SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"මෙලොව පවතිනුයේ, හිරුගේ රශ්මියෙන් හා මවගේ කිරෙණු යි! " ලෝ සුපතල ගත් කතුවර මැක්සිම් ගෝර්කි මහත්මාගේ මුඛ්‍ය පාඨයකි එය...

ඉදින් 'මව' යනු ගැහැණියකයේ දිවියේ උතුම් ම භූමිකාව යි. එ නිසාම ගැහැණිය යනු මුළු මහත් සමාජයේ වටිනාම කොටස යි.

නමුදු සැබැවින් ම ගැහැණියට හිමි නිසි වටිනාකම ඒ සමාජයෙන් ලැබෙනවා ද යන්න ගැටළුවක්. හේතුව අදටත් පියවරු නොමැති දරුවන් හදන, දරුවන් මහ මග දමා යන මව්වරු,අපට හමුවීම ම කියනුයේ එම සමාජක්‍රමයේ පවතින අඩු ලුහුඬුව ම නොවේ ද..එවැනි දරුවන් විඳි, විඳින අපමණ ගැහැට අපට ලියා , කියා නිම කළ හැකි ද..

මා බොහෝ කෘති කියවා ඇත්තෙමි. ඒ අතර තම නිර්මාණ තුලින් ගැහැණිය තම භූමිකාව තුල විඳි අනේක දුක් ගැහැට , අසාධාරණයන්, හමුවේ අප්‍රතිහත ධෛර්යයෙන් ඒවාට මුහුණ දෙමින්, ජීවන සටන ගෙන යන අයුරු වර්තමාන සමාජයට ද ආද⁣ර්ශ සපයමින් ගැහැණිය තම නිර්මාණ තුලින් අභිමානවත් කරන ගත්කතුවරියක් දුටිමි! ඇය ශාන්ති දිසානායක මහත්මිය යි...

 ගිරිදේවී4

ශාන්ති දිසානායක

තම නිර්මාණ තුලින් අපේම අනන්‍යතාව හොවා දක්වන ඇය හද්දා පිටිසර මහපොළොව සමඟ හැපෙමින් ජීවන අරගලයක යෙදෙන ගැහැණුන්, මිනිසුන් ගැන කතා කරයි. සොබාදහමට අනුගත සොඳුරු මින්සුන් එය විදිමින් ,ජීවිතය ගෙන යන අයුරු , එහි දුෂ්කරතා ජය ගන්නා අයුරු දක්වයි. ඇයටම අනන්‍ය වූ , අපේම මිනිසුන්ගේ කතා බොහෝමයක් නිර්මිත කරන්නට ඇය ගත් වෙහෙස මහන්සිය මල් ඵල ගැන්වෙන්නේ පාඨකයා ඒවා සෙනෙහසින් වැළඳ ගැනීමෙන් හා බොහෝ කෘති සම්මානිත වීමෙන් ය.

ඉදින් " ගිරිදේවි " කෘතිය එතුමිය විසින් රචිත වෙනස් ආරක කෘතියකි . එයින් පණ පෙවෙන සමාජය නිර්දය ලෙස පහරදුන් කාන්තා චරිත තුනක් දුටුවෙමි.

 

ගිරිදේවී2

ඒ පාපතරයෙකු නිසා කුස හොත් දියණියට වෛර කරනා මවක්, ඒ දරුවා තම උවමනාවට මෙලොව උපද්දවා රකිනා කිරිඅම්මාවක්, තම මවට , පියාට පමණක් නොව මුළු මහත් සමාජයටම වෛර කරනා ගැහැණු දරුවෙකි.

එම දරුවා තමා සමාජයෙන් ලද වෛරයම පෙරළා එයට දැක් වූ , කාලි මාතාව තරම් ම නිර්භය එකියක වූවාය. රූමත් බවෙන් අගපත් ගිරිදේවී නපුරු යක්ෂනිය ම වූවාය.

නමුදු බොහෝ අසරණ දරු ආත්මයනට පිහිටවන කිරි අම්මලා මෙන්ම මේ කිරි අම්මාද තම මිණිබිරියට ලොව ජීවත වන අයුරු,සමාජ සම්මතයන්, හැණියකගේ සීමා මැනවින් කියා දෙයි. කතුවරිය ඒවා හොවා දක්වන්නේ මුළු මහත් කාන්තා පරපුරටම ආදර්ශමත් ලෙසටය.

 

ගිරිදේවී3

බොහෝ අවස්ථාවන් වල ඇයට අනතුරු ඇඟ වූයේ යටි සිතේ සැඟව තිබූ කිරි අම්මාගේ ඔවදන්ය. එනිසාම ඇය තමාට පෙම් කළ එකම පිරිමි ආත්මය වෙනුවෙන් තම ආත්මය කැප කළාය. එහිදී කතුවරිය ආශා නැමැති චරිතය සීතාවක් තරම් ම උත්කෘෂ්ට කර දක්වයි.නමුදු දෛවය ඇයට උරුම කල මාවත ඇය තෝරා ගත්තාය. එය මේ සමාජයේ එවන් පසුබිමක ඉපිද, එවන් ගැහැට විඳි ගැහැණියකගේ ඉරණම බව සපථ කරමිනි.

ඉදින් ගැහැණියක, මවක ලෙස කෘතිය කියවා සංතෘෂ්ටියට පත් වීමී. එය ම මා මේ සටහන තැබීමට පෙළඹවීය. හදපිරි ප්‍රණාමය කතුතුමියට පුද කරන්නේ, තවත් මෙවැනි සොඳුරු නිර්මාණකරණයට තිසරණ සරණ,දිරිය පතමිනි...

@ විදර්ශන පාඨක ජාලය/ ආශා රණසිංහ .