කී දෙනෙක් මැරිලද?
මේ ප්‍රකාශය සමාජ මාධ්‍යයේ comment වල තිබුනේ. සිද්ධිය තමයි 'පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ
යක්කල කාර්යාලය ආණ්ඩුවේ මැරයින්ගෙන් ප්‍රහාරයක් ' කියලා fb දාපු වෙලාවේ තිබුන සමහර comment ඔය වගේ.
වාහන අනතුරක් වගේ දැන ගත්ත ගමන් වුනත් අපිට ඇහෙන පලවෙනි ප්‍රශ්නයක් තමයි මේක.
මම හිතන්නේ මේ ප්‍රශ්නය ඉතාම නරක නරුම විදියට ඇහුනු කාලයක් තමා ලංකාවේ යුද්ධය පැවතුනු කාලය. දැනුවත්ව හෝ නොදැනුවත්ව දවස ගානේ මිනිස්සු මරණ ගණන් කරන තත්ත්වය පත් වුනා. නිකන්ම නෙවෙයි, උන්ගේ කීයද ? අපේ කීයද ? කියලා අහලා ගොඩ වැඩි වෙන පැත්ත අනුව දුක සතුට තීරණය වුනා.
හැබැයි මේ සිද්ධ වෙන්නේ රටේ ජීවත් වෙන්න ඕන මිනිස්සුන්ව ඝාතනය කිරීමක් නේද? ඒකට වගකියන්න ඕන මේ නරුම රාජ්‍ය නේද කියලා නොපෙනී යන තරමටම මාධ්‍ය වලින් අපි මිනී ගණන් කරන්නන් බවට පත් කලා.
මේ අහන ප්‍රශ්නේ බරපතලකම තියෙන්නේ මොනයම් හෝ දෙයක් නිසා මැරෙන එක මරණ එක නොමල් වෙලා විහිලුවක් වෙලා ආ කමක් නෑ කියලා සාධාරණීකරනය වෙන තරමට සමාජය ආපස්සට යාම ඉස්සරහට යාමක් දකින එකයි.
උතුරේ අම්මලා තාමත් තමන්ගේ දරුවට මොකද වුනේ අහන කොට?
දකුණේ තරුණ තරුණියෝ දහස් ගානක් මහ පොලොවේ වලලලා දාපු වුන් ජනාධිපතිලා වෙනකොට?
තාමත් කිසිම හිරිකිතයක් නැතුව කී දෙනෙක් මැරිලද අහනවා...
@ Lahiru Weerasekara's post