිස්ථානයේ අභීත වීදි සිත්තරාවිය

ඇය ලෝකප්‍රකට බැන්ක්සිව පවා සමච්චලයට ලක්කල ගැහැනියකි. බැන්ක්සි සිතුවමට නගා තිබුනේ අහසේ පාවෙන බැලුනයක් ඉල්ලා අඩන පොඩි දැරීවියකි. ඇය එම දැරිවියට පසුපසින් තරුණ ඇෆ්ගන් කෙල්ලක් උඩ යමින් තිබු කෙසෙල් ගෙඩියක් ආයාසයෙන් අල්ලා සිටින සිතුවමක් ඇද තිබුනේය. මක්නිසාද ඒ වනවිට කෙසෙල් යනු ඇෆ්ඝන් ගැහැණියකට මිල අධික හා ආයාසයෙන් ලබාගත යුතු පලතුරකි.

 

hasani 1

 

කෙසේ වුවද ඇගේ එම සිත්තම චිත්‍ර වෙළදපොලේ ඩොලර් 120.000 කට විකිණී ගිය බව සඳහන්ය. ඇගේ නවතම සිතුවම “නපුරු බිය” ලෙස මාතෘකා කර ඇත. එහි ඇස් පමණක් පෙනෙන සේ මුලු සිරුරම වසාගත් තරුණ යුවතියකි. ඇය පසුපසින් ස්වයංක්‍රිය ගිනි අවි දරා සිටින මිනිසුන් කණ්ඩායමකි. ඇය ඔවුනට නොපෙනෙන සේ යමක් වසංකර ගෙන සිටි ඒ ඇයගේ පුංචි පියානෝවයි.

 

hasani 5

 

1988 අප්‍රේල් උපත ලද ඇෆ්ගනිස්ථානයේ ප්‍රථම කාන්තා ග්‍රැෆිටි කලාකරුවා වන්නී ඇයයි. සිය කලා කෘති තුළින් ෂම්සියා නිරූපනය කරන්නේ පිරිමි අධිපති සමාජයක ඇෆ්ගනිස්ථාන කාන්තාවන් ය. ඇය ලෝක ඡනතාවගෙන් ඉල්ලා සිටිනනේ ඇෆ්ගන් ගැහැණියගේ බුර්කාව හෙළා දැකීම මිට පිළිතුරක් නොවන බවයි.

 

hasani 6

 

ඇගේ කලාව ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට වෙනස් මුහුණුවරක්, බලයක්, අභිලාෂයන් සහ ඉලක්ක සපුරා ගැනීමට හැකි මුහුණුවරක් ලබා දෙයි. ඇගේ කලා කෘතිවල භාවිතා කරන කාන්තා චරිතය නිරූපණය කරන්නේ ආඩම්බර, ඝෝෂාකාරී මිනිසුන්ගේ ජීවිතවලට යහපත් වෙනස්කම් ගෙන ඒමට හැකි අයෙකු ලෙස ය. ඇෆ්ගනිස්ථානයේ පශ්චාත් යුධ සමයේ අවසාන දශකය තුළදී, ෂම්සියාගේ කෘති රටේ සියලුම කාන්තාවන්ට විශාල වර්ණයක් හා ඇගයීමක් ගෙන දෙන ලදී.

 

hasani 3

 

ඇයගේ කලා කෘති ලොව පුරා දහස් ගණන් කාන්තාවන්ට ආස්වාදයක් ලබා දී ඇති අතර එරට ඇෆ්ගන් කලාකරුවන් සඳහා නව බලාපොරොත්තුවක් ලබා දී තිබේ. ලොව පුරා විවිධ රටවල සිය ග්‍රැෆිටි උත්සවය, කලා පන්ති සහ ප්‍රදර්ශන තුළින් සිය නිර්මාණශීලිත්වය ගෙන ඒමට හැකි ඇෆ්ගන් ජාතිකයන් සිය ගණනක් ඇය නිර්මාණය කලාය. හසානිගේ විශිෂ්ටබව ඇත්තේ එතැනය.

 

@ උපාලි ජයසිංහ

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි