මහජනතාවගේ සම්පතක් වන නොමිලයේ රටට ලැබෙන ජලයත්, හිරු එළියත්, සිසිල් සුළගත්
භාවිත කර විදුලිය නිෂ්පාදනය කිරීම අද යුගයේ ප්‍රමුඛ අවශ්‍යතාවයයි. එවැනි පසුබිමක ක්‍රියාවට නැගෙමින් පවතින ජාතික විදුලි බල සැපයුම ගල් අගුරු සහ ඩිසල් මාෆියාවන්ටත්, විදේශීය රාජයන්ගේ ආධිපත්යටත් යට කරවීමේ දේශ ද්‍රෝහී ක්‍රියාමාර්ගයට අපගේ බලවත් විරෝධය පල කරමු.
එසේ තිබියදී ආණ්ඩු පක්ෂය විදුලි ඒකකයක් රුපියල් 70කට මිලදී ගැනීමට ඩිසල් බලාගාර ගිවිසුමක් පසුගිය අප්‍රේල් මස 11වනදා අත්සන් කල බව ඔබ දැනටමත් දන්නවා ඇත. එවැනි පසුබිමක අප්‍රේල් මස 10වනදා සිට 21වනදා දක්වා ජාතික විදුලි පද්ධතියෙන් සුර්ය බලාගාර විසන්ධි කිරීමට රජය නීති විරෝධී ලෙස ගත් පියවර පිලිබදව ගරු ජනාධිපතිවරයාත් ජනාධිපති ලේකම් වන ඔබතුමාත් දැනුවත් බව විශ්වාස කරමු. කිසිසේත් සිදු නොකළ යුතු යෝජනා සමගින් විදුලි පනත සංශෝදනය කිරීමට වත්මන් ආණ්ඩු පක්ෂය ගත් ක්‍රියාමාර්ගය පිළිබදවද ඔබ තුමා දැනුවත් යැයි අප විශ්වාස කරමු. රටේ බලශක්තිය ඉන්දියානු ග්‍රහණයට ලක්කරන ඉන්දියානු ශ්‍රී ලංකා විදුලි රැහැන් වියාපෘතිය පිලිබදව මෙන්ම ඒ සදහා ඇතිවී තිබෙන මහජන විරෝධය පිළිබදවද ඔබ තුමා දැනුවත් ඇති අප අපේක්ෂා කරමු.
ඩිසල් වලට 70 ගෙවනු එපා, හිරු එලියේ 27 කපනු එපා,
මෙවැනි පසුබිමක ලොව ඉහලම විදුලි මිලක් ඇති ලංකාවේ විදුලි ඒකකයක මිල තව තවත් ඉහල යවන ආකාරයේන් වහල මත ඉදිකරන සුර්ය බලාගාර වලට ගෙවන මුදල දරා ගත නොහැකි මට්ටමකට පහත හෙලීමට විදුලි බල මණ්ඩලය සහ විදුලි බල අමාත්යංශය පාලනය කරන ආණ්ඩු පක්ෂ කමිටුව ගත් නීති විරෝධී පියවරට එරෙහිව සියලු ශ්‍රී ලාංකිකයන්ගේ දැඩි විරෝධය පල කරමු. රාජ්‍ය යාන්ත්‍රනය ආණ්ඩු පක්ෂය යටතට ගෙන එන ආකාරයේ පනත් සංශෝදන ගෙන එන්නෙත්, විදුලි බල මණ්ඩලය දැවැන්ත ලාබයක් ලබා තිබෙන විටදී පවා විදුලි මිල වැඩි කරන්නෙත්, පුනර්ජනනීය බලශක්තිය වනසා ඩිසල් සහ ගල් අගුරු ඉදිරියට ගෙන එන්නෙත් අනාගතයේ දවසක ජාතික විදුලි පද්ධතිය සම්පුර්ණයෙන්ම ලොකුම කොමිස් කුට්ටියට විදේශීය ජාවාරම් කාරයෙක්ට විකුණා දැමීමට දැයි අපට අසන්නට සිදුව තිබේ. මේ සියලු ක්‍රියාදාමයන්ගෙන් සිදුවන්නේ ජාතික බලශක්ති ස්වෛරීභාවය වලපල්ලට යාම පමණකි. අවසානයේ රටේ ස්වාධිපත්‍ය පවා අහිමි බලශක්තිය සදහා ලොව ඉහලම මිලක් ගෙවන ජනතාවක් බවට පත්වීමට අපට සිදු වන බව පෙනෙන්නට තිබේ.
රටේ පුරවැසියන් ලෙස අපට අවම මිලකට ගුණාත්මක බලශක්තියක් ලබා ගැනීමේ අයිතිය මෙන්ම එවැනි සැපයුමක් අප වෙත ලබා දීමට රාජ්‍යත්, ආණ්ඩු පක්ෂයත් සහ රාජ්‍ය යාන්ත්‍රනයත් විවස්ථාවෙන් බැදී ඇති බව පුරවැසියන් පමණක් නොව දේශපාලන නායකත්වයත්, නිලධාරී තන්ත්‍රයේ ප්‍රධානියා වන ඔබ තුමාත් හොදින් දන්නවා ඇතැයි අප විශ්වාස කරමු. තවද ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම විවස්ථාවේ 27 සහ 28ට වගන්ති මගින් සහතික කර ඇති පරිදි ජනතාවගේ සුභසාධනය ප්‍රවර්ධනය කිරීම සහ සමාජ සාධාරණත්වය සහතික කිරීම සදහා රාජ්‍ය භාරකාරත්වයේ වගකීම කිසිවෙකුට මග හැර යා නොහැකි බව ඔබ තුමා අප සමග එකග වනවා ඇත. එම නිසා ශ්‍රී ලංකික පුරවැසියන් ලෙස පහත ඔබ වෙත යොමු කිරීමට කැමැත්තෙමු. මෙහි පිටපතක් අප බලශක්ති අමාත්‍යංශයේ ලේකම් වරයා වෙතද අප විසින් ලබා දීමට කටයුතු කරමු.
1. ජාතික බලශක්ති පද්ධතිය ආණ්ඩු පක්ෂ පාලනයට නතු කරන, දුෂණය නිත්‍යානුකුල කරන ආණ්ඩු පක්ෂ දේශපාලන කමිටුවකට ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සැදීමට බලය පවරන යෝජිත විදුලි බල පනත් සංශෝදන ක්‍රියාත්මක කිරීමෙන් වැලකි සිටින්න. සිදුවිය යුත්තේ නව විදුලි පනතක් සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවට ගෙන එම බවත් අප ප්‍රකාශ කරමු.
2. වහල මත ඉදි කරන සුර්ය බල පද්ධති අධෛර්යමත් කරන මහජන උපයෝගිතා කොමිසමේ අවසරයකින් තොරව සිදුකල සියලු මිල වෙනස් කිරීම් වහාම අවලංගු කරන්න. එමෙන්ම වහල මත සුර්ය බලාගාර සදහා ඉඩකඩ අහුරන පසුගිය රජය විසින් මුල්‍ය පටිපාටියෙන් බැහැරව කැබිනට් අනුමැතියෙන් බෙදා දුන් විදුලි ව්‍යාපෘති සම්බන්ධව පරීක්ෂණයක් සිදු කර නීත්‍යානුකූල ව්‍යාපෘථි වලට පමණක් ඉඩ කඩ සලසන්න.
3. පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය ඉහලට ඔසවා තැබීමට අවශ්‍ය බැටරි පද්ධති සහ උපකරණ සදහා අධික බදු අය කිරීම අත්හිටුවන්න. එමෙන්ම දේශීය ආයෝජකයන් සහ ඔවුන්ගේ සමුපකාර සදහා බැටරි බලශක්ති ගබඩා පද්ධති, (Battery Energy Storage Systems, BESS) සදහා ආයෝජනය කිරීමට අවශ්‍ය කටයුතු කරන්න.
4. මන්නාරම සුළං බලය අදානිට පවරන කැබිනට් තීන්දුව සහ බලශක්ති ස්වෛරීභාවය වනසා රටේ ජීවනාලිය වන බලශක්ති සැපයුමේ පාලනය ඉන්දියට පවරන ඉන්දියා-ශ්‍රී ලංකා අධි වෝල්ටීයතා සෘජු ධාරා අන්තර් සම්බන්ධතා (India–Sri Lanka high-voltage direct current interconnection) වියාපෘතිය ස්ථිරව අහෝසි කරන්න.
5. විදුලි බල මණ්ඩලයේ දිගුකාලින ජනන සැලැස්මේ සදහන් පරිදි පුනර්ජනනීය බලශක්ති ජනනය ඉහල නැංවීමේ සහ බැටරි ගබඩා පද්ධති ඉදි නොකීමට වග කිව යුතු පුත්ගලයන් නිතිය හමුවට පමුනවන්න.
6. මැතිවරණයට පෙර ආණ්ඩු පක්ෂ නායකයන් ඉදිරිපත් කල බලශක්ති ප්‍රකාශනයේ යෝජනා ක්‍රියාත්මක කරන්න.
7. නොමිලයේ අපට ලැබෙන විදුලියට රටින් පිටට ඩොලර් ගෙවීමට සිදුවන ආකාරයේ විදේශීය සමාගම්වල පුනර්ජනනීය විදුලි බලාගාර ඉදිකිරීම වලක්වන්න. ජාතික විදුලි පද්ධතිය සංවර්ධනය කිරීමේදී වහලය මත නිපදවන විදුලිය පද්ධතියට එක් කර ගැනීමේ අවස්ථාව වැඩි කරමින් ජනතාවට විදුලි නිෂ්පාදනයෙන් ලැබෙන ප්‍රතිලාභ වැඩි කිරීමට කටයුතු කරන්න.
8. රටට බිලියන ගණනක් අහිමි කල පෙබරවාරි මස ජාතික විදුලි විදුලි බල පද්ධතිය බිද වැටීමට හේතුවූ නිසි ආකාරයෙන් නඩත්තු කටයුතු මග හැරී, පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට අවශෝෂණය කරගැනීමට අවශ්‍ය කටුයුතු ඉටු නොකළ සියලු පාර්ශව අධිකරණයට ඉදිරිපත් කරන්න.
මේ ජාතික ඉල්ලීම් සදහා ඔබගේ කාරුණික අවධානය යොමු කොට ඒ සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගනු ඇති ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන් වෙනුවෙන් අප බලාපොරොත්තු වෙමු. සමස්ත ජනතාවගේ මුලික අයිතීන් උල්ලංගනය වන ඕනෑම කරණයට එරෙහිව අප ගරු ශේෂ්ඨාධිකරණය හමුවට යාමට පසුබට නොවන බවද අවසාන වශයෙන් ඔබ තුමන්ටත් අනෙකුත් අමාත්‍යංශ ලේකම්වරුන්ටත් දන්වා සිටීමට කැමැත්තෙමු.
@ පාලිත වික්‍රමරත්නගේ පිටුවෙන්