SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ දවස්වල පුංචි ඡන්දය පවත්වනවද? නැද්ද?  කල්දානවද? ව‌ගේ ප්‍රශ්න එක්ක දේශපාලන කරලිය උණුසුම් වෙද්දි අපි මේ කතාකරන්නෙ පුංචි ඡන්දයේ ප්‍රචාරණ ව්‍යාපාරයේ දකින්න ලැබුණු සුවිශේෂතා කිහිපයක් ගැනයි.

මුලින් ම ජාතික ජන බලවේගයෙන් එලියට දාපු පාර අහන නංගියාගේ දැන්වීම ඔබට මතකද? ඒ දැන්වීමත් එක්ක ලොකු හාහෝවක් සමාජ මාධ්‍ය තුළ ඇති වුනා මතකද? කොටසක් ඒ දැන්වීමේ නිර්මාණාත්මකභාවය ගැන කතාකරද්දි බහුතරයක් එය විචාරයට ලක්කලේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් නංගී වගේ උදාහරණ අරගෙන.

 

ඔන්න දැන් සජබත් දැන්වීම් කිහිපයක්ම නිර්මාණය කරල. පාර කියන නංගි ගැන ලොකු හාහෝවක් විවේචනයක් ගියත් සජිත්ගෙ කැම්පේන් දැන්වීම් වලට කව්රුත්ම මොකුත් නොකිව්වෙ ඇයි? ඇත්තටම සජබ නිර්මාණය කරල තිබුනු මැතිවරණ ප්‍රචාරක දැන්වීම් බොහෝ දුරට සමීප උනේ ජවිපෙ නිර්මාණ කලාවට. ඒක සජබයේ හැම එකකටම හොටදාන සජිත්-ජලනි-ලකීලගේ ප්ලෑනක්ද? නැත්නම් වෙනත් පාක්ෂිකයෙක්ගේ අදහසක්ද? දැන්වීම් ආයතනයෙ ස්වාධීන අදහසක්ද? කියන්න නොදන්නවා උනත් ඒ උපක්‍රමය සාර්ථක බව නම් කියන්නම වෙනවා.

 

 

 

 

හැමදාම ජවිපෙට අනන්‍ය ප්‍රචාරණ විධික්‍රමයක් තිබුනා. කාලයක් තිස්සේ ඒ ප්‍රචාරණ මාධ්‍යයට තිබුනෙ අනෙකුත් දේශපාලන පක්ෂවල ප්‍රචාරණ කටයුතුවලට වඩා ඉදිරිගාමී ස්ථානයක්.  සමාජ මාධ්‍ය නොතිබුනු යුගයෙ, වීඩියෝ තාක්ෂනය භාවිතා කර දැන්වීම් නිර්මාණය විශාල පිරිවැයක් බවට පත්වුනු යුගයේ එක රැයකින් මුළු රටේම එකම විදියේ පොස්ටරයක් තාප්පයක් තාප්පයක් ගානේ ඇලවෙන්න, ගමේ වෙලේ, ගල්තලාවෙ, තාර පාරෙ එක වගේම අකුරෙන් එකම වැකියක් ලියැවෙන්න තරම් මහා සංවිධාන ජාලයක් ජවිපෙට තිබුන.

 

ඉන් පස්සෙ මේ සංවිධානාත්මක බවට නවීන තාක්ෂනය අමුණල ජවිපෙ හා උරනුර ගැටෙන ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කළේ මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ ප්‍රචාරණ බලමුළුවෙන්.

2005 දී මංගලගෙ ප්‍රචාරක බලඇණිය මුළු ලංකාවෙම පෝස්ටරයක් ගැහුව රනිල්ට බෑ කියල. ඒකත් හරියට ජවිපෙ එක රැයින් රටම වහන පෝස්ටර් ක්‍රමයටම තමයි සිද්ධ උනේ. (ඒක ගැන නම් පුදුම වෙන්න දෙයකුත් නැහැ. මොකද මංගලගේ ප්‍රචාරක බල ඇණියෙ හිටිය වැඩ්ඩො ඔක්කොම පරණ ජේවීපී සෙට් එකක්)

 

 

ඉන් පස්සෙ 2005 න්පසු රාජපක්ෂලගේ කැම්පේන් දිව්වෙම විශාල මුදල් සම්භාරයක් වැයකරමින් වීම නිසාම ඒ්වායෙ තිබුණෙ නිර්මාණාත්මකභාවයට වඩා ලාභ ඉපැයීමේ අභිලාෂයන්. උදාහරණයකට දිලිත් ජයවීරගේ දැන්වීම් ආයතන වගේ ආයතනවලින් නිර්මාණ බිහිවෙන්නෙම සම්මාන, ලාභ වගේම, ව්‍යාපාර කීර්තිනාමයන් මූලික කරගෙනයි.

 

2015 ජනාධිපතිවරණ කැම්පේන් එක කියන්නෙත් වෙනමම කලාවක්. නමුත් ඒකෙත් නිර්මාණ අනන්‍යතාවයක් තිබුනෙ නැහැ. එතන තිබුනෙ දේශපාලන අනන්‍යතාවයක්.

 

 

අද මේ පුංචි මැතිවරණයේ ප්‍රචාරණ කලාවේ අනන්‍යතාවය ජවිපෙ අනන්‍යතාවයක් තියෙනවා. ඒකෙ විශේෂත්වය මේ අනන්‍යතාවය මතුවෙලා පෙනෙන්නෙ සමන් රෝහිත ගෙනියන ජාජබයේ ප්‍රචාරණ කලාවෙ නොවීමයි. මේ ජවිපෙ අනන්‍යතාවය මෙවර හොරකම් කරගෙන ඉන්නෙ සමගි ජන බලවේගයේ නිර්මාණ කණ්ඩායමයි. ඔවුන් නිර්මාණය කළ සියළුම ප්‍රචාරක දැන්වීම්වල සජබ නම ඇතුලත් නොකලේ නම් ඔිනෑම කෙනෙක් ඒ්වා ජවිපෙ ප්‍රචාරණ කලාවක් යැයි රැවටෙන්නට තරම්ම එහි අනන්‍යතාවය ඇතුලත් කර තිබෙනවා.

දැන් පැන නැගෙන ගැටළුව වන්නේ ජාතික ජන බලවේගය ජවිපෙ ප්‍රචාරක අනන්‍යතාවය අත් හැරියේ කුමන උපක්‍රමයක් තුළද යන්නය. නැතහොත් සමගි ජන බලවේගය ජවිපෙ ප්‍රචාරණ කලාවේ අනන්‍යතාවයෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීමට පෙළඹෙන්නේ කවර උපක්‍රමයක් තුළද? ඒ කුමක් වුවත් ඡන්දයේ රැල්ල කුමන දිසාවට හැමූවද ප්‍රචාරණ කලාවේ නිර්මාණයන්හි ජයග්‍රහණය කා සතුද යන්න මෙහි ඇති දැන්වීම් තුළින් කෙනෙකුට මනාව කියැවිය හැකිය.

 

@සමාරා

  

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි