SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සරණාගත ඔලිමපික් ක්‍රීඩයන්ගේ ධජය රැගෙන ගියේ සිරියානු සරණාගත යූස්රා මදිනීය.

එමෙන්ම ඇය එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනයේ ලාබාලතම තානාපතිනියයි. සිරියානු සරණාගතයන්වු ඇය සහ ඇගේ සොයුරිය පුද්ගලිකවම මුණ ගැසුනු ලොව ප්‍රබලම මිනිසුන් දෙදෙනෙකි. කෙනෙක් බැරැක් ඔබාමාය. අනිත්කෙනා පාප් වහන්සේය. සරණාගතයන් වෙනුවෙන් ඔවුන් කළ කාර්යයට සහ නිර්භයත්වයට ප්‍රංශය සම්මාන පුදකර සිටියේය. යූස්රා සහ ඇගේ සොයුරිය ගැන මේ කාරණා හරි ලස්සනය. මටසිලිටිය. සතුට ගෙනදේ. එහෙත් ඔවුන් දෙදෙනා මේවා ලබාගැනීමට සිය ජීවිතය පරදු තැබූ බව බොහෝ මිනිසුන් නොදනිති. නිර්භයත්වය හා ධෛර්ය නොමැතිවීනම් තවත් මිනිසුන් 18 ක් සමග ඇය සහ ඇගේ සොහොයුරිය ඊජියන් මුහුදු පත්ලේ මේ වනවිට සමාදානයෙන් සැතපෙනු නොඅනුමානය.

2016 රියෝ ඔලිම්පික් උළෙලේදී පිහිනීමට තමා තෝරාගෙන ඇති බවට විශ්මය ජනක ආරංචියක් යූස්රා මර්දිනීට ලැබුණු විට, ඇයට එය එක් පුද්ගලයෙකු සමග තම ප්‍රීතිය බෙදා ගැනීමට නොහැකි වූ බව හැඟී ගියාය: ඒ ඇයගේ වැඩිමහල් සහෝදරිය වූ සාරාය, ඇයගේ ආදරය ගෞරවය හා ආත්මය සාරා විය. එවිට සාරා සිටියේ ග්‍රීසියේ ලෙස්බෝස් දුපතේ සරණාගතයන්ට උදවු කරමිනි.

 

yusra 4

 

යූස්රා සහ සාරාගේ තාත්තා සිරියානු පිහිනුම් උපදේශකයෙකි. ඔහු තම දියණියන් දෙදෙනාටම දක්ෂ ලෙස පිහිනන සැටි උගන්වා තිබිනි. 2015 වසරේ නොකඩවා සිය නිවස අසලට බෝම්බ  5 ක් වැටුණුවිට ඔහු තම දියණියන් දෙදෙනා යුරෝපයට පිටත්කර හැරීමේ මාර්ගයක් සෙවීය. ජාවාරම්කරුවන් හරහා හේ තම දියනියන් දෙදෙනා පළමුව තුර්කියටත් පසුව ග්‍රීසියටත් යන බලාපොරොත්තුව මත නිවසින් තට්ට තනියම පිටත්කර හැරියේය. ඒ වනවිට මරණය ඒතරමටම සිරියාව වෙලාගෙන තිබිනි.

තුර්කියේදී ඡාවාරම්කරුවන් සැපයු ඩිංගි බෝට්ටුවේ යා හැකිව තිබුනේ 09 දෙනෙකුට පමණි. එහෙත් ඔවුහු ඊට 20 දෙනෙක් පැටවුහ. ග්‍රීසිය බලායන ඩිංගිය ඊජියන් මුහුද මැද ක්‍රියා විරහිතවිය. පාවෙමින් තිබු ඩිංගිය ගොඩබිමකට රැගෙන යාමට කිසිවක් නොවුනි. මරබියෙන් තැතිගත් සරණාගතයන් අතුරින් ඩිංගියෙන් නැගිටි කෙල්ලන් දෙදෙනා එහිවු කඹයක්ද ඇදගෙන මුහුදට පැන්නෝය. කඹය ඩිංගියේ ගැට ගැසූ ඔවුහු එක් අතකින් කඹයත් අල්ලාගෙන ගොඩ බිමක් දෙසට පිහිනීමට පටන් ගත්හ. ඉතා වෙහෙසකර පැය හතරකට, පහකට පසුව ඔවුහු ග්‍රීසියේ ලෙස්බෝස් දුපතට ගෙඩබටහ.

 

yusra 2

 

ඔවුහු එතැන් සිට මැසිඩෝනියාවට සහ හංගේරියාවට ගිය අතර අවසානයේ ජර්මනියට ගියහ. ගැහැණු ළමයින්ගේ බලාපොරොත්තු විරහිතභාවය 2015 දී බර්ලිනයේදී අවසන් වූ අතර එතැන් සිට සහෝදරියන්ගේ කථා විවිධ දිශාවන් ඔස්සේ ගමන් කළහ.

යුස්රා මර්දිනී ජර්මනියේදී ඇය සිරියාවේදී නතර කළ තැන ගත්තාය: එනම් පිහිනීම සඳහා පුහුණුවය. රියර් ද ජැනයිරෝහි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමට නියමිත නව සරණාගත කණ්ඩායම සඳහා ඇය නම් කළ ක්‍රීඩා නිලධාරීහු ඇයගේ අවධානයට ලක් වූ පිහිනුම් සමාජයක් වූ වසර්ෆ්‍රෙන්ඩේ ස්පාණ්ඩෝ 04 ට ඇයව සම්බන්ධ කලාය. යුස්රා ඉන් සුදුසුකම් ලැබූ අතර 2016 වසරේ පැවති තරඟ වලින් පසු ඇය තටාකයෙන් ගොඩ වන විට ඇය ජාත්‍යන්තර තාරකාවක් වූ අතර, ගෝලීය සරණාගත අර්බුදයේ හොඳ කතන්දර කිහිපයෙන් ද එකක් විය.

ඇයට බැරක් ඔබාමා සහ පාප් වහන්සේ මුණ ගැසුණි. ටයිම් සඟරාව ඇයව ලොව බලවත්ම යෞවනයන්ගෙන් කෙනෙකු ලෙස නම් කළේය. ජපානයේ පැවති ඔලිම්පික් උළෙලට ඇගේ ප්‍රියතම පිහිනුම් ආරවු සමනල ආරෙන් ඇය තරග නොකල නමුදු සරනාගතයන්ගේ ධජය රැගෙන පෙරමුනේ සිටියාය.

යුස්රා දැන් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ විශේෂ තානාපතිවරියකි. ඇය ලොව පුරා සංචාරය කරන අතර විවිධ සිද්ධීන් සඳහා වේදිකා සකසයි. එක් සම්මුඛ සාකච්ඡාවකදී යුස්රා නිවේදනය කළේ සෙසු සරණාගතයින්ට බලාපොරොත්තුවක් ලබා දීම සඳහා ඇගේ කීර්තිය භාවිතා කිරීමට අවශ්‍ය බවයි. දැන් අපි සාරා දිහාවට හැරෙමු.

 

yusra 3

 

සාරා නොවන්නට යුස්රාට ඒ කිසිවක් සාක්‍ෂාත් කර ගත හැකි නෙැහැකි බව සහතිකය.. යුරෝපය බලා යන ගමනේදී සාරාගේ උරහිස තුවාල වූ අතර පිහිනීම අතහැර දැමීමට සිදු විය. ඇය නැවත ඔවුන් ගොඩබට ග්‍රීසියේ ලෙස්බොස් දූපතට ගිය අතර එහිදී තවත් සරණාගතයින්ව මෙවැනි අත්දැකීමකින් ගලවා ගැනීමට සාරා තීරණය කළාය. ඇය ජීවිතාරක්‍ෂකයෙකු ලෙස ක්‍රියා කළ අතර බෝට්ටුවලින් පැමිණෙන සරණාගතයින් වෙරළ තීරයේ පදිංචි කරවීමට උදව් කළාය. ලෙස්බොස් හි පිහිටි සරණාගත කඳවුරේදී ඇය ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවාය. එහි දහස් ගණන් සරණාගතයින් තවමත් නරකම සනීපාරක්ෂක තත්ත්වයන් යටතේ කූඩාරම් නගරයක ජීවත්වේ.  සාරා සරණාගතයින්ට අවම වශයෙන් පිරිසිදු ඇඳුම් ඇඳීමට හැකි වන පරිදි, ඇය විසින් පරිවර්‍තකයෙකු වීමෙන් සහ දරුවන් රැකබලා ගැනීමෙන් ලද මුදලින් රෙදි සෝදන යන්ත්‍ර මිලදී ගෙන සරණාගතයන්ට බෙදා දුන්නාය.

නමුත් ග්‍රීක බලධාරීන්ගේ ඇස් හමුවේ ඇය අපරාධයක් කරමින් සිටියාය. නීති විරෝධී ලෙස ලෙස්බෝස් වෙත මිනිසුන් ගෙන්වා ගැනීම සඳහා මිනිස් ජාවාරම්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කර සංකේතාත්මක ජාල ඔස්සේ සන්නිවේදනය කළ බවට ඇයට චෝදනා එල්ල විය. 2018 අගෝස්තු මාසයේදී, තවත් 36 දෙනෙකු සමග ග්‍රීක පොලිසිය ඇයව අත්අඩංගුවට ගත්තේය.

සාරා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන්නීය. තම රට අතහැර පලා යන මිනිසුන් සූරාකෑමට භාවිතා කරන ක්‍රම ගැන ඇයට පෞද්ගලික අත්දැකීම් ඇත. එබැවින් ඇය කිසි විටෙකත් මිනිස් ජාවාරම්කරුවන් සමඟ කටයුතු නොකරනු ඇත. සාරාගේ අපරාධ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලිකරුවන් සතුව සාක්‍ෂියක් නොතිබූ අතර දෙසැම්බර් මාසයේදී ඇයව පවුම් 5000 ක ශරීර ඇපයක් මත නිදහස් කර ග්‍රීසියෙන් ජර්මනිය බලා යාමට අවසර ලබාදුනි. කෙසේ වෙතත්, ඇගේ නඩු විභාගය පැවතී දින 100 කට වැඩි කාලයක් ග්‍රීසියේ සිරගෙදර ගත කිරීමෙන් පසු ඇය දැන් බර්ලිනයට ගොස් බාර්ඩ් විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා, මානව ශාස්ත්‍ර හා සමාජ චින්තනය හදාරමින් සිටී . එහෙත් ඇයට තවමත් සම්පුර්ණ නිදහසක් දැනෙන්නේ නැත. නඩුව ඔප්පු වුවහොත් ඇයට වසර 25 ක සිර දඩුවම් විඳීමට සිදු වේ. සාරාගේ නීතිඥයා ශුභවාදී ස්ථාවරයක සිටින නමුත් කිසි විටෙකත් ඊට 100% සහතිකයක් නොමැත. මාධ්‍ය වරෙක ඇගෙන් ඇසූ ප්‍රශ්නයකට සාරා මෙසේ පිලිතුරු දී තිබිනි.

“මම එහෙම කළේ ඇයි කියා මිනිසුන් මගෙන් ඇසූ විට මම සරලව කියන්නේ “මම එය කළ යුතුයි කියා සිතන නිසා මම එය කළා” කියායි.“අර්බුදය හෝ සරණාගතයින් සිටින්නේ ග්‍රීසියේ පමණක් නොවේ,” යැයි ඇය පැහැදිලි කළාය. "මම දිගටම මගේ කාර්යය කරගෙන යන්නෙමි, මන්ද මගේ කාර්යය වූයේ ලෙස්බෝස් පමණක් නොවන බැවිනි.”

මේ  සොයුරියන් දෙදෙනාම නිර්භයත්වයේ සංකේතයන්ය. යූස්රා පුද්ගලික ජයග්‍රහණය හඹා ගියාය. සාරා පොදු ජයග්‍රහණ හඹා ගියාය. ලෝකය ඉදිරියට යන්නේ මෙවන් සංකලනයන් තුලිනි. එහෙත් මට අනුව අවසන් නිගමනයේදී වඩා විශිෂ්ට වන්නේ සාරා මදනී නැමති යුස්රාගේ වැඩිමල් සොයුරියයි.

 

@ උපාලි ජයසිංහ

නවතම ලිපි